පුංචි දොස්තර නෝනා (7 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සමීර දුරකතනය ඇඳට විසිකර ටිකවෙලාවක් ඇඬීම නිසා කඳුලුවලින් තෙමුණු රත්පැහැ වුන මුහුණ සෝදාගැනීමට ගියත් එය යන්තමින් ඔහුගේ අම්මා දැක්කා.
“සමීර ඇඬුවද? මොකද ඔය මූණ එහෙම රතුවෙලා.”
“නෑ අම්මේ නිදාගෙන ඉද්දි කොට්ටෙට මූණ තද වෙලා ඒකයි….”
සමීර කිවුවෙ හදිස්සියට කටට ආව උත්තරයක්.ඒත් අම්මව රැවටීමට ඔහුට අපහසුයි.ඒ බව සමීරත් දැනගෙනයි හිටියෙ.
“පුතා බොරු කියන්න එපා.මොකක්හරි ප්රශ්නයක් නම් කියන්න.අම්මට කියන්න බැරි දෙයක් නෑනෙ ඔයාට….”
අම්මා කෑගැහුවත් සමීර ගනන් ගත්තෙ නම් නෑ.ඔහු කල්පනා කලේ ප්රාර්ථනාව අමතක කළහැකි ක්රමයක්.
“පුතා මේ කෝල් එකක්….”
“බලන්න අම්මෙ කවුද කියලා…..”
“පුංචි දොස්තර නෝනා කියන්නෙ කවුද?”
සමීරට කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකි වූයේ ඒ ඇමතුම යලි කිසිම දවසක ලැබේවි කියා නොසිතූ නිසයි.
සමීර නමවත් නොදන්නා ඇයගේ නම පුංචි දොස්තර නෝනා ලෙස දුරකථනයේ සේව් කරගත්තේ ඇමතුම පලමු වරට මොහොතකට කලින් ලැබුනු වෙලාවෙමයි.
තමන් කතාකල විදිය නිසා ඇය තමන්ව අමතක කරාවි කියා සිතුවත් එය ⁣එහෙම වී නැතිබව සමීරට තේරුම්ගියේ ඒ මොහොතේ නැවත ඇමතුම ලැබුණ නිසයි.
“යාලුවෙක්ගෙ නංගි කෙනෙක් අම්මේ…”
සමීර ඉක්මනින්ම ගොස් අම්මගෙ අතේ තිබුණ දුරකතනය ඔහුගෙ අතට ගත්තා.ඒත් ඇගේ මු⁣හුණෙ තිබුණ සැකය සමීරට හොඳින් පෙනුණා.දුරකතනයත් අරගෙන සමීර එලියට ගියෙ ඒ නිසාමයි.
⁣”හෙලෝ……”
සමීර ලොකු හුස්මක් අරන් කථාකළා.
“හෙලෝ…හෙලෝ අනේ අයියෙ ෆෝන් එක තියන්නනම් එපා…..”
ප්රාර්ථනා සමීරට එහෙම කියද්දි ඇයට එකඟ වෙන්න සමීරගෙ හිත නැමුණෙ ඉබේමයි.
“කියන්න නංගි…..”
“අයියෙ ඔයාගෙ නමවත් දන්නෑ මං තාම….නම කිය…..”
“නම අහන්නමද කතාකලේ ඔයා……”
සමීර කතාකලේ අමුතුවට.
“අයියෙ ඔයාගෙ නම දන්නැතුව මම ඔයාට මොකක් කියලද කතාකරන්නෙ…..”
“නංගී මගේ නම සමීර සංදේශ්…..නම දැනගත්තට මට ආයි කතාකරන්න එපා නංගි.ඔයාගෙම හොඳට කියන්නෙ….”
සමීර එහෙම කිවුවත් දුක නිසාම කඳුළු සමීරගෙ ඇස්දෙකේම පිරුනා.ඔහු දන්නවා අැයටත් දුකයි කියලා.ඒත් මේ කරන්නෙ එයාගෙම හොඳට කියලත් සමීර ඊටත් වඩා හොඳින් දන්නවා.
“අයියේ.මම දන්නවා ඔයා මගේ හිත වෙනස් කරන්න අර විදියට කතාකලේ කියලා.ඒත් අයියේ……”
“කියන්න.ඇයි ඒත් කිවුවෙ…..”
සමීරට දැනුනෙ නොඉවසිලිමත් කමක්.ප්රාර්ථනාගෙ වචනයක් වචනයක් ගානෙ සමීරගෙ පපුව පිච්චෙනවා.ඒත් සමීර ප්රාර්ථනාගෙ වචනවලින් පිච්චෙන්න ආසයි.ඒක මාර හැඟීමක්.කවදාවත් නොදැනුනු.
“අ⁣යියේ ඔයා මොනවා කිවුවත්,මගේ හිතේ ඔයාගැන තියෙන ආදරේ කවදාවත් අඩුවෙන්නෑ.ඔයා තරම් මට ආදරේ කරන පිරිමියෙක් මේ ලෝකෙ ඉන්නවනම් ඒ මගේම අයියා විතරයි.මට කවදාහරි හොඳ වැදගත් කියන පවුලක,ගොඩක් සල්ලි තියෙන,මගේ තත්වෙට ගැලපෙන ලොකු ඩොක්ටර් කෙනෙක් බඳින්න ලැබුණත් , ඔයාගෙ තරම් ආදරයක් කවදාවත් මට ලැබෙන්නෑ.ඔයාගෙන් තරම් ආරක්ෂාවක් මට ලැබෙන්නෙත් නෑ සුදු අයියේ…..”
සමීරට තවත් ප්රාර්ථනාගෙ වචන උහුලන්න බෑ කියලා දැනුණා.සමීර වචන ගොතාගත්තෙ ගොඩක් අමාරුවෙන්.
“පුංචි දොස්තර නෝනා,මේ අහන්න.ඔයා දන්නවද?මගේ ෆෝන්එකේ ඔයාගෙ නම්බර් එක සේව්කරලා තියෙන්නෙ පුංචි දොස්තර නෝනා කියලා.මගේ හිත ඔයාට කතාකරන්නෙ එහෙමයි.
ඒත් මගේ පුංචි දොස්තර නෝනා,ඔයාට ආදරේ කරන එකෙන් මම ඔයාට කරන්නෙ ලොකු අසාධාරණයක්.මම කොහොමද ඔයාව සතුටින් තියන්නෙ.?ඔයා කවදාහරි මාව බැන්ඳත් ඔයාගෙ යාලුවන්ට ආඩම්බ⁣රයෙන් මාව හඳුන්වලා දෙන්නෙ කොහොමද?කියන්න රත්තරං.ඔයාට ලැජ්ජකරන්නෙ කොහොමද මම එහෙම..”
සමීර කතාකලෙත් හඬමින්.ප්රාර්ථනාටත් ඒ වචන වලට ඇඬුනා.ඒත් ඒ හැමදේටම ප්රාර්ථනා ලඟ උත්තර තිබුණා.
“ඒවා මම බලාගන්නම්.ඔයාට තියෙන්නෙ මට කැමති වෙන්න විතරයි.මට ඕනිවිදියට මම ඔයාව හදාගන්නවා.අනික කවුරු වෙනුවෙන්වත් නෙවෙයි අපි සතුටින් ඉන්න ඕනි.අපි වෙනුවෙන්.තේරුණාද?”
ප්රාර්ථනා කිවුවෙ තර්ජනයක් විදියට.ඇයට ඕනි වුනේ මේ ගලාගෙන යන ඇස්වල කඳුළු අතරින් හිනාවෙන්න.මේ ගලන කඳුලුවලට තිත තියන්න.
මේ පොඩි ⁣කෙල්ල මෙච්චර චන්ඩියෙක් ද කියලයි සමීර කල්පනා කලේ.ඒ හින්දම සමීරත් කඳුළු අතරින් හිනාවුනේ ඇයගෙ වචන ආයිත් සැරයක් මතක් කරමින්.
“හරි හරි දැන් හිනාවෙන්නකො මගෙ සුදු අයියා…..”
ප්රාර්ථනා එහෙම කිවුවෙ සමීරගෙ හයිය වචන මෙලෙක් වෙලා කියලා තේරුණ නිසා.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!