පුංචි දොස්තර නෝනා (18 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සමීර ප්රාර්ථනාවත් චතුරංග අයියාවත් පේරාදෙණිය නිවසට ඇරලවා ගම්පොල යාමට පිටත් වුනේ සැලසුමෙන් පිට සිදු වූ දේවල් ගැන සිතමින්.
මෙසේ දින කීපයක් සාමාන්ය ලෙස ගෙවී ගියේ කිසිදු විශේෂත්වයක් නොමැතිවයි.බස්රථය ⁣කැකිරාව පොලීසියෙන් නිදහස් කලේ දින හතරකට පසුවයි.ඒ වැරදි කරුවන් අත්අඩංගුවට ගත් පසුවයි.බස් රථයේ අලුත්වැඩියා කටයුතු නිසා තවත් දින දෙකකට වඩා නිවසේ සිටීමට සිදුවන බව ප්රදීප් කලින්ම සමීරට පවසා තිබුණා.
“හෙලෝ සංදේශ් අයියේ…..”
“ආ පුංචි දොස්තර නෝනා කියන්න.මොකෝ හදිස්සියෙ…..”
“සුදු අයියේ ඔයා තාමත් පහුගිය දේවල් මතක් කරනවද?”
“නෑ පැටියො.ඒවා අමතක කරලා ඉවරයි.අරුන්ට පාඩමක් ඉගැන්නුවනෙ, ඒ ඇති…..”
“මේ සුදු අයියේ මට හෙට කොළඹ යන්න තියෙනවා…..කැම්පස් එකේ වැඩකට..තව ළමයි යනවා..මම යන්නද?”
සමීර මද වෙලාවක් කල්පනා කලා.
” ඉතින් ඔයා කොළඹ ගිහිනුත් නෑනේ.විශ්වාසවන්ත යාලුවො ටිකක් එක්කද යන්නෙ පැටියො..මමත් එන්නද?”
සමීරට දැනුනෙ ප්රාර්ථනා ගැන බියක්.
“ඕනි නෑ සුදු අයියෙ.අනික කැම්පස් ළමයි එක්ක වෙන කාටවත් යන්න දෙන්නෙ නෑ.ඒකයි.බය වෙන්න එපා….මම පරිස්සමින් ගිහින් එන්නම්කො…”
“ඒත් පැටියො මට වෙන වැඩකුත් නෑනෙ.මම එන්නම්ද ,ඔයාව තනියම යවන්න මට බයයි පැටියො…..”
“ඕනි නෑ සුදු අයියේ.මම ඔයාට මගදිගට කෝල් කරන්නම්කො.හරිද.බයවෙන්න එපා ඉතින්….”
සමීරට පුංචි සැකයක් ඇති නොවුනාමත් නොවේ.ඒත් ඇයව සැක කිරීමට ඔහුගේ සිත ඉඩ නොදේ.සැකකිරීමට හේතුවක්ද ඔහුට තිබුණෙ නෑ.ඒ නිසාම ඒ අදහස සමීර දෙවරක් නොසිතා සිතින් අත්හැරියා.
“පැටියො කීයටද යන්නෙ ඔයාලා.පාරෙ බස් එකේද වෙනම වාහනේකද යන්නෙ…”
“පාරෙ බස් එකේ සුදු අයියෙ.පාන්දර 4 ට පිටත් වෙනවා කිවුවා මෙහෙන්….”
සංවාදය නිමාකර දෙදෙනාම දුරකතන විසන්ධි කලා.සමීර සෑම වෙලාවකම සිතුවේ ප්රාර්ථනාගේ ආරක්ෂාව ගැනයි.
ඒ නිසාම එදින රාත්රියේ සමීර පේරාදෙණියේ මාමාගේ නිවසට නොගොස් ඊට ටිකක් දුරින් ඇති ඔහුගේ මිතුරෙකුගේ නිවසට ගියේ තවත් සැලසුමක් සහිතවයි.කොළඹ යාමට අවශ්ය සියලු දේ සමීර එහි රැගෙනයි ගියේ.
සමීර පාන්දර 2 ට අවදිවී ගමනට සූදානම් වී මාර්ගයට පැමිණියේ ගත වෙව්ලන ශීතලේමයි.ප්රාර්ථනා පැවසූ වේලාව 4 නිසා ඔහු අලුයම හතර වන තුරු චතුරංගගේ නිවස පෙනෙන නොපෙනෙන දුරකට වී සිටියේ ප්රාර්ථනා පැමිණෙන තුරුයි.
පැවසූ වේලාවට විනාඩි විස්සකට පෙර ප්රාර්ථනා නි⁣වසින් එලියට ⁣පැමිණෙනු සමීර ඈත සිට වුනත් දැක්කා.ඇය සිටියේ ඇය මැදවච්චියේ සිට රැගෙන එන කලුපැහැ බෑගයක් කරෙහි එල්ලා ගෙනයි.
නමුත් සමීරව පුදුම කරවමින් ඇය තනිවම ඒතැනින්ම , කොළඹ බලා යන බස් රථයක නැඟුණා.එහි සිටගෙන මගීන් නොමැති බව දුටු සමීර ඇයට පසු නැවතුමෙන් බස් රථයට නැග්ගත් සිතාමතාම ඔහු බසයට නැග්ගේ පසුපස දොරටුවෙනි.ප්රාර්ථනා ඉදිරිපසින් නැග්ග නිසා සමීරට උවමනා වූයේ ඇයට හොරෙන් ඇය පසුපසින්ම යාමටයි.කලින් සිතාගෙන පැමිණිගේ ඇගේ ආරක්ෂාවට යන බව උවත් දැන් සමීර යන්නේ ඇය ගැන උපන් සැකයටයි.
මේතරම් ආදරය කල ප්රාර්ථනා මෙලෙස තමන්ට බොරු කීම සමීරට ඇදහිය නොහැකි වුනා.
ඇය සිටියේ ඉදිරිපස අසුනක බව සමීර දුටු නිසා ඔහු පසුපස ආසනයක් තෝරා ගත්තා.බස් රථය පෙ.ව.7.00 පමණ වන විට කොළඹට ලඟාවුනා.ගමන පුරාවට සමීර සිටියේ අවදියෙන්.පිටකොටුවට ආසන්න වන විට ප්රාර්ථනා අසුනෙන් නැගිටිනු සමීර දුටු නිසා සමීරත් කලබලයෙන් ඇයව අනුකරණය කලේ ඇය පසුපසම යා යුතු බැවිනි.
කොළඹ එක් ස්ථානයකදී ප්රාර්ථනා බස්රථයෙන් බැස්ස නිසා සමීරත් ඇයට නොපෙනෙන ලෙස බස් රථයෙන් බැස්සේ සිදුවන්නේ කුමක් ද කියා කිසිවක් නොදැනයි.සමීර සාමාන්යයෙන් කොළඹ ගැන දන්නේ මීට පෙර කීපවතාවක්ම රැකියා වලට සම්මුඛ පරීක්ෂණ සඳහා ඔහු කොළඹ පැමිණ තිබූ නිසයි.ප්රාර්ථනා ද පුරුදු අයෙකු ලෙස දෙනෝදාහක් ජනකාය අතරින් ඇවිදන් ගියේ සමීරව තවත් පුදුම කරවමින්.
සමිරත් ඇයව මගනොහැර ගැනීමට සැලකිලිමත් වූයේ එසේ උවහොත් උත්සාහය අපතේ යන නිසයි.
විවිධ අතුරු මාර්ගවලින් ගිය ඇය අවසානයේ ගියේ ⁣තරමක් කුඩා රෙස්ටුරන්ට් එකකටයි.සමීරද ඒ ආසන්නයටම ගියද එය තුලට නොගොස් හැකිතරම් ළඟින් සිට ඇය කුමක් කරාවිද කියා බලන් සිටියේ කුතුහලයත් සැකයත් පිරි දෙනෙතින්.
ඇය එහි යනවිට කවුරුත් පෙනෙන්නට නොසිටි අතර ටික වේලාවකින් ඇය ඉදිරියට පැමිණියේ කලු කලිසමක් නිල් පැහැ ෂර්ට් එකක් මෙන්ම ටයිකෝට් පැළඳි වැදගත් පෙනුමැති පුද්ගලයෙක්.
ඔහු ප්රාර්ථනාට අතට අත දී ඇ⁣ය ඉදිරියෙන් අසුන් ගත්තා.ඒත් සමඟම ප්රාර්ථනා ඇයගේ බෑගයෙන් ලැප්ටොප් පරිගණකයක් එලියට ගෙන එය ඒ මේසය මත තබා එහි වූ යම් දේවල් ටිකක් අනිත් පුද්ගලයාට පෙන්වන බව සමීර හොඳින් දුටුවත් ඔවුන් කතා කරන කිසිවක් සමීරට ඇසුණෙ නෑ.ඉන්පසු පැමිණි පුද්ගලයා ගෙන ආ ෆයිල් මිටියක් ප්රාර්ථනා පරීක්ෂා කරන බවත් සමීරට වැටහුණා.
සිදුවන්නේ සමීර සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ දෙයකි.ඔහුට ඔහුගේ දෑස් විශ්වාස කරන්නද නොකරන්නද කියා තීරණය කරගත නොහැකිවයි බලන්හිටියෙ.
ටික වේලාවකින් වේටර් වරයකු ලබාදුන් බීම දෙකක් දෙදෙනා පානය කරනු සමීර බලන් සිටියේ පෙර දින රාත්රියේ මිතුරාගේ නිවසින් ආහාරයට ගත් බත් වල බලයෙනි.උදයේ ඔහු වතුර උගුරක්වත් නොබී ප්රාර්ථනා පසුපස පැමිණියේ සිදුවන්නේ කුමක් දැයි නිවැරදිව දැනගත යුතු නිසයි….
ඇය පැයකින් පමණ ඒ ස්ථානයෙන් පිටත් වූයේ නැවත වරක් අතට අත දී අමුතු සංඥාවක්ද ඔහුට ලබාදෙමිනි.
ප්රාර්ථනා තවත් ස්ථානයකටත් ගොස් නැවත පේරාදෙණියට යාම සඳහා බැස්ටියන් මාවත අන්තර්පලාත් බස්නැවතුම්පලට පැමිණ මහනුවර කොළඹ බස්රථයකට නැගුනේ මේවන තුරු සමීර ඇය පසුපස පැමිණි බව නොදැනයි.සමීරත් ඇයට නොපෙනෙන ලෙස ඒ බස් රථයටම නැග්ගේ නොසන්සුන් සිතෙනි.
බස් රථය කොළඹින් ගමන් ඇරඹුවේ ප.ව.3.30 ටයි.බස් රථය පේරාදෙණියට පැමිණෙන විට රාත්රී 7 ට ආසන්න විය.ප්රාර්ථනා ගලහා හන්දියෙන් බසිනු දුටු සමීර ඒ බස් රථයේ තවත් දුර ගොස් බස්රථයෙන් බැස්සේ සිදුවූ සියල්ල නැවත නැවතත් මෙනෙහි කරමිනි.
සමීරට ප්රාර්ථනා ගැන කිසිවක් සිතාගත නොහැකිවයි සිටියේ.තමාට ඇය කල ආදරය බොරුවක් බවත් සමීරට දැනෙමිනුයි තිබුණෙ.ටික වේලාවකින් නාවලපිටිය බලායන බස් රථයක නැගුණු සමීර ගම්පොලින් බැස නිවසට ගියේ කඳුළු පිරි දෙනෙතිනි.
සමීර කෙලින්ම ඔහුගේ කාමරයට ගොස් දොරවසා දුරකතනය අතට ගත්තේ බිඳීගිය සිතකින් යුක්තවයි.එහි ප්රාර්ථනාගෙන් පැමිණි miss Call 25 ක් දිස්විය. තැනින් තැනදී ඇය සමීරට ඇමතුම් ගන්නා බව ඔහු දුටුවත් ඔහු ඒ එකකටවත් ප්රතිචාර නොදැක්වූයේ තමන් ද කොළඹ සිටින බව ප්රාර්ථනා දැනගනීවි යැයි බියෙනි.
දුරකතනය ස්ටූල් එක උඩින් තැබූ සමීර පැය ගණනක් කොට්ටය බදාගෙන හැඬුවේ ප්රාර්ථනාව සිහිකරමිනි.ඔහුට නොදැනුනවත්වම ඒ විදියටම නින්ද ගියද කොට්ටය කඳුලුවලින් තෙත්වී තිබිණි.
එදින දවසපුරාම සමීර සිටියේ දැඩි බඩගින්නකිනි.සිදුවූ දේවල් නිසා සමීරට ආහාර ගැනීමත් එපා වුනා.ජීවත් වන්නට ලැබුණු විශාලම අරමුණ දෑස් ඉදිරියේ බිඳී යන බව දැනුනු නිසා සමීර සිටියේ දැඩි කලකිරීමකින්.උදෑසනම ප්රාර්ථනාගෙන් සමීරට ඇමතුමක් ලැබුණා.
“හෙලෝ සුදු අයියේ ගුඩ් මෝර්නින්….”
“ගුඩ් මෝර්නින්….”
“මොකද සුදු අයියේ ඕනවට එපාවට කතාකරන්නෙ.ඇයි අනේ මාත් එක්ක තරහාවෙලාද.ඊයේ සැරින් සැරේ මම දුන්න එක කෝල් එකක්වත් ඔයා ආන්සර් කලේ නෑ.ඇයි අයියේ ඒ…..”
ප්රාර්ථනා කතාකලේ දුකින් බව සමීරට තේරුණත් සමීරට පෙර තරම් ඇයගැන ළෙන්ගතුකමක් දැනුනෙ නෑ.ඒත් ඇය ගැන තිබූ ආදරය අඩුවී තිබුණෙත් නෑ.
“නෑ පැටියෝ මගේ ඔලුව රිදෙනවා…ඊයෙ දවසෙමත් එහෙමයි.මම දවසෙම නිදාගෙන හිටියෙ බෙහෙත් බීලා….”
සමීර පළමුවතාවට ප්රාර්ථනාට බොරුවක් කලේ සිතකින් නොවේ.නමුත් එය නොකර සිටීමට ඔහුට නොහැකිවුණා….

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!