පුංචි දොස්තර නෝනා (27 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මම මේ කොහෙද ඉන්නේ…?….අනේ කවුරුහරි කියන්නකො මට මොකද උනේ කියලා….”
නෙතුලිට සිහිය එද්දි හිටියෙ ජාතික රෝහලේ සාමාන්ය වාට්ටුවක ඇඳක් උඩ…ඒත් එකවරම ඒබව හිතාගන්න නෙතුලිට නොහැකි වුනා….ඒ නිසයි නෙතුලි කලබලයෙන් කෑගැහුවෙ…
“දඟලන්න එපා පැටියො…ඔයා ඉන්නෙ වෝර්ඩ් එකක…දැන් ප්රශ්නයක් නෑ…ඔයාට කම්පනයක් ඇතිවෙලා…ඩොක්ටර් කිවුවා තව ටිකක් රෙස්ට් කරනකොට හරියයි කියලා…”
“අයියේ, මගේ සන්දේශ් අයියා…..”
නෙතුලි එහෙම කියාගෙනමයි ඇඳෙන් බැස්සෙ…..ඒ ක්ෂණිකයෙන් නෙතුලි වෝඩ් එකෙන් එලියට දිවුවා…”
අසංක ඇයව නවත්ත ගත්තෙ විශාල වෙහෙසක් දරලා….දිවුවත් දුවන්න ඕනි දිශාවක්වත් නෙතුලි දැනගෙන හිටියෙ නෑ…රෝහලම පීරලා හරි සමීරව හොයාගන්න අරමුණ විතරයි ඇයගෙ හිතේ තිබුණෙ…
“නෙතූ…නෙතූ….මේ අහන්න…මොනවද මේ කරන්නෙ.මේ හොස්පිට්ල් එකේ ඔයා කොහොමද මෙහෙම සමීර ඉන්න තැන හොයාගන්නෙ….ප්ලීස් නෙතූ…කලබලවෙන්න එපා….ඔයා දැන් ඔයාගෙ අයියටත් අකීකරු වෙනවද අා….”
“අයිම් සොරි අයියා….ඒත් මම යන්න ඕනි.කොහොමහරි සංදේශ් අයිය⁣ව හොයාගන්න…එයා මම එනකල් බලාගෙන ඇති…ප්ලීස් අයියා මම යන්න ඕනි ඉක්මනට…..”
නෙතුලි කවදාවත් මෙච්චර කලබලවෙනවා අසංක දැකලා නෑ…නෙතුලි හිමින් ප්රශ්න විසඳගන්න දක්ෂ කෙල්ලෙක්..ඒත් මේ වෙලාවෙ ඇයවත් දන්නෑ කුමක් කරන්නද කියලා….
“නෙතූ….නෙතූ…මේ අහන්න පණ.මම අනිවාර්යෙන් ඔයාව සමීර ළඟට එක්කගෙන යනවා….ඔයා කලබලවෙන්න එපා රත්තරං…මම දන්නවා එයා ඉන්න වෝඩ් එක….මම ඔයාව එක්ක යන්නම්…”
අසංක කිවුවෙ නෙතුලිගෙ කම්මුල් දෙකට අත්දෙක තියලා තදකරන් නෙතුලිගෙ මුහුණ ඔහුගෙ මුහුණට කෙලින් තියාගෙන….නෙතුලි, කඳුලුවලින් බොඳවුන අසංකගෙ මුහුණෙ දර්ශනය දිහා බලන් හිටියෙ අසරණ විදියට..
අසංක කවදාවත් තමන්ගෙ නංගිගෙ ඒතරම් අසරණ මුහුණක් දකින්නට වේවි කියලා හීනෙන්වත් හිතලා තිබුණෙ නෑ.කිසිම අයියා කෙනෙක් ඒ දේ ප්රාර්ථනා කරන්නෙත් නෑ…ඒත් නෙතුලිගෙ ඒ අසරණ බව දකින්න තරම් තමන් පවුකරලා තියෙනවා කියලා අසංකට හිතුනා ..
තවත් වෙලා ඒවිදිය⁣ට නෙතුලිගෙ අසරණ දෑස්දිහා බලන් ඉන්න අසංකගෙ දෑස් අකමැති නිසාම අසංක බිම බලාගත්තා…ඒත් නෙතුලි තාමත් අසංකගෙ මුහුණ දිහා බලන් ඉකිගසනවා…
අසංක යලිත් එකම වරක් ඒ මුහුණ දිහා එකඑල්ලෙ බලලා නෙතුලිගෙ අතින් තදකරලා අල්ල ගත්තා…..අසංකගෙත් දෑස්වල කඳුළු….අසංක කඳුළු පිසදාගත්තෙ නෙතුලිට නොපෙනෙන්න උනත් නෙතුලි ඒ බව දැක්කා….
අසංකට ඕන උනේ නෙතුලි ඉදිරියේ තමන්ගෙ හිතහයිය බව ඇයට පෙන්වන්න.ඒ නෙතුලිගෙ එකම හයිය තමන් නිසා…තමන්ගෙ ඇස්වල කඳුලු නෙතුලි දැක්කොත් ඇයට තියෙන එකම හයියත් ඇයට නැතිවේවි කියලයි අසංකගෙ හිත හැමවෙලාවෙම කිවුවෙ…..
මොනවා උනත් කොල්ලෙක්ට පුලුවන් වෙන්න ඕනි තමන්ගෙ නංගිට උනත් අක්කට උනත් වෙන කෙල්ලෙක්ට වුනත් හයියක් ඕන වෙලාවකදි හයියක් වෙන්න….ඒකයි පිරිමිකම….අසංක ඒ දේවල් ඉගෙනගත්තෙ ලබපු අත්දැකීම්වලින්…..
ඒ ගතිගුණමයි සමීරට තියෙන්නෙත්.ඒ නිසාමයි අසංක සමීරව නෙතුලිට හිමි කරලා දෙන්න මේතරම් උත්සහා කරන්නෙ…සමීර තරම් වටින කොල්ලෙක් කිසිදිනක අසංකටවත් මුණගැසිලා තිබුණෙ නෑ…..
දෙදෙනාම කොරිඩෝ මැදින් වේගයෙන් ගමන්කලා…ඇවිදන් යනවටත් වඩා කලේ දෙදෙනාම දුවන එක…යන දිශාවන් සොයාගැනීමටත් නොහැකිතරම් සෑමදිශාවකටම විහිදුණු කොරිඩෝ…..
අවසානයේ එක් වාට්ටුවක් ඉදිරියේ දෙදෙනාම නතරවුනේ එකවරමයි.දොර වසා තිබුණත් ඇතුලත දැකීමට දොරෙහි වීදුරුවෙන් හැකියාව තිබුනා.ඒ බව හැඟුන නිසාමයි අසංකටත් කලින් නෙතුලි ඒ දොරලඟට ගොස් වීදුරුවෙන් එබී බැලුවෙ….
“අනේ මගෙ සංදේශ් අයියා…..සංදේශ් අයියේ ඔයාට බෑ ඔහොම ඉන්න…මම මෙතන අඬද්දි ඔයා කොහොමද රත්තරං ඔය විදියට ඉන්නෙ.ඔයා එක දවසක්වත්…එකම දවසක්වත් මගේ ඇස්වලින් කඳුලක් වැටෙන්න දීලා නෑ රත්තරං…කාත්කවුරුවත් නැති පලාතකදි මාව ඔයාගෙම සහෝදරියක් වගේ ආරක්ෂා කලා….ඒත් ඇයි රත්තරං අද මං දිහා නොබලා ඇස්පියාගෙන ඉන්නෙ….
ඔයාට බෑ ඔයවිදියට ඉන්න….ඔයාට බෑ රත්තරං….මාව මැරිමැරි උපදිනවා රත්තරං ඔයා මැෂින් එකකින් හුස්ම ගන්නකොට….අනේ රත්තරං ,ඔයා ඔච්චර දුර්වල කෙනෙක් නෙමෙයි සුදු අයියේ….ඔච්චර දුර්වල කෙනෙක් නෙවෙයි…..”
නෙතුලි හැඬුවෙ දොර පාමුල ඉඳන්මයි….දොරේ අගුලෙහි එල්ලිලා හැඬුව නිසාදෝ ඇතුලත සිටි වෛද්යවරයෙක් එලියට ආවා…..
“මේ මිස් ????”
“ආ..ඩොක්ටර් මේ මගෙ නංගි…..”
“එතකොට අර පේෂන්ගෙ????”
“පේෂන්ගෙ ගර්ල්ෆ්රෙන්ඩ්…..”
“ඕ සොරි මිස්ටර්….පේෂන්ගෙ තත්වය ගොඩක් නරක අතට හැරිලා තියෙන්නෙ…පේෂන්ගෙ පපුව ප්රදේශය ලොකු තෙරපීමකට ලක්වෙලා තියෙනවා…මං හිතන්නෙ සුක්කානමට මෙයා හිරවෙලා තියෙනවා…ඒක නිසා ජීවත්වීමේ සම්භාවිතාව ගොඩක් ම අඩුයි..මෙයාගෙන් මේ වෙනකල් කිසිම රිඇක්ෂන් එකක් නෑ…පොඩිහරි රිඇක්ෂන් එකක් ලැබුණොත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්..
ඇත්තටම මේවගේ වටින ජීවිතයක් අපිට අතහරින්න බෑ…ඒකනිසයි අපි අන්තිම තත්ත්පරය වෙනකල් මෙයාව ජීවත් කරවන්න උත්සහ කරන්නෙ.අපිට අනිත් පේෂන්ලා නොවටිනවා කියනවා නෙවෙයි….ඒත් මෙයා ජීවිත ගොඩක් බේරගත්ත කෙනෙක් කියලා අපිට ආරංචි වුනා….ඒකනිසා මෙයාගෙ ජීවිතේ සාමාන්ය කෙනෙක්ට වඩා ගොඩක් වටිනවා….අපිට කරන්න පුලුවන් හැමදේම මේ වෙද්දිත් කරලා තියෙන්නෙ.ඒත් අපි අපේ සීමාවත් ඉක්මවලා මෙයාව ජීවත් කරවන්න උත්සහ කරනවා….”
වෛද්යවරයත් සමඟ කතාකලේ අසංක විතරයි..නෙතුලි අඬනවා විතරමයි….ඇයට කතාකරන්නෙ මොනවද කියලවත් වැ⁣ටහීමක් දැන් නෑ….
“ඩොක්ටර් ⁣අපිට පේෂන්ව බලන්න පුලුවන්ද?ප්ලීස් ඩොක්ටර් මගේ නංගිගෙ තත්ත්වෙ පේනවනෙ.එයා ගැන හිතලවත්…”
“ඕකේ…ඔයාලට එයාව බලන්න පුලුවන්. ඒත් එකදෙයක් , එයා ඉස්සරහදි අඬන්න තහනම්…ඕනම දෙයක් එයා එක්ක කතාකරන්න.පුලුවන් තරම් එයා එක්ක කතාකරන්න…එයාගෙ අතීතෙ මතක් කරන්න….එයාගෙන් පුංචිම රිඅැක්ෂන් එකක් හරි ලැබුණොත්,අඩුම ඇඟිල්ලක්හරි හෙලෙව්වොත් මට කියන්න ඉක්මනට….මතක තියාගන්න,කලබල නොකර… අඬන්නෙ නැතුව කතාකරන්න විතරයි පුලුවන්….තේරුණානෙ….”
“තේරුණා ඩොක්ටර්….”
නෙතුලි කතාකලේ කඳුළු පිසදාගනිමින්.ඒ සුදු මුහුණම රතුවෙලා තිබුණෙ……
නෙතුලිව නැගිට්ටවාගත්තෙ අසංක….වරින් වර නෙතුලිගෙ ඇස්වලින් ගලාගිය කඳුලු අසංකගෙ අතින්ම පිසදැම්මා.
නෙතුලි සමීර ඉදිරියේ නොඅඬා ඉන්න අපහසුවෙන් උවත් හිතදැඩි කරගත්තෙ සමීර හින්දමයි.
⁣වෛද්යවරයා ඉවත්ව ගිය පසු ඉබේම වැසුණු දොර යලිත් විවරකර අසංකත් නෙතුලිත් සමීර ලඟට ගියෙ දහස්වාරයක් හිතින් අඬමින්.ළා නිල්පාට අත්දිග ෂර්ට් එකක් හා තදනිල් පැහැ ඩෙනිම් කලිසමක් පුරුදු විදියටම සමීර ඇඳලා හිටියෙ….
ළා නිල්පාට ෂර්ට් එකේ තද පැල්ලමක් තිබුණා.ඒ ලේ පැල්ලමක් නිසා කියලයි දෙදෙනාම හිතුවෙ.ඒ සිතූ දේ නිවැරදියි..දකුණු අත බැන්ඩේජ් වලින් වෙලලා තිබුණෙ…ඩෙනිම් කලිසමේ කකුල් දෙකම දණහිසට පහලින් කතුරකින් කපලයි තිබුණෙ..එසේ සිදුකරලා තිබුණෙ කකුල් දෙකටත් බැන්ඩේජ් දාන්න.දණහිස ළඟ සිට විලුඹ අසලටම කකුල් දෙකම වෙලලා තිබුනා.නෙතුලි ඇඬුවෙ නැතත් ඒ ඇස්වලින් කඳුළු උනනවා…ඒ වැටෙන කඳුළු වැටුනෙ සමීරගෙ ඇඟට.
“සංදේශ් අයියේ….මගේ සුදු අයියේ….ඔයාට මොකුත් වෙන්නෑ..මං ඔයාවෙනුවෙන් ඕනිම දෙයක් කරනවා….මට කියන්න අයියේ…..මාත් එක්ක කතාකරන්න රත්තරං…..
කවදාවත් කිසිම ආදරවන්තයෙක් ඔයාතරම් කෙල්ලෙක්ව පරිස්සම් කරන්නෑ..ඒක ඉරහඳ වගේ විශ්වාසයි…කිසිම දවසක වැරදි බැල්මක්වත් ඔය ඇස්වලින් මට දීලා නෑ…මගේ ඇඟට අතක්වත් තියලා නෑ ඔයා….ඔයා හැමදාම කිවුවෙ මගේ ආත්ම ගරුත්වය ඔයාට වටින්නෙ කියලා…ආදරය කියන්නෙ කෙල්ලෙක්ව ඇස්දෙක වගේ පරිස්සම් කරන එක කියලා ඔයා මට කීවතාවක් කියලා තියෙනවද?
ඔයාගෙ වගේ ආදරයක් ලබන්න මම ආත්ම ගාණක් පිංකරලා තියෙනවා රත්තරං…ඒත් පුංචි හරි පවක් මං අතින් වෙලා ඇති ඔයා මෙච්චර වේදනාවක් විඳින්නෙ…..
මං හැමදාම හිතුවෙ බස් ඩ්රයිවර්ලා කියන්නෙ සල්ලි මත්තෙම නැහෙන මිනිස්සු ජාතියක් කියලා සුදු අයියේ.ඒත් ඔයා ඒ අදහස වෙනස් කලා අයියේ…..ගොඩක් අයගෙ තිබුණ ඒ අදහස ඔයා වෙනස් කලා රත්තරං අයියේ..සල්ලිවලින් හැමදේම කරන්න බලන ලෝකෙ සල්ලිවලට වඩා සේවයක් කරන ඔයාලාවගේ දෙවිවරුත් ඉන්නවා මගෙ සුදු අයියේ……අද ,ඔයා බේරපු ඒ මිනිස්සු සතුටින් හිනාවෙනවා……ඒ ජීවිත පරිස්සම් වෙලා….ඒත් ඒ හැමෝගෙම වීරයා ඇස්දෙක පියාගෙන මැෂින් එකකින් ජීවත් වෙනවා….
මං ප්රාර්ථනා කරනවා මේක මම දකින හීනයක් වෙන්න කියලා…..ඒත් එහෙම වෙන්නෑ සුදු අයියේ….ඔයා නැති මගේ ජීවිතේ කවුරුහරි අතින් විනාස වෙලා ගියොත් ඔයා එදාටත් ඔය විදියටම මොකුත් ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවද මගෙ රත්තරං.නෑ මං දන්නවා ඔයා මට එහෙම වෙන්න දෙන්නෙ නෑ කියලා…මට ඉන්න ඕනි ඔයාලඟින් විතරයි…මගේ තාත්තගෙන් ලැබුණ ,මගේ අයියාගෙන් ලැබුණ ඒ උණුසුම ඒ ආරක්ෂාවම තව කෙනෙක්ගෙ තියෙනවනම් ඒ ඔය පපුවෙ විතරයි රත්තරං…”
නෙතුලි එහෙම කියද්දි අසංකටත් උහුලන්නට නොහැකිවුනා…ඒත් නෙතුලි කියන්නෙ බොරුවක් නෙවෙයි…ඒ නිසාමයි අසංක ඇය ළඟට ඇවිත් ආද⁣රෙන් ඇගේ හිස අතගෑවෙ…….
මේ අතර සමීරගෙ ඇස්වලින් කඳුළු ගලනවා අසංක දැක්කෙ අහම්බෙන්.
“නෙතූ….නෙතූ….ඔයා කියන දේ එයාට ඇහෙනවා…අර බලන්න එයාගෙ ඇස්වල කඳුළු….”
අසංකත් නෙතුලිත් කලබල වුනා…එක්වරම දෙදෙනාම බැලුවෙ ඔහුව සම්බන්ධ කරලා තිබුණ මැෂින් එකේ තිබුණ තිරය දෙස…..මේ වනතුරු යන්තමින් උස් පහත් වෙමින් තිරය හරහට ගමන්කළ රේඛාව දැන් ඊටවඩා උස්පහත් වෙමින් ගමන්කලේ…..
නෙතුලි සමීරගෙ අතකින් අල්ලගෙනමයි කතාකලේ…..එක්වරම මෙතෙක්වෙලාවක් නෙතුලි අල්ලගෙන සිටි සමීරගෙ අතින් නෙතුලිගෙ අත ඇල්ලෙන බව නෙතුලිට දැනුණා….නෙතුලි ගැස්සුනේ ඉබේමයි……
“අයියා එයා මගේ අත ඇල්ලුවා….මගේ අත ඇල්ලුවා…අනේ ඩොක්ටර්…..ඩොක්ටර්…..ඩොක්ටර්ට එන්න කියන්න මගෙ අයියේ…..මගේ සුදු අයියට හොඳවෙලා…..”
නෙතුලි කෑගැසුවෙ තිබුණ සතුටටමයි…

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!