පුදුම ළමයි.. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිද්ධිය වුනෙත් ස්පෝට්ස්මීට් එකට කලින් දවසෙ.අපේ හවුස් හට් එකට ගමේ වෙදගෙදර තමයි හදන්න ප්ලෑන් කරල තිබුනෙ.ඉතිං නිවාසෙ හදන්න මාර උනන්දුව ළමයිනුයි ගුරුවරුයි හැමෝම.දැන් වෙදගෙදර බිත්තිවලට උණ ගස් කපන්න, වහලෙට පිදුරු ගේන්න යන්න කොල්ලොන්ගෙ පොරේ.මල් පාත්තියක් එළවළු පාත්තියක් කොටාගන්න ගියොත්නම් එකෙක් හොයාගන්න බෑ.ඉතිං..බිත්තිවලට මොකද කරන්නෙ..කටුමැටි ගහන එකත් සිරා කේස් එකක් කොල්ලො මැටිවැඩවලට නෑ, අපි වගේ..එහෙතම් කොළ වලින් අහුරමුද සර්..? ආපෝ ..එතකොට පරිසරේට හානිකරා කියල ලකුණු කැපෙනවනෙ කොල්ලනේ..මං කියන්නද සර්..අපි පරණ ගෝනි බිත්තිවලට ඇදල ගහල මැටි ටිකක් ඝනවෙන්න ගාමු ද ? දුරට මැටි වගේම පේනවනෙ.නියම අයිඩියා එක කොල්ලා..හැබැයි අවුලකට තියෙන්නෙ ඔච්චර ගෝනි ගොඩකට වියදම තමයි..අපි ගෙවල් වලින් එක එක ගේන්ඩ කියමු සර් ළමයින්ට..හෙටනෙ පුතා..අවුල් වුනොත්…ළමයි ඕවත් අරං බස්වල එන්නෑනෙ පුතා..ගමක ඉස්කොෝලෙක නම් ඕව සිම්ප…අඩේ දැන්නෙ මතක් උනේ..අපේ ….. සර්ගාව බඩු ෂුවර්..කවුද මචං ? ගොවිරජා ද…මේ..ඌත් අපේ හවුස් එකේද? දැක්කෙවත් නෑනෙ බං..ඒකට කමක් නෑ බං..ගෝනිටික ලැබුන නම් ඇතිනේ..හරි සර් මං දැන්මම …. සර්ව මීට්වෙලා වැ⁣ඩේ කතා කරගන්නම්..ඔන්න ඔය විදියට හවුස් කැප්ටන් පුතා අපේ ගොවිරජා සර් එක්ක කතා කරා කියමුකො.හරි..මම බයික් එකේ ගේන්න පුළුවන් තරම් ගේන්නම්..හැබැයි පුතෝ..උඹ ගේට් එකගාව ඉඳල ඒක නිවාසෙ හදන තැනට ගෙනියන්න ඕනෙ.හරි හරි සර්..අපි බයික් එකයි සර්රුයි එක්කම හරි ගෙනියන්නම්..එලකිරි වගේ..
ඔන්න පස්සෙන්ද උදේ හතේ ඉඳල හවුස් කැප්ටන් පුතයි, එයාගෙ ඇසිස්ටන් පුතයි ගේට්එක ගාව සීරුවෙං ඉන්නව ගෝනි සර් එනකං..අම්මට සිරි..සොරි සොරි.. සර් ⁣ගෝනි ගේනකං.හරියටම හතයි විසි පහත් පහුවෙලා සර් එනකොට…කොල්ලො දෙන්න ලඟටම කරල නැවැත්තුව බයික් එක..⁣පුතා ටක්ගාල මේ පෙට්ටය ලිහල ගන්නකො..කොල්ලො දෙන්න බලා ඉන්නව. ඉක්මන් කරපන් කොල්ලො..මට කකුල ගන්ඩ බෑ මේක නිසා..ඒත් කොල්ලො දෙන්න මූණට මූණ බල බලා ඉන්නවා..දැන් සර්ට ටිකක්…උඹල⁣ගෙ කන් ඇහෙන්නැද්ද බං..මට අස්සං කරන්ඩත් බැරිවෙනව දැං..ඉරත් ගහලද දන්නෑ..මෙහෙ ලඟට වරෙල්ල බං..නැත්තං..ආා..උඹල මේ බයික් එකෙන්ම ගෙනියන්න නේද බලා ඉන්නෙ..ඉස්කෝලෙ ඇතුලෙ ළමයිට බයික් පදින්න දෙන්න බෑ..හා..හිටපල්ල මජ නිව්ටල් කල්ල යතුර අරං දෙන්නං..තල්ලලුකරං පලයල්ල මගෙ බයික් එක බිම නොදා..හරිය..හරි මේක අල්ලගනිල්ලකො මට බහින්න…යකෝ මෙහමත් ළමයි..මෙහෙ වරෙල්ලකො බං..තො.. මොකද බං වෙලා තියෙන්නෙ..කතා කරපියව්…ස..ස..
සර්..මේ..පෙ..පෙටිටියක් නෑනෙ සර්..දිග ලණුකෑල්ලක් විතරයි ස..ර්..හුටා..යකෝ..
උපුටා ගැනීම: Sunil Gurusinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!