පුංචි දොස්තර නෝනා (28 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අසංක ඉක්මනින්ම ගියේ ඩොක්ටර් ව හොයන් එන්නයි….ඒ අතර වෝර්ඩ් එකේ සමීරයි නෙතුලියි විතරයි ඒ මොහොතෙ හිටියෙ…
සමීරට ශක්තියක් තිබුණෙ නෑ නෙතුලිගෙ අත තදින් අල්ලගන්න.ඒ නිසා නෙතුලි සමීරගෙ අත තමන්ගෙ අත මතින් තියාගෙන නෙතුලිගෙම අනිත් අතින් තදකරගත්තා….
සමීරට තවමත් ඇඬෙනවා…හිතේ තියෙන දහස්ගණනක් වචන පි⁣ටතට එන්න මාර්ගයක් සොයද්දි ඒ වචන දියවෙලා කඳුළු විදියට සමීරගෙ දෑස්වලින් ගැලුවා..ඒ වචන එකින් එක තේරුම් ගන්න නෙතුලිට නොහැකි උනත් ඒ කඳුළු බිඳුවක් පාසාම ගලන්නෙ උතුරායන ආදරය කියලා නෙතුලි දන්නවා….
සමීර මොනමොනවදෝ නෙතුලිට කියන්න උත්සහ කරනවා..ඒත් ඒ මුමුණන වචන නෙතුලිට ඇහෙන්නෙ නෑ…ඒක හිතාගන්න බැරිතරම් වේදනාවක්….හදවතම නතරවෙලා හුස්මත් හිරවෙනවා දැනෙනවා ඒවෙලාවට…සමීරටත් එහෙම වෙන්න ඇති.ඒත් ඒ වේදනාව නෙතුලි ඇස්මානයේ සිටි නිසාම සමීර ඉවසුවා..
මේ ලෝකෙ තමන් දකින්න කැමතිම කෙනා ළඟම ඉද්දි දැනෙන සතුටට හැකියි ඕනම වේදනාවක් අමතක කරවන්න….ඒක මහා පුදුම බලයක් හිතින් මවපු.සමීරත් හැම වේදනාවක්ම දරාගත්තෙ නෙතුලි නිසා..
“මගේ සංදේශ් අයියේ..ඔයාට දැන් කොහොමද පණ….බයවෙන්න එපා ඔයාගෙ ළඟින් එක තත්පරයකට වත් මම ඈත් වෙන්නෙ නෑ මගෙ රත්තරං…⁣ඔයයි මායි හදවතින් එක්කෙනෙක් වෙලා ඉවරයි නේද මගේ සුදු අයියේ….ලෝකෙ ලොකුම බැඳීම ඒක.කාටවත්ම වෙන්කරන්න බැරි…ඔයාමයි කිවුවෙ ඒක දවසක්…මතකද ඔයාට රත්තරං…..
පුළුවන්නම් ඔය වේදනාව මටත් ටිකක් දෙන්න සුදු අයියේ…මම සතුටින් ඒක විඳින්නම්….ඔයාට සහනයක් දැනෙයි එතකොට …..ඇයි අපි හැමදේම බෙදාගන්නවනම් ඔයාගෙ වේදනාව මට ටිකක් දෙන්න බැරි….කියන්නකො මගෙ සුදු අයියේ….”
නෙතූගෙ මේ වේදනාව සමීරට අමතර වේදනාවක් කියලා කෙල්ලට තේරුමක් නෑ…ඇය හිතන්නෙ සමීරට ඒක සහනයක් කියලා…..කිසිමදාක සමීර කැමති වෙන්නෙ නෑ නෙතුලි පුංචිම හරි වේදනාවක් විඳිනවට…..
ඉතින් මේ වේදනාව නෙතුලි විඳින්නේ සමීරගෙ ඇස් ඉස්සරහමයි….සමීර කොහොම උහුලන්නද….
“ඔයා පොඩ්ඩක් එලියට යන්න….ප්ලීස් …අපි ට්රීට්මන්ට් පටන් ගන්නවා…දැන් බයවෙන්න එපා…එයාට මොකුත් වෙන්නෑ දැන්….”
වෛද්යවරයා හෙදියක් සමඟ ආවෙ එහෙම කියාගෙනමයි….අකමැත්තෙන් උවත් වෛද්යවරයගෙ උපදෙස් පිළිගන්න වෙනවා…ඒ නිසයි නෙතුලි සමීර දිහා දුක වෙනුවට ආදරණීය බැල්මක් හෙලලා පිටතට යාමට සූදානම් වුනේ.ඒත් සමීර තදින් නෙතුලිගෙ ඇඟිලිටික තදකරලා අල්ලගත්තා.හරියට, යන්න එපා මට බයයි කියන්න වගේ……නෙතුලි නැවතුණේ ඒ ඉල්ලීම නිසා….
නෙතුලි හැරිලා බැලුවෙ සමීරගෙ දෑස්දිහා.කලින් නෙතුලිගෙ වගේම දැන් සමීරගෙ දෑස්වලත් අසරණකම පිරිලා…..
“ඩොක්ටර් මම මෙතන හිටියොත් ට්රීට්මන්ට් වලට ගැටලුවක් වෙයිද…?”
නෙතුලි එහෙම අහද්දි අසංකත් පුදුම වුනා…
“පැටියො අපි යමු එලියට…ඩොක්ටර් කිවුවනෙ බය වෙන්න දෙයක් නෑ කියලා…”
“ඒත් අයියා මේ බලන්න..සුදු අයියා කියනවා මට යන්න එපා කියලා…”
අසංකත් ඒ බව දැක්කෙ දැන්…..
“ඒත් පැ⁣ටියො ඩොක්ටර් ඉන්නවනෙ සමීරගෙ තනියට.අනික එයාට තනියක් නෑ…අපිත් එළියෙ ඉන්නවනෙ…”
“ඒත් අයියා එයාට ඕනි මම එයාලඟින් ඉන්න….ඉතින් මම එලියට ගියාම හරියනවද?…”
අසංක එසැනින් ඩොක්ටර්ගෙ මුහුණ දිහා බැලුවෙ සැකයෙන්…..
“කමක් නෑ….මේ වෙලාවෙ පේෂන් අකමැති දේවල් කරන්න හොඳ නෑ.ඒක නිසා ඔය දෙන්නට ඉන්න පුලුවන් මෙතන….”
වෛද්යවරයාගෙ වචන නෙතුලිට මහමෙරක්…ඇගේ සිත කීවේම සමීර ළඟින් ඉන්න කියලමයි…..
මේ අතර තවත් වෛද්යවරයෙක් ඇතුලට පැමිණියා……නෙතුලි ඒ නිසා තරමක් කලබල වුනේ ඒ වෛද්යවරයත් කලබලයෙන් පැමිණි නිසා…ඒත් ඔහු සමීරට අවශ්ය ප්රතිකාර කරනා තෙක් බලන් සිටියා…
“හෙලෝ ඩොක්ටර් අරෝෂ්….මොකද මේ කලබලයෙන් මේ පැත්තෙ….?”
සමීරගෙ වෛද්යවරයා ඇසුවෙ ඇස් හීන් කරලා..
“මේ අර බස් ඩ්රයිවර් නේද ඩොක්ටර්?..”
“යර්ස්…වයි…?”
“කොහොමද මෙයාගෙ තත්වෙ ඩොක්ටර් රත්නායක..?”
“අපිත් ශුවර් එකක් නැතුව හිටියෙ ඩොක්ටර්.ඒත් එයා මෙයාගෙ කතාවට රිඅැක්ට් කරලා.ඉතින් දැන් ජීවිතේ ගැන බයවෙන්න දෙයක් නෑ…ඒත් මෙයාට කාලයක් යනකල් ඇවිදින්න බැරිවෙයි.ඒත් මෙයාව ලන්ඩන් වලට ගෙනියන්න පුළුවන්නම් මාසෙන් ඇවිදින්න පුලුවන් වෙයි.එහේ මේවට හොඳ ට්රීට්මන්ට් තියෙනවා…”
“මොකක්ද හොස්පිට්ල් එක ඩොක්ටර්…?”
“සෙන්⁣ට් තෝමස් හොස්පිට්ල් එක තමයි හොඳම….ඒත්…..”
“ඩොක්ටර් රත්නායක, මෙයාව ලන්ඩන් යවන්න අවශ්ය සේරම දේවල් ලෑස්තිකරන්න…මම මගේ වියදමෙන් මෙයාව ලන්ඩන් යවනවා….”
“ඒත් ඩොක්ටර් අරෝෂ් ඇයි ඔයා….?”
“මේකයි ඩොක්ටර් රත්නායක…ඊයෙ මෙයාගෙ බස් එකේ මගේ අම්මයි නංගියි හිටියා….එයාලා නුවර යන්න ගියෙ…ඒත් ඒ ඇක්සිඩන්ට් එකෙන්මෙයා එයාලව බේරගත්තා.ඒ දෙන්නට යන්තම් සීරිලා විතරයි…අපේ අම්මා කෝල්කරලා විස්තරේ කිවුවා මට…කොහොමහරි මේ ඩ්රයිවර්ගෙ ජීවිතේ බේරලා දෙන්න කියලා අම්මා මට කියනවා…මෙයා එයාලව බේරගත්තලු…ඉතින් ඒකයි ඉන්ෆොමේෂන් ලැබුණ ගමන් මම ඩොක්ටර් රත්නායක හොයාගෙන අාවෙ…”
මෙතෙක් වේලා අසංකයි නෙතුලියි පාඩුවෙ හැමදෙයක්ම අහගෙන හිටියා….
“එක්ස්කියුස්මී ඩොක්ටර්….”
“ඔව් ඔයා කවුද?”
“ඩොක්ටර් මේ පේෂන් තමයි මගේ නංගිව මැරි කරන්න ඉන්නෙ….ඉතින් මෙයාව ලන්ඩන් එක්ක ගියොත් සනීප කරන්න පුළුවන්නම් මම මෙයාව ලන්ඩන් එක්කගෙන යන්නම්….මට ඒ හැම දෙයක්ම ලෑස්ති කරලා දෙන්න…මම සමීර මල්ලිව එක්කගෙන යන්නම්….නේද නෙතූ….?”
අසංක නෙතුලිගෙ පැත්තට හැරිලා ඇහුවෙ..ඇය මේකට අනිවාර්යෙන් සතුටු වෙනවා කියලා අසංක දන්නවා.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!