පුරුදු රේස් එක (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“සර් ට ඩබල් බෙඩ් එකක් දෙන්නද දොයියන්න”
මට උඩ ගිහිල්ල ඇහැරුනා. දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා.
එයා ඇවිල්ලා ඇහැරුවෙ නැත්තං මැනේජර් ඇවිල්ලා ඇහැරවන්නෙ වෙනස් විදිහකට.හීන ලෝකෙන් එලියට ඇවිල්ලා පුරුදු රේස් එකම දුවන්න ඕනෙ.
“ඉන්න මම කෑම කාල එන්නම් . මන් ඔයාටත් කෑම එකක් ගෙනාවා”
ඔෆීශියල් විදිහට මගෙ ශිෆ්ට් එක ඉවර වෙන්නෙ උදේ 6ට. ඒත් නාකි කපල් එක නෑ තාම. ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඩියුලක්ස් බල්ලෙක් එක්ක උදේට හොටෙල් එක ඉස්සරහින් ඇවිදගෙන යනවා. ඒ කපල් එක දකින්නෙ නැතුව ශිෆ්ට් එක නවත්තන්න මොකද්ද වගේ. මාත් හිතාගත්තා වයසට ගියාම එයා එක්ක වල් බල්ලෙක් අරන් හරි උදේට වෝක් එකක් දානවා කියලා.
විනාඩි 15 කට වගේ පස්සෙ එයා එනවා. දැන් ශිෆ්ට් එක එයාගෙ.
සෙනසුරාදාට ටිකක් කලින් ශිෆ්ට් එක සෙට් වෙනවා.2 ට වගේ ඉන්න ඕනෙ front office එකේ. දොර ගාව තනි සුදු කෝට් එකයි කලිසමයි ඇදන් සීරුවෙන් ඉන්නවා සික්කා. ඌ දන්නෙ
ගුඩ් මෝර්නින් , ගුඩ් ඊවිනින් , ගුඩ් ආෆ්ටනූන් ,තැන්කිව් කියන්න විතරයි . ඒත් ඌ ඒවා ප්රනවුන්ස් කරන විදිහට වෙන එකෙක් ට හිතෙන්නෙ මූ ඉංග්රීසි කාපු එකෙක් කියලා. ඌත් එක්ක එකට ශොට් එක දාන එකා හොටෙල් එකට එහා පැත්තෙ බිල්ඩිමේ සික්කා. ඌට ඉංග්රීසි බෑ .ඒත් ඌ ඕන විදිහට හාන්සි වෙලා සිගරට් එකක ගහගෙන චිල් එකේ ඉන්නවා. එකම කම්පැනියෙ නිසා දෙන්නටම එකම පඩිය. අපෙ සික්කට සමහරක් වෙලාවට ටිප් එකක්, දෙකක් හම්බෙනවා.
4-5 ට විතර එනවා කොල්ලො කෙල්ලො ටී ටයිම් එකට ටී එකක්, කොෆී එකක් ගහන්න. බීලා ෆොටෝ ශූට් කරන්න , ටික්ටොක් එකක් කරන්න .උන්ගෙ ඉන්ස්ටග්රෑම් ෆලෝවස්ලා හිතුවට මුන් සල්ලිකාරයො කියලා මම දන්නවා මුන් එන්නෙ එක්කො හැපි හවර් එකට (වෙලාවක් තියනවා ඒ වෙලාවෙදි මොනවහරි ගන්නවන්ම් ඒකකට එකක් ෆ්රී වගේ), නැත්තන් මොනවා හරි ඔෆර් එකකට කියලා.ඇවිල්ලා වොශ්රූම් එකේ , ලිෆ්ට් එකෙ ඉඳල හැම අස්සකම ඉදන් ෆොටෝ අරන් දානවා උන්ගෙ ඉන්ස්ටග්රෑම් අකවුන්ට් එකේ.උන් නිසා හොටෙල් එකට ෆ්රී මාකටිං . ඒක උන්ගෙ ආතල් එක.
මගේ තේ එක ගන්න කැෆේ එකට ගියා. රුපියල් 30 යි . හොටෙල් එකේ තේක 190යි (සොරි… ටී එක).ඒකත් උන්ට කිරි, තේ , සීනි වෙන වෙනම. අපිට ඒ ටිකම මික්ස් කරලා. එක්කො තමන්ට ඕන විදිහට තේකක් හදන එකේ නිදහස රු 190 කට විකුනනවා වෙන්නත් බැරි නෑ.
දැන් ඉර බහින්න ඔන්න මෙන්න .අහසම තැඹිලි පාටයි. හෙන රොමෑන්ටික් වයිබ් එකක් තියෙන්නෙ. කඩල ගොට්ටක් , වඩේ එකක් කන ගමන් කපල් බීච් එකේ ඉදන් ඉර බහිනවා බලන් ඉන්නවා.ඊට තට්ටු 9 ක් උඩ තියන හොටෙල් එකේ රූෆ් ටොප් එකේ විස්කි ටිකක්,ශැම්පේන් ටිකක් ,මාටිනි ටිකක් තොලගාන ගමන් සන් සෙට් එක එන්ජෝයි කරන කපලුත් ඉන්නවා. දෙගොලොම එකම ඉර දෙවිදියකට බලනවා. මූනු බැලුවම දෙගොල්ලොම හැපි එකේ.
ඩිනර් ටයිම් එකට පොඩි රෙස්ට් එකක් හම්බෙනවා එලියෙ මිනිස්සු 1000ක් දිලා කන රයිස් එක චෙෆ් කෙනෙක්ට 250ක් 300 ක් දීලා අරගෙන මුල්ලකට ගිහිල්ලා හොරෙන් කනවා. ටී එකේ තියරිය “කෑම කන නිදහස”ට පරිවර්තනය වෙලා ඒ නිදහස ට 750 ක් කොස්ට් වෙනවා .
දැන් වෙලාව දහයයි.
ක්ලබ් එකට සෙනග පිරෙන්න ගන්නෙ මේ වෙලාවට. බාර් එකේ පන්දාහට ගන්න තියන බෝතලේ මෙහෙ පහලොස්දාහක් විතර දීලා අරන්, ඒක බීලා ,ඩෝප් වෙලා ,ලයිට් එලියි දුමයි අස්සෙන් එන සවුන්ඩ් ගොඩකට උඩ පනිනවා. උබත් ක්ලබ් බැහැපු එකෙක් නම් උබ කරලා තියෙන්නෙ ඔය ටික. ඩවුන් සවුත් වල බීච් එකක , චාලි ඇදලා මැන්ඩි දාලා , මහ රෑම නටපු මම ඊටත් වඩා මෝඩයෙක්. ලෝකෙ හොදම කෝටිපතියන්ගෙගේ ආදායම් මාර්ගයක් වෙන ක්ලබ් තුන්වෙනි පන්ට්ජියෙ රටක මනුස්සෙයෙක් විවේචනය කරද්දී උබට හිතෙන්න පුලුවන් මුට පිස්සු , ක්ලබිං හෙන ආතල් කියලා
ක්ලබ් එක්කට පලයං . ගිහිල්ලා බලපං එතනට මිනිස්සු දිහා. එක එක ජාතියෙ මිනිස්සු ඉන්න්වා .ක්ලබ් එකක්ම ඕන නෑ .මම නම් බස් එකෙයි , ට්රේන් එකෙයි හැම මගුලෙම මිනිස්සු දිහා බලනවා . හදිස්සියේ වත් මන් දිහා කෙනෙක් බැලුවොත් පොඩි හිනාවක් දාලා කතාවට අල්ල ගන්නවා. හැම මනුස්සටම තියනවා කතාවක්. ඒක කියන්න කෙනෙක් නැතුව හිර කරන් ඉන්නෙ .
“ලෝකෙ හැදිලා තියෙන්නෙ පරමාණු වලින් නෙමෙයි . පුංචි පුංචි කතා වලින්”
හෝ හෝ ඔන්න එනවා කාලෙකින් එන කස්ටමර් කෙනෙක් වයස 65 ක විතර ඇති ඩයල් එකට.අපේ ඉස්කෝලෙ සීනියර් ඕල්ඩ් බෝයි කෙනෙක්. අපෙ සික්කා අන්කල් නොහිටින්න මූ ලොබිය මැද්දේ බඩගානවා. ඒ තරමට බීලා.කාලෙකට පස්සෙ මන් අහන සුපුරුදු ප්රශ්නෙම මම ඇහුවා.
“ආ ඇන්ටන් අංකල් අද ලකී නෑ වගේ”
“ඔව් පුතා අද සෙට් නෑ. ලක්ශ 18 ක් පරාදයි”
“පුතා ඩ්රින්ක් එකක් දාමු නේ”
“අන්කල් ට ස්පෙශල් මොනවා හරි ඕනෙද නැත්ත්ම් මන් බාර් එකට ඩ්රොප් කරන්නද?”
පොර 5000හේ කොල ටිකක් කවුන්ටරේට දානවා.
“පුතා මෙතන 60 ක් තියෙන්වා. අයි ඔන්ලි නීඩ් අ රූම් ඇන්ඩ් බ්රෙක්වස්ට්. ඉතුරු සල්ලි වලට හරියන ගානෙ බොට්ල් එකක් රූම් එකට එවන්න. ගන්න තියන ටිප් ඕකෙන් ගන්න. තව සල්ලි නෑ මන් ගාව.”
එහෙම කියලා මට සිගරට් දෙකක් දීලා යනවා.
(අපෙ තාත්තත් මුගෙ වයසෙමයි.අපෙ තාත්තාට ලක්ශ 18 ක් තිබ්බොත් අම්ම එක්ක ඉන්දියාවේ වන්දනාවෙ ගිහිල්ලා ඉතුරු ටිකෙන් ගෙදර උඩ තට්ටුව හදනවා.)
ඔන්න ආයෙ ටික වෙලාවකින් එනවා හෙන ඩීසන්ට් අන්කල් කෙනෙක් .ෆුල් කිට් ගහලා .ටයි එකේ පින් එකේ ඉදලා මැචින් . 100% පර්ෆෙක්ට් .ඇවිදින සද්දෙත් හෙන කොලිටි සවුන්ඩ් එකක්. එයත් එක්ක පිටිපස්සෙන් එනවා අවුරුදු 20 ක විතර කෙල්ලෙක් . “හොට් ඇන්ඩ් සෙක්සි” නෙමෙයි “කියුට් ඇන්ඩ් සෙක්සි” තමයි ගැලපෙන්නෙ කෙල්ල චූටි කිසා .අන්න අන්න අපේ සික්කා අන්කල් හැරිලා බලනවා .
කෙල්ල ගැන දුකකුත් ,තමන්ගේ සමකාලීනයෙක් තව ටික වෙලාවකින් තරුණ කෙල්ලෙක් එක්ක යහන් ගතවෙන බව දැනුන නිසා ඇතිව්ව්න සියුම් ඊරිසියාවක් ඒ මූනෙ තිබ්බා.
පාන්දර 3 යි . සිගරට් එකක් ගහන්න හිතාගෙන රිසෙප්ශන් එකෙන් කකුල එලියට තිබ්බා විතරයි .ටාං ගාලා ලිෆ්ට් එක ඇරුනා. කොල්ලො දෙන්නෙක් එලියට ආවා. ආව නෙමෙයි උන් දෙන්නව බවුන්සර්ල දෙන්නෙක් කුදලගෙන ආවා. ශුවර් එකටම මුන් දෙන්නා කෙල්ලෙක් නිසා ඇරගන්න ඇති .කියලා කට ගන්න හම්බුනෙ නෑ කෙල්ලත් එනව කිකිලි වගේ පිටිපස්සෙන් .
එකෙක් ගෙදර ගියා අනිත් එකා වෙන ක්ලබ් එක්කට ගියා. මේකි හොටෙල් එක ඉස්සරහ. මන් ගිහිල්ලා ඇහුවා “මිස් ටැක්සියක් කතා කරලා දෙන්නද ?”කියලා . මටත් ගස්සලා දාලා හොටෙල් එකෙන් මීටර් පන්සීයක් විතර එහාට ගිහිල්ලා ටුක් එක්කෙ නැගලා ගියා.හොටෙල් එක ඉස්සරහින් නැග්ගොත් පොශ් කමට හරියන් නෑනෙ .
මන් පාඩුවෙ සිගරට් එක බීලා මගෙ කැරකෙන පුටුවෙ වාඩි වෙලා හෙමීට කැරකෙනවා. මැනේජර්ගෙ පුටුවෙ තරම් නැති උනාට මේකේ වාඩි වෙලා කැරකෙද්දිත් ආතල්. කැරකෙන ගමන් මන් එක එක දේවල් හිතනවා.
“සල්ලි වලින් සතුට ගන්න බෑ”
මේක මට කියන්න අකැපයි .මොකද මන් පැලෙන්න සල්ලි තියන එකෙක් නෙමේ. මන් කිව්වත් මොකෙක්වත් වත් ගනන් ගන්නෙ නෑ.ඒ නිසා මන් කියන්න යන්නෙත් නෑ. වෙලාවකට මට හිතෙනවා මන් සල්ලි තියන උන්ට ඊරිසියාවද කියලා? වෙන්න ඇති නැත්තන් සල්ලි තියන එකෙක්ට කෙල වෙද්දි හිනා ගිහින් සල්ලි නැති එකෙට කෙල වෙද්දි බඩ පපුව දාලා යන්නෙ නෑනෙ?මන් වත් දන්නෙ නෑ මම මොන පැත්තෙද කියලා හැම පැත්තටම බම්ප් වෙනවා වගේ දැනෙන්නෙ.තවත් වෙලාකට හිතෙනවා මේ දෙගොල්ලොම දිහා වෙන තැනක ඉදන් බලන් ඉන්න එකෙක් ද කියලත්?
සතුට කියන්නෙ මොකද්ද ?
කසියා පැකට් එකක් , ගල් බාගයක් බීලා ගන්න ෆීලින් එකමද බ්ලූ ලේබල් එකක්, චිවාස් එකක් ගහලා ගන්නේ?
දහයෙ අයිස් කෝන් එකක් කන ෆීලින් එකමද බාස්කින් රොබින්ස් එකෙන් අයිස්ක්රීම් එක කාලා ගන්නේ? රසවල් වෙනස් ඒත් ෆීලින් එක?
ගමක මනුස්සයෙක් සංගීතෙක බඩ පේන්න ඇදලා නටන කෙල්ලෙක්ට විසිල් එක ගහල ගන්න ෆීලින් එකද , සල්ලි කාරයෙක් ක්ලබ් එකක යටට විතරක ඇදන් පොල්ලක එල්ලිලා නටන කෙල්ලෙක්ට දාහෙ කොල ටිකක් විසි කරලා ගන්නෙ?
ජීවත් වෙන එක පැත්තකින් තියමුකො මිනී පෙට්ටි සාප්පුවෙත් එහෙමයි.තේක්ක කියයි ,බුරුත කියයි ,කොස් ලී කියයි
එක එක ගනන්වලට මිනීපෙට්ටි තියනවා.
අපිම හදාගත්තු සල්ලි වලට අපිම රැවටිලා ……………….
“සර් ට ඩබල් බෙඩ් එකක් දෙන්නද දොයියන්න”
මට උඩ ගිහිල්ල ඇහැරුනා. ආයෙමත් දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා.හීන ලෝකෙන් එලියට ඇවිල්ලා පුරුදු රේස් එකම දුවන්න ඕනෙ……
උපුටා ගැනීම: Dulana Susangith

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!