පුරාතන ඊජිප්තු වැසියන් විසින් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කල් තබා ගැනීම සඳහා භාවිත කළ ඖෂධ වට්ටෝරුවක් සොයා ගැනිමට යෝර්ක් විශ්ව විද්යාලයේ පුරාවිද්යාඥයින් පිරිසක් සමත් වෙලා තියෙනවා.
මීට වසර 3700ක් පැරණි ක්රි පුර්ව 3500ට අයත් ඊජිප්තු මමියක් පිළිබඳව කරන ලද රසායනික වෛද්ය පරීක්ෂනයක් මඟින් මෙම හෙළි කර ගැනිමට මග පෑදිලා තියෙන්නේ.
මෙම මමීකරණ වට්ටෝරුව පුරාණ ඉජිප්තුවේ ඉතා ප්රචලිත එකක් වූ අතර මෙම සොයා ගැනීම පිළිබඳ වාර්ථාව Journal of Archaeological Science හි ද පල කර ඇත.
අනාවරනය කර ගෙන ඇති මමිකරණ වට්ටටෝරුවේ අඩංගු වූ ද්රව්ය වෙන්නේ…




මෙවැනි ශාක වල මැලියම් හා තෙල් වර්ග එකට මිශ්රකිරිමෙන් මළසිරුර බැක්ටීරියා වලින් ආරක්ෂා වන අතර දිරාපත්වීමද වළකා ගත හැකි බව සිදු කල පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා.
එමෙන්ම මෙම නවතම පරීක්ෂණ වලට අනුව මමීකරණයේ පියවරයන්ද ඔවුන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා.කොහොම නමුත් රාම්වණා මේ ගැන කලින් පොස්ට් ගෙනාවා මතක ඇතිනේ.. කොහොම නමුත් මේ විද්යාඥයන් හොයාගත්ත, අතීතයේ යොදාගත් යැයි සිතන පිළිවෙල…





ඊජීප්තු සංස්කෘතියේ හදවත බඳු වූ මෙම මමීකරණ ක්රියාවලිය වසර දහස් ගණනකට පසුත් අනාවරණය සඳහා විදයාඥයින් වෙහෙස ගනී. අද පවතින නව තාක්ෂණයෙන්ද එහා ගිය දියුණු ක්රම වේද ඔවුන් සතුව තිබු බව ඊජිප්තු පිරමීඩ සහ මමී හොඳ උදාහරණයන් ලෙස දක්වන්න පුලුවන්..
උපුටා ගැනීම: රාම් වණා