පෘථිවියෙ ඉපදුණු අඟහරු මිනිසා (විද්යා හා තාක්ෂණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දැනට අප සොයා ගෙන නැති නමුත් පෘථිවියේ අප වගේම අඟහරු ලෝකයෙත් මිනිසුන් ජීවත් වේ. අපට වඩා උසින් වැඩි ඔවුන් ආශ්වාස කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. අඟහරු මිනිසුන් පෘථිවියේ ආශ්වාස කෙරෙන ඔක්සිජන් වායුවට අකමැතිය. ඒ ඔක්සිජන් මඟින් වයසක පෙනුමක් ගෙනදෙන නිසාවෙනි. අඟහරු ලෝකයේ නම් මහලු පෙනුමක් ඇති අය නොවේ. කොතරම් වයසට ගියත් අඟහරු මිනිසුන්ගේ පෙනුම පෘථිවියේ වෙසෙන අවුරුදු තිස් ගණනක අයෙකුගේ පෙනුමෙන් නවතී. අර්ධ අමරණීය ජීවිතයක් ගෙවන ඔවුන් මරා දැමීමෙන් ජීවිතය අහිමි කළ හැකිය.
අඟහරු මිනිසුන් ගැන මේ කියන කතාව අපූරු ගෙතූ කතාවක් යැයි කෙනෙකුට සිතුනත් බොරිස්කාට (Boriska Kipriyanovich) නම් එය ඔහුගේ ජීවිතයේම කොටසකි. වර්තමානයේ පෘථිවියේ මිනිසෙකු ලෙස ජීවිතය ලබා සිටියත් තම ජීවිතයේ එක් භවයකදී ඔහු අඟහරු මිනිසෙකු විය. ඔහු පවසන කතාවලට අනුව එක් කලෙකදි අඟහරු ගරහයා ජනාවාසව පැවතුණි. නමුත් ලෝක ව්යාප්ත මහා විපතකට පසුව එහි වායුගෝලය නැති වී ගොස් ඇති අතර අඟහරු මිනිසුන්ගේ ශිෂ්ටාචාරයද විනාශ වී තිබේ. ඉතිරිව සිටින අඟහරු මිනිසුන් තවමත් එම ගරහ ලෝකයේ පොළව යට නගරවල ජීවත් වෙන බව බොරිස්කා පවසන්නේය.
බොරිස්කා උපත ලැබුවේ 1996 ජනවාරි 11 දින රුසියාවේ වොල්ගොගරෑඩ් පළාතේය. මුල සිටම ඔහු විශේෂ ළමයකු විය. වෛද්යවරියක වන ඔහුගේ මව පවසන පරිදි දින 15 ක වයසේදී ඔහුට තනිවම හිස කෙළින් තබා ගන්නට හැකිව තිබේ. මාස 4 පසු වෙන විට ඔහු සරල වචන කතා කරන්නට පටන් ගෙන ඇති අතර වයස අවුරුදු දෙක වීමටත් පෙර කියවීමට, චිතර අඳින්නට සහ පාට කරන්නට හැකිව තිබේ. කුඩා වයසේදීම ඔහු පුදුම සිතෙන තරමේ වචන මාලාවක් ඇතිව සම්පූර්ණ වාක්යයක් කතා කිරීමට සහ කතාන්දර කීමට දක්ෂයකු විය. වයස අවුරුදු දෙකේදී බොරිස්කා බාලාංශයට ඇතුළත් කරන ලද අතර ඉක්මනින්ම ඔහුගේ විශේෂත්වය ගුරුවරුන් විසින් ද හඳුනා ගෙන තිබුණි.
සාමාන්යයෙන් වයස මාස 35 ක් පමණ වන කාලයේ ළමයින්ට පෙර ආත්මයේ මතකයන්
හොඳින් සිහිපත් කරන්නට හැකිවේ. බොරිස්කාටද ඒ හැකියාව තිබුණි. නමුත් ඔහු කාගේත් අවධානයට ලක් වෙන්නට වූයේ වයස අවුරුදු 7 දී ගිය කඳවුරු බැඳීමේ විනෝද ගමනකිනි. එහිදී ඔහු සියල්ලෝම වාඩි කර අඟහරු ලොව ඇති නගර, අඟහරු අභ්යවකාශ යානා සහ අනෙකුත් ගරහලෝකවලට කළ ගමන් ගැන විස්තර කරමින් තමාගේ කතාව කියන්නට පටන් ගත්තේය. බොරිස්කාගේ කතාව අසා සිටියවුන් අතර විද්යාඥයෙකු ද විය. ඔහු බොරිස්කා පිළිබඳව ලොවට හෙළි කළේය. මව්පියන් පවසන ආකාරයට බොරිස්කා අභ්යවකාශය සහ අඟහරු ලෝකය පිළිබඳව විස්තර කරන කිසිවක් ඔවුන් විසින් බොරිස්කාට ඉගැන්වූ දේවල් නොවේ. ඒ සියල්ලම ඔහුගේ පෙර ආත්මයේ මතකයන්ය.
බොහෝ කලකට ඉහතදී එනම් පෘථිවියට එක මහාද්වීපයක් පමණක් තිබූ සහ ලෙමුරියා නම් පැරණි ශිෂ්ටාචාරය පැවති කාලයේ බොරිස්කා අඟහරු මිනිසෙකු විය. එකල අඟහරු මත සහ පෘථිවියේ ඉතාමත් දියුණු සමාජයන් පැවතී ඇත. දියුණු තාක්ෂණයකට හිමිකම් කියූ අඟහරුවන් ගරහලෝක අතර පියාසර කර තිබේ. ඔවුන්ට එකෙනෙහිම වෙනත් ස්ථානයකට යෑමට සහ කාලය අතර ගමන් කිරීමට ද හැකියාවක් තිබී ඇත. අඟහරු මිනිසුන් අප බොහෝ විට දක්වන ආකාරයේ අළු පැහැති සිහින් සිරුරක් සහ බිත්තරයක් වැනි හිසක් ඇති මිටි මිනිසුන් නොවේ. අඟහරු මිනිසුන් අඩි 7 ක් පමණ උසය. පෙනුමෙන් ලෙමුරියානුවන් සහ අත්ලාන්තික් මෙනි. අප දක්වන ආකාරයේ පිටසක්වළ ජීවීන්ද වෙනත් මන්දාකිණියක සිටින බව බොරිස්කා පවසන්නේය. ආකරමණිකයින් වෙන එම ජීවීන් මිනිසුන්ව පරීක්ෂණාගාර මීයන් ලෙස භාවිතා කරන බව කියවේ. අඟහරු මිනිසුන් එතරම් කලහකාරී නොවන පිරිසකි. මානසික ශක්තිය භාවිතා කිරීම නිසා අඟහරු මිනිසුන් අතිශයින් බුද්ධිමත් ය.
අඟහරු මිනිසකුව සිටියදී බොරිස්කා හමුදාවේ නියමුවෙකු ලෙස කටයුතු කරමින් කීප වරක්ම පෘථිවියට පැමිණ තිබේ. බොහෝ විට ඒ ඊජිප්තුවට ය. ගීසාහි මහා පිරමීඩයෙන් මිනිසුන් සොයන පැරණි දැනුම නොලැබෙන බව ඔහු පවසන්නේය. දැනුම සොයා ගන්නට ලැබෙන පිරමීඩය තවමත් සොයාගෙන නැත. ගීසාහි මහා ස්ෆින්ක්ස් ස්මාරකයේ අගුළු විවෘත කළ පසු පෘථිවියේ ජීවය විස්මජනක ලෙස වෙනස් වෙන බව බොරිස්කාගේ අදහසයි. විවෘත කරන යන්තර උපකරමය පිළිබඳව හරියට ම කියන්නට මතකයක් නැතත් එය ස්මාරකයේ කන පිටුපස ඇති බව නම් ඔහුට මතකය. ඔහු පෘථිවියට පැමිණ තිබුණේ ප්ලාස්මා සහ අයන භාවිතා කළ තරිකෝණ යානාවලිනි. අඟහරු මිනිසුන් පෘථිවියට පැමිණි විට කාබන් ඩයොක්සයිඩ් පිරවූ බටවලින් හුස්ම ගන්නට සිදුව තිබේ. අඟහරු ලෝකයේ වයස අවුරුදු 14 ක හෝ 15 ක වයසැති ළමයකුව සිටියදී නිතර යුද්ධ සිදු වූ බව බොරිස්කා සිහිපත් කරන්නේය. බොරිස්කා ද මිතුරකු සමඟ පරහාර එල්ල කිරීමට සහභාගි වී ඇත. අඟහරු ගේ වායුගෝලය විනාශ වූයේ න්යෂ්ටික බෝම්බ සමඟින් කළ විශාල යුද්ධයක් නිසාවෙනි. බොරිස්කා පවසන ආකාරයට බරහස්පති ගරහයා මත දක්නට ලැබෙන මහා රතු පැල්ලම ද අඟහරුවන්ගේ වැඩක් නිසා ඇති වූවකි. වායුගෝලය විනාශ වීම නිසා නොමැරී ඉතිරිව සිටින අඟහරු මිනිසුන්ට අඟහරු මතුපිට ජීවත් වෙන්නට නොහැකිව පොළව යට ජීවත් වෙන්නට සිදුව තිබේ. තවමත් ඔවුන් අනෙකුත් ගරහලෝක සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් අඟහරු ලෝකයේ ජීවත් වේ. කොහොම නමුත් සම්බන්ධතා පැවැත්වීමේදී පසුකාලයේ මන්දාකිණියේ හැමෝගෙන්ම පෘථිවිය මඟහැරී ගොස් තිබේ.
අපේ අභ්යවකාශ යානා අඟහරු වෙත ළඟා වීමට උත්සහ කරන විට ඒවා විනාශ වන්නේ මන්දැයි විමසූ විට බොරිස්කා පවසා තිබුණේ අපේ යානාවලින් හානිකර විකිරණ ගෙන එන නිසා ඒවා විනාශ කිරීමට අඟහරුවන් උත්සහ කරන බවකි. සමහර විට එය සත්යයක් විය හැකිය. 1988 දී රුසියාවේ වොල්ස්කි නුවර ජීවත් වූ අධිසංවේදක හැකියාවන් සහිත මිනිසෙකු වූ යූරි ලුෂ්නිචෙන්කෝ නමැත්තකු රුසියාවේ අභ්යවකාශ මධ්යස්ථානයට යෑමට උත්සහ කළේය. ඔහුට උවමනා වී තිබුණේ ෆෝබෝස් 1 සහ ෆෝබෝස් 2 යන මුල් අභ්යවකාශ යානා විනාශ වීම පිළිබඳව අනතුරු ඇඟවීමටය. එම යානාවල ඇති විකිරණශීලතාව නිසා ඒවා අඟහරු වෙත ළඟා නොවන බව ඔහු කියා සිටියේය. නමුත් කිසිවකුත් ඔහුගේ අනතුරු ඇඟවීම් ගණනකට ගත්තේ නැත.
වසර 20 කට ආසන්න කාලයක් පුරා අභ්යවකාශය සම්බන්ධයෙන් තමන්ට ඇති දැනුම සම්බන්ධයෙන් විද්යාඥයන් පුදුම කරන්නට බොරිස්කා සමත්ව තිබේ. ඇත්තෙන්ම ඔහුට අභ්යවකාශය සහ එහි මිනුම් පිළිබඳව මෙන්ම ගරහලෝක අතර පියාසර කරන හඳුනා නොගත් වස්තුන් පිළිබඳව හොඳ දැනුමක් තිබේ. කොහොම නමුත් 2009 දී සහ 2013 දී පෘථිවියේ මහා විපත් සිදුවෙන බවට ඔහු පළ කළ අනාවැකි සඵල නොවුණි. බොරිස්කා විස්තර කරන අභ්යවකාශය සහ අඟහරු ලෝකය සත්යදැයි හරියට ම සිතා ගන්නට නොහැකිය. ප්ලාස්මා භෞතික විද්යාඥයකු වෙන ආචාර්ය ජෝන් බරැන්ඩන්බර්ග් පුරාණ ශිෂ්ටාචාරයන්වල න්යෂ්ටික යුද්ධයකින් අඟහරු මත ජීවය විනාශ වෙන්නට ඇතැයි විශ්වාස කරන්නේය. නාසා ආයතනයේ ගරහ විද්යා අධ්යක්ෂක ජේම්ස් ගරීන් අප සිතන ආකාරයට අඟහරු වියළි රතු ගරහයෙක් නොවන බවත් දියර ජලය ඇති භූගත තටාකයක් එහි ඇති බවට සොයා ගෙන ඇති බවත් පවසන්නේය. අඟහරු ගරහයා පිළිබඳව සොයා බලන්නට එහි ජනාවාස තනන්නට අභ්යවකාශ ගවේෂණයේ යෙදෙන ආයතනවලට ඇත්තේ දැඩි තරගකාරී උනන්දුවකි. ඔවුන්ගේ කටයුතු සාර්ථක වුවහොත් සමහර විට ඉක්මනින්ම බොරිස්කා පවසන අඟහරු ලෝකයේ සත්යතාවය දකින්නට හැකි වෙනු ඇති.
උපුටා ගැනීමකි
මූලාශ්‍රය: Nadeesha Rathnayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!