මේ මගේ මිතුරෙකුගේ මිට වසර විස්සකට එහා අත්දැකීමක් ඔහුගේ වචනයෙනි .
මෙහි නම් ගම් මනඃ කල්පිතය
ඒක නම් පුදුම ආදරයකි .දැන් ඉන්න කොල්ලන් කියන වචනයෙන් කියනවානම්
පට්ටම පට්ට ආදරයකි
ඒ වන විට මගේ වයස අවුරුදු තිහක් වන්නට ඇත .මමත් බිරිදත් රැකියාවේ
පහසුව උදෙසා කුලී නිවසක නතර වී උන්නෙමු
මේ නිවස තට්ටු දෙකකි උඩ තට්ටුව කලින්ම කුලියට ගෙන දිගු කලක්
ජිවත් වන පවුලකි
සුනිල් අය්යා වැඩ කලේ පුද්ගලික බැන්කුවකය ඔහුට අවුරුදු හතලිස් පහක් පමණ
වන්නට ඇත ජැන්ඩියට අදින ඔහු මද්යම සිරුරක් හිමි සිත් ඇද ගන්නා සුළු
චරිතයකි .නිතර සිනාමුසු මුහුණින් කතා කරයි . මිනිස්සුන්ට ගරු කිරීම උපරිමය
ඔහුගේ බිරිද සුනීතා ඔහුට හා සම වයස් යයි සිතේ .පළමු බැල්මෙන්ම සුනිල් අය්යා හා
බිරිද දෙස බලන්නෙකුට පෙනෙන්නේ ,දැනෙන්නේ රුපයෙන් දෙදෙනාගේ මොකද්දෝ
නො ගැලපීමක් ඇති බවකි
ඇගේ මුහුණ සෑහෙන්න හතරැස් ගතියක් තිබිණි , වෙනත් ගැහැණුන්ගේ මෙන් නොව
බඩ ටිකක් නෙරා මෙන්ම උල් හැඩයකි ,ඉගටිය පෙදෙස හරි කෙලින්ය , මුහුණේ කළු පාට
ලප ගණනාවකි
නමුත් ඇය ලස්සනට අදින්නිය .රුප ලාවන්ය වෙනුවෙන් සෑහෙන්න වියදම් කරන ඇය
ඉංගිරිසි ගුරුවරියකි
ඇගේ කතාබහේ සාම්ප්රදායික ඉංගිරිසි ගුරුවරියකගේ වන පද්දන ස්වරුපය ,අමුතු
සිංහල භාවිතය මෙන්ම පොඩි ආඩම්බර කාරී ගතියක්ද තිබේ
ලස්සනම කාරණයක් වුයේ මොවුන්ගේ හත වසරේ උගත් ලොකු දුව තාත්තා සේ
හැඩකාර විමත් තුන වසරේ පුතා අම්මා සේ කලුපාට මහත වීමත්ය
මේ සියලු කරුණු කෙසේ වුවද මේ යුවලගේ තිබුනේ කලින් කි පරිදි පුදුමාකාර
පට්ට ආදරයකි
ඔවුන්ට ඒ වන විට හොද සුඛෝපභෝගී මෝටර් රථයක්ද ,අලුත් මෝටර්
බයිසික්ලයද තිබුණි .අපට වාහනයක් නොතිබුණු නිසා සමහර විට ඔවුන්
අපද රැගෙන යති .
ඒ යන හැම විටම අප දුටුවේ මේ යුවලගේ වෑහෙන ආදරයයි ,අපට වඩා අවුරුදු
දහයක් පමණ පැරණි යුවලක් මුත් ,දරු දෙදෙනෙකුගේ මව් පිය උවත්
අලුත විවාහක අපට වඩා ලොකු ආදරයක් ඔවුන් තුලින් පෙනෙන්නට තිබුණි
මා නිතර කල්පනා කලේ මේ කෙලෙසින් ඇති වුවක්ද කියාය
මගේ බිරිදගේ සමහර ක්රියාවන්ට මා කෝප උවද ,ඇගේ සමහර චර්යාවන්ට මා
විරුද්ධ උවද ,සමහර විට විවේචනය කලද ,සුනිල් අය්යා නම් කිසි දිනෙක
එසේ කරනවා දැක නොමැත්තෙමි .
බිරිද නතර කරන්නට කියන ඕනෑම විටෙක වාහනය නවතයි ,ඉල්ලන දේ හරියටම
සොයා ගෙනත් දෙයි ,එය නරකයි කිව්වොත් ආපසු ගෙනිහින් මාරු කරගෙන ගෙනවිත්
හොදද අසයි
වාහනෙන් ඈ බසින්නට පෙර බ්රසියර් පටිය යට කරයි .වාහන නවතා ඉන් බස
ඇගේ පැත්තේ දොර ඇර බෑගයද අරන් කරේ එල්ලයි
මේ කෙතරම් හොද ස්වාමි පුරුෂයෙක්ද
මට එලෙසින් වන්නට බැරි මන්ද
සමහර විටෙක කිසියම් උවමනාවන්ට ඉහල තට්ටුවට යන බිරිද
ආපසු විත් කියන්නේද ඒ පවුලේ සමගිය හා ආදරය ගැනය
සුනිල් අය්යා දහසක් වැඩ අතරේ සිය බිරිදට කරන උදව් පිළිබද
ඈ විටෙක කියන්නේ පුදුමයෙන් හා මාද එසේ වන්නේනම් කොච්චර
හොදද යන වියන්ගාර්තයෙනි .
අන්තිමේ වැඩි හොදද හොද නැත
ඒ තමන්ට පමණක් නොව අවට ඉන්නන්ටදය
මේ පුදුම ආදරය මට දැන් කරදරයක් වෙන්නට පටන් ගෙනය
ඔවුන්ගේ ඒ ආදරය දකින බිරිද ඒ සිතිවිල්ලෙන් මා කෙරේ තිබුණු ආදරය
අඩු කරන්නට පටන් ගෙනය
මම වෙනස්ය ,මට සුනිල් අය්යා වන්නට බැරිය
හවසට බිලා ගෙදර ඇවිත් බිරිදට පහර දෙන සැමියෙකු සිටින නිවසක් ලග
කුලියට හිටියානම් හොදයි කියා මට සිතේ
එවිට මා ආදරණිය සැමියෙකු වනු ඇත
අපේ ආදරය වැඩි වනු ඇත
නමුත් වී ඇත්තේ අනිත් පැත්තය
මෙලෙසින් මාස කීපයක් ගතවිය
එකතරා සවසක් පුදුමයක් සිදුවෙයි
කවරදාවත් නැතිව මා පොත් ලියමින් සිටින තැනට විත් බිරිද
මගේ උර හිසින් අල්ලන්නේ කිසියම් ආදරයකිනි
“තේ ඕනිද
තේද ..? කිරිද ?”
මට දැනුනේ විමතිය පිරි සතුටකි
“හකුරුයි කහටයි බොමු “
“ඇයි ඔයා කිරි තේ බොන්න කැමතිනේ ?”
රාත්රී ආහාරයද වේලාසනින් ඉදෙන ගානය
වෙනදා මා පොත් ලියන තැනට විත් ඊට ආධාර ඉල්ලන ඇය
අද තනිවම උයයි
“කෑම කමුද ?”
“අම්මා ..අද ෆ්රයිඩ් රයිස් ..?”
“බලන්න ඔයාට කොච්චර් හොද නොනෙක්ද ඉන්නේ .?”
“එකනේ.?”
රුපවාහිනි ප්රවුර්ති බලන අතරේ අප රාත්රී ආහාරය බුදින්නට ගත්තෙමු
“මේ ..?”
ඇය යමක් කියන්නට තතනයි
“මොකෝ .?”
“මම අද බඩුවක් දැක්කා “
“මොකද්ද ?”
“සුනිල් අය්යා තරුණ ගෑනියක්ගේ අතින් අල්ලන්
ෆිල්ම් එකක් බලන්න යනවා “
මට ආවේ ලොකු හිනාවකි
ෆ්රයිඩ් රයිස් නහය දිගේ යන්නට විය
ඒ දුටු බිරිදද කෑම නවතා සිනා සෙන්නට වුවාය
ඉන් පසු අප විශේෂයෙන් බිරිද ඔවුන්ගේ මෝටර් රථය උවමනාවෙන් මග හැරියෙමු
බිරිදද උවමනාවන්ට උඩ තට්ටුවට ගියේද නැත
පසුව අප වෙනත් ප්රදේශයන්ට පදිංචියට ගියෝය
ඔවුන්ගේ ආදරය එසේද
අපේ ආදරය මෙසේද ගලා ගියේය
නමුත් මා එක දෙයක් සිතුවෙමි
බිරිදකට ,ගැහැනියකට යමක් පහදා දෙන්නට ගොස් සන්ඩු වෙනවාට වඩා
අවභෝධ වන්නට ඉඩ හරිය විට සැබෑ ආදරය මතු වන බවය
එය පට්ටම පට්ට නිර්වියාජ පුදුම ආදරයකි
උපුටා ගැනීම: Premanayake Cyril