පුංචි දොස්තර නෝනා (26 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ටික වේලාවකින්ම කුරුණෑගල රෝහලට එන්න අසංකටත් නෙතුලිටත් පුලුවන් උනා…අසංක තනිවම රෝහලතුලට යන්න උත්සහ කලත් නෙතුලි කැමති වුනේ නෑ..
“අයියා ඔහොම ඉන්න.මමත් එනවා….”
“නෙතූ ඔයා ඉන්න..මම ගිහින් බලලා එන්නම් එයා මෙහෙද කියලා…..නැත්නම් අපිට කොළඹ යන්න වෙනවා..”
“කමක් නෑ අයියෙ මමත් එනවා….”
නෙතුලි කිවුවෙ කඳුලුපිසිමින් කාර්එකෙන් බහින ගමන්..
“හරි යමුකො එහෙනම්….”
අසංක නෙතුලිගෙ අතකින් අල්ලගත්තා…සෙනඟ නිසා නෙතූව මගහැරෙයි කියා බයක් දැනුණ නිසයි අසංක ඇගේ අතින් අල්ලන් එක්කගෙන ගියෙ….
අනතුරක් නිසා ගෙන ආ රෝගීන් නිසා ඔවුන් කෙලින්ම ගියේ හදිසි අනතුරු ඒකකයටයි…
“එක්ස්කියුස්මී මිස්….මට කියන්න පුලුවන්ද මිහින්තලේ හොස්පිට්ල් එකෙන් මාරුකරලා එවුව පේෂන්ලා සේරම මේ හොස්පිට්ල් එකටද ඇඩ්මිට් කලේ කියලා…..අර බස් ඇක්සිඩන්ට් එකෙන්……”
“ආ….බස් ඇක්සිඩන්ට් එකෙන් තුවාල වුන පේෂන්ලා හතර දෙනෙක් මෙහෙට ගෙනාවා…..ඒත් එක්කෙනෙක්ව ⁣බාරගත්තෙ නෑ…කෙලින්ම කොළඹ යැව්වා එයා⁣ට ගොඩක් අමාරු නිසා….අනිත් තුන් දෙනා මේ හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලා…එයාලට නම් ලොකු ප්රශ්නයක් නෑ දැන්…..ඒත් ඒ මාරුකරලා යවපු ඩ්රයිවර්ගෙ ජීවිතේ නම් ශුවර් කරන්න අමාරුයි සර්….එයාට ගොඩක් ඩැමේජ් වෙලා…..”
ඒ වචන ටික ඇහුණ ගමන් නෙතුලි බිම ඉන්දවුනා……අසංකගෙ අතේ එල්ලිලාමයි නෙතුලි ඇඬුවෙ….ඒ ඇඬීම නවත්ත ගන්න ඇයටවත් පුළුවන්කමක් තිබුණෙ නෑ…කොච්චර සෙනඟක් හිටියත් ඇයට ඒ ගැන සිතන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නෑ…
“නෙතූ…..මෙයාලා එහෙම කිවුවට දැන් සමීරට හොඳවෙලා ඇති.කොළඹ හොස්පිට්ල් එකේ ෆැසිලිටීස් වැඩීයි…ඉතින් බයවෙන්න එපා….කෝ ඉතින් අඬන්න එපා නෙතූ….නැගිටින්නකො….”
“එක්ස්කියුස්මී සර්…මේ මැඩම් ඒ පේෂන්ගෙ කවුරුහරිද?”
රෝගීන් අැතුලත්කරගන්නා ස්ථානයේ සිටි හෙදිය අසංකගෙන් එහෙම ඇහුවෙ එකපාරම නෙතූ අඬන්න පටන්ගත්ත නිසා…
“මේ එයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ්..”
“ඕ අයිම් සොරි සර්…අයිම් රියලි සොරි…”
“ඉට්ස් ඕකේ……”
අසංක ගොඩක් අමාරුවෙනුයි නෙතුලිව කාර්එකට එක්කගෙන ආවෙ……..අසංක ඒ ගමන් ම කුරුණෑගලින් කොළඹ බලා පිටත් වුනා….උදේට ආහාරයක්වත් නැති නිසා අසංක⁣ට දැනුනෙ ලොකු බඩගින්නක්…නෙතුලිටත් එහෙම වෙන්න ඇති කියලා හිතලා අසංක කාර් රථය රෙස්ටුරන්ට් එකක් ළඟ නැවැත්තුවා..
“නෙතූ අපි මොනවාහරි කාලා යමු..මට නම් ගොඩක් බඩගිනී…ඔයාටත් එහෙමනෙ..?”
“නෑ අයියා ඔයාට බඩගිනිනම් ඉක්මනට කාලා එන්න…පරක්කු වෙනවා….මට බඩගිනි නෑ…”
“නෙතුලි කිවුවෙ පාරදිහා බලන්…..
“එහෙම කියලා බෑනෙ…..බහින්න කියනදේ අහලා…මම දන්නවා ඔයාට බඩගිනී කියලා…..”
“සංදේශ් අයියට කොහොමද කියලවත් දන්නැතුව මම කොහොමද අයියෙ හිතහදාගෙන කෑම කන්නෙ….ප්ලීස් ඉක්මනට ඔයා කාලා එන්න අයියේ….”
“එහෙම කියලා කොහොමද?මේ වෙලාවෙ ඔයා ශක්තිමත් වෙන්න ඕනි..උදේ ඉඳන් මොකුත් නොකා කොහොමද ඉන්නෙ.තවටිකක් හිටියොත් ඔයාවත් හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වෙයි කලන්තෙ හැදිලා…
ප්ලීස් එන්න නෙතූ….අපි කාලා ඉක්මනට කොළඹ යමු….”
අසංක නෙතුලිව එක්කගෙන ගියේ බලෙන්මයි….
“ඕ ෂිට්…මේ ට්රැෆික් එක…….කරුමෙට මේ වෙලාවෙම ට්රැෆික් එකනෙ….”
කොළඹ කිට්ටු වෙද්දි කොළඹට සුපුරුදු වාහන තදබදය.
අසංකට කේන්ති ගියේ පේන තෙක්මානෙ තියෙන ට්රැෆික් එක නිසා…..සමීරගෙ තත්වය දන්නැති නිසා අසංක තවත් කලබල වුනා….
පැය භාගයකටත් වඩා එතන අසංකලාට ඉන්න සිද්ධ වුනා.
ඒත් කොහොමහරි කොළඹ ජාතික රෝහලට නෙතුලිත් අසංකත් ආවෙ පුංචිම පුංචි බලාපොරොත්තුවක් හිතේ තදකරගෙන…
හදිසි අනතුරු ඒකකය වෙනදාටත් වඩා කාර්යයබහුලද කියලත් අසංකට හිතුනා.ඒ තරම් සෙනඟ.නෙතුලිනම් ජාතික රෝහල ආව පලමු දවස අද……
“මිස් ඊයෙ රෑ මිහින්තලේ බස් ඇක්සිඩන්⁣ට් එකේ පේෂන් කෙනෙක් ගෙනාවා නේද?….”
“ආ ඉන්න බලන්න පොඩ්ඩක්…….”
හෙදිය හදිසි අනතුරු ඒකකයේ රෝගීන් ඇතුලත් කිරීමේ පොත පෙරලුවා…..
“අනේ මිස් ඉක්මනට….”
නෙතුලිට මේ වෙද්දි ඉවසීමක් තිබුණෙ නෑ..
“ඉන්න පොඩ්ඩක්….මේවා හරියට බලන්න ඕනිනෙ…කෑගහන්න එපා….”
හෙදිය කතාකලේ තරමක් තදින්..නෙතුලි නිශ්ශබ්ද වුනා පුංචි ළමයෙක් වගේ….ගතවෙන තත්පරයක් තත්පරයක් පාසා නෙතුලි අසංකගෙ අත තදින් මිරිකුවා…
“අනේ අයියේ…..”
“ඉන්නකො නෙතූ පොඩ්ඩක් කලබල නැතුව…..”
ඒවෙද්දි නැවතත් නෙතුලිගෙ ඇස්වල කඳුළු පිරිලා අඬන්න සූදානම් වෙමින් තිබුණෙ…එ්ත් ඒ කඳුළු සමීර ඉදිරියේම හලන්න නෙතුලි පරිස්සම් කලේ බිඳුවක්වත් බිම නොවැටෙන විදියට…..
“ආ….එයාව අයි සී යූ දාලා ගෙනාව ගමන්…ගොඩක් අමාරුවෙලා ගෙනත් තියෙන්නෙ…..ඔයාලා අයි සී යූ එකට යන්න…”
හෙදියගේ වචන තියුණු පිහිපාරවල් මෙන් නෙතුලිගෙ හදවතට දැනුනෙ…දෙදෙනාම ඉක්මන් කලේ අයි සී යූ එකට යන්න….අසංකවත් මීට කලින් අයි සී යූ එක ලඟට ගිහින් නොතිබුණ නිසා කීපදෙනෙක්ගෙන්ම මාර්ගය අසාගැනීමටත් දෙදෙනාට සිදුවුණා…
අවසානයේ දෙදෙනාම නතරවුනේ ඇතුළත නොපෙනෙන ලෙස බොඳකරපු වීදුරු සවිකරපු දොරවල් තියෙන ජාතික රෝහලේ අයි සී යූ එක ඉදිරියෙ…..
නෙතුලි දොර විවෘත කරගෙන ඇතුලට යන්න හැදුවත් අසංක ඇයව වැලැක්වූවා…ඒ කල දේ වැරදී කියලා දැන දැනත් නෙතුලි දෙතුන් වතාවක්ම ඒ දේම කරන්න උත්සහ කලා….
ටික වෙලාවකින් හෙදියක් එලියට ආවෙ මේ කලබලය ඇතුලට දැනුණ නිසාද කියලත් අසංකට හිතුනා.
“මොකද මේ…?කවුද ඔයාලා….ඇයි කලබල කරන්නෙ….”
හෙදියගෙන් ප්රශ්න අහන්න කලින් හෙදිය ඉක්මන්වෙලා ඇහුවෙ එකදිගට ප්රශ්න වැලක්ම….
“මිස් මේ ඇතුළෙ ඉන්නෙ බස් ඇක්සිඩන්ට් එකක් නිසා තුවාල වෙලා ගෙනාව පේෂන් කෙනෙක්ද?”
අසංක ඇහුවෙ බයෙන් වගේ….
“ඔය අහන්නෙ කුරුණෑගලින් මාරුකරලා එවපු බස් ඩ්රයිවර් ගැනද?”
“ඔව් මිස්….එයා තමයි…එයා⁣ට කොහොමද..අනේ මිස් මට බලන්න පුලුවන්ද එයාව….”
එකදිගටම නෙතුලි එහෙම අහද්දි හෙදියගෙ ඇස් අමුතු වෙනබව අසංක දැක්කා…ඒ නිසාමයි අසංක කලබලනොවී හෙදිය කෝප නොගන්වා විස්තර අහගන්න උත්සහ කලේ….
“මිස් මගේ මේ නංගි බඳින්න ඉන්න කෙනා ඒ…ප්ලීස් එයාට කොහොමද කියන්න පුලුවන්ද?”
“ආ එයා නෙවෙයි ⁣ඇතුලෙ ඉන්නෙ.මේ වෙන පේෂන් කෙනෙක්…ඒ පේෂන්ව අපි දවල් ස්පෙෂල් වෝඩ් එකකට දැම්මා..කියන්න කනගාටුයි, එයාගෙ ජීවිතේ දැන් තියෙන්නෙ මැෂින් වලින්.අපි පුලුවන් තරම් උත්සහා කලා..අපිටත් කරන්න පුලුවන් සීමාවක් තියෙවනෙ.දැන් ඩොක්ටර්ස්ලට මොකුත් කරන්න බෑ…වාසනාව තමයි විශ්වාස කරන්න වෙන්නෙ.අයිම් සොරි මිස්ටර්….”
හෙදිය එහෙම කියාගෙනම නැවතත් කලබලයෙන් අයි සී යූ එක තුලට යන අතරෙ නෙතුලිට මතක ඇස් නිලංකාර වෙනවා විතරයි….

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!