පුරුෂාධිපත්‍යය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාසල් විවේක කාලය ඇරඹීමත් සමඟම කැන්ටිම පුරා “නැන්දා මට බනිස්, මට
ටොෆි,නැන්දා මට පේර, නැන්දා මට අඹ “ලෙසින් හඩ
ගාමින් පුංචි උන් පොදි ගැසී කැන්ටිමේ එක පොරයකි.
එක්වරම කැන්ටිමේ නැන්දාගෙ ඇස යොමු වුණේ පුංචි ගැහැණු ළමයෙක් රුපියල් දාහක් දික්කරමින් “නැන්දා මට ටොෆි දෙකක්” කියා හඬගාන දෙසටය.
රුපියල් දාහක් අතටගත් නැන්දා අනෙක් දරුවන්ට අවශ්ය දේවල් ලබාදී අර දරුවාට ටොෆි
දෙකක් ලබාදී කැන්ටිමේ දොර වසා දරුවා පසුපස ඇදෙන්නට විය.
දරුවා සමඟ ම ආ නැන්දා මා අසලට පැමිණ “මැඩම් මෙන්න මේ ළමයා රුපියල් දාහක් ගෙනත් ටොෆි දෙකක් ගත්තා. මම ටොෆි දෙක දීලා මේ රුපියල් දහ අරන් ආවා.ගෙදරින් හොරෙන් ගෙනෙන්ට ඇත්තේ හොයල බලල දෙන්ඩ මැඩම්.”( එකල අද මෙන් නොව රුපියල් දාහක් යනු ඉතා ඉහළ වටිනාකමකි. මීට අවුරුදු 15 ට පෙර)
ඇයගේ අවංක භාවය ගැන ප්රශංසා කළ මම මෙම රුපියල් දාහ දරුවාගේ දෙමව්පියන්ට ලබාදීමට පොරොන්දු වුණෙමි.
ටොෆිදෙක කා එම දවටන ගුලි කරගත් දීපිකා දෙස බලා මම ඇයව මගේ ලඟට කැඳවා ගත්තෙමි.”ටොෆි රසද?කියා ඇසුවෙමි. හිස වනා පිළිතුරු දුන් ඇය ගෙන් මම ඔයාට සල්ලි කොහෙන්ද? කවුද දුන්නෙ? කියා විමසුවෙමි. “අම්මා දුන්න” කියා ඇය බොරුවක් පැවසුවාය. මම ඇයගේ දෑස් දෙස එක එල්ලේ බලා සිට බොරු නේද කියන්නේ ? කියා ඇයගෙන් විමසුවෙමි. ඇය මා දෙස පුදුමයෙන් මෙන් බැලුවේ ඇයගේ රහස කෙසේ දැනගත්ත ඇතැයි සිතනා අයුරින් ය .”ඇත්ත කියන්න කොහෙන්ද සල්ලි?” එවිට ඇය “අපේ අප්පච්චි ඇඳ යට ටින් එකක සල්ලි දානවා. මම ඒකෙන් සල්ලි ගත්තා”.” කීයක් ගත්තද”? මම ඇසුවෙමි .සල්ලි කොළයක් ගත්තා . 1ශ්රේණියේ උන් ඇයට මුදල් ගැන දැනුමක් නොමැත. ඇය පන්තියට යැවූ මම පන්තියට පහළින් ඇති පඩිපෙළ දෙස බැලුවේ වෙනදාට මෙම දැරියන්ගේ මව කලින්ම ඇවිත් අනෙක් මව්වරුන් සමග කතාබහ කරමින් සිටිනු මා නිතරම දකින නිසා ය.ඇය වෙනදා මෙන් නොමැති නිසා පාසල් ඇරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම පන්තියට පැමිණි මා සමග කතාබහ කර පන්තිය අතුගාන බැවින්
අනෙක් දරුවන් යවා අදාල දැරිය පන්තියේ ම රදවා ගතිමි.
බොහෝ වේලා ගත වීත් මව නොපැමිණි නිසා පඩිපෙළ දෙස නැවතත් බැලුවෙමි.අනෙක් අය පිටත්ව ගොස් ඇති අතර දැරියගේ මව රැදී සිටින මුත් පන්තියට
ඒමේ අදහසක් නැති සේය.
මම ඈත සිට ඇයට කතා
කළෙමි.වෙනදාට කඩිසරව පැමිණෙන ඇය සෙමෙන් නොකැමෙත්තෙන් මෙන් ඇදුණි.
මා සමීපයට පැමිණි ඇය දෙස බැලූ මට මගේ නෙත් අදහා ගත නොහැකි සේ ය.වෙනදාට ප්රිය මනාප පැහැබර ඇගේ මුහුණ නිල් පැහැ ගැන් වී ඇති අතර ඇස් ඉදිමී ජම්බු ගෙඩි දෙකක් වැනිය.
“ඇයි සනීප නැතිද”..?කියා විමසත් ම ඇගේ ඇස් වලින් කදුළු රූ…. රා…… වැටුණි.”මොකද වුණේ” මගේ පැනයට පිළිතුරු නොදෙන ඇය දිගින් දිගටම කදුළු පෙරා හඩයි.මොහොතක් ගතවූ පසු ඇය හඩ අවදි කළාය.
“අනේ …. මැඩම් දුවගෙ අප්පච්චි බීජ බොංචි ගන්න එකවර සල්ලි ගොඩක් ඕනේ හින්දා.එළවළු විකුණන ගානේ ඇද යට ටින් එකකට
වරින් වර සල්ලි දානවා.අද බලද්දී රුපියල් දාහක් අඩුයි කියලා .මම ගත්තද ඇහුවා.අනේ….මැඩම් මම ගත්තේ නෑ කිවුවාට ඇහුවෙ නෑ.අපේ ගෙදරට කවුරුත් ආවෙත් නෑ.කවුරුත්ඇද යට සල්ලි තියෙනවා දන්නේත්
නෑ.දැක්ක නම් ඔක්කොම ගන්නවනෙ .”යනුවෙන් පවසා ඇය නැවතත් හඩන්නට විය.
“ඉතින් දෙන්නා රණ්ඩු වුණා ද?”මම විමසුවෙමි.”රණ්ඩු කියන්නේ මැඩම් මම ගත්තේ නෑ කියලා දුවත් අරං දිව්රුවා. ඒත්….. පිළිගත්තේ නෑ. මට ගහගෙන ගහගෙන ගියා”නැවත මහ හැඩුමකි.
“ම්…….හරි හරි බය වෙන්න එපා. මෙන්නසල්ලි තියෙනවා.දරුවා පුංචි නිසා නොදැනුවත්කම ට සල්ලි ගෙනත් ටොෆි කන්න හිතිලා. කැන්ටිමේ නැන්දා හොද හින්දා ගෙනත් දුන්නා. දැන් මම මේක ඔයාගේ අතට දෙන්නෙ නෑ.දරුවගෙ අප්පච්චි ට එන්න කියන්න. මොකද…… දැන් ඔයා මේක දුන්නොත් . හංග ගෙන ඉදලා
දුවටත් උගන්නලා දුන්නා කියලා හිතයි.(මම මෙම තීරණය ට පැමිණියේ ඇය නිතර පන්තිය අතුගෑමට
පැමිණ මා සමග වරින් වර පැවසූ දුක්ගැනවිලි අසා ඇති අතර ඔහු පුරුෂාධීපත්යයේ හොඳ බැතිමතෙකු බව දන්නා නිසා සහ මෙය ඔහු ව දැනුම්වත් කිරීමේ මහගු අවස්ථාවක් නිසා ය.)අදම එන්න කියන්න.ඉස්කෝලෙ ඇරෙන්න ඉස්සර එන්න පුළුවන් නෙ” කියා පැවසූ විට ඇගේ නිල් පැහැ ගැන් වුණ මුහුණෙන් මතු වූ සිනාවේ අමුතුම සිරියාවක් වූ බව අදටත් මගේ මතකයේ ඇත.
“අනේ….. ලොකු දෙයක් සල්ලි තිබ්බ එක .නැත්නම් හැමදාම මට බැනුම් අහ අහ ඉන්න වෙන්නේ.” වෑහෙන සතුටු කදුළු පිසිමින් ඇය මා හට වැද කඩිනමින් පිටත් විය.
ටික වෙලාවක් ගත වූ තැන ඉහින් කනින් දාඩිය පෙරාගෙන කුඹුරේ සිට කඩිමුඩියේ පැමිණි බවට සාක්ෂි අත් වල තැනින් තැන
වූ මඩ පැල්ලම් ද පෙන්නුම් කරමින් ඔහු මා ඉදිරියේ විය.
ඔහු මේ වන විට අදාල කතන්දර ය දන්නා බවත්, ඔහු ගේ කතන්දරය මා දන්නා බවත් ,දැක්වූ දැඩි යටහත් පහත් බව හා බයාදු බව කියා පාන්නට විය.
“සිද්ධිය දන්නවා ඇතිනේ. මෙන්න සල්ලි.
දරුවාට දඩුවම් කරන්න එපා.
එයාට තේරෙන්නේ නෑ. නැත්නම් රුපියල් දාහට ටොෆි දෙකක් ඉල්ලන්නේ නෑනේ .තව එකක් සල්ලි නැතිම වුණා කියමුකො.ඔය
විදිහට ගහන එක පිරිමි කමක්ද? මට ගැහුවා කීවෙ නෑ.හැබැයි කියන්න ඕනේ නෑ. දරුවගේ අම්මගෙ මූණෙන් පෙණුනා ගුටිවල තරම්.ඒ මනුස්සයා අද අනිත් අම්මලා මග ඇරලා පහු වෙලා
ආවෙත්. කටක් ඇරලා කියන්න පුළුවනෑ ගුටි කෑවා කියලා.අනික හරකෙක් කියලා හිතුවා වගේ තමයි.
තමුන්ගේ අත් පාරවල් මූණෙ
හිටල තියෙන්න ගහලා . පිරිමි කම ඕකද?ගහ බැන ගෙන ප්රශ්න විසඳන්න බෑ” යනාදී බොහෝ දේ පවසා මම ඔහු ව දැනුම්වත් කර මුදල් අතට දී නැවත ඇයට කිසිවකටත් පහර නොදෙන බවට පොරොන්දු කර ගත් අතර ඇය පවුලේ පැවැත්මට කරන කටයුතු ඔහුගේ කටයුතු වලට නොදෙවෙනි බවත් , ඇයටත් ගරුත්වයක්
තිබිය යුතුය යන්නත් ඇයගේ රැකවරණය ඔහු බවත් ඔහුට
අවධාරණය කර දඩුවමක් ද
දුන්නෙමි.
” දැන් දරුවගෙ අම්මට
ඔහොම මූණ තියා ගෙන පාරේ එන්න බෑනෙ.තමුන් මේ සතියේ දරුවා එක්ක එන එකයි දරුවා ගෙනියන එකයි කරන්න ඕනෙ.අනික දැන් කැන්ටිම වහලා. හෙට ආපුවම අර මනුස්සයාට ස්තූති කරන්න ඕනෙ” යැයි
පැවසූ විට පියා තමා අතින් වැරැද්දක් වූ බවත් පවසා සමාව ඉල්ලීය.”සමාව ගන්න ඕනේ මගෙන් නෙවෙයි දරුවන්ගෙ අම්මගෙන් .”
යැයි පැවසූ විට මා හට වැද බයාදු ලෙසින් ඔහු පිටත් විය.
පසුදා උදෑසන දරුවා
එක් අතකින් ද එළවළු මලු දෙකක් අනෙක් අතේ රදවා ගෙන පැමිණි ඔහු එකක් මට දී අනෙක රැගෙන කැන්ටිම බලා පිටත් විය.
එදින දරුවා රැගෙන යාමට පැමිණි ඔහු මා අසලට පැමිණ දඩුවම ලිහිල් කර ගත්තේ හිස කස කස
මෙසේ අයදිමිනි.”මැඩම්…..
මට බොංචි හිටවන්න කුඹුර
හදා ගන්න අත්තමේ යන්න ඕනෙ.ඒ හින්දා මේ සතියෙ මට දුව එක්ක එන්න අමාරුයි.අපේ එක්කෙනාටත්
එන්න බැරි නිසා .මම අපේ අම්මා ට එන්න කීවා.දුව අම්මා අතේ එවන්නම්” කියා බැගෑපත්ව අභියාචනායක්
ඉදිරිපත් කළේ ය.සියල්ල සළකා බැලූ මං තුමී තව දුරටත් අවවාද කර විත්තිකරු දොස් කොට නිදහස් කරන ලදී .
උපුටා ගැනීම: චිත්රාගංගනී —–

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!