පෘථිවිය මත ගින්දර සොයාගැනීම… (අධ්‍යාපන)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගින්දර සොයා ගැනීම..
වසර මිලියන 400 කට අධික කාලයක් පුරා ලැව්ගිනි පෘථිවියේ අංග හැඩ ගැස්වීමේ දී පමණක් නොව එහි වෘක්ෂලතාදිය සහ පරිසරයන් පරිණාමයේ දී ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත. එසේ නම්, මිනිසුන් පරිණාමය වී ඇත්තේ ගිනිමය භූ දර්ශනයක වන අතර ගින්න සමඟ අපගේ දීර්ඝකාලීන අන්තර් ක්රියාකාරිත්වයේ ප්රධාන ලක්ෂණය වන්නේ එයත් සමඟ අපගේ වෙනස්වන සම්බන්ධතාවයයි.
බොහෝ දෙනා දැන් විශ්වාස කරන්නේ හොමිනින් පරිණාමය වූයේ අප්රිකාවේ බවත් ඇත්ත වශයෙන්ම නූතන මිනිසුන් (හෝමෝ සේපියන්ස් – Homo sapiens) පරිණාමය වූයේද එහිම බවත් ය. මෙම ප්රයිමේට්වරුන්(primates) ගින්න විවිධාකාරයෙන් අත්විඳින්නට ඇති බව පැහැදිලිය. එමෙන්ම, දේශගුණය වියළී ස්වභාවයකට පත්වීම ඇරඹෙද්දී මතු වෙන්නට පටන් ගත් සැවානා තණ බිම්වල විශේෂයෙන්ම නිතරම ගිනි ඇති වන්නට ඇත.
ගින්දර සොයා ගැනීම හා ගින්දර භාවිතා කිරීම ගැන දීර්ඝ සහ සංචලිත ක්රියාවලියක් ලෙස ලිවර්පූල් විශ්ව විද්යාලයේ පුරා විද්යා සහ මානවවිද්යා මහාචාර්ය ජෝන් ගොව්ලෙට් විසින් විස්තර කරනු ලැබ තිබේ. අපේ මුතුන් මිත්තන්ට පළමු වරට ගින්න හදිගැහීම සිතාමතා නොව අවස්ථාවාදීව සිදුවූවක් ලෙස දැක්විය හැකිය. මුල් අවධියේ මිනිසුන්ට දුර බැහැර ගින්නකින් හටගන්නා දුමාරය දැක බලා ගැනීමට දෙපයින් ඇවිදීමේ හැකියාව මගින් ඉඩ සැලසෙන්නට ඇති අතර ස්වාභාවිකව ඇති වන එවැනි ගින්නෙන් වාසි කිහිපයක් සැපයෙන්නට ඇත. ගින්න මගින් පළවා යවනු ලැබීමෙන් සමහර සතුන් පහසුවෙන් දඩයම් කිරීමේ අවස්ථා සපයයි. සතෙකු ගින්නෙන් මිය ගියේ නම් එය අමතර වාසියකි: එනම් (තමන්ගේ මහන්සියකින් තොරවම) පිසිනු ලැබු ආහාර පහසුවෙන් ලබා ගත හැකි වීමයි. මස් පිසීමේ අදහස ප්රථමයෙන් හට ගන්නට ඇත්තේ ද මේ ආකාරයට විය හැකිය. ගින්නෙන් පසුව ලැබෙන වර්ෂාව මාර්ගයෙන් සීඝ්ර ශාක වර්ධනයක් ඇති කළ හැකි අතර එය උලා කන සතුන් ආකර්ෂණය කිරීමට ඉවහල් වන හෙයින් දඩයම පහසු කරවයි
මිනිසුන් මුලින්ම ගිනි භාවිතා කළේ කවදාදැයි හරි හැටි දැන ගැනීම අපහසුය. ගිනි උදුන නැතිනම් ලිපක් යැයි කියනු ලබන්නක් තුළ පිළිස්සුණු පස් ඇතිවීම සිදුවන්නේ මීට වසර මිලියන 1.5 කට පමණ පෙර දකුණු අප්රිකාවේ වොන්ඩර්වකර් ගුහාවෙනි. මිනිසුන්ට අවස්ථාවාදී ලෙස හමු වූ ගින්න සංරක්ෂණය කිරීමට හැකි වන්නට ඇත්තේ, සමහර විට ඉන්(මුලින් ගිනි සොයාගෙන) සැලකිය යුතු කාලයක් ගෙවී ගියාට පසුව විය හැකියි. උදාහරණයක් ලෙස ගොම එකතු කිරීම එක් සංරක්ෂන උපායක් වන්නට ඇත. මන්ද, ගොම සෙමින් දැවෙන නිසාවෙනි.
විවිධ හේතූන් මත මුල් මිනිසුන්ට ගින්න වැදගත් වන්නට ඇති අතර අපට ඉන් ප්රධාන වාසි පහක් සලකා බැලිය හැකිය. පළමුව, විශාල විලෝපිකයන්ගෙන් යම් ආරක්ෂාවක් ගින්නෙන් සැලසෙන්නට ඇත. ගින්නෙන් හටගන්නා දුම කෘමීන් පළවා හැරීම සඳහා ප්රයෝජනවත් වන්නට ඇතැයි සිතිය හැකිය. සිසිල් බවින් හෙබි ඉහළ අක්ෂාංශයන් හී දී ආලෝකය මගින් පවා සපයනවාට වඩා උණුසුමක් පැහැදිලිවම් ගින්න මගින් සපයන්නට ඇත.
බ්රිතාඥ ජාතික මානවවිද්යාඥයෙකු සහ ප්රිමේටවිද්යාඥ 72 හැවිරිදි රිචඩ් රැන්ග්හැම් ගේ පර්යෙෂණ කටයුතු වලට වානර චර්යාව, මානව පරිණාමය සහ ආහාර පිසීම ඇතුළත්වේ. ඔහු තර්ක කරන අන්දමට ගින්නෙහි වැදගත්ම අංගය වන්නේ එය ආහාර පිසීම සඳහා භාවිතා කිරීමයි. කෙසේ වෙතත්, මෙය පළමු වරට සිදු වූයේ කවදාද යන්න පැහැදිලි නැත. මීට වසර 400,000 සිට 300,000 දක්වා කාලයක සිට ගින්න භාවිතා කළ බවට සාක්ෂි වැඩි වැඩියෙන් ලැබේ. මේවායින් සමහරක් ලැබෙන්නේ ඊශ්රායෙලයේ ගුහා වලිනි. මීට වසර 10,000 සිට 50,000 ත් තරම් ඈත පැලියොලිතික් යුගයේ අග භාගය වන තෙක් ආහාර පිසීම සාමාන්ය කටයුත්තක් නොවන්නට ඇතැයි අදහස් වී තිබේ. පැහැදිලිවම ආහාර පිසීම ගින්න භාවිතා කිරීමේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. පිසීමෙන් මස් වඩාත් පහසුවෙන් ජීර්ණය කළ හැකි වන අතර විෂ හා ව්යාධිකාරක උදාසීන කෙරේ. ආහාර එකතු කරන ආකාරය මෙන්ම භාවිතා කරන ආකාරය ද ඉවුම් පිහුම් හේතුවෙන් විපර්යාසයට බදුන් වන්නට ඇත. ධාන්ය පිස ආහාරයට ගැනීම සාපේක්ෂව මෑත කාලයක් –බාගදා මීට වසර 10,000ක් වනතුරුත් සිදු නොවන්නට ඇත. හැබයි එය, මානව ප්රජාවන් මත විශාල බලපෑමක් ඇති කළේය.
බෝග වගා කිරීම බාගදා බටහිර ආසියාවෙන් ආරම්භ වූවක් විය හැකි නමුත් නිශ්චිත දිනයක් තීරණය කිරීම දුෂ්කර ය. එය ඉක්මණින්ම මැද පෙරදිග පුරාවට හා යුරෝපයේ ව්යාප්ත නොවීය. යුරෝපයෙන් ක්රි.පූ. 7000 පමණ වන තෙක්ම දැවුණු ධාන්ය පිළිබඳ සාක්ෂි නොලැබේ.
ගින්දර භාවිතා කිරීම පිළිබඳ තවත් තීරණාත්මක වර්ධනයක් මේ අතරතුර සිදුවෙමින් පැවතුනා විය හැකිය: එනම්, ගින්න සංරක්ෂණය කිරීමෙන් ඔබ්බට ගොස් ගින්නකට මුලපිරීම හෙවත් සිතාමතා ආරම්භ කිරීමට ඉගෙන ගැනීමයි. ගින්නක් ඇතිවීම සඳහා ගිනි පුපුරක් නිපදවීමට පිණිස ගිනිගල්(ෆ්ලින්ට්ස්) භාවිතා කිරීම මීට වසර 40,000 කට පමණ පෙර දක්නට නොලැබුණි.
මුලින් විලෝපිතයන් වළහා ගැනීමට ද සහ පසුව ආහාර පිසීම සඳහා ද ගින්න සංරක්ෂණය කර ගැනීම පිණිස ලිප් නැතිනම් උදුන් වැඩිදියුණු කිරීම, වෙනත් වැදගත් බලපෑම් ඇති කිරීමට ද තුඩු දෙන්නට ඇත. ‘ දිනය’ තුළ වැඩකරන කාලය දිගු කිරීමට ආලෝකය ඉඩ සලසන්නට ඇති අතර මෙවලම් සෑදීමට ද එය උපකාරී වන්නට ඇත. ගින්නෙන් ඇති වන තාපය, හෙල්ලෙහි තුඩ පන්නරය තැබීම, මැස්ටික් මිශ්රන නිෂ්පාදනය වැනි අග්නි-තාක්ෂණ පරාසයක් සඳහා උපකාරී වන්නට ඇත.
ගින්න වටා ගොඩ නැගුණු ක්රියාකාරකම්වල තවත් ප්රතිඵලයක් වන්නට ඇත්තේ සමාජ අවධානයක් බිහි කිරීමයි. මෙය, කණ්ඩායම් අන්තර්ක්රියාකාරිත්වයට, චාරිත්ර වාරිත්ර සහ ඇත්ත වශයෙන්ම භාෂාවේ වර්ධනයට උපකාරී වෙමින් මොළය විශාලවීමට හා සංවර්ධනය කිරීම සඳහා කාර්යභාරයක් ඉටු කරන්නට ඇති බව ජෝන් ගොව්ලෙට් අදහස් කරයි..
යුධ ආයුධයක් ලෙස ගින්න
තාපය ජනනය කරනවා පමණක් නොව චලශක්තිකරණයක්(propellant) ලෙස භාවිත කළ හැකි වායු විශාල ප්රමාණයක් ද නිපදවිය හැකි වෙඩිබෙහෙත් මුලින්ම චීනයේ දී සොයා ගනු ලැබුවේ 7 වැනි සිය වසේ දී වුව ද 13 වැනි සියවස වන තුරු යුරෝපය වෙත පැතිර ගියේ නැති බව අපි ගිය සතියේ ලිපියේ සඳහන් කළෙමු. ඉතින් යුරෝපයේ දී සිදුවුණේ කුමක් ද යන්න ඇතුළුව ලිපියේ ඉතිරි කොටස දැන් කියවමු,
වෙඩි බෙහෙත් යුද්ධයේදී භාවිතා කළ යුතු ද්රව්යයක් ලෙස අප සිතන නමුත් , එය මුලින් වැඩි දියුණු කරන ලද්දේ ඖෂධීය අරමුණු සඳහා ය. 16 වන ශතවර්ෂයේ අග භාගය වන තුරුම වෙඩි බෙහෙත් තාක්ෂණය භාවිතය වඩාත් පුළුල් වූයේ නැත. දහනව වන ශතවර්ෂයේ අග භාගයේදී ඩයිනමයිට් සහ ඇමෝනියම් නයිට්රේට් සහ ඉන්ධන තෙල් ඇතුළත් මිශ්රණ වැනි අධි පුපුරණ ද්රව්ය වැඩිදියුණු කරනුලැබීය.
Fire Phobia
Indirect Fire : A technical analysis of the employment, accuracy and effects of indirect-fire artillery weapons | International Committee of the Red Cross
විසිවන සියවස පුරා පුපුරන ද්රව්ය විශාල ප්රමාණයක් සහ ඒවායේ විනාශකාරී ද්රව්ය ලබා දිය හැකි ක්රම සමඟ තාක්ෂණයන් සකස් කරන ලදී. මුලදී සරල තුවක්කු හෝ රයිෆල් සහ කාලතුවක්කු භාවිත කරන ලද අතර එහිදී පුපුරණ ද්රව්ය අත්යවශ්යයෙන්ම චලශක්තිකරණයන්(propellants)ලෙස යොදා ගැනිණ. කෙසේ වෙතත්, 20 වන ශතවර්ෂයේ සිදු වූ වර්ධනයන් මගින් පුපුරා යන ෂෙල් වෙඩි මෙන්ම ගින්න වඩාත් ඵ්ලදායී ලෙස පැතිර යා හැකි ගිනි අවුලුවන උපකරණ ද වැඩි වැඩියෙන් භාවිත කිරීමට ඉඩ ලබා දී ඇත.
අහසේ පියාසර කළ හැකි යන්ත්ර, විශේෂයෙන්ම ගුවන් ගමන් සඳහා දහන තාක්ෂණය භාවිතා කළ ගුවන් යානා, ගොඩනැගිලිවලට ගිනි තැබීම සඳහා බෝම්බ හෝ ගිනි අවුලුවන හෙවත් දහනකාරී(incendiary) උපකරණ මාර්ගයෙන් පුපුරණ ද්රව්ය බෙදා හැරීමේ වැදගත් ක්රමයක් බවට පත්විය. මෙය විනාශකාරී ප්රතිඵල ගෙන ආවා පමණක් නොව ගින්න නිවා දැමීම පිණිස පිරිස් යෙදවීමට ද හේතු කාරක විය. එමෙන්ම එමගින් මානසික බලපෑමක් ඇති කිරීමක් ද සිදුවිය. දෙවන ලෝක සංග්රාමයේදී ලන්ඩන් සහ කොවෙන්ට්රි නගර වලට බෝම්බ හෙලීමේ දී සහ ඊටත් වඩා බලවත් ලෙස මිත්ර පාක්ෂිකයින් විසින් 1945 දී ජර්මනියේ ඩ්රෙස්ඩන් නගරය වෙත සිදුකරන ලද ගිනි අවුලුවන බෝම්බ ප්රහාර වලදී මෙය මනාව දක්නට ලැබුණි.
ගින්නෙන් නිපදවන රසායනික ද්රව්ය බහුලව භාවිතා වූයේ 1942 දී සංවර්ධනය කරන ලදුව නමුත් 1960 සහ 1970 දශක වලදී එක්සත් ජනපදය විසින් වියට්නාම් යුද්ධයේදී පුළුලාකාරයෙන් භාවිතයට ගන්නාලද නාපාම් විශාල ලෙස භාවිතා කිරීමෙනි. නාපාම් යනු
ගිනි අවුලුවන බෝම්බවල සහ ඊට අමතරව ගිනිදැල් විසි කරන උපකරන වල දී යොදාගන්නා බෙහෙවින් ගිනිගන්නා සුලු, අළෙන සුලු ජල්ලියකි. ඒවා, 20 වන සියවසේදී මිනිස් ක්රියාකාරීන් විසින් හෝ යාන්ත්රික ප්රවාහනය මගින් වැඩි වැඩියෙන් භාවිතා කරන ලදී(චිත්රය බලන්න).
සම-අවක්ෂිප්ත නැප්තාමය සහ පාමිටික් අම්ලවල ඇලුමිනියම් ලවණ සහ පෙට්රල් (ගැසොලින්) හෝ ඩීසල් ඉන්ධන වැනි වාෂ්පශීලී පෙට්රෝ රසායනික ද ඇතුළත්
නැපල්ම් ඝණ කිරීමේ හා ජෙලිකාරක මිශ්රණයකින් නපාම් සමන්විත වේ. ඇත්ත වශයෙන්ම, ලැව් ගිනි කළමනාකරණය සඳහා මිලිටරි ගිනිදැල් විසි කරන්නන් භාවිතා කර ඇති අතර, ඉපිලි පන්දම් හෝ ටෙරා-පන්දම් වැනි භූගත උපාංග සඳහා භාවිතා කරන ජෙල් ඉන්ධන අත්යවශ්යයෙන්ම නපාම් වේ.
Napalm: The Devilish Brew That Changed War | Radio Boston
නාපාම් ගිනි බෝම්බයක්
රටක ආර්ථිකය මෙන්ම එහි ජනතාව සහ යටිතල පහසුකම් විනාශ කිරීමට ද ගින්න භාවිතා කර ඇත. සමහරවිට මේ සඳහා හොඳම උදාහරණය 1991 ඉරාක හමුදාවේ පළමු ගල්ෆ් යුද්ධයේදී දැක ගත හැකි විය. සදාම් හුසේන්ගෙ ඉරාක හමුදා කුවේටයෙන් පසුබසින අතරතුර භූමිය දවා විනාශ කිරීමේ ප්රතිපත්තියේ කොටසක් ලෙස තෙල් ළිංවලට ගිනි තැබීය. මෙය දේශපාලන, ආර්ථික හා ප්රචාරක බලපෑම් ඇති කළේය. ඉරාකය තෙල් ආකරවලට හිමිකම්පෑවේය. එය දේශපාලන පණිවිඩයක් සහ ආර්ථික පණිවිඩයක් ලෝකය වෙත යැවීමට සමත් විය. ඊට අමතරව, තෙල් බිම්වලට ගිනි තැබීමෙන් කුවේටය තෙල් භාවිතා කිරීම වළක්වාලුවා පමණක් නොව, ගින්න මැඩපැවැත්වීම සඳහා වටිනා සම්පත් ද වැය විය. ළිං 700 කට වඩා වැඩි ප්රමාණයකට ගිනි තබමින් හමුදාවකට මහා විනාශයක් ගින්නෙන් ඇති කළ හැකි බව පෙන්නුම් කරමින් ගින්නේ දුමාරය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ගින්න නිවා දැමීමට මාස හතකට වැඩි කාලයක් ගත විය….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!