පුරුද්ද (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අළුත් ගෙදරට ආවම මගේ එකම ආසාව උනේ මගේම කාමරේ තනියම නිදාගෙන, ටීවී එකේ පෙන්නන ගෑණු ළමයි වගේ කුරුල්ලෝ කෑගහද්දී ලස්සනට හිමිදිරි උදෑසන ප්රබෝධමත්ව ඇහැරෙන්න. කුරුල්ලෝ කෑගහනකොට , ලස්සනට ඇහැරෙන එක කෙසේ වෙතත් නැඟිටින්න පරක්කු වෙනකොට අම්මගේ කෑගැහිල්ලට හැමදාම ඇහැරෙන්න වුනු මට, මගෙ හීනෙන් ඇවිදින පුරුද්ද නිසා තනියම නිදාගන්නනම් හම්බුන්නෑ අළුත් ගෙදරට ඇවිත් මාස දෙකක් විතර යනකම්ම.
අම්මටයි තාත්තටයි කරදර කරලා තනියම නිදාගන්න චාන්ස් එක ලැබුනට මොකද මං නිදාගන්න කාමරේට ගියාම අම්මා කාමරේ දොර එළියෙන් ලොක් කරා. රෑට හදිසියකට ,ටොයිලට් යන්න ඕනි උනොත් රුපියල් පන්දාහෙ මගෙ රතු පාට පුංචි නොකියා ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන අම්මට කියලා දොර ඇරවගෙන තමයි යන්න වුනේ.
අම්මා කියන විදියට ක්වාටර්ස් එකේ ඉන්න කාලෙත් කීප පාරක්ම හීනෙන් ඇවිදින්න හදලා තියෙනවා. ස්කෝලේ තිබ්බ ගයිඩින් කෑම්ප් එකකටත් මාව යවන්න කැමති උනේ නෑ ඔය පුරුද්ද නිසාම. මගෙ පෙරැත්තයට යැව්වට, අපෙ අම්මා කෑම්ප් එකේ අපිත් එක්ක හිටිය මිස් කෙනෙක්ට මං ගැන කියලා තිබුනා. ඉතින් රෑට නිදාගද්දි කෑම්ප් එකේ උසම ළමයා වෙච්චි මට සිද්ධ උනේ අපේ කණ්ඩායමේ ටෙන්ට් එකේ කෙළවරටම ගිහින් කකුල් දෙකත් අකුළන් නිදාගන්න.
අළුත් ගෙදර ඉද්දි එක දවසක් තාත්තා මහ රෑ වෙනකම් මොකක් හරි ෆිල්ම් එකක් බලන්න ඇහැරිලා හිටපු දවසක, හිතලම මගෙ කාමරෙ ලොක් එක ඇරලා දාලා තිබිලා. මෙන්න පාන්දර එක විතර වෙනකොට මං ඇවිත් හොල්මන වගේ සාලෙන් වාඩිවෙලා ඉන්නවලු.
හැබැයි ඉතින් ක්වාටර්ස් එකේදියි, අපේ ගෙදරයි හීනෙන් ඇවිද්දට නැදෑ ගෙවල් වල, යාළුවන්ගෙ ගෙවල් වල ඉද්දි කවදාවත් හීනෙන් ඇවිදලා නෑ.
පස්සෙ කාලෙක රස්සාව කරනකොට , මුල් කාලේ බෝඩිමේ තනියම ඉන්න දවස් වලට හීනෙන් ඇවිදියි කියන බය නිසාම මං කාමරේ දොර ලඟ තිබුනු පාපිස්සට හැමදාම රෑට වතුර ඉහින්න ගත්තා. හැබැයි ඉතින් කල් යන්න කල් යන්න ඩියුටි ඕෆ් වෙලා හෙම්බත් වෙලා බෝඩිමට ආපුවම පාපිස්සට වතුර ඉහින්න මතක් වෙන්නේ නෑ. වොශ් එකක් දාලා ඇඳට වැටෙනවා විතරයි මතක, කෙලින්ම ඇහැරෙන්නේ පහුවදා උදේට. මං හිතන්නේ රස්සාවට ආවත් හරි හීනෙන් ඇවිදින පුරුද්ද නැතිම වෙලා ගියා.
ස්කෝලේ යන කාලේ හීනෙන් ඇවිදින පුරුද්ද එපා වෙලා තිබ්බට , මැරි කරපු මුල් කාලේ ඕක සෑහෙන්න ප්රයෝජන උනා. මැරි කරපු මුල් කාලෙ අපි දෙන්නා, මං වැඩ කරපු හොස්පිට්ල් එක ලඟ ඇනෙක්ස් එකක තමයි හිටියේ. ඉතින් මගෙ OCD ප්රශ්නෙ නිසා මුල් දවස් වල පොඩි පොඩි ආගිව්මන්ට් යනවා නිතරම වගේ. ඊලඟ දවසටත් රණ්ඩුව ඇදන් යන්න ඕනි නැති උනාට දෙන්නගෙම තියෙන ලොකුකමට බුම්මගෙන තමයි ඉන්නේ. ඔය වගේ වෙලාවට තමයි මට මගෙ නැතිවුනු පුරුද්ද ආපහු ඕනි වුනේ.
මට කරන්න තියෙන්නේ පාන්දර එකට විතර එයාගෙ ඇගේ පොඩ්ඩක් හැප්පිලා , කාමරේ බඩු මුට්ටුවකත් බොරුවට හැප්පිලා ඉස්සරහ දොර ලඟට යන්න විතරයි. කතා නොකර බුම්මගෙන නිදාගන්න ගියපු මනුස්සයා ලස්සනට ලඟට ඇවිත් කතාකරනවා. හැබැයි ඉතින් උපරිම දවස් දෙකයි කරන්න පුළුවන් වුනේ. ඊට පස්සේ වැඩේ මාට්ටු.
ආ OCD ගැන පස්සේ දවසක කියන්නම්.
 උපුටා ගැනීම: බුද්ධි ජයවීර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!