ශෝචනීය කතා පුවතක්..
අන්න අර මහත්තයා එනව….කෝ ඔය දරුව ලෑස්ති කරල එලියට ගනින්
අනේ අම්මෙ පින්සිද්ද වෙයි මට මේ දරුව හදාගන්න දෙන්න…
තෝ මගෙන් කුනුහරප අහන්නෙ නැතිව පැත්තකට වෙය..අපිට වේලක් කන්ඩ නැතිව තෝ කොහොමද දරුවෙක් හදන්නෙ…තොගෙ මහ එකා ඉන්නවද අවජාතක උන්ට කන්ඩ දෙන්ඩ..
සපරමාදු …..සපරමාදු ….කෝ මේ සපරමාදුව..
ඇයි අම්මෙ….
මෙහෙට වරෙන්…අන්න අර මහත්තයා ඇවිත් දරුව ගෙනියන්න
කවුද ගෙදර ….
මේ ඉන්නව මහත්තයෝ …
මේකද සපරමාදුගෙ ගෙදර ..
ඔව් මහත්තයෝ ඒ මගෙ කොලුව..
ආරන්චියකට ආවෙ…
ඔව් මහත්තයෝ එන්න ගොඩට වාඩි වෙන්න….මේ බන්කු කෑල්ලෙවත්..
ඔය අම්මගෙ නම මොකද්ද
මම රොසලින්…..මහත්තයෝ ..
රොසලින් අම්මෙ මම” සාගර “
සුව සරන “”” ලමා නිවාසෙන්
බලන්න කෝ මහත්තයෝ මේ කෙල්ල කරගත්තු අපරාදයක්….ඉගෙන ගන්න කියල මහ තඩි ටෙලිපෝන් එකක් ගෙනත් දුන්න අපෙ මේ කොල්ල දහ අතේ නයවෙලා ..
ඉගෙන ගන්නව කෙසේ වෙතත් මිනිහෙක් නම් හොයාගෙන බඩකුත් හදාගෙන දරුවෙක් හම්බුනා…
අනේ මහත්තයෝ බලන්ඩකෝ වෙච්චි අවනම්බුවක තරම…අපිට මේ ලමෙය හදන්න බැ මහත්තයෝ ….අපිත් එක වේලක් මොනව හරි කාල සුදහගින්නෙ තමයි දවසම ඉන්නෙ…
කෝ බලන්න අම්මෙ දරුව ගේන්ඩකෝ..
ඉන්ඩ මහත්තයෝ …
කෝ මෙහෙට දියන් ඔය දරුව..
අනේ අම්මෙ මන් කොහොම හරි දරුව හදා ගන්නන්…අනේ අම්මෙ පින් සිද්ද වෙයි අම්මෙ…දරුව මගෙන් වෙන් කරන්න එපා ..
කෝ ඔය රොසලින් අම්ම මෙහෙට එන්නකෝ..
ඉන්ඩ මහත්තයෝ දරුව ගේනව..
ආ…මහත්තයෝ …බොහොම ලස්සන කෙලි පොඩ්ඩ…
අනේ ඔව් රොසලින් අම්මෙ….
මොකද්ද නම දාල තියෙන්නෙ ..
තාම නමක් නැ මහත්තයෝ ..
කෝ බබාගෙ අම්මටත් එන්ඩ කීවනම්
නාමලියො මෙහෙ වරෙන් එලියට අන්න මහත්තයා කතා කරනව…
අනේ බුදු මහත්තයෝ මගෙ දරුව තියල යන්න..දරු දුක කියන්නෙ මෙච්චර දුකක් කියල නම් මට තේරුනේ නැ මහත්තයෝ
කට වහගෙන පැත්තකට වෙය…
රොසලින් අම්ම පොඩ්ඩක් සන්සුන් වෙන්න…අපි කා අතෙත් වැරදි සිද්ද වෙනව…
ඒක නම් ඇත්ත මහත්තයෝ ..ඒත් අපි මේ දරුව හදාගන්නෙ කොහොමද
නාමලි මෙහෙන් වාඩි වෙන්න..
ආ බබා කිරි ටිකක් දෙන්න
අනේ බුදු මහත්තයෝ මගෙ දරුව තියල යන්න…දරුදුක මෙච්චරම දැනෙනවා කියල මන් දැනගෙන උන්නෙ නැ මහත්තයෝ ….මේ ලමෙය නැති නම් මම මැරෙනවා මැරෙනවාමයි….
අපි මේ බබාල අරන් ගියාට කිසිම දුකක් දෙන්නෙ නැ …එයාලට හැම සැපක්ම දීල තමයි එයාල හදන්නෙ..
තව ගොඩක් මේ වාගෙ දරුවො අපි ලග ඉන්නව….නාමලීට පුලුවන් ඕනෙ වෙලාවක දරුව බලන්න එන්න
ඒත් මහත්තයෝ මට මගෙ ලග දරුව තියා ගන්න ඕනෙ..
කට වහපිය…කවුද ඔය දරුව හදන්නෙ..තෝ අවලමේ…ගි….
රොසලින් අම්මෙ සන්සුන් වෙන්න..නාමලී ඔයාගෙ දරුවෙක්.එහෙම කතා කරන්න එපා…
මහත්තයෝ මගෙ මිනිහ මැරිච්ච දවසෙ ඉදල මේකියි කොලුවයි ලොකු කරන්න මන් නොසෑහෙන්න දුක් වින්ද.තවත් මට මේ දුක ඉවර නැ …ඇහැක් වගෙ බලාගත්තු එකී මෙහෙම කරගන්නකොට මහත්තයා ට උනත් ඉවසන්න පුලුවන් ද ..
ඔව් මට තේරෙනව රොසලින් අම්මගෙ දුක..ඒත් මේ වෙලාවෙ අපි කලබල වෙන්න හොද නැ …
නාමලී මොකද්ද ඔයාගෙ තීරණය කියන්න බලන්න මොකද අපි අම්මගෙ අකමැත්තෙන් දරුවො ගෙනියන්නෙ නැ ..
“”””””””””””””””””””””””””””””””””””””””‘”””'”””””””””””””””””””””””””රොසලින්ට සහ සිරිල් ට හිටිය දරු දෙන්න නාමලී සහ නාමලීගෙ අයිය සපරමාදු …
බොහොම දුක් මහන්සියෙන් ජීවිතය ගැට ගහපු දෙමාපිය දෙපලක්..
නාමලීගෙ තාත්ත හදිසියේ ඇතිවූ මොලේ අමාරුවකින් අවසන් ගමන් ගියෙ මීට අවුරුදු ගනනාවකට කලින්..එතැන් පටන් රොසලින් නොමනා දුක් විද සපරමාදු සහ නාමලීව පුලුවන් විදියට බලාගත්ත නාමලී පාසලේම දක්ශ ලමයෙක් නිසා…ගුරුවරුන්ගේද කතා බහට ලක් උනා වගේම කැපී පෙනෙන දක්ශ ශිෂ්යයාවක් උනා..රොසලින් සිටියේ බොහොම සතුටෙන්…නිතරම ඇයට අවවාද දෙන්න පසුබට උනේ නැ ..සපරමාදු ගේ පාසල් ගමන් නතර කර කඩයක පොඩි රස්සාවක් හොයා ගත්තෙ තම අම්මත් නැගණියත් රැක බලා ගන්නා අදිටනින්
කොරෝන උවදුර නිසාවෙන් පාසල් වැඩ කටයුතු කරන්න උනේ අන්තර්ජාල හරහා..නාමලීටත් ලබන වසරේ එලබෙන සාමාන්ය පෙල විභාගයට ලක ලෑස්ති වෙමින් උන් අවදියක ඇයට පාසල් ගමන අත් හිටුවීම පිළිබඳව ඇති උනේ තදබල පහරක්..
අම්මෙ ඔක්කොම ලමයින්ට ටෙලිපෝන් තියෙනවා පාඩම් වැඩ කරන්න …
ඉතින් නාමලියො එච්චර සල්ලියක් මන් කොහෙන්ද වියදම් කරන්නෙ ..
එහෙම කියල බැ නෙ අම්මෙ…
හිටපන්කො මන් අයියටවත් කියල බලන්නම්..කඩෙන් වත් සල්ලි කීයක්වත් නයට ඉල්ලගන්ඩ පුලුවන් ද බලන්ඩ..
මේ අතර සපරමාදු ගෙට ගොඩ උනේ එලවලු මල්ලකුත් අතැතිව ..
අද හරියට මහන්සයි අම්මෙ…කෝ නාමලි…
අර ඉන්නෙ නාහෙන් අඩාගෙන
ඒ මොකෝ අර…
ඉස්කෝලෙ වැඩ කරන්ඩ ටෙලිපෝන් එකක් ගන්ඩ නැ කියල ..
ඔව් අම්මෙ ඒ කතාව ඇත්ත තමයි මන් දැක්ක අද මුදලාලිගෙ දුවත් ඒකෙන් තමයි ඉගෙන ගන්නෙ….
අනේ සපරමාදුවෝ අපිට කොහෙන්ද එච්චර සල්ලියක්….
ඔව් ඉතින් ලොකු ගානක්. මන් අහල බලන්නම්කො මුදලාලි ගෙන් අත මාරුවක් කරගන්න පුලුවන් ද කියල
එහෙම නම් ඉතින් ලොකු දෙයක් පුතේ..ඒකිට ඉගෙන ගන්නත් පුලුවන් එකේ ඒක අරන් දුන්න නම් හරි.
නාමලී මෙහෙ වරෙන්…මේ පොල් ටික ගාල ඉස්කෝලෙ වැඩක් කරගනින්.
ඉස්කෝලෙ වැඩ කරන්න අම්ම පෝන් එකක් ගෙනත් වගෙ කතා කරන්නෙ ..
අයිය සල්ලි අහල බලන්නම් කීවෙ මුදලාලිගෙන්වත්…
එච්චර සල්ලියක් දෙයිද අම්මෙ..
කීයක් විතරද ඕක නාමලියො..
අම්මෙ රු…..විසිදාහක් වත් ඕනෙ..
අනේ දෙයියනේ ඒක ඇතුළේ රත්තරන් ද බන් තියෙන්නෙ
එහෙම තමයි ලොකු පෝන් ගනන්..අම්මෙ…
“”””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””‘””””””””””
සතියකට පසු සපරමාදු පෝන් එකක් මිලදී ගත්තේ තම නැගණිය වෙනුවෙනි
තම,සිතෙහි කැකෑරෙන සහෝදර පෙමට ඔහු බොහෝ සේ ඇලුම් කළහ.
අම්මෙ….මේන් පෝන් එක නන්ගිට දෙන්න ..
අනේ මගෙ පුතේ මහත්තයා සල්ලි දුන්නයි..
ඔව් ලබන මාසෙ පඩියට ත් අඩු කරගන්න කීව..
අනේ මගෙ පුතේ උබට ගොඩක් පින්.තාත්තා නැති දවසෙ ඉදල උබ ලොකු දුකක් විදින්නෙ..
ඒකට කමක් නැ අම්මෙ මට ඕනෙ අම්මයි නාමලියි හොදින් ඉන්නව දකින්න ..
…
නාමලී….මේන් අයිය පෝන් එකක් ගෙනත් ඔය ඕන් නැති දේවල් එහෙම ඕකෙන් කරන්න එපා කියල අයිය කියන්න කීව…
හොදයි අම්මෙ….
නාමලීට එකවර සිහියට නැගුණේ ඇයගේ මිතුරිය සදමාලි…එයාටත් තියෙනවා මේ වගෙම පෝන් එකක් ..එයා දැන් ෆ්බ් ආදර වන්තියක්..සදමාලි ගෙ ආදරේ සුන්දර වදන් රස කර කර කියවනකොට නාමලීට ලෝබ හිතුන
ඇයත් ආදරේකට සිහින මැව්ව..
සදමාලි මේ මන් කතා කරන්නෙ නාමලී…
හලෝ උබ පෝන් එකක් ගත්ත ද
ඔව් ඔව් අයිය පෝන් එකක් ගෙනත් දුන්න
හරි උබ හම්බුනාම ෆ්බ් එක හදල දෙන්නම්….ඒත් උබ පාඩම් වැඩ හොදට කරගෙන පලෙයන් හොදේ…අර එදා උබට නම්බර් එක දීපු කොල්ලව add කරගනින්…ඌ මහ හැන්ඩ්සම් පොරක් වගෙ..
හරි හරී උබ ඉස්සෙල්ලා account එක හදල දීපන්කො…
…………………………………………………………………………………………………….
මේ අයුරින් නාමලී ඇති කරගත් ෆ්බ් ප්රේම සම්බන්දයෙන් අද ඇය දරුවෙක් බිහිකරපු අම්මා කෙනෙකි ..නැති බැරි කම හමුවේ අසරණ වූ නාමලී ගේ මවට කල හැකි අන් සරනක් විසදුමක් නැත…දරුවන්ගේ පෝෂණය උදෙසා දෙමාපියන් ජීවිතයත් සමග නොයෙක් හැල හැප්පිම් වලට භාජනය වෙන මොහොතක දරුවන් ඔවුනට රිසි සේ භුක්ති විදින්න ගන්නෙ තම ජීවිතයට සමච්චලයක් එකතු කර ගනිමිනි…
හුදෙක් අන්තර්ජාලය හරහා ඇති කරගත් අයුතු සම්බන්ධතා මගින් අද පීඩා විදින දෙමාපියන් කොතෙක් නම් සිටීද පීඩා විදින යුවතියන් කොතෙක් නම් සිටීද තම පන මෙන් දෙමාපියන් මල් සේ රකින්නට දගලන චරිතය කිලිටි කර ගත් යුවතියන් කී දෙනෙක් සිටීද..
මදකට ඔබ ආ ගමන් මග ආපසු හැරී බලපල්ල කෙල්ලනේ තම ජීවිතයට ඇති එකම වටිනාකමත් කාමාතුරයන්ට බිලි පූජාවක් උනාද යන්න වග…
දෙමාපියන් දුකසේ හම්බ කරන මුදල සමග සෙල්ලම් කරන්න එපා…තවත් නාමලියක් වෙන්න එපා…තම කාමාශාවන් මුදුන් පමුනුවා කර මේ ලෝකෙට අසරණ කිරි සප්පයෝ බිහි කරන්න එපා..
*******************************************
මහත්තයෝ මගෙ දරුව තියල යන්න
එපා මහත්තයෝ දරුවො හදන්න අපිට සල්ලි නැ එහෙම උනොත් දරුවයි අම්මයි දෙන්නම එලියට දානව මහත්තයෝ මගෙ කොල්ල දුක් මහන්සි වෙලා හම්බ කරල දුන්න දේ විනාශ කරල තව අප්ප නැති දරුවොත් නලවන්න මේ ගෙදර ….ඒක කවදාවත් වෙන්නෙ නැ මහත්තයෝ ..
නාමලී මේ අහන්න අපි මේ වාගෙ දරුවො ගොඩක් හදනව..අපෙ ආයතනය මේ වගෙ අනාථ දරුවො වෙනුවෙන් ඇප කැප වෙලා යුතුකම් කරනව…
ඔයාට පුලුවන් අපෙ “සුව සරණ”
ආයතනයට ඇවිත් දරුව බලන්න …
ලොකු උනාම මට දෙනවද මගෙ දරුව මහත්තයෝ ….ඔව් අපි දරුව හොද මගට ගන්න උත්සාහ කරනව…ලමය කැමති නම් පැවිදි කරවනව…
තවත් කතා කර කර ඉන්න බැ මහත්තයෝ …
ඔය රොසලින් අම්ම ටිකක් සන්සුන් වෙන්න ඔය අම්මගෙ හිතේ තියෙන දුක අපිට තේරෙනව..
නාමලී හොද ලමෙය වගේ ගන්නකො බබාගෙ ඇදුමක් අන්දවලා මට දෙන්න ..
ආ තව කිරි පොඩ්ඩක් පොවල මට දෙන්න ..
මගෙ රත්තරං මට සමාවෙනින් දුවේ…
අන්තිම කිරි පිඩක් තොල ලන්න උනේ පුන්චි දෝනි ආසාවෙන්. නාමලීගේ කදුලු බිදු එකින් එක කඩා වැටුනෙ අදින් සමුගෙන යන පුන්චිත්තිගෙ මූනට…කදුලු වල ලුනු රසත් මුසුව කිරි උරා බිවු සූටික්කිය තද නින්දට වැටුණේ අම්මගෙ ඇකයේ උනුසුමට ගුලි වෙමින්
නාමලීගෙ කදුලු වැල් අස්සෙන් දැක්කෙ තම මව රොසලින්
කෝ දියන් දරුව අර මහත්තයට යන්න හදිස්සිලු..
ඉන්න අම්මෙ හෙමින් ගන්න නින්ද ගිහිල්ල…
ආ මහත්තයෝ කෙල්ලට හොදටම නින්ද ගිහින්…
නාමලිත් රොසලින් පිටුපස සිටගත්තෙ බිත්තියට වාරුවෙමින්..ඇයගේ දෙතනින් කිරි බිදු එකින් එක බිමට පතිත උනි..
නාමලී…ඔයා මොකද්ද දාන නම බබාට
මහත්තයලට කැමති නමක් දාන්න ..
එහෙම බැ ඔයාම කියන්න කෝ..
දේදුනු කියල දාන්න මහත්තයෝ ..
ශා…ලස්සනයි නෙ…
හරි නාමලී….මෙන්න මේ කාඩ් එක තියාගන්න…නුවර තියෙන මේ තැන ට එන්න බබා බලන්න ….හැබැයි කොන්දේසියක් ඇතිව හොදේ
මොකද්ද මහත්තයෝ …
කවදාවත් ලමෙය ඉස්සරහ අඩන්න එපා මම උබෙ අම්ම කියල …ඒක ඉගෙන ගන්න දරුවට හොද නැ ..දරුව සැප විදිනව බලල ඔයාට හිත හදාගන්න පුලුවන් ..
හොදයි මහත්තයෝ …
නාමලී මෙන්න මේ කොලේට අත්සන් කරන්න ..
ආ මෙතන නාමලීගෙ වියදමට ගානක් තියෙනවා …තියාගන්න …
එපා මහත්තයෝ මට සල්ලි
මම දරුව විකුනුවෙ නැ මහත්තයෝ …
හරි නාමලී…මන් ගිහින් එන්නම්
නාමලී ඈතට රැගෙන යන තම දියනිය දේදුනු දිහා බලා හිස් අහසට සුසුමක් පිට කරේ මන්දාරමින් පැවතුණ අහසේ පෑයූ තවත් දේදුන්නකට ඉකි ගසමිනි
අහස අමෝරා තිබූ වැස්ස එක වරම ඇද
හැලුනෙ පායා තිබු දේදුන්නද බොද කරමිනි…
….
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
කවුද ගෙදර ..හ්…හ්…කවුද …
ආනේ මේ අපෙ සාගර මහත්තයා නෙ…අදුන ගන්නත් බැ …එන්න මහත්තයෝ ගොඩට..
නාමලී ගොඩක් කාලෙකින් ආවෙ නැ නෙ දේදුනු බලන්න …
අනේ මහත්තයෝ අම්මට ටිකක් සනීප මදි…ඒකයි එන්න බැරි උනේ…කොහොම හරි අවුරුදු හයකුත් ගත උනා මහත්තයෝ මන් නොගිහින්.
ඔව් නාමලී අන්තිමට ආවෙ දේදුනුගෙ ඉස දිය වක්කරන දවසෙනෙ…
ඔව් මහත්තයෝ …
කෝ සපරමාදු ….මල්ලි නැද්ද ..
ඉන්නව මහත්තයෝ මල්ලි ඉන්නෙ වෙනම එයත් කසාද බැදලා ලමයි දෙන්නෙක් ඉන්නව .
මන් ආවෙ සුභ ආරන්චියක් කියල යන්න
නාමලීට..
මොකද්ද මහත්තයෝ ..
දැන් දේදුනු දොස්තර නෝන කෙනෙක් දිවුරුම් දෙන්නෙ හෙට…නාමලිත් මා එක්ක යන්න එන්න ඕනෙ…
අනේ මගෙ මහත්තයෝ මහත්තයට බුදුබව අත් වෙනව…..රත්තරන් මහත්තයෝ ..
දැන් නාමලීට පුලුවන් එයාගෙ අම්ම ඔයා කියල කියන්න .
නාමලී ගොඩක් දුක් උනා එයාගෙ අම්ම කෝ කියල ..එයාගෙ බලාපොරොත්තුවකුත් තිබුන නාමලීව හොයන්න ඕනෙ කියල ..
කෝ නාමලී රොසලින් අම්ම පේන්ඩ නැත්තේ …
මහත්තයෝ අම්මට ලොකු ඔපරේෂන් එකක්..ඒක කරන්න අපිට සල්ලි නැ තාමත් අම්ම පන අදින ගමන් ඉන්නෙ ඉස්පිරිතාලෙ. ඔපරේෂන් එක කර ගත්තොත් බේරගන්න පුලුවන් වෙයි කීව..එච්චර සල්ලි කන්දරාවක් මන් කොහෙන්ද හොයන්නෙ මහත්තයෝ .
නාමලීට දැන් බයවෙන්න දෙයක් නැ දේදුනු දොස්තර කෙනෙක් සමහරවිට එයා අම්මව සනීප කරන්න උත්සාහ කරයි..ඊට කලින් අපි දේදුනුව අදුරගෙන ඉමු…
හරි නාමලී එහෙනම් මන් මේ කිව්ව දිනේට පේරාදෙණියට එන්න ..එදාට ඔයාගෙ දුව දේදුනු කියල මුලු ලෝකෙටම හඩල කියන්න පුලුවන් …
මහත්තයෝ මහත්තයා දන්නවනෙ මන් කෙල්ල දුන්නෙ අපෙ අම්මගෙ බල කිරීමට කියල …අපෙ අම්මට දේදුනු අතින් බෙහෙත් වේලක්වත් දෙන්න වටිනවද මහත්තයෝ …
නාමලී එහෙම හිතන්න එපා දරුවෙක් අකීකරු කමට නරක දෙයක් කර ගත්තම කොයි දෙමවුපියන් උනත් ගන්නෙ ඔහොම තීරනයක් තමයි ..නාමලී යට ගිය දේවල් කල්පනා කරන්න එපා අම්මවත් සනීප කරන් දේදුනු එක්ක හොද ජීවිතයක් ගත කරන්න …
මහත්තයා ට ස්තූති කරන්න මට වචන නැ මහත්තයෝ …මහත්තයා ගෙ දෙමාපියනුත් මහත්තයත් උප උපන් ජාති බුදුන් දැක නිවන් දකින්න ඕනෙ..
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
![📚](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png)
අද දින නාමලීගේ දියනිය දේදුනු ලොකු දොස්තර නෝන කෙනෙක් වෙලා…සාගර මහත්තයාගේ මූලිකත්වයෙන් සියලු කටයුතු නිමා කෙරුන…
ගොඩක් ස්තූතියි සර් සාගර…
Okk….wellcome ….දේදුනු …අද ඔයා කාලයක් තිස්සෙ ලොකු බලාපොරොත්තුවකින් හිටපු සිහිනයක් සැබෑ වෙනව…
My
congratulations
දේදුනු…
සර් මොකක් ගැන ද මේ කියන්න යන්නෙ…
ඔයා පොඩි කාලෙ ඉදල මගෙන් අහපු ප්රස්නයක් තිබුන…මන් දීපු උත්තරය ඔයාට මතක ඇති..මන් ඔයාට පොරොන්දු උනා ඔයාගෙ ජිවිතේ යම්කිසි ඉලක්කයකට ආවට පස්සෙ..ඒ පොරොන්දුව ඉශ්ඨ කරනවා කියල ..
ඔව් සර් මට මතකයි…අද මගෙ ජීවිතේ නැති උන හැමදේම ලැබෙන දවස..නේද සර්…මන් හරිද..
ඔව් දේදුනු ජීවිතේ කියන්නෙ හරිම පුදුමාකාරයි අපිව එපා කියල අයින් කරන අයට අපිව ආයේ මැණිකක් තරමට වටිනව…
මට ඒක දැනුණේ දේදුනු පොඩි දවසෙ සිට මේ දක්වා ඇතිඋනු කාලය තුල
දේදුනුගෙ පුන්චි කාලෙ අද වගෙ මට මතකයි..මට ඒ මතකය හරි අවදියි.
මට ලොකු අතීත ආවර්ජනයක් තියෙනව දේදුනු…
සාගර සර් මගෙ අතීතෙ ඔක්කොම දන්නව…
ඔව් දේදුනු…නමුත් ඔයා මේ ලෝකෙන්ම වාසනා වන්ත කෙල්ලක් කියල නම් මට කියන්න පුලුවන් ..
දේදුනු ගෙනියන්න ආපු වෙලාවෙ රොසලින් අම්ම කියපු දේවල් සාගර මහත්තයා ගෙ හිතේ තාමත් රැවු දෙනව
කෝ අහකට වෙය…කණවැන්දුම් දරුවන්ට කන්ඩ දෙන්ඩ තොගෙ මහ එකා ඉන්නවද…
ගන්න මහත්තයෝ දරුව අරන් යන්න.
රොසලින් අම්ම ටිකක් සන්සුන් වෙන්න..
සාගර සර් මොනවද කල්පනා කරන්නෙ ..
මන් පොඩ්ඩක් අතීතෙට ගියා දේදුනු…
ඒව මතකෙට එනකොට ඔයා ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනව දේදුනු
දෛවය අපෙ ජීවිත වෙනස් කරන්නෙ පුදුම විදියට
සර් ගෙ ඇස් වල කදුලු..
ඔව් දේදුනු සතුටු කදුලු…
හරි දේදුනු…අපි දෙන්න දිහා ඈතට වෙලා කෙනෙක් බලන් ඉන්නව..මන් දැන් ඔයාගෙ පොරොන්දුව ඉශ්ඨ කරනව…
කවුද සර් බලන් ඉන්නෙ..
ඔහොම ඉන්න පොඩ්ඩක්..ඔයා ඇස් පියාගන්න..
හරි.. සර්..
ඉක්මන්ට එන්න..නාමලී…සද්ද කරන්න එපා…මේ ඉන්නෙ ඔයාගෙ දුව දේදුනු ..
අනේ බුදු මහත්තයෝ …
අඩන්න එපා නාමලී..අද ඔයා රැජිනක් වාසනාවන්ත අම්ම කෙනෙක්..
හරි දේදුනු ඇස් අරින්න…
මේ මන් ඔයාට පොරොන්දු උන වස්තුව ඔයාගෙ අම්ම….
මොකක් සර් මේ මගෙ අම්ම….
ඔව් මගෙ රත්තරන් මැණික මන් ඔයාගෙ අම්ම…
මගෙ රත්තරන් අම්මෙ…
මට සමාවෙනින් දුවේ…..මට සමාවෙනින් ..
සර් සාගර…මේක
පලදින්න ඕනෙ…ඔයා….දෙවනුව මගෙ අම්ම…
![🎓](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1/16/1f393.png)
මගේ ජීවිතේ දිනපු දෙයක් තියේ නම් ඒ සර්ගෙ උත්සාහයෙන්..i respect sa’r.
I am proud of you..
U r wellcome දේදුනු..
…………………………………………………………………………………………………….
අද දේදුනුගෙ පලමු ඔපරේෂන් එක වෙන්නෙ එයා අතින්ම.එයාගෙ දැනුමෙන්
රොසලින් ආච්චිගෙ ඔපරේෂන් එක උනේ දේදුනු අතින්…
රොසලින් ආච්චිට සිහිය ආවෙ දැන් …
අම්මෙ …
ඇයි නාමලියො
අම්මට හොදයි නේද දැන් ..අම්ම දන්නවද කවුද අම්මගෙ ඔපරේෂන් එක කරේ කියල ..
ඉල්ලපු සල්ලි නැතුව කොහොමද උබ ඒක කරේ නාමලියො..
අම්මගෙ මිනිපිරී තමයි ඒක කරේ..
කවුද බන් මගෙ මිනිපිරී ..
ඇයි අම්ම මට හම්බුන කෙල්ල එපා කියල කණවැන්දුම් කියල අර මහත්තයෙකුට ගෙනියන්න දුන්නෙ මතකද..
ඔව් ඔව්…උබෙ අර පුන්චි කෙල්ල
ඔව් අම්මෙ..මේ ඉන්නෙ ඒ දොස්තර නෝන..තමයි..
අනේ මගෙ රත්තරන් දොස්තර නෝනට පින්සිද්ද වෙන්න ඕනෙ වැඩි වැඩිය ලැබෙන්න ඕනෙ..
ආ දැන් ආච්චිට සනීපයිනෙ…
දේදුනු රොසලින් ආච්චිගෙ නලලත හාදුවක් තිබ්බෙ උතුරා යන භක්තියකින්
නාමලී තම දියනිය දේදුනු දෙස බැලුවෙ මහත් ආඩම්බරයෙන් දෑසින් වැටෙන කදුලු බින්දුවක් දෑගිලි තුඩින් පිසින ගමන්..
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
![🌈](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t13/1/16/1f308.png)
දේදුනු ගෙ දෛවය විසදී තිබුනෙ පුදුමාකාර විදියට.විටෙක දෛවය අපිට සරදම් කරන්නෙ හිතාගන්න බැරි විදියට
අපේ සැබෑ ජීවිතයෙ මෙවන් චරිත අපිට දක්නට ලැබෙනව
මේ කතාව කියවන ඔබලට ගන්න වටිනා චරිත ගොඩක් තියෙනව…විශේෂයෙන් අන්තර්ජාල මගින් පවත්වන සම්බන්ධතා ඔබේ ජීවිතයට යස පාඩම් කියා දෙනව…විශේෂ චරිතයක් වෙන්නෙ රොසලින් අම්ම…එපාම කියා විසිකර දැමු දේදුනු අද ඇයගේ පනට පන පොවන්න පුලුවන් උගත් චරිතයක් වුනා ..
නාමලී වන් තරුණියන් ද අපිට ආදර්ශයට ගත නොහැකිය ඇයද ඇති කරගත් අසම්මත පෙමට දාව මෙලොව එලිය දුටු කිරි කැටිය …දේදුනු ගෙ පෙර වාසනාවට සාගර වන් උතුම් මනුස්ස ගුනයෙන් යුත් දෙවියෙක් වන් ඔහුගේ සෙවනේ හැදි වැඩුනෙ…පෙර කරපු වාසනාවකට…බව මේ කියවන ඔබට නොරහසකි..
ඔබත් කතාව කියවා අවසන් කර රොසලින් වන් නාමලීවන් චරිත මතකයේ රදවා එයින් ලැබෙන ආදීනව ඔබේ ජීවිතයට එකතු කර ගන්න.රොසලින් නාමලී අනුකරණය නොකර මෙයින් යමක් ජීවිතය ට එකතු කර ගන්න..රොසලින් ගේ අලුත් ජීවිතයට මංපෙත් විවර කර දුන් දේදුනු වන් ශ්රීයා කාන්තාවගේ පිහිටෙන් රොසලින් නැවතත් ජීවිතයට පනපොවා ගත්තීය.අතීතයේ ඈ විසින් විසිකර දැමූ දේදුන්න ඇයගේ වියපත් ජීවිතයට අලුත් ආලෝකයක් ගෙන දුනි..
මාගේ රසික රසිකාවියන් ට දෙන එකම ඔවදන නම්..රොසලින් නාමලී අපේ ජීවිතයට සදාදරනීය කර ගන්නට බැරි චරිත දෙකකි..
වැහි බරිත ආකාසේ පෑයූ දේදුන්නක එලියෙන් රශ්මියෙන් නව දිවියක් එකතු කර ගත් රොසලින් මාතාව ඇයම විය
කතාව කියවන ඔබ සෞදිය පුරන්න දේදුන්නක් වී සැදෑ කලුවර අහසට පායා ආලෝකමත් වෙන්න…
මේ කතාවේ ප්රෙතම ස්තුතිය අපෙ සාගර සර්ට හිමි විය යුතුයි..
අකලට පරවෙන්න තිබූ මල් කැකුළක් විකසිත කර මෙලොවට දායාද කලේ සාගර සර් වන් දෙවියෙකි…දේදුනුගේ ජීවිතයේ පරිනතභාවය දක්වාම ඔහු එක හෙලා තම කැපකිරීම දියත් කලා…සියලු පරමාධිපත්යය ඔහුට හිමි වියයුතුයි …දුදනන් සිටින ලොව ඔබ ඉටු දෙවියෙකි…කිරුළ ඔබ සතුයි..
![🎓](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1/16/1f393.png)
![🎓](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1/16/1f393.png)
![👑](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te8/1/16/1f451.png)
![🎓](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1/16/1f393.png)
![🎓](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1/16/1f393.png)
අසෙනිය මල් මක රන්ද සුවද විද තනා ගනිමු අපේ ලෝකය ලෝකයටම එලිය කරමින්.සුවදවත් වෙමින්…සදලුතලේ හිද පෙරමග බසින මානවිකාවන් ට
මාගේ පන්හිදෙන් ලියවුනු නිර්මාණයකි
නිමි…………….
උපුටා ගැනීම: Malani Premachandra