“අනේ සොරි අයියෙ…මටනම් ඔයාව මතක නෑ……..”
“කොහේ මතක හිටින්නද නෙතූ ඔයා මාත් එක්ක කතාකරලවත් නෑනෙ හරියට..නේද ආන්ටි.?මෙයා මාත් එක්ක තරහාවෙලා වගේනෙ හිටියෙ…..”
අනුහස් කිවුවෙ අමුතුවට…ඒ ඇස් දෙක නෙතූගෙන් පිටට ගියේම නැති තරම්.
“අනේ නෑ අයියෙ.එහෙම දෙයක් නෑ…..”
නෙතූ කිවුවෙ අම්මව සතුටු කරන්න ඕන නිසා…
“අසංක නම් රට ගියානෙ නේද ආන්ටි….”
“ඔව් පුතා යාළුවෙක් එක්ක ගියාලු….මාසයක් විතර යනවා කිවුවෙ එන්න….”
“ආ…කෝ ආන්ටි,අංකල් ….ඔෆිස් ගියාද..?”
“ඔව් පුතා….අපේ පුතාට ඉතින් ඒවෑ ආසාවක් නෑනෙ..කවදාහරි මේ අපේ චූටි දූ තමයි මේ හැමදේකම අයිතිකාරයා…”
ප්රදීපා එහෙම කියද්දි අනුහස්ගේ දෑස් වෙනස්වන ආකාරය නෙතුලි හොඳින්ම දැක්කා…
“ඉතින් නෙතූ ඔයා මේ හැමදෙයක්ම බලාගන්න ඉගෙනගන්න ඕනිනෙ දැන්ම ඉඳන්…..ඔහොම ඉඳලා බෑ…”
‘ඔයාට වැඩක් නෑනෙ…ඒවා මං වෙලාවට බලාගන්නම්..’
නෙතුලිට එහෙම කියන්න හිතුනත් ප්රදීපා සිටි නිසා නෙතුලි ඉවසුවා….
“මට ඒක කරගන්න පුලුවන් අයියෙ…..ප්රශ්නයක් නෑ….”
නෙතුලි කිවුවෙ පුංචි තරහක් වචනවලට එකතුකරලා.
“ආ පුතා මෙච්චර වෙලා කථාකළා විතරනෙ…..ඉන්න මම ගිහින් බොන්න මොනවා හරි හදාගෙන එන්නම්.ඔය දෙන්නා කතාකරකර ඉන්නකො ටිකක්…”
එහෙම කියාගෙනමයි ප්රදීපා කිචන් එක පැත්තට ගියෙ..නෙතූට වෙන කරන්න දෙයක් නැති නිසා අනුහස් අසල පුටුවකින් ඉඳගත්තෙ…ඒත් මෙතැනින් යන්නම හිතයි අැයට……..
“ඉතින් නෙතූ…..කොහොමද? ඔයා ඉස්සරට වඩා දැන් මාර ලස්සනයිනෙ ආ…….ඒකාලෙත් ලස්සනයි…ඒත් දැන්නම් ගෙදර අරන් යන්න හිතෙනවා…මාර ලස්සනක්නෙ තියෙන්නෙ කෙල්ලගෙ…”
අනුහස් කිවුවෙ ප්රදීපා එනවාද කියා මග බලමින් බව නෙතූට පෙනුණා…අනුහස්ගෙ බැල්මෙ තියෙන කෑදරබවත් නෙතූට පෙනුණා…
“ඇයි අයියෙ ඉතින් ඔච්චර ලොකු බිස්නස්මන් කෙනෙක්ට මටවඩා කොච්චර ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද? මාව ගෙදර අරන් යන්න හිතෙන්නෙ මොකද?…!!”
අනුහස් යමක් කියන්නට ගොස් ප්රදීපා බීම දෙකක් හදාගෙන පැමිණි නිසා ඒ වචන ටික ගිලගත්තා….
“ආ පුතා බොන්න….”
“ඕ…තෑන්ක්ස් ආන්ටි…..මම මේ ආවෙත් විශේෂ දෙයක් කියන්න කියලා….”
“මොකක් ගැනද පුතා ඒ ?”
“ආන්ටිලාගෙ වටිනම දෙයක් මට දෙන්න පුලුවන්ද අහන්න..”
ප්රදීපාත් ගැස්සුනේ අනුහස්ගෙ ඒ වදන් නිසා..
“What!!!!!”
ප්රදීපාටත් කලින් නෙතුලි ඉස්සර වුනා…
“යස් නෙතූ…ආන්ටි බය වෙන්න එපා මට ඕනි ආන්ටිලාට වටිනම ඔයාලගෙ චූටි දූ නෙතූ…..”
“ආ යූ ක්රේසි….?”
නෙතුලි එහෙම ඇසුවෙ ඇතිවුණ කෝපය නිසාමයි……
ඒත් ප්රදීපාගේ මුහුණෙන් පෙනුනෙ ඒ ගැන ප්රසන්න හැඟීමක් ඇතිවුණ බවක්…
“චූටි දූ කට පරිස්සම් කරගන්න..ඔහොමද ඔයාගෙම අයියා වගේ ඉන්න අනුහස් අයියට කතාකරන්නෙ…!!!!
සොරි අනුහස් පුතා.ඇත්තටම නෙතූ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා…ඔයාවගේ හොඳ ගුණයහපත් දරුවෙක්ට අපි මොකට අකමැති වෙනවද?.අනික ඔයා කෙලින්ම අපෙන් ඇවිත් ඇහුවනෙ…ඒත් මම අංකල් එක්ක කතාකරන්නත් ඕනිනෙ පුතා…..
අංකල් අකමැති වෙන්නෙ නෑ බයවෙන්න එපා……අංකලුත් ඉස්සර දවසක් මගෙන් ඇහුවා නෙතුලි කවදාහරි අනුහස්ගෙ වෙනවානම් කොච්චර හොඳද කියලා..
අපේ පවුල් දෙකේ හිතවත්කම නෑදෑකමක් වෙනවට මම ඉස්සර ඉඳන්ම කැමතීයි….”
අම්මගෙ කතාවට නෙතූටත් පුදුමයි..
“අම්මා!!!!”
“ඇයි නෙතූ ඔයා අනුහස් අයියට කැමති නැද්ද?”
“මට හිතන්න තව කල් ඕනි….”
“කල් මොකටද තව…මේවගේ කොල්ලෙක් කවදාවත් ඔයාට හම්බවෙන්නෙ නෑ…මොකෝ මෙයාට ලංකාවෙ වෙන කෙල්ලො නැතුව නෙවෙයිනෙ හොයාගන්න..ඒත් මේ ළමයා ඔයාට ආදරේ නිසයි මෙහෙම ඇවිත් අපෙන් ඇහුවෙ…”
“අම්මා ඉනෆ්…තව වචනයක්වත් මට මේ ගැන කියන්න එපා…මට කල් ඕනි කිවුවොත් කල් ඕනි….එච්චරයි…”
නෙතූ කේන්තියෙන්ම උඩ කාමරයට ගොස් දොර වැසුවෙත් වේගයෙන්…. අකමැත්තවත් කැමැත්තවත් නොපෙන්වා නෙතුලි කල් ඉල්ලුවෙ යම් සැලැස්මක් සඳහා කාලය අවශ්ය නිසයි…
“ඉට්ස් ඕකේ ආන්ටි…එයාට තව හිතන්න කල්දෙමු…මම ආවෙ ආන්ටිගෙනුයි අංකල්ගෙනුයි මේ ගැන අදහස අහන්න…මම ගොඩක් ආදරෙයි ආන්ටි නෙතූට..”
“මම දන්නවා පුතා…ඔයා බයවෙන්න එපා.එයා කැමතිවෙයි…”
“එයා කැමති නොවුනොත් කැමති කරගන්න විදියත් මම දන්නවා…”
අනුහස් කිවුවෙ ඇසෙන නොඇසෙන හඬකින්…
“මොකක්ද පුතා කිවුවෙ..?”
“ආ..නෑ ආන්ටි එයා මට අකමැතිවෙන්න හේතුවක් නෑනෙ…ඒකයි මම කිවුවෙ..
එහෙනම් ආන්ටි නෙතුලිට කියන්න මම එයාගෙ උත්තරේ බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා..මම යනවා ආන්ටි…”
අනුහස් නිවසින් පිටවුණේ ප්රදීපාට දණගසා වැඳලා….ඇයට ඒ නිසා ඔහුගැන තවත් පැහැදුනා…