පුංචි දොස්තර නෝනා (25 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නෙතුලි කාර්එකේ දොර ඇරලා බස් එක ළඟට දිවුවා.අසංකටවත් ඇයව නතර කිරීමට නොහැකි වුනා…..බස් රථය ළඟට ගොස් ඇය එහි මුහුණ වසා තිබූ කලුපැහැ ටෙන්ට් රෙද්ද පැත්තකින් ඉවත් කලේ දෑස් වසාගෙනමයි….ඇයට බස්එක ⁣එහෙම බලන්න ශක්තියක් තිබුණෙ නෑ….ඇය දන්නවා බස්රථයට සිදු වී තිබුණු හානියෙන් සමීර⁣⁣ට වුන හානිය දැනගන්න පුලුවන් කියලා…..
ඇය දෑස් විවර කලේ අසංක ඇය ළඟට එද්දිමයි….
“හ් …….”
ඇයට හීල්ලුනා….එක්වරම ඇය සිහිනැතිව අසංකගේ ඇඟට හේත්තු වෙද්දි අසංක ඇයව බිම වැටෙන්න නොදී අල්ලගත්තා…
“නංගී…නංගී….නෙතූ..ඇස් අරින්නකො නෙතූ….අයියව බය කරන්න එපා රත්තරං…..”
අසංක කෑගැසුවෙ ඇයට කුමක් සිදුවුනාද කියලා දන්නැති නිසා.අසංක කෑගහද්දි පොලිස් නිලධාරියෙක් ඉක්මනින් එතනට ආවෙ කලබලයක් කියලා හිතලයි…
“ඇයි ඇයි මොකද උනේ…..මොකද කෑගහන්නෙ මේ…..”
“සර් මගේ නංගිට සිහිනැති වුනා එකපාරටම….අනේ සර් වතුර ටිකක් දෙන්න පුලුවන්ද?”
පොලිස් නිලධාරියා ඉක්මනින් පොලිස් ස්ථානයට ගොස් වතුර වීදුරුවක් අරන් ඇවිත් නෙතුලිගෙ මුහුණට ඉස්සා…නෙතුලිට සිහිය ආවෙ ඒ වතුර ටික නිසා…..
“මොකද මහත්තයා උනේ…?”
නිලධාරියාට ,සිදුවූ දේ අසංකම පැහැදිලි කලා..නෙතුලිගේ කම්මුල් තෙමාගෙන ගලායන කඳුළුවලින් අසංකගෙ අත්දෙකම තෙමිලා…
“ඇත්තටම මහත්තයා ඒ කොල්ලා වීරයෙක්……කරුමෙට තමයි බස් එක ලිස්සන්න ඇත්තෙ….කොල්ලා බස් එක අනිත් පැත්තට කැපුවෙ නැත්තම් බස්එක ටිපර්එකේ වැදිලා තුන්හතරදෙනෙක් මේ වෙද්දිත් මැරිලා…….මිනිහා එයා ගැනවත් හිතලා නෑ…..අපිත් ප්රාර්ථනා කරන්නෙ ඒ කොල්ලට ඉක්මනට සනීප වෙන්න කියලා…මොකද දන්නවද මහත්තයො ඒවගේ ඩ්රයිවර්ලා හරිම අඩුයි ලංකාවෙ….බස්වලට ඕනි ඔයවගේ මිනිස්සු ගැන හිතන මිනිස්සු….”
පොලිස් නිලධාරියා එතනින් ඉවත්වෙලා ගියේ එහෙම කියාගෙන….නෙතුලිට සමීර ගැන තිබුණ ආඩම්බරයයි දුකයි එක්වරම වැඩිවුනේ පොලිස් නිලධාරියාගේ ඒ කතාව නිසා….
“ඇයි මගෙ අයියේ සංදේශ් අයියා බස් එකේ ඉන්න හැමෝම ගැනම හිතලා මං ගැන විතරක් හිතුවෙ නැත්තෙ….”
නෙතුලි ඇහුවෙ ආයිත් අඬමින්….
“එයා ඔයාගැන නොහිතුවා නෙවෙයි රත්තරං…ඒක එයාගෙ රාජකාරිය නංගී…එයාගෙ අතේ තියෙන්නෙ අනුන්ගෙ ජීවිත…ඒ ජීවිතවලට එයා වගකියන්න ඕනි නෙතූ..ඒ අහිංසක මිනිස්සු ගෙවල්වලට යනකල් ගෙවල්වල කීදෙනෙක් බලන් ඉන්නවද?
සංදේශ් වීරයෙක් කිවුවෙ ඒකයි….තමන් ගැන නොහිතා අනුන් ගැන හිතන මිනිස්සු හරිම අඩුයි පැටියෝ….එච්චර දුර්ලභ කෙනෙක් ඔයාට හම්බවෙලා තියෙන්නෙ…”
“එයා ඒ හැමෝම ගැනම හිතුවා ,ඒත් එයා හිතුවෙ නෑ මං එයා එනකල් බලන් ඉන්නවා කියලා….එයාගෙ අම්මා තාත්තා එයා ගෙදර එනකල් බලන් ඉන්නවා කියලා…..දෙවියො එච්චරම වටින කෙනෙක් මට දුන්නනම් ඇයි එයාව ආයිත් මගෙන් උදුර ගන්න හදන්නෙ……”
නෙතුලි ඇඬුවෙ බස්එක ඉස්සරහා බිම දණගසාගෙන…ඇයට එතනින් නැගිටීමටවත් ශක්තියක් තිබුණෙ නෑ…
ඇගේ ප්රශ්නවලට උත්තර අසංක ළඟ තිබුනෙත් නෑ….අසංකත් ඒ ප්රශ්න ඉදිරියේ නිරුත්තර වුනා….නෙතුලිව අසංක නැගිට්ටවාගත්තෙ ඇගේ බරත් ඔහුගෙ ඇඟට අරන්……
අසංක ඇයව උරහිසට හේත්තු කරගෙන කාර්එකට යන්න හැදුවත් නෙතුලිට ඕන උනේ බස්එක වටේ එකම වතාවක් ගිහින් එන්න….අසංක ඇයට ඉඩදීලයි ඒ විදියටම නෙතුලිව බස් එකවටේ එක්කගෙන ගියේ….
ඇදවෙලා තිබුණු බස්එකේ තහඩුවලින් , බිඳී තිබුණ වීදුරුවලින් නෙතුලි දැක්කෙ මේ බස්එකේම සමීර එක්ක ගොඩක් සතුටින් ආව ගිය මතක…….ඒ පරිස්සම,පන්සලක් පන්සලක් ගානෙ නවත්වලා පඬුරු දාපු භක්තිය,අත් දෙක එකතු කරලා වැඳගෙන දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ඉල්ලූ ආකාරය නෙතුලිට එකින් එක මතක් වුනා…….
බස්රථයේ සෑම වීදුරුවක්ම වගේ බිඳිලා තිබුණා…සමහර තැන්වල ජනෙල් පිටින් ගැලවිලා….ඒ තැන්වලින් මිනිස්සුන්ව එලියට ගන්න ඇත්තෙ කියලා නෙතුලි අඬන ගමන් තනිවම සිතුවා….
බස්රථයේ පිටුපස ලියා තිබුණ දෙයක්ලඟ නෙතුලිගේ ගොඩක් දුරකට දුවමින් සිටි සිතත් නෙතත් නැවතුණේ එකවරමයි….
“නොදැක බැරි හීනයෙන් පවා….
පෙනෙන්නේ ඇත්තමයි ඔයා….
ලියන්නම් ලේවලින් පවා….
දාලා යන්නෑ හැබැයි ඔයා……”
නෙතුලි ඒ වචන හිමින් සීරුවෙ මිමිණුවේ ⁣වියලුන කම්මුල් තෙමාගෙන ආයිත් සැරයක් කඳුළු ගලාගෙන යද්දි.ඒ වචන වල තිබුණෙ තමන් ගැනමයි කියලා නෙතුලි ට දැනෙද්දි ඒ අහිංසක හදවත දහස්වාරයක් මැරි මැරී ඉපදෙන්න ඇති.ඒ බව පෙන්නුවෙ ඒ අහිංසක පුංචි දෑස්වලින් ගලාගෙන ගිය කඳුළු…
ඒ වචන ටික ලියලා ඉවරවුන තැන රතුපාට හදවතක් ඇතුළෙ ‘ප්රාර්ථනා’ කියලත් ඉංග්රීසියෙන් පුංචියට ලියලා තිබුණා…ඇය සිතූ සේම සමීර ඒ වචන අලවා තිබුණේ ඇය වෙනුවෙන්මයි….
නෙතුලි ඒ නිල්පාටින් අලවා තිබූ වචන ටික මත ඇගේ දකුණු අත යැවුවේ ඒ වචන ටික ඔහුගෙ ආදරයේ සංකේතයක් කියලා සිතුණු නිසා…
අසංකත් ඒ බව දැක්කා…අසංකටත් ඒ වචන ටික කියවද්දි දැනුනෙ කවදාවත් දැනිලා නැති දුකක්…නෙතූට ලැබිලා තියෙන ආදරය ගැන ලොකු සතුටක් අසංකට දැනුණා…ඔහු හිතින් දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඒ ආදරය නෙතූගෙන් ඈත්කරන්න එපා කියලයි.
“දැක්කා නේද පැටියො එයා කවුරු ගැනද වැඩියෙන්ම හිතලා තියෙන්නෙ කියලා…”
“ඔව් අයියේ එයා මටත් හොරෙන් එයාගෙ ආදරේ ගැන හැමෝටම පේන්න ලියලා….මම එයා ගැන අද හිතලා තියෙන්නෙත් වැරදියට……”
“දන්නවද පැටියො එයා එයාගෙ රස්සාව හරියට කරලා….එයා එහෙම නොකලනම් අද කීදෙනෙක් ඔයාවගේ අඬනවද?ගෙවල් කීයක සුදු කොඩි දාලද? එයා අපිව අඬවලා උනත් ඒ සේරම නැවැත්තුවා රත්තරං……”
අසංක කිවුවෙ බස්එක දිහා බලලා ගැඹුරු හුස්මක් පිටකරන ගමන්.
“අපි දැන් යමු ඉක්මනට කුරුණෑගලට…..සමීර සමහර විට කුරුණෑගල හොස්පිට්ල් එකේ ඇති…”
සමීර බස්රථයේ පිටුපස ඒ ගීත කොටස ස්ටිකර් කලේ ප්රාර්ථනාව හමුවෙලා දවස් පහකට පසුයි.ප්රදීප්ගෙන් ඊටකලින් ඒ ගැන අහද්දි ඔහුත් ඒකට අකමැති නොවුනෙ සමීර බස්වලට ඇති අාදරේ ගැන දන්න හින්දමයි….
නෙතුලිත් අසංකත් දෙදෙනාම කුරුණෑගල බලා පිටත් වුනේ ලොකු දුකක් හිතේ තදකරගෙන….ඒ දුක නෙතුලි කඳුලුවලින් පිටකලත් අසංක එහෙම කලේ නෑ….පිරිමි අඬන්නෙ හදවතින් විතරයි…ඒ නිසා ඇස්වලින් ඒ දුක පිටකරන්න අසංකට බෑ…නෙතුලිට ඇතිතරම් අඬන්න අසංක ඉඩදුන්නෙ තමන්ටත් වඩා ඒ හිතේ තියෙන දුක හිතේම තද කරන් ඉන්නවට වඩා කඳුලුවලින් පිටකරන එක පහසු නිසයි….සියුමැලි හිතකට එච්චර බරක් ලබාදිය යුතු නැහැ කියලයි අසංක මග දිගටම සිතුවෙ…….

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!