” මෙි මොකක්ද බන් එදා උබලගේ ගෙදර ලොකු කලබලයක් උනේ ? පොලීසියෙනුත් ආවා නේද ?..”
” ඔවිනේ බන්.. එදා පොඩි කේස් එකක් ගියානේ.. මාර ලැජ්ජාව බන් උනේ..”
” මොකක්ද සීන් එක උනේ.. මට කිවුවෙත් අපේ වයිෆ් බන්.. එදා මන් කොළඹ නෙමෙිනේ ඉදියේ.. ඒ වෙලේ මන් උබට කෝල් කරත් එක්ක.. ඒත් උබව කන්ටැක්ටි කර ගන්න උනේ නෑනේ මට..”
” කොහේ කතා කරන්නද බන් මන්.. ගෙදරට මාත් එන ඩිංගට මෙතන මහා සෙනගක් පිරිලා .. ෆෝන් එක එහෙමම කාර් එකේ දාලා මාත් දුවගෙන ආවෙි.. මොකක් හරි අවුලක්ද කියලා බලන්න..
කෝල් ආන්සර් කරන්න සිහියක් තිබිබෙි නෑ බන් ඉතින්..”
” ඇත්තටම මොකක්ද බන් වෙලා තිබිබෙි එදා ? ඒක කිවුවෙි නෑනේ උබ තවම …”
” නෑ බන් මෙිකයි කතාව.. එදා අපේ යාලුවෙක්ගේ අලුතින් ෂොප් එකක් ඇරපු දවස.. ඒ නිසා මටයි වයිෆ්ටයි අනිවාර්යයෙන්ම එන්න කියලා ගෙදරටම ඇවිත් කියලා ගියා..”
” එහෙම කිවුවාම නොගිහිනුත් බෑනේ.. ඒ උනාට දැන් රටෙි තත්වෙි එක්ක යන යන තැන් වල ලමයි අරගෙන යන්නත් බෑ.. ඒ නිසා අපි දෙන්නා කතා වෙලා ඉදියේ බබාව හංදියේ ඩෙි කෙයාර් එකේ තියලා අපි ගිහින් එමු කියලා..
එදා හවස දරැවව එහෙන් නවත්තලා අපි දෙන්නා යන්න පිටත් උනා.. ඒ ටික දුරක් යද්දි වයිෆ්ගේ අමිමයි පුංචි අමිමයි අපේ ගෙදර ඇවිත් කියලා වයිෆ්ට කෝල් කරලා කිවුවා..
දැන් ආපහු ඒ අය ආව නිසා යන්නත් බෑ.. වැඩෙිට නොගිහිනුත් බැරි නිසා අමිමලාට ගෙදර අනිත් යතුර තියෙන තැන කියලා ගේ ඇරන් ඉන්න කිවුවා..
කියලා අපි පිටත් උනා.. කෝම හරි වැඩෙි හිතපු වෙලාවටම ඉවර උනේ නෑ.. පරන යාලුවෝ සේරම එකතු උන නිසා හිතුවට වඩා වෙලා ගියා අපිට දැන්..
ඒ අස්සේ ගෙදර ලෑන්ඩි ෆෝන් එකට කෝල් එකක් ඇවිත්.. ඒක පුංචි අමිමා ආන්සර් කරලා තියෙන්නේ… එයා හෙලෝ කියපු ගමන් එහා පැත්තෙන් අහලා වයිෆ්ගේ නම කියලා ඒ ගෙදරින්ද කතා කරන්නේ කියලා.. පුංචිත් ‘ අහ් ඔවි මන් එයාගේ පුංචි අමිමා කවුද මෙි ?’ කියලා අහලා..
ඒ එක්කම එහා පැත්තෙන් කියලා ‘ අහ් එහෙමද.. ඔයාලාගේ මුණුපුරා දැන් ඉන්නේ අපේ ගාව ‘ කියලා.. එතකොටම පුංචි අමිමා අනේ බුදු අක්කේ පොඩි එකාව පැහැරගෙන ගිහින් මෙන්න කෝල් කරනවා කියාගෙන කෑ ගහලා..
අමිමත් දුවන් ඇවිත් කිසි හෙවිල්ලක් නැතුව අනේ ඉල්ලන දෙයක් දෙන්නමි මුණුපුරාට මුකුත් කරන්න එපා කියලා ආපහු ෆෝන් එක තියලා එලියට ඇවිත් වටෙිම ගෙවල් වලට කෑ ගහලා විස්තරේ කියලා..
අපි එද්දි ඒ මිනිස්සුයි පොලීසියවත් ගෙන්නලා තිබිබෙි.. අපි එද්දි ලමයවත් අරන් ආව නිසා ඒ වෙලේ වැඩෙි ෂේප් උනේ.. නැත්නමි අපිවත් පොලීසි ගිහින් නවතින්නේ…”
” එතකොට මොකක්ද බන් වෙලා තියෙන්නේ..?”
” නෑ බන් අපේ පුංචි අමිමා හින්දි ෆිල්මි පිස්සුවෙන් වගේ බලන්නේ.. එක පාරටම අර කෝල් කරලා කියලා තියෙන්නේ ඔයාලගේ මුණුපුරා අපේ ගාව කියලා.. අපේ ගාව කියද්දිම මෙයාට මතක් වෙලා තියෙන්නේ හින්දි ෆිල්මි වල ලමයිව පැහැරගෙන සල්ලි ඉල්ලන්න කොල් කරනවා වගේ දෙයක්..
දෙන්නා ඉතින් උඩක් බිමක් නැතුව ගිනි තියලා වටෙිම.. “
” එතකොට කවුද එහෙම කෝල් කරලා තියෙන්නේ මෙහෙට බන් ? “
” ඒ කෝල් කරලා තියෙන්නේ ඩෙි කෙයාර් එකෙන් බන්.. අපි පරක්කු නිසා ලමයා මෙහේ ඉන්නේ අපි ටිකකින් වහන්න හදන්නේ කියන්න..
ඒ ටික කියන්න හමිබුනේ නෑනේ පුංචි අමිමා මුණුපුරා අපේ ගාව කිවුව ගමන් කෝල් එක කටි කරලා කෑ ගහන් එලියට පැනලනේ.. දැන්නමි මොනවා තියනවා කිවුවත් ලමයව අරගෙනමයි යන්නේ.. ආපහු නවත්තන්නේ නෑ කොහේවත්..”
උපුටා ගැනීම:Dhanushka Rajith