“ඇයි බන් ප්රාර්ථනා උඹ ලෙක්චර්ස් ඉවරවෙලා ආව වෙලාවෙ ඉඳන් කල්පනා කරන්නෙ.මොනවද උඹට ඔච්චර තියෙන ප්රශ්න.අපිට කියන්න බැරි දෙයක්වත්ද?”
නිමේෂා ඇසුවේ බලා හිඳ බැරිම තැනයි.ඔහේ බිත්තියක් දෙස බලාගෙන ප්රාර්ථනා කල්පනා කරන්නේ කුමක්දැයි නිමේෂාහට වැටහීමක් නොවුණි.
“මේ……උඹට මං කියන දේ ඇහෙන්නෙ නැද්ද ප්රාර්ථනා…”
ප්රාර්ථනාගෙන් ප්රතිචාරයක් නොවූ නිසයි නිමේෂා ඇගේ හිසට යන්තමින් පහරක් ගැහුවෙ.
“ආ නිමේෂා කොයිවෙලාවෙද ආවෙ….?”
ප්රාර්ථනා ඇසුවේ නින්දෙන් ඇහැරුණාක් මෙන්ය.
“මමනම් ටිකක් වෙලා ඇවිල්ලා..ඒක නෙවෙයි උඹ මොන ලෝකෙද හිටියෙ….මම මෙච්චර වෙලා කතාකලා…..”
“අනේ සොරි නිමේෂා…මම පොඩි දෙයක් කල්පනා කලේ…..”
“පොඩි දෙයක්නම් වෙන්න විදියක් නෑ කෙල්ලෙ ඒක..මට කියන්න බැරි දෙයක්නම් කම…..”
ප්රාර්ථනා ඇයට බාධා කලේ තමන් ගැන වැරදි වැටහීමක් නිමේෂා ඇතිකරගනී සිතූ නිසයි.
“අනේ නෑ නිමේෂා…..දෙයක් අහන්නම් මට හරියටම උත්තරයක් දෙන්න පුලුවන්ද….?”
“පුලුවන් දෙයක්නම් උත්තර දෙන්නම් කියන්නකො ඉතින්…”
ප්රාර්ථනා පසුගිය වෙලාව පුරාම කල්පනා කලේ සමීර ගැනයි.ඔහු තමන් වෙනුවෙන් කලදේවල් ගැනයි.ඒ කුමක් නිසා ද කියා ඇයට වැටහීමක් නැති නිසයි ප්රාර්ථනා ඒගැන නිමේෂාගෙන් අහන්න හිතුවෙ.
“ඔයාට මම කිවුවා නේද අර මම ආව බස්එකේ අයියා ගැන.අද මට අයියලා ටිකක් රැග්කරන්න හදද්දි ඒ අයියා හදිස්සියෙම එකපාරම ඇවිත් මාව බේරගත්තා.මට හිතාගන්න බෑ ඒ කිසි දෙයක්…..”
“මොකක් !!!!”
නිමේෂාටද එය විශ්වාස කල නොහැක.ඩ්රයිවර් කෙනෙක් කැම්පස් එකට ආවෙ කොහොමද කියලයි ඇයත් කල්පනා කරන්න ගත්තෙ.
“ඔව් නිමේෂා………මටත් පුදුමයි ඒගැන.”
“මට හිතෙන්නෙ ඒ අයියා උඹට ආදරේ කරනවා.ඒත් කැම්පස් එක ඇතුලට ආව එකනම් මටත් පුදුමයි ප්රාර්ථනා….
මේකයි ….එයා බස් ඩ්රයිවර් කෙනෙක් තමයි.ඒත් ප්රාර්ථනා එයා ඔයාට සමහර විට අැත්තටම ආදරේ ඇති.සමහර විට බොරුවක් වෙන්නත් පුලුවන්.ඒ මොනවා උනත් උඹ තව අවුරුදු හතරකින් ඩොක්ටර් කෙනෙක්.ඒගැන කල්පනා කරලා වැඩකරහන්.”
“නිමේෂා…. මගේ හිතෙත් මොකක්ද දෙයක් තියෙනවා එයා ගැන.ඒක හරියටම මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ.මේගැන කාටවත් කියන්න නම් එපා..ප්ලීස් නිමේෂා….”
“පිස්සුද කෙල්ලෙ මම කාටවත් කියන්නෑ…..හැබැයි මොලේ කල්පනා කරලා වැඩකරහන්.මෙච්චර කල් කරපු කැපකිරීම් අපතේ යවන්න එපා…”
නිමේෂා පොරොන්දුව රකීවී කියා ප්රාර්ථනා විශ්වාස කල නිසාමයි මේ ගැන නිමේෂාට විතරක් කිවුවෙ.
සමීර නිවසට ගොස් ඇඳට වැටී කල්පනා කලේම ප්රාර්ථනා ගැනයි.ඒත් ඇයගෙ නමවත් අඩුම තරමින් සමීර දැන සිටියේ නැත.සමීරට උවමනාව තිබුනේ ඇයට විශ්ව විද්යාලය තුල ආරක්ෂාව සැලසීමටයි.ඒ නිසාමයි ඔහු විශ්ව විද්යාලයට ගියේ ඇයට සිසුන් රැග් කරාවි යැයි සිතුනු නිසා….”
“එයාට පුදුම ඇති මම කැම්පස් එක ඇතුලට ආවෙ කොහොමද කියලා…”
සමීරට සිහින් සිනාවක් නැගුනේ ඒ ගැන සිතුණු නිසයි.ඔහුගේ සිත අතීතයට ගියේ ඒ අතරමයි……
“නංගි… කොල්ලව ටිකදවසකට අපේ ගෙදර එක්ක ගෙන යන්නද.අපේ එකා එක්කපාඩම් කරන්නත් පුලුවන්නෙ.අනික විභාගෙට ලියන්න නොදන්න දේවල් අපේ ගෙදර නැවතිලා ඉන්න කැම්පස් ළමයින්ගෙන් අහගන්නත් පුලුවන්නෙ.”
“ඔවු නංගි …සමීර පුතා අපේ ගෙදර ඉඳන් පාඩම් කරයිනෙ.දැන් ඉස්කෝලෙත් යන්නැති එකේ….”
මාමාගේ හා නැන්දගේ ඉල්ලීමට සමීරත් කැමති වූයේ පේරාදෙණියේ මාමාගේ නිවසේ සිට මාමාගේ පුතා වූ චතුරංග අයියා සමඟ පාඩම් කළහැකි නිසයි.චතුරංග විභාගය දෙවන වර ලියන නිසා සමීරට ඔහුගෙන් දැනගත හැකි දේ බොහෝ විය.
විශ්ව විද්යාලය ආසන්නයේ පිහිටා තිබු ඔවුන්ගේ නිවසේ විශ්ව විද්යාලයේ සිසුන් පස් දෙනෙකු නැවතී සිටිය අතර ඔවුන් එකම පීඨයක ඉගෙනගන්නා සිසුන් නොවූහ.
නමුත් කෙටි කාලයකින්ම ඔවුන් හා සමීරට මිතුරු වීමට හැකිවූයේ සමීරගේ හොඳ හිත නිසාමයි.
“සමීර පුතේ අර මධුර අයියාට කෑම එක ගෙනියන්න අමතක වෙලා.පුතාට පුලුවන්ද ඒක කැම්පස් එකට ගිහින් දෙන්න.?”
ඉඳහිට හෝ අමතක වූ කෑම වෙනදට චතුරංග ගෙන යන බව සමීර කලින් සිටම දැන සිටි නිසා මෙය ඔහුට අමුත්තක් නොවීය.වෙනදා මේ කාර්යය චතුරංගගේ වුවත් ඔහු එදා පාන්දරම මහනුවරට ගොස් තිබිණි.
විශ්ව විද්යාලයට තිබුණේ ද නිවසේ සිට පයින් යා හැකි දුරකි.දින කීපයක් මෙසේ විශ්ව විද්යාලයට ගිය නිසා ආරක්ෂක නිලධාරීන්ද සමීර සමඟ හිතුවටත් වඩා කලින් හිතවත් විය.
සමීර ඒ සුන්දර අතීතයෙන් මිදුණේ පියාගේ මොටර් සයිකලයේ ශබ්ධය ඇසුණු නිසයි.
“තාත්තා අද කලින්ම…..”
“ඔව් පුතේ අද කඩේ වෙලාසන වැහුවා..අද බිස්නස් නෑ උදේ ඉඳන්….”
සමීරගේ පියා උදෑසනම ගොස් රාත්රියේ නිවසට එන නිසා සමීර පෙරදින රාත්රියේ පියාව දුටුවේ නෑ.ඒ පියා පැමිණීමට කලින් සමීර නිවසින් පිටත් වූ නිසයි.