පුංචි කෝච්චිය අනූව දශකය තුළත් අපට දැකගත හැකිවූ සුන්දර ප්‍රවාහන සේවාවකි. ඒ පුංචි කෝච්චියේ නිල නාමය කැලණිවැලි දුම්රියි. “කල්යාණි ද්රෝණී දුම රථය” ලෙසද එය එවකට හඳුන්වා ඇත. එහෙත් මෙහි ආරම්භය සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමාගේ යුගය තෙක් දිවයයි. ආණ්ඩුකාරතුමා මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ “කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය”
ලෙසය.
ලෝකයේ ඇති අනිකුත් දුම්රිය මාර්ගවලට සපුරා වෙනස් දුම්රිය මාර්ගයක් නම් පැරණි කැලණිවැලි දුම්රිය මාර්ගයයි. ලොකු කෝච්චි ධාවනයවන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage) ලෙස වන අතර පීලි දෙක අතර පරතරය අඟල් 60 කි. නමුත් පුංචි කෝච්චියේ පටු දුම්රිය මාර්ගය (Narrow Guage ) පීලි දෙක අතර පරතරය අඟල් 30කි. දුම්රිය මාර්ගය පටු නිසා එන්ජිම මෙන්ම පෙට්ටිද පුංචි වූ නිසා පොදු ජනතාව මෙය ”පුංචි කෝච්චිය” යන නම පට බඳින්නට ඇත.
ලංකාවේ සහ ඉන්දියාවේ පාවිච්චි වෙන බ්රෝඩ් ගේජ් එක අඟල් 66ක්, අඩි පහමාරක්. හැබැයි අඩි 5 බ්රෝඩ්ගේජ් පාවිච්චි කරන රටවලුත් තියෙනව.
යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ භාවිතාවෙන්නෙ අඩි 4 අඟල් 8.5 කියන ස්ටෑන්ඩඩ් ගේජ් එක. ලෝකයේ වඩාත්ම භාවිතා වන ගේජ් එක තමයි ඒ. ඊට වඩා කුඩා ගේජස් ඔක්කොම නැරෝගේජස්.
කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදාය. එහි මුල් අදියර ලෙස 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා ගමන් ඇරඹූ ”පුංචි කෝච්චිය” 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩකටයුතු නිම කොට ඇත. රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1912 අපේ‍්‍රල් මස 18 වැනිදාය. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්රීයෙන් සිදුව ඇත. 1919 මැයි මස දෙවැනි දින ඕපනායක දක්වා දුම්රියේ ගමනාන්තය දික්විය. මෙම දුම්රිය මග රුහුණ දක්වා දික් කිරීමට ”කැලණිවැලි රේල්වේ කොමිටි” නම්වු ආණ්ඩුකාර තැන පත් කළ කොමිටියට වැවිලිකරුවන්, දිසාපතිවරුන් යෝජනා ඉදිරිපත් කළද එය පළ දැරුවේ නැත.
කොළඹ කොටුවෙන් පටන්ගෙන කැලණි ගං මිටියාවත ඔස්සේ කිසිඳු කලබලයක් නැතිව නිවීහැනහිල්ලේ ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක් (87) ක් විය. ”කැලණිවැලි රේල්වේ කෝච්චියට” රුහුණ දක්වා පුංචි කෝච්චිය දිගු කිරීමට යෝජනා කළද සිදුවූයේ ඉදිකළ දුම්රිය මාර්ගය ටිකෙන් ටික ගලවාගෙන යෑමයි. මෙම දුම්රිය මාර්ගයේ අසුබදායකම ආරම්භය වන්නේ 1940 සිට 1948 වකවානුව බැව් ලේඛණ පිරික්සීමේදී පෙනේ.
අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා මාර්ගය මුලින්ම වසා දමා ඇත්තේ මේ යුගයේදීය. ඕපනායකට යනතුරු මනස්කාන්ත පාලම් ගණනාවක්ම මෙම දුම්රිය මාර්ගයේ ගොඩනගා තිබූ බව අතීත ලේඛනවල දක්වා ඇත. සිරිපා අඩවියට යන විට කුරුගඟ හරහා ඉදිකළ අඩි 150 ක් දිග දුම්රිය පාලම මින් එකකි. 1919 දී ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් 72,496/= ක් බව ලේඛනවල දැක්වේ. තවත් දුම්රිය පාලමක් ඉදිකොට තිබී ඇත්තේ රත්නපුරට සැතපුම් තුනක් පමණ එපිට කළු ගඟ හරහාය. අඩි 100ක් වූ එම දුම්රිය පාලම ගොඩ නැඟීමට එකල රු. 165,700 ක් වැය වූ බවට ව්යාපෘති වාර්තාවේ සඳහන්ය.
කොළඹ ගොල්ෆ් පිට්ටනි හරහා දිවෙන ”පුංචි කොච්චි” මාර්ගය මනස්කාන්ත දර්ශන සතු වූ එකකි. එකල සිරිපා වන්දනාකරුවන්ගේ ජනප්‍රියතම ප්‍රවාහන මාර්ගය වී ඇත්තේ ”පුංචි කෝච්චියයි.” එකල සිරිපා සමයට හෝමාගම-යටියන්තොට-රත්නපුර යා කොට රේල් බස් සේවයක්ද පැවැති බව පැරණියන්ගේ මතකයේ ඇත.
ඕක ගැන පොඩි කවියක් තියෙනවා මේකෙ සඳහන් කරන්ඩ වටින,
ඒ කාලෙ අය දන්නවා ඇති ලංකාවෙ නියම කවියෙක් හිටියා මීමන ප්රේමතිලක කියලා රොමෑන්ටික්වාදෙන් කවි ලිව්ව. ඒ කාලෙ ඔය පුංචි කෝච්චියට ලොකු ප්රසිද්දියක් දීලා තියෙනවා ආණ්ඩුවෙනුත් මේ කෝච්චිය ඉක්මනට යනවා කියලා ඕපනායකට කොළඹ ඉඳලා. එහෙම කරන්ඩැත්තෙ මං හිතන්නෙ CGR එකේ මැදිහත්වීමෙන් promotion එකක් විදිහට. ඉතිං ඔය කියාපු කවියාටත් හිතිලා තියෙනවා ඔය කෝච්චියෙ ගිහිං බලන්ඩ. ඔන්න මෙයත් ගිහිල්ලා බැලින්නම් අර කියන වේගෙට තියා ඒකෙන් කාලක වේගෙටවත් යන්නෑලු… අන්තිමට මිනිහා අතින් ඒ අත්දැකීම කවියක් විදිහට එලියට ආවෙ,
“පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැයකට සැතපුම් හතරක වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොළඹින්
පවුලක් බහිනව ඕපනායකින්” කියලලු.

