පුංචි දොස්තර නෝනා (4 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

හතරවන කොටස……..

“මම බලාගෙන හිටියෙ.වව්නියාවෙ ගියපු උඹ නෙවෙයි ආයි ආවෙ.උඹ මාර රිලැක්ස් එකේ බස් එක වව්නියාවට අරන් ගියෙ.ඒත් අර නංගි මැදවච්චියෙන් නැග්ගට පස්සෙ උඹ මාර දාර්ෂණික මූඩ් එකක ඉන්නෙ.”

“අනේ මන්දා තුෂාර අයියෙ.මගේ හිත දැන් හෙන බරයි.යද්දි තිබ්බ නිදහස දැනෙන්නෙ නෑ….”

“එහෙම තමයි බන් හිත වෙන කෙනෙක් අයිතිකර ගත්තම.මට හිතෙන්නෙ උඹ ඒ නංගිට ලයින්.නේද?”

තුෂාර කිවුවෙ පාපුවරුවෙ ඉඳන් ඉස්සරහ බලන් යනගමන්මයි.ඒක ඇත්තක්ද කියලයි සමීර කල්පනා කලේ.මෙහෙම දෙයක් හිතට දැනිලා තිබුණෙම නෑ මීටකලින් නම්.සමීරට ඒගැන ලොකු විශ්වාසයක් තිබුණෙ.

බස් රථය විනාඩි 20 කින් පමණ ගම්පොල බස්නැවතුම්පලට ගමන්කලේ මගීන් දහයක් පමණ සමඟයි.ඔවුන් බැස ගිය පසු බස්රථය ප්‍රදීප්ගේ නිවසට රැගෙන ගිය සමීර හා තුෂාර අලුයම අඳුරේම නිවෙස්වලට පිටත්වුණා.

“ආ පුතේ කොහොමද ගමන.උඹ ආවට පස්සෙ තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.”

තරමක් දහවල් වනතුරු නිදාගත් සමීර අවදි වූ පසු ,මව තේකක් රැගෙන එන ගමන් සමීරගෙන් ඇසුවා.

“හොඳයි අම්මේ.”

සමීරගේ ඒ පිලිතුරෙන් මව පුදුම වුනා.

“ඇයි පුතේ.මොකද ප්‍රශ්නෙකින් වගේ.මම හිතුවේ ඒ ගමන ගියේ සතු⁣ටින් කියලා…?”

“ඔව් අම්මේ සතුටින් තමයි.මට අවුලක් නෑ….”

සමීර එහෙම පවසමින්ම එතනින් එලියට ගියේ තේකත් අරගෙනමයි.සමීර හිටියෙ දුකකින් බව මවටත් තේරුණා.
ඒත් තවදුරටත් ප්‍රශ්නකරන්න අැය හිතුවෙ නෑ.

එලිය⁣ට ගිය සමීර ගලක් උඩට වී තේඑක බිබී කල්පනා කලේ ප්‍රාර්ථනා ගැන.ඇයගෙන් තොර ලෝකයක් සමීරගෙ හිතට තිබුණෙ නැති තරම්.

“ඒ ප්‍රාර්ථනා කොහොමද බන් ඊයෙ රෑ තනියම ආවෙ….”

චතූ ඇහුවෙ උදේ ලෙක්චර්ස් වලට යනගමනුයි.

“ආවා.බස් එකේ අයියා ත්‍රීවිල් එකක් කතාකරලා දුන්නා එන්න ගලහා හන්දියෙ ඉඳන්…”

“මොකක්.එහෙමත් බස් කාරයො ඉන්නවද බන්.ඕකුන්ට කිසි අනක්ගුණක් නෑ.බොන ජාති සේරම බීලා බස් එලවන්නෙ.හරියට ඉස්කෝලෙක ගිහින් ඉගෙනගෙන වත් නැතුව ඇති….”

චතූ කියද්දි ප්‍රාර්ථනාට දැනුනෙ කේන්තියක්…

“මේ චතූ හැමෝම එහෙම නෑ.අනික ඒ අයියා අපේ අයියගෙ යාළුවෙක්…”

ප්‍රාර්ථනා චතූගෙ කතාව නැවැත්වීමට සිතා එහෙම පැවසුවත් චතූ ඒ ගැනම පැවසීම ප්‍රාර්ථනා හට දැනුනේ කරදරයක් ලෙසයි.

“මේ ඒක නෙවෙයි,අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් නම් උඹට බේරිල්ලක් නැතිවෙයි.උඹ අපිට වඩා පෙනුමට ඉන්නවනෙ.පරිස්සමින් ඈ.

අර බස් කාරයො වගේ නම් නෙවෙයි.අල්ලගන්නවනම් අල්ල ගනින් හොඳ අත්තක්.”

“හරිහරි.බලමුකො.මම යනවා එහෙනම්….”

ප්‍රාර්ථනා කේන්තියෙන් මෙන් එසේ පවසමින් දේශන ශාලාව දෙසට ගියේ චතූට වෙනත් දේශනයක් තිබූ නිසයි.

“මේ…මේ….ඔව් තමුන්ට තමයි කතා කලේ.මෙහෙට එනවා ටිකක්….”

ඒ හඬට ප්‍රාර්ථනා ගැස්සුනි.පොත් දෙකක් තුරුල් කරන් ඇය ඔහු දෙස බැලුවෙ බියෙන්.

“ඇයි.තමුසෙගෙ කන් ඇහෙන්නෙ නැද්ද?මෙහෙට එනවා කිවුවම…”

ඒ ස්ථානයේ සිටියේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතරදෙනෙකි.නමුත් ප්‍රාර්ථනා සි⁣ටියේ තනිවමයි.බිය නිසා ම තනිවම කුමක්කරන්නදැයි ඇයට අදහසක් නොතිබුණි.ඇය සෙමින් සෙමින් බිම බලන් ඔවුන් දෙසට ගමන් කලා.

“ෂා මේකිගෙ ලස්සන.මොකෝ කොක්කක් එහෙම ඉන්නවද.තිබුණත් කමක් නෑ අපිට.තමුන්ගෙ මොකද ඔච්චර ලොකුකම ආ.කොහෙද ගම…?”

“මැදවච්චියෙ අයියෙ…”

ඇය පැවසුවේ බියෙන්.

“අයියා!!!.කොහෙද යකෝ අයියලා ඉන්නෙ මෙහේ.උඹ හිතුවද උඹට ආදරේට කථාකළා කියලා.මෙතන ඉඳන් මේ පොත්ටිකත් ඔළුවෙ තියාගෙන කැන්ටින් එක ළඟට දණගාගෙන පලයන්.හැබැයි කාටවත් කියන්න බෑ අපි කරන්න කිවුවෙ කියලා.”

ඔහුගේ දැඩි වචන ඉදිරියේ ඇය වෙව්ලුවෙ බය වැඩිකමටමයි.ඔහු දුන්න පොත්ටික ප්‍රාර්ථනා ගත්තෙ වෙව්ලන දෑතින්.අනෙක් ඔහුගේ මිතුරන් තිදෙනා හිටියේ හිනාවෙමින්.

ඇයගේ දෑස් කඳුලින් පිරුණේ ඉබේමයි.කඳුළු පිරි දෑසින් යුතුව ඇය පොත්ටික ඔළුවෙ තබාගෙන බිම දණ ගැසුවේ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ බසට අවනත විය යුතු නිසා.

“නංගි නැගිටින්න….”
ප්‍රාර්ථනා හුරුපුරුදු ක⁣ටහඬක් නිසා හැරී බැලුවෙ කවුද කියා.

“බස්එකේ අයියා…..”

ඇයට දෙවිකෙනෙක් දුටුවා වැනි හැඟීමක් ඇතිවුණේ ඇය නැගිට ඔහුව වැළඳගන්නා අතරයි.

සිසුන් සිවු දෙනා පුදුමයෙන් බලන් සිටිනු ප්‍රාර්ථනා දුටුවේ පසුවයි.ඇය ඉක්මනින් සමීරගේ උණුසුමෙන් මිදුණේ ජ්‍යෙෂ්ඨ සිසුන් ඉදිරියේ එසේ සිටීම ඔවුන්ගෙන් දඬුවම් විඳීමට හේතුවක් වනුඇතැයි සිතුණු නිසයි.

“උඹ කවුද.?”

“මාව, අද ඊයෙ ආපු උඹලානම් දන්නෑ.මම කැම්පස් එකට එද්දි උඹලා ඒලෙවල් ලියනවා ඇති.”

සමීර පැවසුවේ සමච්චලයට මෙනි.

“මේ ඒවැයින් වැඩක් නෑ.මේ ළමයි හෙන කට්ටක් කාලා කැම්පස් එන්නෙ උඹලට ආතල් ගන්න නෙවෙයි යකෝ.
උඹලට හොඳින් කියන්නෙ ආයි මේ ළමයට වචනයක් හරි කියලා තිබ්බොත් බලාගත්තැහැකි මං කවුද කියලා…”

සමීරගේ වචන වලින් ප්‍රාර්ථනාගේ පුදුමය තවත් වැඩිවුණි.ඊයේ බස් එකක වැඩ කරපු කෙනා කැම්පස් එක ඇතුළෙ ඉන්නෙ කෙසේදැයි ඇය මේ අතර කල්පනා කලේ.

“ආ සමීර මල්ලි.කොහොමද ඉතින්.උඹ කාලෙකින් මේ පැත්තෙ?”

එතනට පැමිණියේ සිව්වන වසරේ සිසුන් දෙදෙනෙකි.ඔවුන් සමීරව හඳුනා ගැනීම ප්‍රාර්ථනාට රැග්කල සිසුන්ට මෙන්ම ප්‍රාර්ථනාටද පුදුමයකි.

“ආ මධුර අයියා…කොහොමද ඉතින්.නෑ මේ මුන් හතර දෙනා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට රැග් කරනවා.ඒකයි.”

“අඩෝ මේ උඹලා පලයල්ලා.ආයි මේ කෙල්ලට මොකුත් කරලා අහුවෙන්න එපා.”

“හරි අයියේ”

රැග් කල සිසුන් හතර දෙනා දෙවන වසරේ සිසුන් නිසා සිවුවන වසරේ සිසුන්ට ඔවුන් බියක් දැක්වූහ.එනිසාම ඔවුන් කිසිත් එකට එක නොකියා එතනින් ඉවත්ව ගියහ.

ප්‍රාර්ථනා තවමත් සමීරගේ දෑස් දෙස බලාගෙන සිටී.ගර්ල්ෆ්‍රෙන්ඩ් කියූ නිසා ප්‍රාර්ථනාට දැනුනේ ඇදහිය නොහැකි පුදුමයකි.මෙතෙක් සිදුවූයේද පුදුම සිතෙන සිදුවීම්ය.

“උඹ ඒ දවස්වල අහිංසක පෙනුමට හිටියට දැන් පොඩි මැර පෙනුමක් තියෙනවානෙ.ඉතින් දැන් මොකද කරන්නෙ සමියා….”

“මම ගම්පොල වව්නියාව බස්එකේ වැඩ අයියෙ.කාලෙකින් එන්න බැරිවුණා.මම දැන් මෙහේ නෙවෙයි ගම්පොල ඉන්නෙ.”

“එහෙමද.හරි හරි අපිටත් ලෙක්චස් එකක් තියෙනවා.ඒක හින්දා අපි යනවා බං.උඹ බය වෙන්න එපා මේ නංගිට කවුරුහරි මොනවා හරි කිවුවොත් අපි බලාගන්නම්.පස්සෙ හම්බෙමු කොල්ලා….”

ඔවුන් එතැනින් පිටත්වී ගියේ සමීරගේ උරහිසට තට්ටුවකුත් දමමිනි.

ප්‍රාර්ථනා තවමත් කල්පනා කරන්නේ සිදුවූයේ කුමක්ද කියායි.

 

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!