පුන්චි ආදර කතාවක් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඒ නදීෂා අද අලුත් සර් කෙනෙක් බන් එන්නේ අපිට උගන්නන්න පොර කොහොමද දන්නේ නෑ “
“ම්ම්ම්ම්ම් එහෙමද අපි බලමුකො බන් උබ මොකෝ ඉතින් මේ කුලප්පු වෙලා ඉන්නේ “
“නිකන් බන් ඉතින් සර් කොල්ලෙක් උනොත් හොදයි බන් මේ වයසක අය එක්ක් ඉදලා එප වෙලා බන් මට හුම්ම්ම් “
මේකිට මොන යකෙක් ගහලද මන්දා අද දැකලා නැති සර් කෙනෙක් ගැන කියවනව මම කම්මැලි කමේ පන යන්න ඔන්න මෙන්න ඉන්නවා මම නදීෂා එදිරිසිoහ මේ කියවන්නේ මගේ යාලුවා නිකිණි අපි ඒලෙවල් තුන්වෙනි පාර මේ ලියන්නේ අද ඇවිත් ඉන්නෙ සිoහල ක්ලාස් එකට හිටjපු සර් දැන් වයසයි ඒ නිසා අලුත් සර්කෙ එක් දාලා ඒක ගැන මෙයා මේ කියන්නේ
“ඒ නදි නැගිටපන් යකෝ සර් ආවා උබ මොන ලෝකෙද ඉන්නේ”
පිටට වැදුන පාර නිසා උඩ ගිහින් බිම වැටුනා මාව ඔලුව උස්සලා බලනකොට මුලු පන්තියෙම ලමයි නැගිටල මම වාඩිවෙලා සර් ඉන්නවා අගහරු ලෝකෙන් ආව එකෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් සර් දිහා බලපු මගේ හිත නතර උනේ බයට නෙවේ සර්ගෙ ලස්සන දැකලා අම්මෝ කියන්න බෑ මට ඒ තරම් ලස්සනයි මෙච්චර කාලෙකට නොදැනුන මොකක්දෝ දෙයක් ප්පුවට දැනෙනවා මගේ
“ඒ ලමයට නැගිට ගන්න බැරි තරම් බරයි එයාගේ කල්පනා ලෝකේ අපි මොකටද එයාට බාදා කරන්නේ අපි ආයුබෝවන් කියලා පන්තිය පටන් ගනිමු කල්පනා කරල ඉවරවෙලා ඔය පාඩමට සම්බන්ද වෙන්න කැමති නම් හිතපු ඒවත් කියන්න ඕන කියන්න පුලුවන්නම්”
අම්මේ ආඩම්බරකම මේ සර් කාරයගෙ මම ඔහේ සර් දිහා බලන් හිත හිත හිටියේ සර් කියන එවාත් ඇහෙන්නේ නැති ගානට හිත සර් ලග උන නිසා කොල්ලෝ හිනාවෙන සද්දෙ ඇහිලා බලනකොට මට මතක උනේ මම තාම ඉදගෙන් නේද ඉන්නෙ කියලා පටස් ගාලා නැගිට්ටා මම එතකොටම ආයුබෝවන් කියල අනිත් ලමයි ඉදගෙනත් ඉවරයි මේ පාරත් මම නෝන්ඩි උනා
“උබ මොන ලෝකෙද බන් ඉන්නේ මොකද වෙලා තීන්නේ මෙලෝ සිහියක් නෑ තොට බූරූ දෙන “
මට යාලුවා බනිනව මම පාඩමට ඇහුම්කන් දෙන්නේ නෑ ඒකට මට හිත නිදහස් නෑ එහෙන් සර් හිතේ හොල්මන් කරනවා අනිත් පැත්තෙන් මම කල්පනා කරේ අලුත් මාසේ පන්ති කාඩ් එක ගන්නේ කොහොමද කියලා දුප්පත් ජීවිතයක් ගෙවන අපි ගොඩක් අමාරුවෙන් තමා එදා වේල ගැට ගහ ගන්නේ අම්මා හදන කඩයප්පන් විකුනලා තමා මමයි නන්ගී ඉගෙන ගන්නේ තාත්තා හොයන හැම සතේම බීලා විනාස කර ගද්දී අම්මා ජීවින ගමන ගැට ගහ ගන්න උදේ හවා මහන්සි වෙනවා මට විබාගෙ ලියපු හැම පාරම ලකුනු දෙක තුනකින් වගේ විබාගේ පාස් එක මිස් වෙනවා අම්මට ඕන් මාව කොහොම හරි කැම්පස් යවල හොදට උගන්නන්න එයා හැම වෙලේම කියන්නේ ඉගෙනීමෙන් තම ජිවීතේ ගොඩ එන්න පුලුවන් වෙන්නේ කියලා එයා නිසා තමා ම්ම මේ ඉගෙන ගන්නේ නැත්තම් මෙලහකටත් මේ විබාගේ පැත්තකට දාලා ජොබ් එකක් කරලා වෙන
“ඔය ලමයා පාඩමේ නෙවෙව් ඉන්නේ මොන ලොකෙද ඉන්නේ මම ආව වෙලේ ඉද්ලා බැලුවා මේ ලෝකේ නෙවේ ඉන්නේ ඉතිම් කොහේද පාඩමක් ඔලුවට යන්නේ දෙමාපියන් දුක් විද්ලා පන්ති කාඩ් අරන් දෙන්නේ මෙයාට මෙතන මගුල් නටනව නැගිටිනවා ඔතනින් මේ පලවෙනි පාරද කරන්නේ එක්ස්ඇම් “
සර්ගෙ නපුරු වචන එක්ක මගේ හීතේ වේදනාව වැඩි උනේ තුන් හිතකවත් නොතිබුන ඒවා කියන නිසා නැගිට්ට නෙවේ නැගිටුනා ඒ වචන එක්ක සර් ඇස් දිහාම බලන් බලන් ඉන්නවා රවාගෙන මට ඒ බැල්ම දරා ගන්න බැරි නිසා මම බිම බලා ගත්තා ඇස් වල කදුලු පිරිලා උතුරනව දුකයි ගොඩ දුකයි කිසිම් දෙයක් නොදැන මට මෙහෙම බනින එකට කොහොමද කල්පනා නොකර ඉන්නේ අම්මලා අද බඩ ගින්නේ ඇත්තේ කොන්දෙ අමාරුවක් නිසා අද වැඩට නොගිය හින්දා මමත් අද කෑම අරන් ආවේ නෑ ඉතින් නොහිතා කොහොමද වෙලාවකට හිතෙනව් මේ ඉගෙනීම නතර කරලා ගාමන්ට් එකකට යන්න
“එපාර හිටගෙනත් කල්පනා කරනවා කියනව් කීවෙනි පාරද මේ විබාගෙ කරන ගොලුද තමුන් “
“න්න්නෑ ..සර් තු.තුන් වෙනි පාර මේ”
“අන්න ඒකනෙ ඒකේන්ම පේනවා කොච්චර උවමනාවෙන් ඉගෙන ගන්න කෙනෙක්ද කියලා මේ බොරුවට දෙමාපියනෙගෙ සල්ලි විනාස කරනව ඔයාට ඉගෙඅ ගන්න බැරි නම් බොරු වැඩ නොකර ගෙදර නතර වෙනවා “
මට ඇයි ඔහොම බනින්නෙ සර් මම ඔයා හිතනව වගේ වැරදි වැඩ කරේ නෑ ඔයා ආව වෙලේ ඉදල මට බනිනවා ලමයි සේරම බලන් ඉන්නව හුම් නෑ ඇයි මා එක්ක තරහ මෙච්චර
‘සර් මේ පේපර් ටික ගිය සතියේ කරපු ඒවා
මෙන්න හොදම ලකුනු තීන පේපර් ටික මේ අනිත් කොටස මේකේ සර් හොදම ලමයි ටික නැගිට්ටවනව පන්තියේ හැමෝම ඉස්සරහා එයාලා ඇගයීමට ලක් කරන්න “
මට බනින අතරෙම සර්ට අක්ක කෙනෙක් අපි ගිය සතියේ කරපු පේපර් ටික ගෙනත් දුන්නා මන් දිහ් බලන් හිටිය සර් මගෙන් ඇස් ගත්තේ ඒ වෙලාවේ
“හරි තියලා යන්න මම බෙදලා දෙන්නම් “
“ඉදගන්නවා දැන් ආපහු මනෝලෝක වල ඉන්න බෑ පාඩමේ ඉන්නවා හරිද “
මම ඒ අවසරයෙන් ඉද ගත්තා සර් මන් දිහා බලල ප්රෙපර් ටික අතට ගත්තා
“ම්ම්ම් ගිය සතියේ හොදම ලමයි ටික මේ නදීශා එදිරිසිoහ පලවෙනිය වෙලා තීනව ලකුනු අනූ හයක් අරන් නැගිටින්න නදීශා “
මම පලවෙනියා වෙලා මේපාර මොනවා කරත් හොදම ලකුනු අතරට එන්න පුලුවන් මට හැමදාම මම නැගිට්ටා විතරයි ආපහු සර් පරල උනා
“එපාර මොකෝ ටොයිලට් යන්න ඕනද නැගිට්ටෙ මම හොදම ලමයි ටික තෝරද්දී නැගිට්ට කියලා ලකුනු වැඩි වෙන්නේ නෑ යන්න ඕන තැනක ගිහින් එන්න හ්ම් හ්ම්
“න්..නැ..නෑ සර් මමයි නදීශා එදිරිසිoහ ඒකයි නැගිට්ටේ “
“ම්ම්ම්ම් එහෙමද පොඩ්ඩක් ඉන්න එහෙනම් මේ පන්තියේ තව ඉන්නවද නදීශලා මෙයා විතරද “
මගේ නම තීන අය හිටියත් පේපර් එක මගේ නිසා සර් මට පේපර් එක දුන්න ඒකත් අමුතුවිදියට මන් දිහා බලන ගමන් හිතට නම් පොඩි වෙනසක් දැනුනා ඒ පිරිමි ඇස් හරි අමුතුයි
ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්නo හදනකොට මමයි නිකි අන්තිමට ආවේ සර් පන්තියේ හිටියා අපි ඉන්නකොට
“මේ ඔය ලමයා ටිකක් ඉන්න නදීශා යන්න කල්පනා කරන්න ඒවා එහෙම ඇති නේ නේද “
නිකිණිට ඉන්න කියපු සර් මර යන්න කීවේ කට කොනින් හිනාවෙලා අනේ මම දන්නේ නෑ ඇයි මර මෙහෙම කරන්නේ ආව වෙලේ ඉදලා ඇස් වලට කදුලු උනද්දී මම එලියට වෙලා හිටියෙ
විනාඩි පහලවක් විතර කතා කර කර හිටිය සර් මන් දිහා ටිකක් වෙලා බලන් ඉදලා ගියා යන්න නිකිණිත් ආවා ඒ එක්කම මම මුකුත ඇහුවෙ නෑ නිකිණි කියයි කියලා හිතලා
“නදියො සර් උබ ගැන ඇහුවෙ බන් “
“ම..මන් ගැන මොනවද ඇහුවෙ බන් “
“උබේ පවුලෙ විස්තර ,උබ ගැන උබට කොල්ලෙක් ඉන්නවද කියලා ඕවා තමා”
“ඉතින් උබ මොකද කීවේ “
“මම උබ ගැන සේරම කිවුවා ඉතින් මම දන්නවා උබ පන්තින් කාඩ් එක ගන්න විදිය කියලා කල්පන කරේ මටත් පුලුවන් විදියට උබට උදවු කරන්නම් උබ හොදට ඉගෙන ගනින් ඔය පවුල ගොඩ ගනින් ඒක කරන්න පුලුවන් උබට විතරයි නදියෝ “
“අනේ බන් සර් මන් ගැන මොනව හිතුවද දන්නේ නෑ “
“මොනව හිතන්නද බන් උබට ප්රී කාඩ් වත් හදලා දේවී අනේ එහෙම උනොත් හොදයි බන් තව මාස ගානයි නි තීන්නේ මම එක කාඩ් එකක් හරි අරන් දෙන්න බලන්නම් උබට “
මට ඇඩුනේ මේ යාලු කම ගැන හිතලා මට කන්න දෙන්නෙත් ඉන්ටවල් එකට නිකී පන්ති කාඩ් ගන්න බැරිවෙන හැමදවසකම පුලුවන් විදියට සල්ලි දීල උදවු කරා එහෙමත් බැරි දවසට පෝන් එකට රෙකෝඩ් කරන් ,ටියුට් ඉල්ලන් එනවා මට එක්කම් මේ සහොදරියක් වගේ යාලුවෙක් මට ඉන්නෙ
“අනේ උබට ගොඩක් පින් බන් මේ කරන උදවු වලට “
“අනේ උබේ පින් තියා ගනින් මෝඩි හොදට ඉගෙන ගනින් මේ පාරවත් කැම්පස් පලයන් තේරුනාද “
අපි දෙන්නා කියව කියව ගෙදර ගියා නිකි ඉන්නේ අපෙ ගෙවල් හරියෙමයි එයාලට නම් අපිට වගේ නෙවේ යම් මට්ටමටකට සල්ලී තිනවා
“දුවේ උබ ආවද අනේ කන්න නම් දෙයක් නෑ අන්න හුනු සහල් කැද ටිකක් හැදුවා බීපන් ඒකවත් නන්ගිත් බිවුවා උබේ ටික වහලා ඇති බීපන් “
ගෙට ගොඩ වෙනකොටම අම්මා කෙදිරි ගගා එහෙම කීවේ අද කන්න නෑ කියලා රෑටත් දැනෙන්න දීලමයි පවු ඒ අසරන ඇස් දිහා බලන් ඉන්න වත් බෑ මට මම හිමිට මගේ කාමර කෑල්ලට රින්ග ගත්තා කදුලු වලින් මූන් හේදෙද්දී මෙහෙම පවුකාර ජීවිතයක් ලබන්න තරම් අපි කවද පවු කරලද මන්දා මේ ආත්මෙ නම් කුරා කූබියෙක්ටවත් ඇල්පෙනෙත්තක වත් වරදක් කරලා නෑ එහෙම අපිට එදා වේලවත් කන්න නෑ
කොහොම හරි මට ක්ලාස් තුනටම මට ප්රී කාඩ් ලැබුනා මම් ඒක ගැන නම් සතුටු උනේ ඒක ගන්න දෙන සල්ලි වල වත් එක වේලක් හරි කාලා ඉන්න පුල්ලුවන් නිසා මට නිතරම සර් එක එක ඒවා කිය කිය බැන්න මම ඒ සේරම ඉවසන් හිටියේ සර් නිසා තමා මෙහෙම ප්රී කාඩ් ලැබුනෙ කියලා මම දන්න නිසා දැන් හැමදාම නිකි කෑම දෙකක් අරන් එනවා එකක් මට අනික එයාට ඒත් ඒ කෑම ගෙදරින් නෙවේ ගේන්නේ ක්ලාස් එකට ආවම අක්කා කෙනෙක් ගෙනත් දෙනවා
මම දැන් හිත නිදහස් කරන් හොදට ඉගෙන ගන්නවා පාන්දර වෙනකම් පාඩම් කරනවා ඊයෙ පාන්දර තුන වෙනකම් පාඩම් කල නිසා මට ඔලුව රිදෙන්න ගත්තේ උදේටවත් කාලා නැති නිසා මම ක්ලාස් එකේ ඩෙක්ස් එකට ඔලුව තියා ගත්තේ ඉන්නම බැරි තැන නිකි ටත් කරදර කරන්න බැරි නිසා සර් පාඩම උගන්වනව
ම්
“මේ ඔය ලමයා උස්සනවා ඔලුව හැමදාම මොකක් හරි එකක් කරනවා මොන් මගුල්ද හිතන්නෙ ඔය තරමට ඔලුව කෙලින් තියන් ඉන්න බැරි තරමට කොල්ලගෙ ප්රශ්නද අහ් විබාගෙට තව මාස කීයද ගානක්වත් නෑ ප්රී කාඩ් දෙන නිසා ඒකත් ආතල් එකට අරන් “
සර් එක පාරටම කෑ ගහගෙන ගියේ මාව ගැස්සිලා යද්දී ඒ එක්කම කදුලු ආවේ කියපු කතාවලට කෙල්ලෝ කොල්ලො මට හින වෙනව තවත් ලැජ්ජව දරන් ඉන්න බැරි තැන සේරම පොත් ටික එකතු කරන් අඩ අඩම ක්ලාස් එකෙන් එලියට ආවේ නිකි කෑගද්දී දුප්පත් කියලා ඔය තරම් පාච්චල් වෙන්න බෑ මට ඕන නෑ එයාගේ කාඩ් මම ජොබ් එකක් කරනවා එයාට ඕක කාට හරි දෙන්න කියනව එහෙම හිත හිත පඩිපෙල බැහැගෙන එද්දී එක පාරටම යකද අඩුවකට අහු උනා වගේ දැනුනා මගේ අත මම පිටි පස්ස හැරිලා බලද්දී සර් ඉන්නවා මගේ අතින් අල්ලගෙන
“අන්…නේ මම මට යන්න දෙන්න සර් මම යන්නම් මට යන්න් දෙන්න මට ආපහු පන්ති එන්න් ඕන නෑ ආව දවසෙ ඉදලා මට බනිනව මම වරදක් කලේ නෑ මම දුප්පත් තමා සර් එහෙම කියලා මට ඔහොම කතා කරන්න එපා මර සර්ගෙ ප්රී කාඩ් එපා මම යනව සර් මෙන්න කාඩ් ටික “
මම අඩ අඩ බැග් එක අවුස්සලා පරන හම් ප්ර්ස් එක අරන් කාඩ් තුනම සර් අතට දුන්නා
“මේ මොකද් මේ තියා ගන්නව් මේක ඉගෙන ගන්න මිසක් නිදා ගන්න පන්ති එන්න ඕන නෑ වරදක් කරකා බැන්නම ඔහොම ගියාම හරිද කොල්ලන්ගෙ සිහියෙන් ඉන්න එපා පන්තියේ”
“මොන කොල්ලෙක්ද් සර් මට එදා වේලා කා ගන්න සල්ලි නැතුව ඉන්න මා ඒක කවුද යාලුවෙන්නේ අනික මට කොල්ලන්ට වඩා වටිනවා මගේ පවුල මට කොල්ලෙක් නෑ ඊයෙ රෑටත් කන්න නැතුව පාන්දරවෙනකන් පාඩම් කල නිසා ඔලුව රිදෙනවා ඒකයි ටිකක් ඩෙක්ස් එකෙ ඔලුව තියා ගත්තේ මම නැගිටලා ගියොත් අනිත් ලමයින්ගෙ අවදානේ බිදෙන නිසා ඔයා හොයන්නේ නැත්ව මට හැමදාම බනිනව ඇයි මම කල වරද මිකක්ද මම යන්නම් ඒ නිසා සර් මම නිසා ඔයාගේ ලේ පුච්ච ගන්න එපා😭😭😭
අඩ අඩ එහෙම කියලා මම සර් ලග වැද වැටුනා සර් මාව නැගිටවල ගත්තා එයාගේ ඇස් වලත් කදුලු පටලයක් තීනවාලාවට වගේ මට බැනලා මෙතන දැන් අඩනව හුම් ඒ අස්සේ මම සර්ට හිතෙන් බැන්නා මට මේ ඇස් දකිනකොට පපුවම හිරි වැටෙනව වගේ දැනෙනවා මොනව කරන්නද එදාවේල කන්න නැති හිගන කෙල්ලෙක්ට ආදරේ කරයිද මේ වගේ රාජ කුමාරයෙක් ඉගෙන ගනින් නදියෝ මුලින් ආදරේ කරමු පස්සේ
“කොහේවත් යන්නේ නෑ යනවා පන්තියට මම පැනඩෝල් අරන් එන්නම් “
‘අනෙ මට බෑ සර් ම්ම ගෙදර යන්න ඕන හැමදාම මට බනිනව තවත් නම් මට බෑ “
මම ආපහු අඩන්න ගත්තේ පන්තියේ ලමයි හිනා උන විදිය මතක් වෙලා
එහෙම කියලා මම සර්ව මග ඇරලා එන්න ආවේ ආපහු යන්නේ නෑ කියලා හිතන් කොහොමත් ක්ලාස් එක ඉවර වෙන්නත් තව විනාඩි දහයනි තීන්නෙ
සර් බලන් ඉද්දිම මම ආවා මගට ඇවිත් බැලුවෙ කොහෙන් හරි කඩයක වත් කරන්න පොඩි ජොබ් එකක් හොයා ගන්න ටිකක් වෙලා ඇවිදිනකොට ලවර් එකක් වැඩ හොයා ගන්න පුලුවන් උනා මම ලවර් එකේ ඉදලා එලියට් එනකොටම මගේ අතින් ඇදන් ය්න්න් ගියා කවුරු හරි මම හැරිලා බලද්දී සර් මාවත් ඇදගෙන කා එක ලගට ගියා මම බය වෙලා බලන් හිටියේ මාව කොහේ ඇදන් යනවද කියල හිතලා අනික පන්තියේ ලමයි දකීද කියලා බයේ වට පිට් බ්ල බ්ල මම ගියේ
“මොකද බෙල්ල කඩා ගන්න හදන්නේ නගිනව කා එකට මගෙන් ගුටි නොකා”
අනේ බයයි බයයි මම හෙහ් හැමවෙලෙම හැච හැච ගාලා බනින්න විතරයි දන්නේ අනේ ඒතකොටම මට නිකී මතක් උනා මම එයාවත් දාලා නේද ආවේ මම වට පිට බලන්න ගත්තෙ නිකි හොයන්න මෙයා ගානක් නැත්ව මාව කා එක ඇතුලටදාල් ඔහේ යනවා
“සර් ….මේ කොහේද යන්නේ මට යන්න් දෙන්න නිකී බලන් ඇති “
“ආ තමුන්ට දැන්ද යාලුවා මතක් උනේ අහ් මහ මුරන්ඩු කෙල්ලෙක් තමුන් මම ඉන්නo කියද්දි මාව තබේකට ගනන් නොගෙන ආවේ ඇයි ඔය තරම් පන්ඩිත අහ් “
“ඉතින් ඔයා හැමවෙලේම් ඇයි මට බනින්නේ ආව දවසේ ඉදන් හැමවෙලේම මට බනිනව මට සේරම ලමයි හිනාවෙනවා එහෙම උනාම “
“මොකක්ද කීවේ ඔයා ඔයා කියලා නේද කීවේ දැන් “
“අන්නේ සොරි සොරි සර් “
ඒකට හිනා උන සර් කා එක කවුරුත් නැති තැනක නතර කරා දැන් නම් මට බයයි වගේ මොකද මාව මරන්න හදන්න්වද දන්නේ නෑ මම ආවට එපා කියද්දී
“මට ටිකක් කතා කරන්න ඕන බයවෙන්න එපා මම මරන්නේ නෑ ම්මිට පස්සේ හිතනකොට හිතින් විතරක් හිතනව කටින් හිතන්නෙ නැතුව “
හපොයි මේ සර් පිස්සු කියනව මට බයටම ඇඩිලා දැන් තීන්නෙ අනේ අම්මත් බය වෙලා ඇති දැන් මම නැතුවට
“මෙ අහන්න මැනික ම්ම ඔයාට නිතරම බනින්නෙ මට ඔය ඇස් දිහා නොබලා ඉන්න බැරි නිසා දැන් මට වයස විසි හතක් වෙනවා අද වෙනකන් කිසිම කෙල්ලෙක් ගැන නොදැනුන හැගීමක් දැනෙනවා මම පන්තියට් ආව මුල් දවසෙම මෙලෝ සිහියක් නැතුව පෑනත් කටේ ගහන් කල්පනා කර කර ඉන්න ඔයාව දැක්කම මට අමුත්තක් දැනුනා හිතට මම ඔයාට බැන්නේ ඔයාව පැත්තකට කලේ ඔයා මගේ ඉගෙන ගන්න ලමයෙක් නිසා හිතට එන හැගීම් නතර කරන්න ඕන නිසා ඒත් මම පැරදුනා උබ මගේ හිතම අවුල් කරා මැනික අහින්සකාවියක් වගේ මේ බෝල ඇස් වල කදුලු පුරවන් බලන් ඉද්දී මට පිස්සු හැදුනේ නැති ටික විතරයි මට ඕන උනා කොල්ලෙක් ඉන්නවද කිය්ල දැන ගන්න මේ සුරන්ගනාවිට ඒකටි පොඩ්ඩක් ඔයාගේ හිත එහෙ මෙහේ බනින්නෙ මට ඔය ඇස් පේන්නේ නැති නිසා ඕයා නොදන්න්ව උනාට මම ආව වෙලේ ඉදල ඔය ඇස් දිහා බලන් ඉන්නවා ඔයාටත් හොරෙන් ඉතින් මම දැන් දන්නවා මම ඔයාට ගොඩක් ආදරේ කරන්න පටන් අරන් කියන් එක “
මම සර් කියන ඒවා අහගෙන හිටියේ හීනෙන් වගේ ඇස් වලට කදුලු ආවේ මෙච්චර දවසක් මම හොරෙන් ආදරේ කලේ මට ආදරේ කරන කෙනෙක්ට කියලා ඒත් මේ කවදාවත් වෙන දේවල් නෙවේ මමයි සර්උයි කියන්නේ හරියට අහසයි පොල්වයින් වගෙ කවදාවත් එක වීමක් නෑ ඒ නිසා මට මේකට කැමති වෙන්න බෑ කීයටවත් මගේ අම්මගෙ හීනේ හැබෑ කරන්න බැරි උනත් මට මේක කරන්න බෑ
“මොකද කියන්නේ ඔයත් මට ආදරෙයි නේද ඔයත් මැනික මෙ ඇස් කියන්නේ ඇත්ත නේද ඔය ඇස් මට ආදරේ කරනව නේද් ම්ම්ම්ම්ම් “
“සමාවෙන්න සර් මට ඔයාට ආදරේ කරන්න බෑ මට එහෙම හැගීමක් වත් නෑ ඒ නිසා මට් ආදරේ කරන්න එපා “
මම ඒක කීවා විතරයි සර්ගෙ ඇස් ගැස්සිලා ගියා අනේ මට සමාවෙන්න දෙයියනේ මට බෑ දැන දැන ඔයාවත් ගිනි ගොඩකට ඇදල ගන්න
“මොකක් බොරු නේද ඔට කියන්නේ අහ් කියනව බොරු නේද මෙ ඇස් බොරු කරන්නේ නෑ ඔයා මට අදරෙයි ඔව් ඔව් මගෙ මැනික මට ආදරෙයිනේ කියන්නකෝ “
“මම එක පාරක් කීවා සර් මම ඔයාට ආදරේ නෑ මට ආදරේ කරනවට වඩා කරන්න වැඩ තීනවා ඒ නිසා මට කරදර කරන්න එපා මම හෙට ඉදලා ක්ලාස් එන්නෙත් නෑ “
“මොකක්ද කීවෙ ආපහු කියනව බලන්න මට අදරේ නැති උනාට කමක් නෑ ක්ලාස් නෑවිත් ඉන්න එපා මම ආපහු ඔයා දිහා නොබල ඉන්නම් ඒත් මට පේන්න ඉන්න මැනික පන්ති නෑවිත් ඉන්න එප “
“හ්ම්ම්ම්ම් හා “
එච්චරයි මම කතා කලේ මට ඇඩෙන්න වගෙ නිසා ම්ම අහක බලන් හිටියා සර් ගෙ අත් දෙකත් ගැහෙනවා පවු මට මන් ගැනම තරහක් ඇති උනේ මේ පවු කාර ජීවිතයක් ගෙවන්න උන එකට මට සමාවෙන්න මගේ සර් මට ඔයාටව මේ පවු කාර ජිවීතේට ඇදලා අරන් විදවන්න දෙන්න් බෑ මම ඔයාගේ පවුලෙ විස්තර මුකුත්ම් දන්නෙ නෑ ඒත් ඔයාගේ දෙමාපියෝ මේකට කැමති වෙන්නේ නෑ මම එහෙම හිත හිත ඉද්දී ටිකක්ට කලින් කා එකෙන් බැහැලා ගිය සර් බරටම බඩු මලු වගයක් උස්සන් ආපහු ආවා
“ආ මේ ටික මන් ගානේ අරන් ගිහින් ඔයාගෙ අම්මට දෙන්න් ආපහු කවදාවත් උදේට නොකා එන්න එපා මට අදරේ නොකරට කමක් නෑ මේ ටික ගන්න මැනික “
අනේ මට ඇඩෙන්න එනවා මේ තරම් දේවල් මට බර වැඩී මහත්තයෝ ඔය තරම් ආදරේද් මට නොකිය හිටියට කවදාවත් මම වෙන් කෙනෙක්ට ආදරේ කරන එකක් නෑ මහත්තයෝ ඔයා නැතුව වෙන කෙනෙක්ට මම මුකුත් නොකියා ඒ ටික ගත්තේ ඒ හිත තවත් රිදවන්න බැරි කම නිසා කොහොම හරි මාව ගේ ලගටම ගෙනත් දාලා මන් දිහා නොබලම යන්න ගියා මම දන්නවා සර් ඔයා දුකෙන් ඉන්නෙ කියලා මම බඩු ටිකත් උස්සන් යනකොට නන්ගි මගට ආවා ඒ නිසා බාගයක් එයාට දුන්නා
“කොහෙන්ද දරුවෝ මේ බඩු “
“මෙ …මේ බඩු මට නිකිණි අරන්දුන්නෙ අම්මේ අද මට කලන්තෙ හැදුනා ඒකයි ඔය එපා කියද්දි බලෙන් අරන් දුන්නේ “
මම එහෙම් බොරුවම් කීවේ සර් අරන් දුන්න කියන්න බැරි කම නිසා නන්ගි හනික ගෙනාව ඒවා කඩන් කනවා පවු ගොඩක් කාලෙකින් ඔය ඔහොම කන්නේ මම ඇස් වලට ආව ක්දුලු පිහගෙන මගේ කාමරේට වැදුනේ අද හිත ගොඩක් වේදනාවෙන් පිරිලා නිසා ඔයා දුකෙන් නේද ඇත්තෙ මගේ සර් මට සමාවෙන්න මහත්තයෝ මේ පවු කාරිට ඔයාගේ ආදරේ ලබන්න පින නෑ මුලු රෑම අඩ අඩ හිටියා මිසක් කිසි දෙයක් කරේ නෑ කන්නවත් මට ඕන උනේ නෑ බඩ ගින්නට වඩා හිතේ ගින්න වැඩි නිසා
අද සර් කිසිම පිලිවෙලක් නෑ පොඩි වෙලා පොල් කුඩු වගේ ශර්ට් එක කොන්ඩෙත් අවුල් වෙලා ඇස් රතු වෙලා මන් දිහා එකම එක පාරක් බලලා අහක බලන් පාඩම කරා මිසක් නිකමට මන් දිහා බැලුවේ නෑ ක්ලාස් එක ඉවර වෙනකන්
“අද සර් අමුතුයි නේද බන් කිසි හිනාවක් නෑ මැලවිලා ගිහින් “
“මට පේන්නේ කෙල්ල් බූට් එක තියලා වගේ 🤣🤣
නිකිණි එහෙම කියලා හිනාවෙද්දී මට දුක හිතුනේ මම නිසා නේද මේ සේරම කියලා ලමයි සේරම කුටු කුටු ගාලා කතා වෙනවා සර් ගැන පවු අද කාලත් නෑ ඔහේ බල්න් හිටියලු
ලමයි සේරම ගියාට පස්සේ මම නිකිණිට බොරුවක් කියලා ක්ලාස් එකට ගියේ මම නිසා නොකා නොබී දුක් විදින්න එප්ප කියන්න යනකොට සර් ඩෙක්ස් එකේ ඔලුව තියන් ඉන්නවා මගේ පපුව පිච්චිලා ගියා ඒ හිටිය විදියට
“ස්..සර් ..”
මගේ කටහඩ ඇහුනා විතරයි පුදුමෙන් වගේ ඔලුව ඉස්සුවේ සර් අනේ ඒ ඇස්වල කදුලු පිරිලා පව් අනේ මට මුකුත් කරන්න බෑ නී
“කියන්න මැනික ඇයි මොකක් හරි උවමනාද කෝ නිකිණි එයා ගියාද බස් නැද්ද යමු ම්ම ගිහින් දාන්නම් “
අනේ මේ තරම් ආදරයල් මේ හිගන්නි වෙනුවෙන් තීනවද දෙවියනේ
“න්නෑ .නෑ සර් මම ආවේ මම නිසා දුක් විදින්න එපා කියන්න් කලා බීලා වෙනවා වගේ පිලුවෙලට ඉන්න කියන්න ඔහොම ඉන්නකොට ලමයි සර් ගැන කතාවෙනවා සර් “
“කියලා ඉවරද මැනික එහෙනම් යන්න දැන් හිතට වැදුන පුන්චි සුරන්ගනාවිත් මාව එපා කියද්දී මම මොකටද පිලිවෙලකට ඉදලා මට මගේ පාඩුවෙ ඉන්න දීලා පලයන් මැනික මට මාව පලනේ නෑ උබ ලගදි ඒ නිසා යන්න බුදු සරනයි මන් ගැන මම බලා ගන්නම් “
එහෙම කියලා සර් ආපහු ඩෙක්ස් එකට ඔලුව් තියා ගද්දී මම ඇස් වල කදුලු පුරවන් එලියට යද්දී නිකිණි ඉන්නවා බලන් මගේ ඇස් වල කදුල් දැකල ඒකී බය උනා
“ඇයි බන් ,මොකෝ මේ සර් බැන්නද උබට ආපහු අනේ ගනන් ගන්න එපා බන් අද එයා හොද සිහියෙන් නෙවේ ඉන්නේ නාඩා ඉදපන්”
අ”නේ බන් එයා එහෙම ඉන්නේ මම නිසා බන් මම නිසා “
“මොකක් උබ මොනවද බන් මේ කියන්නේ උබ නිසා ඇයි එහෙම”
මම ඊයේ උන හැමදේම එකක් නෑර නිකීට කීවේ ඒකී පුදුමෙන් අහගෙන ඉද්දී
“ඉතින් ගොනෝ උබ මොකෝ ඒ තරම් ආදරේකට පයින් ගහන්නේ කැමති වෙයන් යකෝ “
“මම කොහොමද බන් මේ ගිනි ගොඩට සර් ඇදලා ගන්නේ අනික මට අහස අල්ලන්න බෑ බන් එයාගෙ අම්මලා දැන ගත්තොත් මාව මරල දාවී එදාවේලවත් කන්න නැති මම වගෙ හිගන්නියක්ට ඒ වගේ රාජ කුමාරයෙක් බර වැඩී බන් “
“හරි හරි බන් නාඩ ඉදපන් උබත් පවු සරුත් පවු බන් මට න්ම් කරන්න දෙයක් තේරෙන්නේ නෑ බන් මුලින් විබාගෙ කර ගනින් උබ දැන් යමන් ඉතින් නාඩා ගෙදර ගිහින් ඕවා හිත හිත නොයිද පාඩම් කරපන් හරිද “
කොහොම හරි මම ක්ලාස් ගියත් සර් මන් දිහා බලන් හිටියා මිසක් කිසිදෙයක් කතා කලේ නෑ දැන් හිටියට වඩා කෙට්ටු වෙලා ගිහින් සර්ව පිලිවෙලට් ඇදපු එයා දැන් පිස්සෙක් වගේ වෙලා හැම සතියකම නිකි අතේ බඩු එවනව අපේ ගෙදරට මන් ගැන හොරෙන් බලන් ඉන්නවා මමත් දුක හිතේ හිර කරන් ඉන්නෙ අම්මලා නිසා හැම රෑකම කොට්ටෙ තෙත් වෙනකන් අඩල නිදා ගන්නේ ඒ තරම් ඒ ආදරේ මගේ හිත පාරනව
“ඒ බන් නදියී සර් හොස්පිට්ල් නතර කරලා බන් ලෙඩේ මොකක්ද දන්නේ නෑ බන් ලමයි ගිහින් ඇවිත් නොකා නොබී එක දිගට බීලලු බන් එකයිලු ඒ හොදම දේ සර්ට අම්මෙක් තාත්තෙක් නෑලු බන් අනාතනිවාසෙක හැදුන කෙනෙක්ලු පවු බන් උබේ ආදරේ හොයන්න ඇත්තේ ඒකයි පවු බන් උබත් එපා කීවනි ඒකෙන් මානසිකව කඩන් වැටිලා “
“අනේ බන් මගේ සර් මට මට බලන්න ඕන බන් අනේ යමන් නිකී අනේ යමන් මට.මගේ මහත්තයා බලන්න ඕන අනේ මොන තරම් දුකක් විදින්න ඇතිද දෙවියනේ මමත් කිසි දෙයක් හොයන්නේ නැතුව සර්ව අයින් කල අනේ යමු බන් මට බලන්න ඕන් අනේ මාව එක්ක පලයන්කෝ “
මම කෑ ගහලා අඩද්දී අම්මටත් කියලා අපි හොස්පිට්ල් එකට ගියා අනේ යනකොට ඇදට වෙලා ඉන්නවා උඩ බලාගෙන් ඇස් වලින් එතකොටත් කදුලු ගලාගෙන යනව් මගේ පපුව පත්තු වෙලා ගියේ ඒ ඉන්න විදියට
“අනේ මගේ සර් ….මට සමාවෙන්න් මගේ දෙයියෝ “
“මැනික ඔයා මෙහේ අඩන්න එපා මගේ මැනික මමයි පවු කාරයා මට හැමදේම තිබුනත් හිතේ සතුට නෑ අම්මෙක් අප්පෙක් නෑ සහෝදරයෙක් නෑ මම ආදරේ කල එකම කෙල්ලට මාව එපාලු මම මොකටද මැනික තවත් ජීවත් වෙන්නේ මම මැරුනත් උබ අඩන්න එපා මැනික කවදාවත් එප ලස්සනට ජීවත් වෙයන් “
මම කෑ ගහලා අඩද්දී සර් අඩ අඩ කියාගෙන ගියේ නිකිත් ඇස් වල කදුලු පුරවන් එලියට යද්දී
“අනේ මගේ මහත්තයෝ මම ආදරෙයි දෙයියනේ ඇයි නොකීවේ මට මේ වගක් ආපහු මැරෙන් කතා බෑ මට ඔයා ඕන මගේ මහත්තයා ඕන “
මම පැනපු ගමන් ඒ පපුවට තුරුල් වෙලා කියාගෙන ගියේ ඒ අතක් මගේ කොන්ඩේ අතරේ යද්දී මට ලෝබ හිතුනේ මේ ආදරේ මේ උනුසුම මෙච්චර කාලෙකට මම මග ඇර ගත්ත නිසා
‘මම අනාතයෙක් මැනික මට කවුරුත් නෑ සල්ලි විතරයි තීන්නෙ මගෙ මැනික ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි “
‘එහෙම කියන්න එපා මගේ මහත්තයො මට මුකුත් එපා ඔයාව ඕන අද ඉදන් මගේ පවුලත් ඔයාගේ තමා හරිද ම්ම්ම් ආපහු ඔහොම කියන්න එපා මගේ නපුරු සර් “
මම ඒ නලල සිපගෙන් එහෙම කීවම නම් මගේ න්පුරගෙ මූනේ ලස්සන හිනාවක් ඇදුනා අම්මේ මේ ම්ගේ නපුරනි
“මේ මැනික ඔහොම ඒවා දෙනව නම් මම හැමදාම කියන්ව් ඒක “
“අනේ ඇත්තද් මහත්තයෝ කපනව කට හරිද හුම් ඔයා මගේ නපුරා මගේ අම්මගෙ ලොකු පුතා නන්ගිගෙ ලොකු අයියා හරිද “
“හ්ම්ම්ම් හා මැනික ආදරෙයි මන් “
“මමත් “
“මොනවද මමත් “
“ආදරෙයි අනේ “
“ම්ම්ම් කොච්චරක්ද “
“ම්ම්ම්ම්ම් චුට්ටම චුට්ටයි “
“අනේ එච්චරද මදි මැනික මට මහා ගොඩක් ආදරේ ඕන “
“හරි මගේ සර් අදරේයි ගොඩාආආආආආආආආආආආක් “
‘මෙහේ වර මගේ හොර කෙල්ල මෙච්චර ආදරය ලග තියන් මාව එපා කීවේ ඒකනි මම නොකා නොබී ලෙඩ උනේ “
“අනේ ඉතින් හුම්ම්ම් සොලී අලේ තුදූ බෝලේ “
මම එහෙම කියලා පපුවට තුරුල් උනා මගේ න්පුරගේ
“ඒ මෙ මමත් ඉන්නවා බන් මේ සිසුවිය් නරක් වෙනව ඕවා බලලා සර් “
නිකියා කෑ ගහගෙන් ඇතුලට ආවේ මම ලැජ්ජාවෙන් සර්ගෙ තුරුලෙන් ඈත් වෙද්දී
“අබේ පලයන් යන්න බොල නොදන්න ඒවා උබල් ගුරුවරු උන අපිට වඩා හොද ඒවා ද්න්නේ “
මමයි සරුයි නිකීට හිනා උනේ ඒකී බොරුවට මූන ඇද කර ගනිද්දී කොහොම
කොහොම හරි මගේ නපුරු සර් එදා ඉද්ලා මගේම උනා ඉතින් ක්ලාස් එකට් නපුරු උනාට් මන් ලග නම් හාවෙක් වගේලු හොදේ
❤️අවසානයි ❤️
උපුටා ගැනීම: නිෂා ගමගේ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!