“සර්…..නෙතූත් අපිත් එක්ක ලන්ඩන් යනවද……?”
සමීර අැහුවෙ අසංකගෙන්…හමුවුන දා ඉඳන් සර් කියූ නිසා සමීරට දැන් කියවුනෙත් සර් කියලා….
” ‘සර්.’ මේ නෙතූ මේ බලනවකො මගේ වෙන්න මස්සිනා මට සර් කියනවනෙ…”
අසංක කිවුවෙ හිනාවෙලා…නෙතූටත් ඉබේම හිනාගියෙ ඒ කතාවට…
“ඔව් ඉතින් අයියා…මම එයාගෙ සී අයි ඩී මැඩම් නම් ඔයා සර් වෙන්න ඕනිනෙ…”
නෙතුලිත් විහිලුවක් කලේ සමීර ලැජ්ජාවෙන් වගේ හිනාවෙද්දි….
“මේ මස්සිනා, එකක් කියන්නම් මීටපස්සෙ මට සර් කියාගෙනනම් එන්න එපා…..උඹ මගේ මස්සිනා වෙන්න ඕනි ඔය සර් කෑල්ල අතෑරලා.හරිද..අයියෙ කියපන් බයනැතුව..නැද්ද නෙතූ….?”
“ඒකනෙ අයියෙ…මම මෙයාව හදාගන්නම්කො ගාණට…ඔය දේවල් කියාදීලා….”
නෙතූ එහෙම කියලා හිනාවුනා.
“අ..යි…යේ…මේ නෙතූ අපිත් එක්ක යනවද?”
“ම්ම්ම්..නෙතූ යන්නෙ නෑ…උඹව එක්ක යන්නෙ මම..නෙතූට ගිහින් හොස්පිට්ල් වල ඉන්න බෑනෙ බන්..ෆැසිලිටීස් වැඩී තමයි ඒත් නෙතූ ගෙදර ඉඳී…..”
සමීරගෙත් නෙතුලිගෙත් මුහුණු අඳුරුවුනේ එක්වරමයි….
“ඒත් අයියා මම ගෙදර ඉන්නෙ කොහොමද?”
“ඔයාට යන්න බෑ නෙතූ…ඔයා මේ ටිකේම දුක්වින්දා….ඒ ඇති.මම ගෙදර ගිහින් ඔයාවත් ඇරලලා ඕනි දේවල් අරන් එන්නම්…ඔයා අපි එනකල් ඉන්න ගෙදරට වෙලා….හැබැයි ලොකු ලොකු මිෂන්වලට එහෙම යන්න බෑ….මම විශේෂ නිවාඩුවක් හෙඩ් ඔෆිස් එකෙන් ඉල්ලලයි මේ ගමන යන්නෙ…”
“ඒත් අයියා මම…….”
සමීර නෙතුලිට බාධා කලේ නෙතුලි අසංකට එකඟ නොවුන නිසා.
“මේ අහන්න නෙතුලි,අපි යන්නෙ මාසෙකට විතරයි…මම හරියටම මාසෙකට පස්සෙ ඔයා ඉස්සරහට ඉස්සර ඔයාගෙ සංදේශ් අයියා විදියටම එනවා…ඔයාගෙ ආදරේ නිසා ඊටකලින් එන්නත් පුලුවන් වෙයි…
ඔයාට මහන්සියි….මේ ටිකේම ඔයා ගොඩක් දුක්වින්දා මං හින්දා..මම ඒ හැමදේම දැක්කනෙ නෙතුලි….ඔයා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ඕනි…අපි එනකල්….”
නෙතුලි හිස සෙමින් වනලා බිම බලාගත්තා….අසංක තේරුම් ගත්තා සමීරගෙ වචනවලට නෙතුලි අවනත උනා කියලා…ඒක බයක් නෙවෙයි…ගෞරවයක්..
“මේ බලහන්කො බන් ,මම කියන ඒවට එකඟ වෙන්නැති මගේ මේ පුංචි කෙල්ල උඹේ වචන හිස්මුදුනින්ම පිලිගන්නවනෙ….”
“එහෙම නෑ අයියෙ….ඔයා කියපු දේ මං කියපු දේ හින්දා පිළිගන්න ඇති…මට කලින්නෙ ඔයා එයාගෙ උනේ…..”
“ඒකනෙ සුදු අයියේ මේ මගේ මෝඩ අයියට තේරෙන්නෙ නෑනෙ ඒක…”
නෙතුලි කියද්දි අසංක නෙතුලිව හිසෙන් අල්ලලා තුරුලුකර ගත්තා…නෙතුලි කිවුවෙ විහිලුවට කියලා අසංක දන්නවා..
“මගේ සුදු අයියේ….ඔයා මාසෙකට මගෙන් ඈත්වෙනවා කියන්නෙ මට අවුරුද්දක් දුරින් ඉන්නවා වගේ…..මං කොහොමද රත්තරං ඔයාව නොදැක ඉන්නෙ…”
“පැටියෝ මං ඔයා ලඟින්ම ඉන්නවා හැමදාම…දුරකට යන්නෙ මාසෙකට විතරයිනෙ…මම හොඳවෙලා ආවම ඉක්මනටම ඔයාව මැරි කරනවා…එතකොට හැමදාම මගෙ ළඟින් ඉන්න පුලුවන්නෙ….”
සමීර එහෙම කියද්දි නෙතුලි තවත් ඇඬුවෙ සමීරව වැළඳගෙන…..දෙන්නට තනිවම කතාකරන්න ඉඩ දීලා අසංක ටිකකට එලියට ගියා..අසංක ඒ තරම් ම නෙතුලි ගැන හිතනවා….
පැය භාගයකට පසු නෙතුලි සමීරට මාසයකට සමුදීලා අසංක සමඟ නිට්ටඹුවෙ නිවස බලා පිටත්වුනේ සමීරගෙ කඳුලුවලින් තෙත්වුන දෑස් දිහා බලලා…
සමීරත් අසංකත් කොළඹ සිට කටුනායක ගුවන් තොටුපලට ගියේ කැබ් සර්විස් එකක වෑන් එකකින්….අධිවේගී මාර්ගය නිසා කටුනායකට ළඟාවීමට ඔවුන්ට වැඩි වේලාවක් ගියේ නෑ…
රාත්‍රී 1.30 ට සමීරත් අසංකත් තවත් දෙසිය තිහක පමණ මගීනුත් සහිතව ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ A 330 එයාර්බස් ගුවන් යානය එංගලන්තයේ ලන්ඩන් නුවර බලා කටුනායකින් ගුවනට නැඟුණා…
මේ රාත්‍රිය පුරාම නෙතුලි කාමරයේ දොරත් වසා කොට්ටය තුරුලු කරන් හැඬුවා…හිතට කොපමණ හේතු පැහැදිලි කලත් නෙතුලිගෙ හිත නෙතුලිටම මුරණ්ඩුයි…ඒ හිත ඇගේ හේතුවලට සැනසෙන්නෙ නෑ….අලුයම වනවිටයි ඇයට නින්ද දෑස් අද්දරට පැමිණියෙ…
දින දෙකක් සාමාන්‍ය ලෙස ගතවුනා….එක් මෙහෙයුමකට පසුදාම දෙපාර්තුමේන්තුවෙන් නෙතුලිට කතාකලත් නෙතුලි කැමතිවුනේ නෑ..නෙතුලිට මෙහෙයුමකට යාමට තරම් මානසිකත්වයක් තිබුණෙ නෑ…
තුන්වන දින දහවල් නිවසේ සිටියේ නෙතුලිත් මවත් නිවසේ මෙහෙකාර සුමනාත් පමණයි…1.30 ට පමණ නිවසේ ගේට්ටුවේ සවිකර ඇති සීනුව නාද වූ නිසා සුමනා ගියේ ගේට්ටුව විවර කිරීමට…
“කවුරු හම්බවෙන්නද?”
පැමිණ සිටි කඩවසම් තරුණයාගෙන් සුමනා ඇසුවෙ සැකයෙන්…සාමාන්‍යයෙන් මේ නිවසට අමුත්තන් නොපැමිණෙන නිසයි සුමනාට සැකයක් ඇතිවුනේ…
“මිසිස් දිසානායක ඉන්නවද?
“කවුද , මේ මහත්තයා…?”
” අනුහස් වික්‍රමසිංහ කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා කියන්නකො…”
සුමනා ඉක්මනින් ගොස් නෙතුලිගෙ මව වූ ප්‍රදීපා හට අනුහස් ගැන කිවුවෙ සැකයෙන් වුවත් ඇය ඔහුගේ පැමිණීම ගැන ඉතා සතුටු වුනා….
“අනුහස් පුතා….කොච්චර කාලෙකින්ද?
“ඒකනෙ ආන්ටි…..අයි තින්ක්, සික්ස් ඉයර්ස් ලේටර් ?”
“ඔව් පුතා.පුතාව අඳුරගන්නත් බැරිවුණා…සන්ග්ලාස් දාලා නිසා…අනික ගොඩක් වෙනස් වෙලා ඔයා….
යමු ඇතුලට…කොහොමද ගෙදර හැමෝම හොඳින් ඉන්නවනෙ..ගොඩක් කාලෙකින් කතාකරන්නත් බැරිවුණා….”
අනුහස්, ලලිත් වික්‍රමසිංහගෙත් අනුලා වික්‍රමසිංහගෙත් එකම පුතු….Wicramasingha Group of Companies හී එකම උරුමක්කරු.වික්‍රමසිංහ පවුලත් දිසානායක පවුලත් වසර ගණනාවක සිට හිතවත්…ව්‍යාපාර කටයුතු නිසා ඇතිවූ සබඳකමක් පවුල් දෙක අතර තිබෙන්නෙ.
වික්‍රමසිංහ ව්‍යාපාරවලට අනුහස් උරුමකම් කීවත් දිසානායක සමූහ ව්‍යාපාරයට අසංක උරුමකම් කීමට ඒතරම් කැමැත්තක් තිබුණෙ නෑ…ඔහුට ඕනවූයේ හැකිතාක් කල් රටට යුධ හමුදාවේ සිට සේවය කිරීමට.ඒ නිසා දිසානායක සමූහ ව්‍යාපාරයේ අනාගත උරුමක්කාරිය වූයේ නෙතුලි.
නෙතුලි සිටියෙ කාමරයේ ඇඳට වී නවකතාවක් කියවමින්…
“චූටි දූ එන්න ටිකකට පහලට….”
ප්‍රදීපා පහල සිට කෑගැසුවෙ අනුහස් පැමිණ සිටි නිසයි.ඒ බවක් නෙතුලි දන්නෙ නෑ…නෙතුලිට අනුහස් ගැන ලොකූ මතකයක් තිබුණෙත් නෑ….වසර අටකින් පමණ ඔහුව නෙතුලි දැක තිබුණෙත් නෑ.
“ඇයි අම්මා….?”
“ඇයි කියලා බලන්න පහලට එන්නකො..”
නෙතුලි පහලට පැමිණෙද්දි අනුහස් සෝෆා සෙටියට වී පඩිපෙළ දෙස බලන් සිටියෙ දෑස් විශාල කරගෙන.ඒ දෑස් නෙතුලිව බලාපොරොත්තු වුනා…..නෙතුලිට මතකයක් නොවුනත් අනුහස්ගැන, අනුහස්ට හොඳින් නෙතුලිව මතකයේ තිබුණා…
නෙතුලි පහලට පැමිණියෙ බිම බලාගෙන හෙමින් සීරුවෙ…
ඇයව දුටු විටම අනුහස්ගෙ දෑස් තවත් විශාල වූයේ ඔහුවත් නොදැනමයි….
“ආ මේ එන්නෙ…අඳුරනවද බලන්න දූ මේ අයියව….”
ප්‍රදීපා කිවුවෙ ගොඩක් සතුටින් වුවත් ඒතරම් සතුටක් නෙතුලිගෙ සිතේනම් ඇතිවුනේ නෑ…
නෙතුලි හොඳින් අනුහස් දිහා බැලුවෙ හඳුනාගන්නට උත්සහ කරමින්…
“කවුද අම්මා මේ……?”
“අඳුරන්න බැරිද ?..මේ වික්‍රමසිංහ අංකල්ගෙ පුතා අනුහස්…අනුහස් අයියා….”
නෙතුලිට ඒත් මතකයට නැගුනෙ අනුහස්ගැන බොඳවූ මතකයක් පමණයි….