පුංචි දොස්තර නෝනා (9 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සමීර කලබල වුනා.සමීරට හිතාගන්න බැරිවුනේ යාලුවොවත් එහෙම නොකරන හින්දායි.ඒ අත්වලින් මිදෙන්න දඟලනකොට ඒ අත් තවත් තද වුනා.

සමීර උපරිම උත්සහයෙන් ඒ අත්දෙක ඈත්කලේ ඒ කවුරු වුනත් හොඳට බනින්න හිතාගෙන.පිටිපස්සට හැරුණ සමීරට මුලු ලෝකෙම අමතක වුනේ ඔහු දිහා බලන් හිටිය ඒ ඇස්දෙක දැකලා.

“ප්රාර්ථනා…..!!!!!!”

ඉබේම සමීර⁣ට කියවෙද්දි සමීරගෙ දෑස් විශාල වෙලා තිබුණෙ.

“නෑ….ඔයාගෙ පුංචි දොස්තර නෝනා……”

ප්රාර්ථනාගේ ඒ සුන්දර අහිංසක සිනහව දකිද්දි සමීරගෙ කේන්තිය නැතිවෙලා ගියා.කේන්ති ගත්තද කියලවත් සමීරට මතක් වුනේ නෑ……

“රත්තරං ඔයා!!!!! ”

සමීරට තාමත් පුදුමයි.ඇයගෙ පිටුපසින් ටික වෙලාවකට කලින් ආදරය ඉල්ලූ තරුණිය දුටු සමීරට පුදුමය දෙගුණ තෙගුණ වුනා.

“පුදුමයි නේද?මගෙ සංදේශ් අයියේ….මට සමාවෙන්න ඔයාව රවට්ටන්න නම් හිතුවෙ නෑ….ඔයාගෙ හිතේ මට තියෙන තැන කොතනද කියලා බලාගන්නයි ඕනි වුනේ.

මේ මගේ යාළුවා නිමේෂා.මම ඒකට මෙයාගෙන් උදවු ඉල්ලුවා.”

“දැන් දැනගත්තද ඒක.ආ….මෙච්චර බොරුවක් මොකටද.මාව අවිශ්වාසද? මොකටද මට කෝල් දිදී වද දුන්නෙ ඔච්චර සැකනම්….”

සමීරගෙ මුහුණෙන් හා වචන වලින් හිතේ තිබුන කෝපය ප්රාර්ථනා හොඳින් දැක්කා.ඒ වචන වලට ප්රාර්ථනා පමණක් නොව නිමේෂාද ගැස්සුනා.ප්රාර්ථනා අඩියක් පිටුපසට ගොස් නිමේෂාගේ අතේ එල්ලුනේ ඒ බිය නිසාම බිම බලාගෙනමයි.

ප්රාර්ථනා සමීරගෙ මුහුණ බැලුවෙ මොහොතකින් ඔහුගෙ සිනා හඬ නිසා.ඔහු මුහුණට අත තියන් ප්රාර්ථනා ⁣දිහා බලන් හිනාවෙනවා.ප්රාර්ථනාට පුදුමයි.

“සංදේශ් අයියේ ඔ….යා….ඔයා හිනාවෙනවා?…!!! ”

සමීර ප්රාර්ථනා ලඟ⁣ට ඇවිත් ප්රාර්ථනාව ආදරයෙන් වැලඳගත්තෙ ඇය බය වුනු බව දැනුනු නිසයි.

“අනේ මගේ චණ්ඩි රැජිණ.මොකද මේ….හරි හරි ඔය ඇස්වල කඳුළු පිහදාගන්නකො ඉතින්….”

සමීර කිවුවෙ ප්රාර්ථනාගෙ හිස අතගාමින්.

“සංදේශ් අයියේ..ඔයා බොරුවටද තරහා ගත්තෙ……මට කියන්න….බොරුවට නේද?……”

ඇයගෙ බිය මුසු වදන්වලට සමීරටත් දුක හිතුනා.සමීර ඇයගෙ උණුසුමෙන් ඈත් වී ඇයගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන ඇස්වලින් ඇයගෙ අැසුත් තදින් අල්ල ගත්තා.

“අනේ මගේ පුංචි දොස්තර නෝනට දුක හිතුනද….මම විහිලුවක් කලේ රත්තරං.මගේ පුංචි දොස්තර නෝනට මම බනිනවද.ඔය අහිංසක මූණ බලාගෙන මම කොහොමද රත්තරං ඔයාට බනින්නෙ.

නේද නංගි…කියන්නකො යාලුවට.”

සමීර කිවුවෙ නිමේෂා දෙසටත් හැරිලා..

“අනේ සොරි අයියේ…මම මේක කරන්න එපා කියලත් මේකිට කිවුවා.ඇහුවෙ නෑනෙ.සොරි හොඳේ…..”

“ඒකට අවුලක් නෑ නංගි….කෙල්ලෙක් තමන් ජීවිතේම කරගන්න කොල්ලා ගැන කොච්චර පරීක්ෂණ කලත් ප්රශ්නයක් නෑ.ඒක ගොඩක් හොඳ වැඩක් නංගි.එතකොට සැකයකට එන්න බෑ දෙන්නෙක් අතරට.මගේ පුංචි දොස්තර නෝනා හොඳ මොලකාරියක්නෙ…..”

සමීර එහෙම කියද්දි ප්රාර්ථනා එක්වරම සමීරට තුරුලු වුනා.නිමේෂා මේ ආදරය ගැන බලන් හිටියෙ අහිංසක සිනහාවක් සමඟින්.මේ ආදරය ගැන නිමේෂාටත් ලෝබයි.’කාටවත් මෙච්චර වටින ආදරවන්තයෙක් හම්බවෙන එකක් නෑ.’
ඇයට හිතුනෙ එහෙමයි.

” ඒ බන් සමීර මල්ලි, බස්එක නුවර පැයක් විතර තියනවද…..”

තුෂාර ආවෙ හිනාවෙමින් එහෙම කියාගෙනමයි.ප්රාර්ථනා හිනාවුනේ ලැජ්ජාවෙන්.

“හරි යමු යමු තුෂාර අයියේ……”

සමීර ප්රාර්ථනාගෙ අතින් අල්ලගෙන බස්රථය දෙසට ගියෙ තුෂාරගෙයි නිමේෂාගෙයි පිටුපසින්.

“දන්නවද නංගී,සමීර මල්ලි අද තමයි සතුටින්ම බස් එකේ යන්නෙ…..”

තුෂාර පැවසුවෙ පිටුපස හැරිලාමයි.

“පුංචි දොස්තර නෝනා…..ඔයා කැම්පස් එකට යනවද?ගෙදර යනවද?….”

සමීර ඇහුවෙ තරමක් සැකයෙන්…..

“ගෙදර යන්නෙ සුදු අයියේ……මෙයත් මාත්එක්ක අපේ ගෙදර යනවා අද.”

ප්රාර්ථනා නිමේෂාවත් පෙන්නන ගමන් කිවුවෙ.ඒ වෙලාවෙම නුවර අහසින් සිහින් වැහිපොද වැටුනෙ දෙන්නටම ආශිර්වාද කරන්නට වගේ…..

බස්රථය මහනුවර නගර සීමාවෙන් පිට වුනා විතරයි හයියෙන් වැස්සෙ පාරවත් නොපෙනෙන ගානට.ඒත් එක්කම හමාආ වේගවත් සුළඟ නිසා බස්රථයත් ගසාගෙන යාවි කියලත් නිකමට ගොඩක් අයට හිතුනා.

බස්රථය නුවරින් පිටත්වී කිලෝමීටර 8 පමණ යන්නට ඇත.

“සමීරයා මොකද දන්නෑ බන් පට්ට බ්ලොක් එකක් වගේ…..”

තුෂාර සමීර⁣ට කිවුවෙ වාහන තදබදය නිසා නැවතූ බස්රථයෙන් බැස තරමක් ඉදිරියට පයින්ම ගිහින් ඇවිත්.

වාහන තදබදය ඇතිවී තිබුනේ මාර්ගයට රූස්ස ගසක් වැටීතිබුණු නිසා.ඒ නිසා ගමන පැය භාගයක් විතර ප්රමාද වුනා.සමීරත් තුෂාරත් කතාකරමින් ගියේ දඹුල්ලෙන් එහාට තව බස්රථයක් සමඟ පැටලේවි ද කියලා.

ප්රාර්ථනා හැර වෙනත් කිසි මගියෙක් අවදිවෙලා හිටියෙ නෑ.හැමෝම වැහි සීතලට ෂීට් වලට හේත්තු වෙලා ගුලිවෙලා නිදන් හිටියෙ.සමීර නිදිමරන නිසා ප්රාර්ථනාට නිදාගන්න හිතක් නෑ.

දඹුල්ලට යද්දි වැස්සක සළකුණක් වත් තිබුණෙ නෑ.දඹුලු අහස අඳුරු වුනත් හරිම පැහැදිලී.දඹුලු විහාරයට පඬුරු දාන්න බස්රථය නැවතුවේ වෙනදා පුරුද්දටමයි..සමීරත් තුෂාරත් පඬුරු දාන්න බැස ගියා.ඒත් එක්කම ප්රාර්ථනාත් බස්රථයෙන් බැසගියේ පිංකැටය අසලට.

රුපියල් පනහෙ කොලයක් හතරට නවා ප්රාර්ථනා පිංකැටයට දැම්මෙ සමීර දිහා බලාගෙන.සමීරත් ඇය දෙස වැඳගෙනම බැලුවෙ පැහැදිලි දෑස්වලින් මද සිනහවක් එක්කමයි.ප්රාර්ථනා දෑස් පියාගෙන වැඳගෙන ඉද්දි ඇය කොච්චර අහිංසකද කියලා සමීරට හිතුනා.

යලිත් ගමන පටන් ගත්තෙ සමීරට පහුවුන වෙලාව අැල්ලීමට අභියෝගයක් තිබූ නිසා.

කැකිරාව නගරයේවත් කවුරුවත් සිටියෙ නෑ බස්රථයට.

“තුෂාර අයියේ සීටීබී එකක් අපේ පස්සෙම පන්නනවා වගේ…..”

සමීර ඒ බව දැක්කෙ පැති කණ්ණාඩියෙන්.

” ශුවර් එකට කොළඹ වව්නියාව සීටීබී එක වෙන්න ඇති.ඕකා ටිකක් මැරයා වගේ එකෙක් සමීර මල්ලි.පාගහන් ටිකක්.”

සමීර වේගය තවත් වැඩිකලා.දැන් බස්රථයේ වේගය පැයට කිලෝමීටර් සියයකට ආසන්නයි.ඒත් පසුපසින් එන බස්රථයත් වේගවත්.තරඟයක් ඕන නැති නිසා සමීර වේගය අඩුකලේ සීටීබී බස්රථයට සමීරව පසුකරන්න ඉඩතියලා.

එ්ත් පහුකල ලංගම බස්රථය සමීරට හිතාගැනීමට දෙයක් ඉතිරි නොකර සමීරගේ මග හරස් කර නැවතුවා.සමීරගේ එක්වර යෙදූ තිරිංග නිසා නිදාගෙන සිටි සියලු දෙනා ඇහැරුනේ කලබලයෙන්.අසූවට ආසන්නව වේගයක් තිබූ බස්රථය ක්ෂණිකව මාර්ගයේ අයිනට වී නතරවුනා.තව තත්පරයක් ප්රමාද වුනා නම් බස්රථ දෙකම ගැටී ජීවිත දෙක තුනක් නැතිවීමට ඉඩතිබුනු බව සමීරටත් තුෂාරටත් තේරුණා.

“බැහැපන් යකෝ බිමට…..තෝ ටයිම් කපාගෙන කොහොමද ඔහොම යන්නෙ.උඹලට කලින් ඉඳන් අපි මේවෑ වැඩකරන්නෙ.බැහැපන් හු### බිමට.දෙකෙන් එකක් බේරගන්න.”

සමීරට කලින් බැස්සෙ තුෂාර.

“මචන් මේ.මග ගහක් වැටිලා තිබුනා බන්.ඒ බ්ලොක් එක හින්දා පස්සට ඇදුණෙ බන් ටිකක්.උඹලා පලයල්ලා.අපි පස්සෙන් එන්නම්.”

තුෂාර කිවුවෙ පුලුවන් තරම් ඉවසලා.ඒත් තුෂාරට කේන්ති ගිහින් හිටියෙ.

“උඹලා අපේ ටයිම් කපලා අපේ ලෝඩ් අරන් යන්න නේද ආවෙ.”

ලංගම රියදුරාගෙ හඬ දරුණු වෙද්දි සමීරත් බස්රථයෙන් බැස්සා.

“ආ මෙහෙවරෙන්.උඹලා චණ්ඩි කියලද හිතන් ඉන්නෙ.අනුන්ගෙ ටයිම් කපන්න.ඈ හු####.”

ලංගම ඩ්රයිවර් සමීරගෙ කොලර් එකෙන් අල්ලගෙන කියද්දි ප්රාර්ථනාට තවත් බලන් ඉන්න නොහැකි වුනා.

“අනේ අයියේ…..මගේ සුදු අයියට ගහන්න එපා.වැඳලා කියන්නම්….”

ප්රාර්ථනා කිවුවෙ අඬමින්ම අත්දෙකම එකතුකරලා වැඳගෙන.
ඒත් ලංගම බසයේ කොන්දොස්තර ඇයව පසෙකට තල්ලු කලා.සමීරට කේන්තිය දෙගුණ වුනේ ඒ හින්දමයි.සමීර ඇයගෙ අතකින් අල්ලලා පැත්තකට කරලා බස්රථය ළඟට ගියෙ කේන්තියෙන්මයි.

ඒ වෙද්දි තුෂාර බස් එකට ගිහින් ගෙනාවෙ බස්රථයේ ⁣ටයර් මාරු කරන වීල් බ්රෂ් එක.සමීර ඔහුගෙ දොර විවෘත කර අඩි තුනක පමණ යකඩ පොල්ලක් ගෙනආවෙ සියලු දෙනාගෙම ඇස් විශාල වෙද්දි.

 

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!