මිනිස් ලෝකයේ, ඔයා අවුරුදු 90 ක් හෝ ඊට වැඩියෙන් ජීවත් වුණොත්, ඔයාට සැලකිය යුතු දීර්ඝායුෂ තියන බව සැලකෙනවා. ඒත් සත්ව ලෝකයේ සමහර සතුන්ට අවුරුදු 90 ක් කියන්නෙ ළදරුවෙකුගේ වයසක්. මේ ජීවීන්ගෙන් සමහරක් මේතරම් කාලයක් තිස්සේ පැවතුණා.
අද අපි ඔයාට කියන්නෙ සත්ව ලෝකයේ වැඩිපුරම කාලයක් ජීවත් වෙන ජීවී විශේෂ 12 ක් ගැනයි. ලිපිය අවසානයේ ඔයාට පුදුම කිරීමකුත් තියනවා.
01. ටුවාටරා – අවුරුදු 110 ට වැඩි
ටුවාටාරා කියන්නෙ නවසීලන්තයේ වෙසෙන කුඩා උරග වර්ගයක්. ඔවුන් කටුස්සන් වගේ පෙනුණත් ඇත්තට ඔවුන් මීට වසර මිලියන 200 කට විතර පෙර පෘථිවියේ ජීවත් වූ ඩයිනෝසෝරයන් හා සම්බන්ධ විශේෂිත පෙළපතක කොටසක්. වර්තමානයේ මේ විශේෂයන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා තියනවා. ඒත් ඔවුන්ගෙන් සමහරෙකුට අවුරුදු 110 කට වඩා වැඩි ආයු කාලයක් තියනවා.
02. ඔරේන්ජ් රෆී – අවුරුදු 149 යි
හෙමින් වැඩෙන, දිගු කල් පවතින මත්ස්‍ය විශේෂයක්. ඔවුන්ගේ උපරිම ආයු කාලය අවුරුදු 149 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවට ඇස්තමේන්තු කරලා තිබුණත්, අද වෙනකිට අධික ලෙස මසුන් ඇල්ලීම නිසා ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා සිටිනවා.
03. ජියෝඩක් – අවුරුදු 168 යි
ජියෝඩක් කියන්නෙ උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයට ආවේණික විශාල ජීවී විශේෂයක්. ජියෝඩක් ගැහැණු සතුන් ජීවිත කාලය පුරාම බිත්තර බිලියන පහකට වඩා නිපදවනවා. පැරණිතම ජියෝඩක් අවුරුදු 168 ක් ජීවත්ව තිබෙන බව හොයාගෙන තියනවා.
04. අවුරුදු 200 ක් පමණ පැරණි රතු මුහුදු ඉකිරියා
රතු මුහුදු ඉකිරිය සොයාගත හැක්කේ පැසිෆික් සාගරයේ පමණයි. එය ගල් සහිත වෙරළ තීරයේ ජීවත් වන අතර වැඩිපුර මුහුදු රැලි සහිත ප්‍රදේශවලින් බැහැරව පවතිනවා. මේ විශේෂවල සිරුරු තියුණු කොඳු ඇටවලින් සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇති අතර එමඟින් සාගර පතුලේ බඩගා යන විට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට උපකාරී වෙනවා. ඔවුන් වයස්ගත වීමේ වේගය ගොඩක් අඩුයි. සමහර නිදර්ශක වලට අවුරුදු 200 ක් තරම් කාලයක් ජීවත් වෙන්න පුලුවන්.
05. අවුරුදු 211 ක් පැරණි දුනු තල්මසා
දුනු තල්මසා, නිල් තල්මසා තරම් ප්‍රසිද්ධ නොවූවත් උවුන්ට කැපී පෙනෙන විශේෂිත ලක්ෂණ කිහිපයක් තියනවා. සතුන් අතර වුශාලම කට තියෙන්නෙ දුනු තල්මසුන්ටයි. මේ ජීවීන්ට වසර 200 කට වඩා ජීවත් වෙන්න පුලුවන්. වැඩිම කාලයක් කලක් ජීවත් වන මුහුදු ක්ෂීරපායි සතුන් වර්ගය වෙන්නෙත් මේ දුනු තල්මසුන්. පැරණිතම දුනු තල්මසාගේ වයස අවුරුදු 211 ක් වෙනවා.
06. කෝයි මාළු – අවුරුදු 226 යි
සාමාන්‍යයෙන් කෝයි මසුන් අවුරුදු 50 ක් පමණ ජීවත් වෙනවා. එත් ඔවුන්ගේ එක් වර්ගයක් වන හැනකෝ කියන තද රතු පාට කොයි මත්ස්‍යයා වයස අවුරුදු 226 ක් ජීවත් වෙලා තියනවා. මාළුවෙකු මෙතරම් කාලයක් ජීවත් වූයේ කොහොමද කියන එක නම් තාමත් අභිරහසක්.
07. ලැමෙලිබ්‍රැචියා නල පණුවන්, අවුරුදු 250 ක් පැරණි
මෙක්සිකෝ බොක්කෙහි ගැඹුරින් හමු වූ නල පණුවන් විශේෂයට අවුරුදු 250 ක් ජීවත් විය හැකි බව හොයාගෙන තියනවා. අඩි 10 ට වඩා දිගකට ළඟා විය හැකි වුණත් ඒවා ඉතා වර්ධනය වෙන්නෙ ඉතාමත් හෙමින්. ජීවීන් සිය දහස් ගණනක් එකතු වෙලා ඔවුන්ට ජෛවජනක වාසස්ථානයක් හදාගන්න පුලුවන්.
08. ඇල්ඩබ්‍රා යෝධ ඉබ්බා – අවුරුදු 255 යි
යෝධ ඉබ්බන්ට නම් ඇදහිය නොහැකි දීර්ඝ ආයුෂ තියනවා. ඒ අතරිනුත් ඇඩ්වායිටා ඇල්ඩබ්‍රා යෝධ ඉබ්බා වයස අවුරුදු 255 ක් ජීවත් වුණු අද්විතීය සත්වයෙක්. විද්‍යාඥයන් කියන්නෙ මෙතෙක් ජීවත් වූ පැරණිතම භෞමික සත්වයා ඇල්ඩබ්‍රා යෝධ ඉබ්බා බවයි.
09. අවුරුදු 280 ක් පැරණි මිරිදිය මුතු පැළෑටි
මිරිදිය මුතු පැළෑටි කියන්නෙ දිගු කලක් ජීවත් වන විශේෂයක්. ඒවා ඉතා සෙමින් වර්ධනය වන අතර ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 86-102 පමණ වෙනවා. ඒත් එය ජලයේ ගුණාත්මකභාවය වගේ පාරිසරික සාධක මත රඳා පවතිනවා. දැනට හොයාගෙන තියන පැරණිතම මිරිදිය මුතු පැළෑටියේ වයස අවුරුදු 280 ක්.
10. ග්‍රීන්ලන්ඩ් මෝරා – අවුරුදු 400 යි
ග්‍රීන්ලන්ඩ් මෝරුන්ට හරිම බය හිතෙන පෙනුමක් තියනවා. ඒ වගේම පෘථිවියේ සැරිසරන පැරණිතම පෘෂ්ටවංශීන් වෙන්නෙත් ග්‍රීන්ලන්ඩ් මෝරුන්. ඔවුන් ලිංගික පරිණතභාවයට පත්වන්නේ වයස අවුරුදු 150 දී පමණ වන අතර සාමාන්‍යයෙන් අවුරුදු 400 ක් පමණ ජීවත් වෙනවා.
11. මුහුදු ක්වාහෝග් – අවුරුදු 507 යි
මුහුදු ක්වාහෝග් කියන්නෙ ආහාරයට ගත හැකි ක්ලාම් විශේෂයක්. ඔවුන් සමුද්‍ර ද්වීපද මොලුස්කාවන් වන අතර හැම වසරකම එහි කවචයට එක් ස්ථරයක් එකතු කර ගනිමින් ඉතා දිගු ආයු කාලයක් ජීවත් වෙනවා. මෙයට හොඳම උදාහරණය තමයි අවුරුදු 507 ක් ජීවත් වූ මින්ග් කියන්නෙ.
12. ඇන්ටාක්ටික් ස්පොන්ජ් – අවුරුදු 1550 ක් පැරණි
විද්‍යාඥයින්ගෙන් බහුතරයක් හිතන්නෙ ඇන්ටාක්ටික් සාගරයේ අතිශය අඩු උෂ්ණත්වය හා ඒවායේ මන්දගාමී වර්ධන වේගය නිසා ඇන්ටාක්ටික් ස්පොන්ජියට සියවස් ගණනාවක් ජීවත් විය හැකි බවයි. මෙහි පැරණිතම නිදර්ශක අවුරුදු 1,550 ක් වයස බව සමහරු ගණන් බලා තියනවා.
බෝනස්: අමරණීය ජෙලිෆිෂ්
මෙම “අමරණීය” ජෙලිෆිෂ්ට අර්බුදයකදී නැවත ඉපදෙන්න පුලුවන්. ලෝකයේ ඉන්න අනිත් ජීවීන් වගේ මැරෙන්නෙ නැතුව ඉන්න මෙයාලට පුලුවන්. ඔවුන්ගේ ටියුරිටොප්සිස්, වැඩිහිටි සෛල බාල කරගෙන පොලිප්ස් බවට පරිවර්තනය කරනවා. කුසගින්නෙන් පෙළෙන විශේෂ බොහෝමයක් සාගරයේ ජීවත්වෙන නිසා විලෝපිකයන් විසින් මොවුන්ව පහසුවෙන් මරා දැමිය හැකියි.
උපුටා ගැනීම: Ceylon journal