පුංචි දොස්තර නෝනා (24 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කලබලයක් කියලා තේරුණ නිසාම නෙතුලි ඉක්මනින්ම ලෑස්තිවෙලා පහල තට්ටුවට ආවා.අසංකත් ඒ වෙද්දි ලෑස්ති වෙලා බලන් හිටියෙ නෙතුලි එනකල්….
“තාත්තා….කාර්එකේ යතුර දෙනවද?”
“පුතා අර ළමයා බ….”
අසංක තාත්තට ඉතුරුටික කියන්න ඉඩ දුන්නෙ නෑ….එහෙම කළොත් නෙතුලි සියල්ලම දැනගන්නවා….මේ ආරංචිය ඇයට කලබලයෙන් කිවුවොත් ඇයට දරාගැනීමට නොහැකි වෙයි කියලා අසංක දන්නවා……
ඒ නිසාමයි යනගමන් හීන් සීරුවෙ ඒගැන කියන්න අසංක තීරණය කලේ…..පියාගෙන් කාර්රථයේ යතුර ඉල්ලන් නෙතුලිවත් නංවාගෙන අසංක මිහින්තලේ බලා පිටත් වුනේ තුවාල වූ අය ඇතුලත් කර ඇත්තේ මිහින්තලේ රෝහලට බව නිව්ස් වලින් කියූ නිසයි….
“අයියා…..ඇයි අැස්වල කඳුළු වගේ….මූණත් අමුතුයි……කියන්නකො අයියා…ඇයි මේ…..?”
“නෑ මොකුත් නෑ…අපි මිහින්තලේට යන්න ඕනි……”
“අයියා මං ඔයාගෙ නංගි.ඔයාට බෑ මට කිසිදෙයක් හංගන්න…..මොකක්හරි කරදරයක් කියලා ඔයාගෙ මූණෙන් පේනවා….කියන්න මගෙ අයියේ මොකක්ද ප්රශ්නෙ……?”
මං කොහොමද රත්තරං ඔයාට ඒක කියන්නෙ….ඔයා කොහොමද ඒක දරාගන්නෙ…ඔයාටඒක දරාගන්න බෑ කියලා මං තරම් දන්න වෙන කවුරුත් නෑ මගෙ පැටියො……මට සමාවෙන්න රත්තරං..”
අසංක හිතුවා මිසක් නෙතුලිට එහෙම කිවුවෙ නෑ….කියන්න තරම් හයියක් ඒ හමුදා හිතටවත් තිබුණෙත් නෑ…තමන්ගෙ නංගි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අයියා කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ….
ඒ නිසා ම දැන්ම ඉඳන් නංගිව අඬවන්න අසංකට බෑ.සමීරව දුටුව පසු ඇය කොහොමත් කවදාවත් නැති තරම් අඬනවා කියලා අසංක දන්නවා….
නෙතුලිට නොකිවුවත් සමීරව අසංක තමන්ගෙ මස්සිනා කරගත්තේ එදා නෙතුලි සමීර එක්ක නුවර ගිය දවසෙමයි….අසංක පැතුවෙත් තමන්ගෙන් නෙතුලිට ලැබෙන තරමේ ආදරයක් ආරක්ෂාවක් දෙන්න පුලුවන් කෙනෙක් කවදාහරි නෙතුලිගේ ජීවිතයේ සහකරු වෙන්න ඕනි කියලයි….
කීවතාවක් ඇසුවත් අසංකගෙන් පිලිතුරක් ලබාගත නොහැකි බව නෙතුලි දන්නවා.අසංක දෙයක් කිවුවොත් නෙතුලි ඊටවඩා ඔහුගෙන් ප්රශ්න කරන්න යන්නෑ…ඒත් දෙදෙනාගෙ බැඳීමේ දුරස් බවක් තිබුනෙත් නෑ කවදාවත්….
ඒ නිසාම නෙතුලි වාහනයෙන් එළිය බලාගෙන පාඩුවෙ හිටියා….ටික වෙලාවකින් නෙතුලිට නින්ද ගියේ දෙදෙනා අතරම කතාබහක් නොතිබූ නිසයි….අසංක ඇය සමඟ කතා නොකලෙත් ඒ හිත රිදෙයි කියලා බයට….
පැය තුනහමාරක් පමණ ඔවුන්ට මිහින්තලේට යාමට ගතවුනා….අසංක කෙලින්ම ගියේ මිහින්තලේ රෝහලට…
“එක්ස්කියුස් මී නර්ස්….මේ… ඊයෙ රෑ බස් ඇක්සිඩන්ට් එකෙන් තුවාල උන අයව ගෙනාවෙ මේ හොස්පිට්ල් එකටද?…
“ඔව් මෙහෙට ගෙනාවෙ…ඒත් අමාරු පේෂන්ලා හතරදෙනෙක් කුරුණෑගලට මාරු කරලා යැවුවා…..”
“ඒ අතර බස් එකේ ඩ්රයිවර් හිටියද…?”
අසංක ඇසුවෙ සැකයෙන්…
“ඔව් එයාට තමයි ගොඩක් අමාරු…මෙහෙට එයාව තමයි අන්තිමට ගෙනාවෙ.ගෙනාව ගමන් කුරුණෑගලට යැවුවා.අපි තියාගත්තෙ සුලු තුවාල තියෙන රෝගීන් විතරයි….
සමහර විට කුරුණෑගලිනුත් ඩ්රයිවර්ව කොළඹ යවයි.එයාට එච්චරම අමාරු තත්ත්වෙක හිටියෙ…”
“තැන්ක්යූ මිස්…..”
අසංක රෝහලෙන් එලියට ආවෙ කලබලයෙන්….අසංක නෙතුලිට වාහනයේ ඉන්න කියලයි රෝහල ඇතුලට ගියෙ….අසංක එලියට එද්දි නෙතුලි දෑස් විශාල කරන් බලන් හිටියෙ..
“අයියා මොකෝ මේ හොස්පිට්ල් එකට ආවෙ..කවුද ඉන්නෙ මෙහේ…..?”
නෙතුලි ඇහුවෙ පුදුමයෙන්…
“අඳුරන කෙනෙක් නෙතූ….
අසංක පැවසුවේ එපමණයි…..දැන් කුරුණෑගල යායුතුය….ඒත් මිහින්තලේටම පැමිණි නිසා පොලීසියට ගොස් බස්රථයත් බැලිය යුතුයැයි අසංකට නිකමට හිතුනා…නමුත් එය සිදු කල යුත්තේ නෙතුලි නොදකින ලෙසයි…
රෝහල් බිමෙන් වාහනය එලියට ගත් අසංක කෙලින්ම ගියේ මිහින්තලේ පොලීසියටයි…….අසංක සිතා සිටියේ බස්රථය පොලීස් භූමියේ ඇති බවයි.ඒනිසා නෙතුලිට හොරෙන් ම ඈත සිට බස්රථය බලා ආපසු යනබවයි අසංක තීරණය කරන් සිටියේ….
අවාසනාවට බස් රථය දමා තිබුණේ පොලීසිය ඉදිරිපිට අසල මාර්ගය අයිනේමයි.ඉදිරිපස ටෙන්ට් රෙද්දකින් වසා තිබුණත් බස්රථයේ බඳේ පැති ස්ටිකරය නිසා නෙතුලි අසංකටත් කලින් බස්රථය හඳුනාගත්තා…
“අයියා….සංදේශ් අයියගෙ බස්එක!!!!!”
“නෑ නෙතූ ඔය වෙන එකක්…”
“අයියා.. බොරුකරන්න එපා තවත්….ඔයා මෙච්චර දුරක් මාවත් එක්කන් ආවෙ සන්දේශ් අයියව බලන්න නේද?..අනේ මගෙ සංදේශ් අයියේ……ඔයා කොහෙද ඉන්නෙ රත්තරං…කියන්න අයියේ එයාට මොකද දැන්…ඔයා ඇයි මාව එයා ළඟට එක්කන් ගියෙ නැත්තෙ මගෙ අයියේ…..”
නෙතුලි හැඬුවේ අත්දෙකින්ම මුහුණ වසාගෙන….අසංකට කරන්න කිසිම දෙයක් නෑ.ඔහු තමන්ටම දොස් පැවරුවෙ ඇයව මෙතනට එක්කගෙන අාව නිසා….
“අයියා මට බහින්න ඕනි…මට යන්න ඕනි බස් එක ළඟට……අනේ ප්ලීස් අයියා….මට බහින්න දෙන්න…..”
නෙතුලි කතාකලේ ඉකිගසමින් හඬමින්මයි…
වෙන කරන්නට දෙයක් තිබුණෙ නෑ අසංකට……අසංක කාර්රථය පොලීසිය අසලින් නවත්වා නෙතුලිට කලින් වාහනයෙන් බැස්සෙ නෙතුලි කලබල කරයි කියලා හිතලා…..

 

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!