ඇයට අවුරුදු විස්සක් ලැබුවා පමණි..දුප්පත් අහිංසක කෙල්ලක් වුන හංසි වීරසිංහ රස්සාවක් කරන්න ගත්තේ උසස් පෙල කර ගෙදර ඉන්නට බැරි නිසාය..ඇය බොහෝ ලස්සනක් නැති එහෙම ප්රියමානප හැඩරුවක් හිමි යුවතියකි.අවසානයේ ඇයට එක්තරා නිමිඇදුම් කම්හලක සාහිකාවක් වශයෙන් රස්සාවක් ලැබුනේය..ඉතින් එතනින් පටන් ගන්න මේ පුංචි කතාව මං අද ඔයාලට කියන්නම්.ඔයාලත් බලන්නකෝ..
ඔහු යොමාල් වනිගසූරිය නමින් වේ.ඔහු හංසිට වඩා වසර පහකට වැඩිමල් හංසිගේ වැඩ බලන ප්රධානියා විය..ඇය වැඩට ගොස් මාසයක් පමණ ගත වන විට යොමාල් ඇයට ටික ටික කිට්ටු වන බව කිවේ ඇගේ හොදම යෙහෙළිය වු නදිකාය..
හංසි සර් එන පොට හොද නෑ ..
ඇයි..
සර් උබ ගැන හරි උනන්දුයි..
පිස්සු කියවන්නෙ නැතිව ඉදපන් බං.
ඇයට එසේ කිවාට හංසිටත් එය තෙරී තිබුනේය.එහෙත් එය නොසිතා ඉන්නට ඇය වග බලා ගත්තේය..එහෙත් දවසක්..
හංසිසර් එන්න කියනවා..
මා ඔපිස් රූම් එකට ගියේ කුතුහලයෙන්..
සර්..
ආ එන්න හංසි..
මා ඔහු අසල සිට ගත්තේ..
හංසි ඔයාගේ ගෙදර තව කවුද ඉන්නේ..
අම්මයි,මල්ලියි..
එතකොට තාත්තා .
අප්පච්චී නෑ..
බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..
මා නිහඩ විය.මා හටක්කිසිම දිනක පෙම්වතෙක් සිටියේ නැත..
ඇයි කියන්න අකමැතිද..
නෑ සර් මට එහෙම කෙනෙක් නෑ.
හා ඔයා යන්න..
ඔහු ඇසුවේ වැඩකට ඇති දේවල් නොවේ..
කාලය ගෙවුනේ හරි වේගයෙන් මා වැඩට ගොස් මාස හයක් පමණ ගෙවුනි..ඒ අතරතුර අප ආයතනයේම ගායන් නමින් පිරිමි ළමයෙකු මාගේ කැමැත්ත ඉල්ලා මා පසුන්පස ආවේය.ඔහු ගොඩක් හොද කොල්ලෙක් බව මා පමණක් නොව ආයතනයම දන්නේය.එහෙම මට ඔහු ගැන එහෙම හැගීමක් ආවේ නැත..
ඇයි නංගි ඔයා මට අකමැති..
මට,මේ දේවල් වලට වඩා හිතන්න දේවල් තියෙනවා අයියේ ..
ඔයා බොරු කරන්නෙ ඔයා යොමාල් සර්ට කැමතියි නේද..
පිස්සුද අයියේ..
මා එතනින් පිට විය..
සර් මා වටා දැවටෙමින් මා ගැන වැඩිපුර සොයා බලන එක මට වදයක් වී තිබුනේය.හැමෝම දැන සිටියා යොමාල් සර් මටකැමැත්තෙන් ඉන්න බව..
හංසි.
ඒ ඔහුයි..
මට ටිකක් කතා කරන්න ඕන ඔපිස් එකට එන්න..
මා ඔහු පසුපස ගියේය..
වාඩි වෙන්න..
නෑ සර් මට,මෙහෙම හොදයි..
මං කෙලින්ම කියන්නම්..මං කැමතියි හංසි ඔයාට .ඔයාව මැරි කරන්න..
මා නිරුත්තර විය.මුව ගොළු විය..
ස..ර්.
ඔව් ලමයෝ මං දැන් ගොඩක් දවස් ඉදන් ඔය දිහ බලන් ඉන්නේ..
ඒත් සර්..
ඒත් මේත් මොකුත්ම එපා ඔයාගේ හිතේ තියෙන දේ විතරක් කියන්න..
සර් මං දුප්පත් කෙල්ලක් මට කරන්න වැඩ ගොඩක් තියෙනවා වගකීම් ගොඩක් තියෙනවා ..
මං දන්නවා ඒක.ඒකට ඔයාට මගෙන් බදාවක් නෑ.මං ලග ඕන තරම් සල්ලි තියෙනවා ..
මට කාගෙවත් සල්ලි වලින් මගේ වගකීම් ඉස්ට කරන්න ඕන නෑ සර්..මට ඕන මං දුක් විදලා ඒ දේවල් කරන්න මට සමාවෙන්න සර්..
හරි ඔයා යන්න..
මා එන්නට හැරුනේය ..
හංසි..
සර්
කැමති කාලයක් අරන් උත්තරයක් දෙන්න.නං ඇත්තටම ඔයාට කැමතියි .මං බලන් ඉන්නවා..
මා කිසිවක් නොකියා හැරුනේය..
කාලය ගෙවුනේ යොමාල් සර් ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් ඇති කරමින්..ඔහු එදායි පසු කිසිම දවසක මං එක්ක ඒ ගැන කතා නොකරන්න වග බලා ගත්තාය.එහෙත් ඔහුගේ රැකවරණය හැම විටම මා වටා ඇදුනේය..
පව් බං සර්..
මගෙ යාහලුවන් කිවේ එසේය.වසරක් ගෙවුනි..ඒ වසර මං මගේ ජිවිතේ ලොකුම හීනයට පා තබන්නට පලමු පියවර තැබුවේය.ඒ මටම කියා ඉඩමක් ගන්නටය.එය සාර්ථක විය..බැංකු නයකින් මා එය ආරම්බ කලාය.මගේ මල්ලි අඩුපාඩුවක් නැතිව පාසැල් ගියාය..එදා වැලන්ටයින් දිනය විය..වැඩබිමේ හතර අත පෙම්වතුන් පිරි සිටියේය..මා වැඩට ගොඩ ඇතුල් වෙනකොටම ගයාන් අයියා ආවේය..
නංගි..ආ ඔයාට ..අදවත් මට උත්තරයක් දෙන්න..
ඔහු කිවේ රෝස මලක් සමග කාර්ඩ් එකක් මට දික් කරය..
හැමදාම දෙන උත්තරේ ඇර වෙන උත්තරයක් නෑ අයියේ..
ඔව් තමුසේ හදන්නෙ ලොකු අතු අල්ලන්නේ.බලනවකො තමුසෙට වෙනදේ..
ඔහු කෑගසා කිවේය..හැමෝම මා දෙස බැලුවේය.මට දැනුන ලැජ්ජාව නිසාම මා හඩාගෙන දිව ගියාය..නවය පසු වුවා පමණි .යොමාල් මා සොයා ආවෙ මුලු මූනම රතු කරගෙනය..
හංසි මොකද වුනේ අද..
මොකුත් නෑ සර්..
නෑ මට හැමදේම ආරංචියි.ඇත්ත කියන්න..
මොකුත් නෑ..
නදිකා උනේ මොනාද..
ඔහු ඇසුවේ මගේ යෙහෙලියගෙනි..
සර් ගයාන් අයියා බැන්නා..
ඔහු කිසිවක් කිවේ නැත එතනින් පිට විය ඒ යන අතරතුර
අසංක තව පැය කාලකින් ළමයි සේරම කැදවන්න මීටින් එකකට ..
ඊට සුළු වෙලාවකට පස්සෙ අපි හැමෝම එකතු උනා..ඔහුද පැමිණ අප සියල්ලන් දෙස බලා උගුර පදා කුමක්දෝ කියන්නට සැරසුන..
මේක රාජකාරි මට්ටමේ මීටින් එකක් නෙවෙයි
ඔහු මුල පිරුවා..
හැබැයි මං,මෙහෙම පුද්ගලික දේවල් වලට ආයතනයේ කාලය විනාශ කරන්න කැමතිත් නෑ.එහෙත් මට අද මේ ගැන කතා කරන්නම වෙනවා.ඒකට ලොකූ හේටුවක් තියෙනවා ..
ඔහු නැවත සියල්ලන් දෙස බැලුවේය.වැරදිලාවත් මා දෙස නොබැලුවේය..
පලමුව,මට ඔයාල,කියන්න මං කවදාවත් ඔයාලගේ ප්රර්ශන ගැන හොයලා නොබලා ඉන්නවද..
නෑ සර්.සර් අපට හොද මග පෙන්නවන්නෙක්..
එක ලමයෙක් කිවේය..
එතකොට මං මගේ පුද්ගලික දේවල් වලට ඔයාලත් එක්ක ප්රර්ශන ඇති කරන් තියෙනවා ද..ඒ වගෙම මෙතන ඉන්න එකම ගෑණු ලමයෙකුට හරි නරක දෙයක් කියලා තියෙනවාද
නෑ සර්..
එහෙනම් මේ ටික හොඳට අහ ගන්න..මේ මගේ ජිවිතේ.මටත් තියෙනවා පුද්ගලික ජිවිතයක්. කවදාවත් මං ඒක රාජකාරි එක්ක පටලවන් නෑ..ඔව් මගෙ හිතේ හංසිට විශේෂයක් තියෙනවා.ඒ ළමයට මං ආදරෙයි.
ඔහු එකපාර කියු දේ නිසා මා ගල් ගැසුණි.එහෙත් ඔහු මා දෙස නිකමටවත් නොබැලුවේය.හැමෝම මා දෙස එක එල්ලේ බැලු නිසා මා බිම බලා ගත්තේය.
ඒත් ඒ ලමයා අදටත් මට උත්තරයක් දිලා නෑ.කෙලින්ම කිව්වා ඒ ළමයට ඊට වඩා කරන්න දේවල් තියෙනවා කියලා.ඉතින් මං පැත්තකට වුනා..අද මට කිව්වොත් හංසි කැමතියි කියලා මං හෙට එයාව මැරි කරනවා.ගයාන් කිව්ව විදිහට මං ඒ කෙල්ලගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්නෙ නෑ..
සියල්ලෝම ගල් ගැසී ඇත..
මට ඕන උනේ මේ ටික කියන්න.කරුණාකරල තමන්ගේ රාජකාරියත් එක්ක පුද්ගලික ජිවිතේ පටල ගන්න එපා.අනික තමන් වැඩ කරන තැන පිස්සු නටන්න එපා..එතකොට ගයාන් ඔයා අදින් පස්සෙ හංසි එක්ක කතා කරන්න යන්න බෑ.හංසි කැමතියි නම් මට කිසි ප්රර්ශනයක් නෑ.හැබැයි අකමැත්තෙන් මෙතන කිසිම කරදරයක් වෙන්න බෑ ඒ ලමයට..
මගේ ඇස් කඳුලින් තෙත් විය..
දැන් ඔයාල හැමෝටම උත්තර ලැබෙන්න ඇතිනේ.ආයේත් කියන්නම් මං හංසිට ආදරෙයි කැමතියි.හංසි හා කියන ඕනම වෙලාවක එයාව මැරි කරනවා.අදින් පස්සෙ මේ ගැන මේ ෆ්ලෝ එකේ කතා වෙනවා ඇහෙන්න බෑ..හරි දැන් ගිහින් වැඩ කරන්න..
සියල්ලන් මීයට පිම්බා මෙන් ඇවිත් වැඩ පටන් ගත්තේය.මට සිදු වු දෙය කුමක්ද කියා වටහා ගත නොහැකිව ඔපිස් රූම් එක දෙස බලනකොට ඔහු මා දෙසම බලා ඉන්නවා මා දුටුවේය..
එදායින් පසු ගයාන් අයිය කිසිම දිනක මා හා කතාවට නොවාවේය.දිනෙන් දින යොමාල් සර් මට ලං වෙන බව මට දැනුනේය.ඔහු ගේන කෑම එක මට දී ඔහු කැන්ටිමෙන් කන්නටද පුරුදු විය..මා කැමතිම කෑම ගෙනත් දෙන්නටද අමතක නොකලාය..හැම සිකුරාදාම අයිස්ක්රීම් හැමෝටම අරන් දුන්නේ ඔහුගේ වියදමින් මා කැමතිම අයිස් නිසාය..
එදා මහා අමුතුම දවසක් මගේ හිත හෙව්වෙම යොමාල් සර්ව..ඔහු පේන තෙක් මානයේ නොසිටියේය..දහවල් කෑම කා මා එලියේ වාඩි වී සිටියේ නදිකා සමග..එවිට ඔහු ආවේය..
නදී
සර්..
කොහොමද ..
හොඳයි සර්.
අද එක්කෙනෙක් කවදෝ හොයනවා මං දැක්කා..
මා ඇස් ලොකු කර ඔහු දෙස බැලුවේය..
අද මාව ගොඩක් හෙව්ව්වා නේද..
මා කිසිවක් කිවේ නැත..
දැන්වත් ඇත්ත පිලිගන්න හංසි ඔයා මට,කැමතියි ..
සර්..
කැමතියි නේද..
මා හිස වැනුවේය..
නදී වගේම සර්ද සිනා සුනේය..ඔහු එකපාර නැගිට්ටේ දිග සුසුමක් හෙලමින්..
හ්ම්ම්ම් ඇති යාන්තම්..අවුරුද්දක් කඩේ ඇරියා මාව..
සර්..
මට ඔහුට කියන්නට දෙයක් ඇත..
හංසි..
මට දැන්ම මැරි කරන්න බෑ.මගෙ වගකීම් ටික ඉවර වෙනකම්..
ඔයාගේ කැමැත්තක් දෝණී ..මට පුලුවන් බලන් ඉන්න..
ජිවිතේ ඒ තරම් ආදරණීය ඇමතුමක් පලමු වරට මා ඇසුවේ..
සර් පාටියක් ඕන..
නදි කිවේය..
අනිවාර්යයෙන්ම දෙනවා බං අද ටී ටයිම් එකට හැමෝටම කේක් මගේන්..
ජිවිතේ මා විදි දුක් වලට දැනෙන්නම ආදරයක් රැකවරණයක් මා හට ලැබුනේ මා පෙර කල පිනකට එඉය හැක.යොමාල් අයියා ම හට කෙතරම් ආදරේ කලාද කිවහොත් ඔහු මට පියෙක් හා සමාන විය..
සුදූ.
ඔහු මා ඇමතුවේ දහවල් කෑම පැයේදිය..
අපි මැරි කරමු..ඔයා පව්.මට පුලුවන් ඔයාවයි අම්මවයි මල්ලිවයි බලා ගන්න..
ඔහු කිවේය..
මං ඒක දන්නවා අයියේ .ඒත් ඔයා දන්නවද අප්පච්චී නැති වුන දවසේ ඉදන් අම්මා අපිව බල ගන්න ගොඩක් දුක් වින්දා.ඒ නිසා මට එයාට පෙන්නන්න ඕන ඒ වින්ද දුක් වල ප්රතිඵල .ඒකට මටමයි මහන්සි වෙන්න ඕන..
ඒත් ..
මං දන්නවා ඔයා මට ආදරෙයි .ඒක මට දැනෙනවා.හරියට මගෙ අප්පච්චී මං ලග ඉන්නවා වගේ..ඒත් මගේ ජිවිතේ මගේ වීරියෙන් නැගිටින්න දෙන්න මගෙ සුදු අයියේ ..
හරි ඔයාගේ කැමත්තක්.ඒත් එකක් හොඳට මතක තියා ගන්න ඕනම වෙලාවක ඕනම දේකට මං ඔයාට ඉන්නවා.
මං ලගින් ඉන්න ඒ හොඳටම ඇති..
හ්ම්ම් අපි යමු ඇතුලට ..
සත්තයි මා ඔහුට ප්රේම කලාට වඩා මගේ හිතේ ඔහු ගැන තිබුනේ ලොකූ ගෞරවයක් .පුංචි කෙල්ලක් වු මා ආරක්ෂා කල තරම් දන්නෙ මා පමණක්ය ..හැමෝම කිවේ හංසි හරි වසනාවන්තයි කියලා .ඒත් ඔහු හැම විටම කිවේ මා වන් කෙනෙකු ලැබීම ඔහුගේ වසනාව කියාය..
එදා හවස පහට ඕප් වී මා වැඩබිමෙන් එලියට ආවේ ට්රාන්ස්පෝට් එකේ යාමටයි..
මේ තමුන්ද හංසි කියන්නේ..
මාගේ මවගේ වයසේ කෙනෙක් ඇවිදින් මාගෙන් ඇසුවේය..
ඔව් .
ආ තමුසෙද එතකොට උඩැක්කිය..
ඇය නැවතත් කියන විට මා ගැස්සුණි ..ඒත් එක්කම කොහේදෝ සිට පැමිණි ගයාන් අයියා මා හරස් කර ගත්තාය..
ඇන්ටී මොකක්ද ප්රර්ශනෙ..
ඔහු ඇසුවේය..
ඒක මං එයත් එක්ක බේර ගන්නම් ඔය ලමයා පැත්තට වෙනවා..
ඇය කිවේය මට කිසිවක් සිතා ගත නොහැකි විය..
ඇන්ටි ප්රර්ශනයක් තියෙනවා නම් ඒක බේර,ගන්න විදිහ මේක,නෙවෙයි .අනික මං හිතන්නෙ ඇන්ටිට තියෙන ප්රර්ශනේ කෙලින්ම යොමාල් සර්ට කිවානම් හරි.
ගයාන් කුමක් කියන්නේද මා නොදනී..
ඒක,මං මගේ පුතා එක්ක බේර ගන්නම්.ඊට කලින් මට මෙයත් එක්ක බේර ගන්න දෙයක් තියෙනවා ..
ඇන්ටි පිලීස් මේක වැඩපලක් නිකන් මෙතන ප්රර්ශන ඇති කරන්න එපා..
ගයාන් අයියා කියනවත් එක්කම කොහෙදෝ සිට පැමිණි යොමාන් මගේ අතින් අල්ලා ගත්තේය.මේ ඔහුගේ මව බව,මට වැටහුනේය …
අම්මා මොකද මෙහේ
මෙහේ ආවේ මටඕන නිසා..
අම්මා,මේ මෙතන කෝලන් නටන්නෙ නැතිව කරුණාකරල මෙතනින් යන්න.මට ලැජ්ජා නොකර.
ඇය මා දෙස තවත් වරක් බලා එතනින් පිටවිය.යොමාල් අයියා ගයාන් අයියා දෙසට හැරුනේය .
ගොඩක් ස්තූතියි ගයාන් මං එනකම් හංසිට උදව් කලාට..
ඒක මොකක්ද සර්..
අපි යනවා කොල්ලෝ උබත් පරිස්සමින් පලයන් .
හරි සර්.
යොමාල් අයියා මා ඇද්ස්ගෙනම ගියේ ඔහුගේ බයික් එක තිබු තැනටයි..
අයියේ ..
කට වහන් නගින්න බයික් එකට..
ඉතින් මා කිසිවක් නොකියා බයික් එකට නැග්ගේය..ඔහු කා එකෙන් වැඩට එන එක නතර කලේ මා නිසාය.එහෙත් මා කිසිම දිනක ඔහුත් සමඟ බයික් එකේ නොගියේය.අද පලමු වතාවට මා ඔහුගේ පිටුපසින් ඔහුත් එක්ක යන්නේ බයත් කැටි වු සතුටකිනි..ඔහු මාගේ ගෙදරට හැරෙන පාර අසල බයික් එක නැවතු සැනින් මා බැස්සෙ කවුරුත් දකින්නට මත්තෙන් ය..
දෝණී ..අද උන දේ ගැන වැඩිය හිතන්න එපා..
මං දන්නවා ඔයාලගේ ගෙදරින් මට කැමති නෑ.
ඒක ඔයා ප්රර්ශනයක් කර ගන්න එපා..
ඒත් අයියේ ..
කියන දේ අහන්න මොනම හේතුවක් නිසාවත් මං ඔයාව අතරින්නෙ නෑ දෝණී .දැන් පරිස්සමින් ගෙදර යන්න.තෙරුවන් සරණයි ..
අපේ ආදරේට වසරක් ගෙවී හමාරය.ඒ කාලේ තුල යොමාල් මා ආරක්ෂා කල තරම් කිව නොහැක.ඇත්තටම ඔහු මට පියෙක්ම උවාය.වෙනත් පෙම්වතුන් මෙන් අප හැමතැනම ඇවිද්දේ නැත.ගියද ඒ මීගමු වෙරළ තීරය හෝ පන්සලකට පමණි..සියල්ලන්ට අපේ ආදරේ පුදුමයක් විය.බොහෝ පෙම්වතුන් උමතුවෙන් හැසිරෙනකොට අප පෙම්වතුන් ද කියා නොහිතන තරම් තැම්පත් විය.එහෙත් යොමාල්ගේ ආදරය හැමෝටම දැනුනේ ඔහු එතරම් මා හට ප්රේම කල නිසාවෙනි..ඔහු තරම් මා ඔහුට පෙම් කර නැති බව අදටත් මට වැටහෙන්නේ ඒ අතීතය සිහි කරන විටයි..ඒ වසරේ අපගේ අලුත් අවුරුදු පාටිය දුන්නෙ කොළබ ප්රධාන පෙලේ හොලෙට් එකකය.එයට නළු නිලියන් මෙන්ම ගායක,ගායකයින්ද සභාගි විය..එහිදී වැඩපලේ ආදරණීයම ඩාන්ස් කපම් එක තෝරන වැඩසටහනට අප දෙදෙනාටද අරාධාන ලැබුනේය..
අනේ අයියේ මං දන්නෙ නෑ කපල් ඩාන්ස් කරන්න..
හැමදේම දැනගෙන නෙවෙයි සුදු කරන්නෙ.එන්නකෝ..
ඉතින් අකමැත්තෙන් වුවද මා එයට සභාගි විය..ඔහුට ලගින්ම මා සිටි දවස එදවසයි..ඔහුගේ පපුවේ හදගැස්ම පවා මට ඇසෙනා හඩ දැනුනේය..
දන්නවද සුදු ඔයාට මං ආදරේ තරම් මටවත් හිතා ගන්න බෑ..
ඔහු කියවයි..
මං දන්නවා අයියේ..
නටන්න බෑ කියපු කෙල්ල මේ නටන්නේඅපූරුවට..
සංගීතය,නතර විය..ආදණීයම කපල් එක කවුරුන්ද කියා කියන්නට සැරසෙන නිවේදකයා දෙස අප සිල්ලෝම බලා සිටියේය .
ඔව් මේ අවුරුද්දේ අප ආයතනයේ ආදරණීයම ඩාන්ස් කපල් එක…
යොමාල් සහා හංසි.
මා පුදුම විය.විස්වාස කල නොහැක..ඉතින් එය ඇත්තක් විය.හැමෝම සුභ පැතුවේය.මා යොමාල්ගේ අතේ එල්ලී සිටියේ පොඩි දරුවෙකු සේය.ඔහුට කෙතරම් ආඩම්බර ද කියා ඔහුගෙ මුහුනෙන් පෙනුනේය..
වසර එකහාමක් නොයෙකුත් ප්රර්ශන මැද අපේ ආදරේ ගලන් ගියේය..මා එවකට සිටි කුලී නිවසින් පිට වුයේ ඉඩමක් අර්න් ලෑලී වලින් පොඩියට නිවසක් සදාගෙනය.කුලිය දෙන මුදලද මා හට ඉතිරියක් වු නිසාය..ඒ වසර එකහාමාරට මා යොමාල්ගෙන් මුදලින් කිසිම උදව්වක් රැගෙන තිබුනේ නැත.ඔහු දෙන්නට උත්සාහ දැනුවත් මා මාගේ ආත්මාභිමානය එක්ක ජීවත් වු කෙල්ලකි.එහෙත් ඔහු මට දුන් ආදරණීය තෑගී මා ගත්තේ මෙතරම් ආදරය කරන ඔහුගේ සිත නොරිදා බැරි නිසාය.ඔහු මා හට හැම විශේෂ අවස්ථාවකම රං භාන්ඩයක් අරන් දෙන්නට අමතක නොකලාය.මා ඒ සියල්ල පරිස්සම් කලේ පණ සේය..
එදා සිකුරාදා දවසක්.මා වැඩ ඇරි ඇවිත් ට්රාන්ස්පෝට් එකෙන් බහිද්දිම යොමාල් අයියා එතනට වී මා එනතුරු බලා සිටියේය..අප දෙදෙනා කතා කර කර ඉන්න අතරතුර මා දුටුවේ ඔහුගේ මව අප අසලට එමින් සිටි අයුරුයි..
ඇය අප දෙසට එන අයුරු මා බලා සිටියේ තැති ගැන්මෙන්..
ආ දැන් උබට වෙන රාජකාරියක් ඇත්තෙම නැද්ද..
ඇය කියවයි මා වට පිට බැලුවේ කවුරුත් ඇතැයි සිතමින්..
අම්මේ මොකද මේ .
මේ යොමාල් උබට මං හොදින් කිව්වා කවදාවත් මේක වෙන්නෙ නෑ කියලා එහෙම එකේ උබ තවත් මෙකි එක්ක නටන්නෙ මොන මඟුලකටද..
අම්මට නොවෙනවා වෙන්න පුලුවන් හැබැයි මං ආදරෙ මේ කෙල්ලට මං කවදාහරි බදින්නෙත් මේ කෙල්ල..
උබ,මගෙන් කුණුහරුප අහ ගන්න එපා..
ඇය,පුදුමාකාර නපුරු ගැහැනියකි..
මේ කෙල්ලේ උබට,මං හොඳින් කියන්නේ අදින් පස්සෙ මගෙ පුතාගෙන් අයින් වෙයන්..
ඇය කියවයි.
තෙරුනාද උබට..එළු මඩුවක ඉන්න උබ වගේ එකියක්ට මගේ පුතා දෙන්න තරම් මට පිස්සු නෑ.ඔක්කොටම ඉස්සර වෙලා ඉන්න තැනක්වත් හදාගනින්.මිනිස්සු හොයන්න කලින්.
ඇය,කිවෙය.නැත සිත රිදුනේ නැත.මොකද මා මාගේ තැන දැන් වුන් නිසාය.එහෙත් දවසක මා මේ සියල්ලට උත්තර දෙනවා නොවනුමානයි .
ඒක මං නෙවෙයි අයියයි තීරණය කරන්න ඕන.අද මේ දැන් අයියා මට කිව්වොත් එයාව අතරින්න කියලා මං මේක,නවත්තනවා ඇන්ටි.එහෙම නැතිව මං කවදාවත් අයියව අතරින්නෙ නෑ..
මට,මා ගැන පුදුම සිතුනි.ඒ තරම් හයියක් කොහෙන් ආවදෝ මංදා..ඒහෙත්
චාටාස් ….
නොහිතපු විදිහට මගේ වම් කම්මුලට වැදුන පාර නිසා මා හට තරු පෙනුනි..
උබට ඒ තරම් හයියයක්..
අම්මේ..මගේ යකා අවුස්ස ගන්නෙ නැතිව මෙතනින් යන්න..
යොමාල් මවගේ අතින් අල්ලා ඇදගෙන ගිහින් කිවේ වාහනයට දමාය..
මල්ලි අම්මව ගෙදර එක්ක යන්න..
වාහනය ගියේය.
දෝණී ..රිදෙනවද මැණික ..
මා නෑ කියන්නට ඔලුව වැනුවේය..එහෙත් කම්මුල් පුපුරු ගහන තරම් රිදුනේය..
යොමාල් අයියගේ ආදරේ මහා පුදුමාකාර් එකක් විය.ඔහු මට කෙතරම් ආදරේ කලාද කිවහොත් ඒ ආදරේ සමාන කරන්නට දෙයක් නැති තරම්ය.එහෙත් මා සිමාවකට ඔහුට බැදෙන්නට තීරණය කර තිබුණි.ඒ ඔහු නැති වුවහොත් දරා ගන්නට මට අවශ්ය නිසාය.අපේ ආදරේට වසර දෙකක් ගෙවුනේ හරි වේගයෙන්..ඒ කාලයට මගේ මවද මෙය දැන ගත්තේය.ඇයද මෙයට විරුද්ද විය.ඇගෙන් ගුටිබැට පුජාද මට නොලැබුනා නොවෙයි.එහෙත් මා ඔහුව අතැර නොගියේ ඔහුගේ මුලු ජිවිතේම ම වු නිසාවෙන්.එදා අපි බීච් ගියේ මගේ යෙහෙලියද කැටුව..
දෝණී අපි මැරි කරමු ..
ඔහු කිවේය..
ඒත් ගෙදරින්..
ගෙවල් වලින් වැඩක් නැ එයාල කවදාවත් කැමති වෙන්නෙ නෑ.ඒ නිසා අපි අපේ ජිවිතේ පටන් ගමු.මං දන්නවා ඔයා ලග මට ජිවිතේ තියෙනවා මට ඒ ජිවිතේ ඕන.ඔය තරම් ගැලපෙන කෙනෙක් කවදාවත් මට ලැබෙන්නෙ නෑ..
ඔහු කියවයි.මටද ඔහු වන් කෙනෙකු නොලැබේවී.එහෙත් මගේ සිතට බියක් දැනේ..
බය වෙන්න එපා.අපි අපේ ගෙදර ඉන්න ඕන නෑ.මට හැමදේම තියෙනවා අපි දැනට රෙන්ට් එකට ගෙයක් ගමු..ඔයා ජොබ් එක කරන්න ඔයාගේ වගකීම් ඔයාට ඕන විදිහට ඉස්ට කරන්න.ඒත් මට තවත් බෑ ඔයාගෙන් දුරස් වෙලා ඉන්න..
හා ..මං කැමතියි ..
ඔහු මා දෙස බලා සිනා සුනේය..
ආදරෙයි මං උබට පැංචි..මගෙ අහිංසකී ..
ඔහු කියවයි..
අපි කතා වූ පරිදි අගහරුවාදා දින අප රෙජිස්ටර් වෙන්නට තීරණය කලේය.ඔහුගේ යාහලුවන් දෙදෙනෙකුට එන්න කියා තිබුනේය..මා උදේ ලෑස්ති වී අම්මට වැන්දේ ඇස් වල කඳුලු පිරී යනකොටයි .ලස්සනට යන්නට තිබු මේ ගමන මේ විදිහට යන්නට මට සිද්ද වුනේ මගේම කරුමයක් නිසා විය හැකියි.මා ගෙදරින් ඇවිත් සුපුරුදු තැනට වී පැයකටත් වඩා බලා සිටියේය..පැය දෙකක් ගෙවුනේය එහෙත් යොමාල් අයියා ආවේ නැත.බැරිම තැන මා ගෙදර ආවේය.ඒ ඇවිත් ඔහුට ඇමතුම් ගත්තත් ඔහුගේ දුරකථන වසා තිබුනේය..බැරිම තැන මා හවස් යාමයේ ඔහුගේ ගෙදරට ඇමතුමක් ගත්තේ කවුරුහරි ගනිවි යන බලාපොරිත්තුවෙන් ..
හෙලෝ…
එහාහින් ඇසුවේ පිරිමි කඩහඩක්.
මට යොමාල් සර්ට,කතා කරන්න පුලුවන්ද ..
එයා නෑ හොස්පිටල් ගිහින් ..
ඒ ඇයි සර්ට ප්රර්ශනයක් ද..
නැ නෑ එයාගේ අම්මට..
මා දුරකථන තිබ්බේය..
සියල්ල වැටහුණි..ඔහු නොවා හේතුව.එහෙත් ඇයට කුමක්වුවාද..මා නැවතත් ඔහුගේ යාහලුවාට ඇමතුමක් ගත්තේය..
අම්මට මොනා වෙලද අයියේ ..
නංගි පොඩි ප්රර්ශනයක් වුනා.
ඒ ඇයි.
ඇන්ටි දැනගෙන ඔයාල බදින්න යනවා කියලා ඒ නිසා බෙහෙත් පෙති ගොඩක් බීලා මැරෙන්න කියලා
සියල්ල දෙපා පාමුල කඩා වැටුන සේ දැනුනි.ඉතිම් යලි කිසිම දිනක අපට එක් විය නොහැක.අඩන්නට උවමනාවක් තිබුනත් නොඅඩාම මා යහනට වැටුනි..නින්ද ආවේ කොයිමොහොතෙද මා නොදනී..උදයේ මාඇහරුනේ දුරකථනය නාද වීමත් එක්කය.
දෝණී …
ඒ ඔහුයි..
අයියේ ..
මට ඔයා අද හම්බ වෙන්න ඕන..
මං එන්නම්..
ස්වර්ණි අක්කලාගේ ගෙදරට මං එනවා..
හා.. අයියේ අම්මට කොහොමද ..
මං ඇවිත් කියන්නම් දෝණී ..
ඒ සුසුම් හඩ ඇතුලේ මා බොහෝ දේ තේරුම් ගත්තේය..වෙලාව නවය වෙනකොට මා අක්කාගේ ගෙදර්ට ගියේය..
අන්න මල්ලි සාලේ ඉන්නවා..
මා කිසිවක් නොකියා ඇතුලට ගියේය..ඔහු සිටියේ හිසට දෙඅත් තබාගෙනය..මා හිමින් ගිහින් ඔහු අසලින් වාඩි වුවාය..මා දෙස බැලු ඔහු කිසිවක් නොකියා මා උකුලේ හිස තියා ගත්තේය..මාද කිසිවක්ම කිවේ නැත.මා ඇද සිටි ඇදුමෙන් තෙත් ගතියක් මගේ කලවට දැනුනේය.
ඔව් ඔහු අඩන්නේය..මා කිසිවක්ම නොකියා ඔහුගේ හිස අතගෑවේය..
මට සමාවෙන්න මගෙ දෝණී .අම්මට ආමරුයි..
ඔහු කියවයි.මේ තරම් දෙයක් වු තැනත් හංසි නොහඩා ඉන්නේ කෙසේද.පුංචි දේටත් අඩන හංසි ඇයි නොහඩන්නේ ..
මට සමාව දෙනවා නේද දෝණී ..
ඔහු නොකියා කියන්නෙ මා අතැහර යන බව නොවේද..ඉතින් ඔහුට අවසර දෙනු ඇර මා වෙන කුමක් කරන්නද.දිග සුසුමක් හෙලු මා ඔහුගේ හිස,මා උකුලෙන් ගත්තේය..මුහුණ පුරා තිබු කඳුලු පිස දැම්මේය..
යන්න සුදු අයියේ.ගිහින් අම්ම කැමති විදිහට ජීවත් වෙන්න..
මා කිවේය..ඔහුගේ ඇස් ලොකු විය..
දෝණී ..
ඔව් යන්න.අපට කවදාවත් එකතු වෙන්න බෑ.අම්මලාගේ හිත රිදවල අපට සතුටින් ඉන්නත් බෑ.අපි ඇත්තට මුහුණ දෙමු..යන්න මගෙ අයියේ ගිහින් සතුටින් ඉන්න..
මා කියවන දෙස බල සිටි ඔහු මගෙ අත් අරන් පපුවට තද කර ගත්තේය.
මට බෑ දෝණී කවදාවත් මට් බෑ ඔයා නැතිව ඉන්න..
නෑ ඔයාට පුලුවන් යන්න..
මං මැරෙයි..
නෑ අපි ජීවත් වෙමු.අපි වෙනුවෙන් තැතත් අපේ දෙමව්පියෝ වෙනුවෙන්..
ඔයා මොනාද දෝණී කියන්නේ..
මං කියන්නෙ ඇත්ත.අද අම්මට මොනා හරි වුනානම් අපට සතුටින් ඉන්න පුලුවන්ද බෑ නේද..එක ආයේ නොවෙයි කියල අපට හිතන්න බෑ..
ඒත් ඔයා මගේ ජිවිතේ දෝණී
මං දන්නවා.ඒත් අපට මේක කරන්නම වෙනවා..යන්න මගේ අයියේ තද කරන් ඉන්න හිත බිදෙන්න කලින් යන්න..
ඔහු නැගිට්ටේය.
එක පොරොන්දුවක් වෙන්න…
ඔහු කියවයි..
මං වෙනුවෙන් ජීවත් වෙනවා කියලා .මං එනකම් ඉන්නවා කියලා .අවුරුදු ගානක් ගිහින් හරි මං එනවා දෝණී ඔයා ලගට.ඉන්නවා නේද..
ඔව් පොරොන්දු වෙනවා..
ඔහු යන්නට ගියේය.එහෙත් ඔහු යන දෙස මට තවත් බලා ඉන්නට නොහැකි විය.මට පිටු පා යන ඔහු පසුපස දිව ගොස් පිටුපසින් ඔහුව වැලද ගත්තේ මෙතෙක් හිර කරන් හිටපු කඳුළු ගංගාවක් වී කඩන් වැටෙද්දිය..
මං කොහොමද ඔයා නැතිව ඉන්නේ..
කියමින් මා කෑ ගසා හැඩුවේය.ඔහුද මා වැලදගෙන හැඩුවේය.අප දෙදෙනා අපට් තුරුල් වී පැය කාලක් පමණ හැඩුවේ ප්රේමයේ අවසන් මලගම වු නිසාය..ඔහු මා ස්වර්ණි අක්කා අතට දී යන්නට ගියේය..එදායි පසු අප කිසිම දිනක මුණ ගැසුනේ නැත.මා මාගේ ජොබ් එකටද සමු දුන්නේය..දුරකථන පවා මා අතැර දැමුවේය.ඔහු එතැයි විස්වාසයක් නොතිබුනත් ඔහු වෙනුවෙන් ඉන්නට දුන් පොරොන්දුව රැක්කේය..කාලය ගෙවී වසර කීපයක් ගෙවුනි.මා මාගේ ජිවිතේ තිබු අරමුණු එකින් එක ඉස්ට කර ගත්තේ.එලු මඩුවක් කියු පුංචි පැල වෙනුවෙට ලස්සන ගෙයක් සදා නිම කලේය.එය මාගේ මලනුවන්ට තෑගී කර තවත් ඉඩමක් ගෙන ගෙයක් සදන්නට පටන් ගත්තේ මටත් මාගේ මවටත්ය..මා සාර්ථක විය.සියල්ලෝ අපහාස කල මගේ දුප්පත් කම මට ආබරනයක් විය.අද මා සියල්ල හිමි සාමාන්ය ජීවිතයක් ගෙවන කෙල්ලක් විය.වසර කීපයක් ගෙවී තිබුනද ඔහු මෙන්ම මාද තනිකඩ විය.එහෙත් දිනක් මා දැන ගත්තේය ඔහු අතිනත ගත් බව.මා ඔහුට දොස් නගන්නෙ නැත.අපට අප හිමි නැති බව මා දැන වුන්නේය.එහෙත් ඔහු මට සැබැවින්ම ප්රේම කල බව මා දනිමි..මාද ඔහු මෙන්ම ජිවිතේ ඉදිරියට යන්නට තීරණය කලෙමි..ඉතින් අපි අපට අහිමි විය..
එහෙත් මා මේ ලොව දුටු සොදුරුම මිනිසා නුබ විය.නුබ වන් කෙනෙකු මා යළි කවදාවත් දැක තිබුනේද නැත.නුබ මාගේ ප්රතම ප්රේමය විය.අද මා නුබගේ මතකයන් එක්ක ඒ අතීතයට යන්නේ මා දුටු සොදුරුම මිනිසා නුබ නිසාය.හොඳ මිනිසුන් ජීවත් වෙන කාලය අඩු බව අසා තිබුනත් එය අත් වින්දේ නුබගෙනි.නුබ මේ ලොව අතැර ගොස් හමාරයි..ඒ පුවත ඇසු දින මා නුබ හැර ගියාට වඩා ඇඩුවේ නුබ තවමත් මේ හදවතේ නිදන්ගතව ඇති නිසාය..
ඉතිම් ආදරණීය මගෙ සුදු අයියේ මතු උපදින බවයක හෝ මා නුබේම කර ගන්න..
මේ මාගේ කතාවයි..පුංචිම පුංචි ආදර කතාවයි..හංසිගේ කතාවයි.දැනෙන දේ කියන් යන්න ස්තූතියි හැමෝටම
මේ කතාවෙ යොමාල්ට උන දේ පැහැදිලිව නැතත් මම දන්න විදිහට යොමාල් තමන්ගෙ අම්මගෙ කීමට තමන්ගෙම නෑ වෙන ගෑනු ලමයෙක්ව කසාද බඳිනව. නමුත් කවදාවත් යොමාල්ට බැරි වෙනව තමන් ආදරේ කල, තමන් ආරක්ශා කල තමන්ගෙ ආදරේ අමතක කරන්න. මොනා කලත් යොමාල් පුලුවන් හැම වෙලේම තමන්ගෙ සුන්දර වුනු ඒ අතීතයට ආදරය කරනව විතරක් නෙමේ, තමන්ගෙ ආදරය තමන් ලඟ නැතත් ඒ ආදරේ එක්ක පිය නගපු හැම තැනකටම ඔහු පිය නගනව හිතින් විතරක් නෙමේ සැබැවිනුත්.
අම්මගෙ බලකිරීම මත සිදුකරගත් විවාහය දිනෙන් දින දිය වී යද්දි ඔහු අතීත මතක මං පෙත් වෙත පියනගනව. යොමාල් එක්ක ආදරයෙන් ගෙවුන ඒ කාලෙ හංසි හා යොමාල් පුරුදුවෙලා තිබුන විශේෂයෙන් ආගමික උත්සව වලට සහභාගි වෙන්න. තමන්ගෙ ආදරේ තමන්ට අහිමි උනත් යොමාල් ඒ පුරුද්ද අත්හැරියෙ නෑ. ඔහු බෞද්ධයෙකු උනත් හංසි එක්ක පල්ලි යන්නත් පුරුදුවෙලා තිබුන. ඒ හැම අවුරුද්දකම විශේෂ ඉරිද දවසක. ගිය අවුරුද්දෙත් සුපුරුදු විදිහට එයා හංසිවත් හදවතින් තුරුලු කරන් දෙවියන් හමුවට ගියා. එයාගෙ අතීත මතක එක්ක. ඒ 2019-අප්රේල්-21 කටුවපිටිය දේවස්ථානයට. ඒ තමා යොමාල්ගෙ අන්තිම ගමන. එයා එයාගෙ ආදරේ හදවතින් දරන් දෙවියන් ඉදිරියම මේ සසර එක භවයක් නිමා කලා. ලබන ලබන ආත්මයක් පාසා හංසි තමන්ගෙම කරගන්න ලැබෙන්න කියල.
උපුටා ගැනීම: Disna Senanayaka