රජාතන්ත්රවාදය කියන වචනයට පස්සේ තියෙන ලොකුම ප්රෝඩාව තමයි පුරුශාධිපත්ය කියන එක . එහෙම එකක් නෑ , ඒ සෙලවෙන මනස . මම බොරු කියනවා කියලද හිතන්නේ
මේ ලෝකෙ පාලනය කරන්නෙ ගෑනු , ඒත් ඒ ගොල්ලෝ අනුකම්පාව මත අපිට පොඩි චූන් එකක් ගන්න ඉඩදීලා තියෙනවා පිරිමි තමයි පොර කියලා. අපි දැනගන්න ඕනේ ඒක සීමාවක් ඇතුළත භුක්ති විදලා ආතල් එකක් ගන්න. වැඩිය දඟලන්න ගියොත් ඉතින් සොරි තමයි. එකපාරට හිතෙනවා නේද මේ යකා පිස්සෙක් කියලා, සමා-ඉවසලා තව ටිකක් ඉස්සරහට මේක කියවගෙන යමුකෝ.
පොඩිකාලෙන් පටන් ගමුකෝ. නාමික වශයෙන් තාත්තා ගෘහ මූලිකයා උනාට කවුද අපිව හදන්නෙ වඩන්නේ, අම්මානේ. අපි සාමාන්යයෙන් දවස ගෙවෙන රටාවෙන් පිට මොනවා හරි කරන්න ගියොත් අම්මගෙන් අවසර ගන්න ඕනෙනේ, අම්මා හිතලා බලලා තීරණයක් දෙනවා, හැබැයි ඉඳලා හිටලා කියන වෙලාවක් තියෙනවා නේද තාත්තගෙන් අහල බලන්න කියලා , ඒ බොරුවට , එක්කෝ අම්මට හිතන්න තව කාලේ ඕනේ , නැත්තං ඔය වැඩේට සල්ලි ඕනේ , ඇඟිල්ල ඉල්ලගන්න කෑල්ල කරන්න තියෙන්නේ තාත්තාගේ , එකයි කියන්නේ තාත්තාගෙන් අහන්න කියලා. උදාහරණයක් – ට්රිප් එකක් යන්න, අම්මා තීරණය කරලා ඉවරයි මම ට්රිප් එක යනවද නැද්ද කියලා, සල්ලි ඉල්ල ගන්න තියෙන්නෙ තාත්තගෙන් හින්දා බොරුවට කියනවා තාත්තාගෙන් අහන්න කියලා , අනේ අර අහිංසක අසරණ තාත්ත හිතන්නේ එයා ගෘහමූලික හින්දා එයාගෙන් අහනවා කියලා. හොඳට කල්පනා කරල බලන්න – අම්මා අකමැති නම් හෙන ගැහුවා වගේ අම්මා ඒ අදහස ප්රතික්ෂේප කරනවා, නෑ ඕනෙ නෑ කියලා කෙලින්ම කියනවා. තාත්තාගෙන් අහන්න කියලා කියන හුඟක් ඒවගේ අම්මා අකමැති නෑ හැබැයි කොහේහරි කොනක සල්ලි කේස් එකක් ගෑවිලා තියෙනව. හිතලා බලන්නකෝ නැද්ද කියලා. මට ෆෝන් එකක් ඕනේ, කොම්පියුටර්යක් ඕනේ, ඩෙනිමක් ගන්න ඕනේ , අලුතෙන් පන්තියකට යන්න ඕනේ , සඳුදාට පහසුකම් ගාස්තු ගේන්න කිව්වා, ඉස්කෝලේ නාට්යයක් පෙන්නන්න එක්ක යනවා කිව්වා , යාලුවෙක්ගෙ ආච්චි කෙනෙක් මැරිලා , අපි ගෙදරට බල්ලෙක් ගමුකෝ, අපි ගෙදරට ඩයලොග් ටීවී එකක් ගමුකො, පේනවානේ , තාත්තට මේවට වියදම් කරන්න සල්ලි හොයාගන්න කල් දෙන්න ඕනේ. ඒකයි තාත්තගෙන් අහන්න කියන්නේ.
අපේ තාත්තා නම් ඒක හොඳට අවබෝධ කරගෙන හිටපු කෙනෙක් , මම පොඩි පන්තියක ඉන්නකොට ටීචර් ගෘහ මූලිකයා ගැන රචනාවක් ලියාගෙන එන්න දීලා. තාත්තගෙන් ගෘහමූලිකයා කියන්නෙ මොකාද කියල අහපුව කෙලින්ම කියල තියෙන්නෙ ඒ උඹලගෙ අම්මායි කියලා (ප්රජා අයිතිය උල්ලංඝනය වෙලා හිටපු වෙලාවක වෙන්න ඇති) මමත් ඉතින් අපේ ගෙදර ගෘහමූලිකයා අම්මාය කියල ලොකුවට ලියන් ගිහිල්ලා. ගුරු දෙගුරු හමුවේදී ඕක ටීචර් අම්මට කියලා, මගෙන් ආහපුවම කිව්වා තාත්තා තමයි කිව්වේ කියලා, ගෙදර ඇවිත් අම්ම තාත්තගෙන් අහපුවාම තාත්තා කිව්වා ඔව් මම කිව්වා තමයි කියලා. ගැටළු එතනින් සමාප්තයි. අම්මත් හැබැයි මොකක්දෝ හේතුවකට සීන් එක ඇදගෙන ගියේ නෑ.
තව දෙයක් බලමුකෝ , අරයා අර විදිහට කිව්වා , මෙයා මේ විදිහට කිව්වා , අතන එහෙමයි , මෙතන මෙහෙමයි , ඒකට මොකද කරන්නේ , මේකට මොකද කරන්නේ කියල අම්ම තාත්තගෙන් අහන වෙලාවල් තියෙනවා නේද , තාත්තත් ඉතින් ලෝකෙ ගැටගහලා කල්පනා කරල උත්තරේකුත් දෙනවා නේද . අමු බොරුවක්. කරන්න ඕනේ කොහොමද කරන්නේ මොනවද කියන එක අම්මා තීරණය කරල ඉවරයි, හැබැයි ඉතින් තාත්තට පොඩි තැනක් දීලා ඉන්ෆොර්මේශන් ටික පාස් කරන එක විතරයි කරන්නේ. උදාහරණයක් – චූටි බාප්පාගේ නෝනගේ අල්ලපු ගෙදර නැන්දාගේ දුව බදිනව කියන්නකො, අම්මා ඉතින් ගෙදර ආපුවාම තාත්තට කියනවා – බලන්නකෝ අනේ , අරගොල්ලෝ මගුල් කිව්වනේ , දැන් මොකද කරන්නේ , යනවද ? අමු බොරු. මගුලට යනවද නැද්ද, යනවනම් කවුද කවුද යන්නේ, අඳින්නේ මොනවද, මොකේද යන්නේ, කාගේ ගාවින්ද වාඩිවෙන්නේ, කීයක් දෙනවද, ඔය ඔක්කොම අම්මා තීරණය කරලා ඉවරයි , අර කලේ ඉන්ෆොර්මේශන් එක පාස් කරලා අහවල් දවස වෙනකොට සල්ලි ලෑස්තිකරගන්න යන පණිවිඩය දෙනඑක.
ඔන්න දැන් ඔයාලට ටික ටික වැටහෙනවා නේද මම කියන්නේ ඇත්ත කියල , දැන් අපි බලමු ඒ වගේ තීරණයකට පිටින් ගියොත් මොකද වෙන්නේ කියලා, උදාහරණයකින්ම ගමුකො. අම්මට ඕනේ චූටි මාමාගේ ගෙදරට අල්ලපු ඉඩම අරගෙන ගෙයක් හදන්න, තාත්තට ඕනේ බස් පාර කිට්ටුව විකුනන්න තියන ගෙයක් ගන්න. තාත්තගේ පුරුෂාධිපත්යය පාවිච්චි කරලා ඒ ගේ ගත්තා කියමුකෝ, දැන් මොකද වෙන්නේ මිත්රවරුනි, ඔය ගෙදරට මීයෙක් රිංගලා කරුවල කෑල්ලක් කෑවා කියන්න, පූසෙක් ඇවිල්ල ජරා කරල ගියා කියන්න, ගෙදරට එන වතුර ලයින් එකෙන් කැඩුනා කියන්, අල්ලපු ගෙදර බල්ලා රෑට උඩුබුරනවා කියන්න, හුලගට ළඟපාත ගහක අත්තක් කඩාගෙන වැටුණා කියන්න, ඉස්සරහ ගෙදර ගොයියා බීල පාටියක් දාලා රෑට සිංදුවක් කිවුවා කියන්න, එකී මෙකී නොකී මොකක් උනත් කතාව පටන් ගන්නෙ මෙහෙමයි , මේ මිනිහට මම මුලදිම කිව්වා අපි අර ඉඩම ගමු කියලා , ඇහුවෙ නෑනෙ , මොකද මගේ රැවුල නෑනේ, එහෙම වුනානම් මෙහෙම වෙන්නෙ නෑනෙ, අනේ කවදහරි දවසක අර මනුස්සයා මැරිලත් පැයක් යනකල් මුළු ජීවිත කාලෙටම ඕක තමයි අහන්න වෙන්නේ, හා නැද්ද මම කියන්නේ,
ඔය අතර තුරේදී ගෙදර ළමයෙක් ළඟපාත ගෙදරක ළමයෙක් එක්ක එකතු වෙලා මොකක් හරි නොටෝරියස් වැඩක් කරලා තිබුනොත් එහෙම ඒ තවත් දරුණුයි , ඒවටත් බැනුම් ගහන්ඩ වෙන්නේ තාත්තට ම තමයි, මම කිව්ව මේ ගේ ගන්න කලින් ඔය ටික වෙයි කියලා, දැන් ඉතින් මාගේ ළමයෙක්වත් හදාගන්න වෙන්නේ නෑ, මේ ළමයාගේ අනාගතය විනාසයි, මම කිව්වා ඔය ටික වෙයි කියලා, අතර ඉඩම් කෑල්ලෙ ගෙයක් හදා ගත්තා නම් එහෙම වෙන්නේ නෑනේ. ඕක තමයි කියන්නේ. පිංවතුනි පෙනෙනවා නේද ආදීනව.
හරි හරි එච්චර උදාහරණ ලොකු වැඩිද, පොඩි ඒවගෙන් කියන්නද, ඉරිදා තාත්ත ගෙදර ඉන්න වෙලාවේ අහනවා, චිකන් ද මාළු ද හදන්න ඕනේ කියලා , බොරුවට අහන්නේ, මාලු කෑල්ලේ කූල් බහින්න කොරහටත් දාලා ඉවරයි. තාත්තා මාළු තෝර ගත්තොත් හොඳයි, චිකන් තෝරගත්තොත් – ඔයාට හැමතිස්සෙම චිකන් කන්න හොඳ නෑ අනේ , කොලෙස්ටරෝල් , අනිත් එක කැන්ටින් එකෙනුත් ජරාවක් කනවා ඇතිනේ, හැමතිස්සෙම දිව ගැනම හිතන්න එපා , ශරීරය ගැනත් හිතන්න, කලිසමේ බොත්තමක් දාන්නෙ අමාරුවෙන් නේද. පේන්නේ-නෑ අර ගොඩ්ඩින් අයියා, සීනි හැදිලා තියෙන්නේ කුකුළුලොම ගිලිලා, අර කමලාවතී වැටිලා අත කැඩිච්ච වෙලාවෙත් දොස්තර ඇහුවලු කුකුල්මස් කනවද කියලා, දාස අයියාගේ ළමයා මේ පාරත් විභාගේ ෆේල්, කපු මහත්තයා ඒත් කිව්වලු ගෙදරට කුකුලෝ ගේන එක ටිකක් අඩු කරන්න, කිළි අහු වෙනවලු. අනිත් එක ඉතින් ඉඳලා හිටලා මාලුකෑල්ලක් කෑවායි කියලා ගෙවෙනවායෑ. ඉතින් ඒ අනර්ඝ ධර්ම දේශනාවෙන් අනතුරුව ඉක්බිති සියල්ලෝ සතුටින් මාලු කෑහ.
ඉතින් මචංලා, උඹත් ගෘහමූලිකයෙක්නම් සත්ය දැනගෙන ජීවිතයට මුහුණ දෙමු, උඹේ නෝනා මොනවා හරි ඇහුවොත්, ආවට ගියාට උත්තර දෙන්නේ නැතුව හොඳට කල්පනා කරලා උත්තර දෙන්න, මොකද ඔය උන්දලා හුගක් වෙලාවට ප්රශ්නයක් අහන්නේ උත්තරේ දැනගෙන, ඔය චාන්ස් එකක් දෙන්නෙ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න. ඒ වගේම මොකක් හරි ප්රශ්නයක් අහලා එහෙම කරමුද නැත්තං මෙහෙම කරමුද කියලා චොයිස් දෙකක් දුන්නොත් ඒක උගුලක්. මොකද නෝනා ඒ වෙනකොට තීරණය කරලා ඉවරයි කරන්න ඕනෙ මොකක්ද?නොකරන්නේ මොකක්ද? කියලා. ඔයාට කරන්න තියෙන්නෙ ඒ තීරණේට එකග වෙන එක විතරයි.
තව ඉතින් අතුරු කාරණා කිහිපයකුත් මේක මම කියලා දාන්නම්, බිරිඳගෙයි ඥාතීන් නිතරම උසස් කුලවත් හැදිච්ච අය බව තේරුම් ගන්න, එමෙන්ම බිරිදගේ යෙහෙළියන් ඇගේ යෙහෙළියන් වන අතර ඔබගේ යෙහෙළියන් නොවන බව තරයේ වටහා ගන්න. ගෘහස්ථ පරිසරය තුළ යම්කිසි අතපසුවීමක්, ගැටලුවක්, ප්රශ්නයක්, කචල් එකක් සිදුවුණොත් සෑම විටම එය ඔබේ වරදක් මිස බිරිඳගේ වරදක් නොවන බව වටහා ගන්න. බිරිඳගේ කෑම නිතරම රස බවත් කවදාවත්ම ඇයට පදම වරදින්නේ නැති බවත්, රසයෙහි වෙනසක් ඇත්නම් එය ඔබ ගෙනාපු හෝ කුළුබඩු වල ගැටලුවක් බවත් තේරුම් ගන්න. මේ උපදෙස් ඔබට බොහෝ කලක් සතුටින් නිරෝගීව ජීවත්වීමට උපකාර වනු ඇත, ඒමෙන්ම ඔබ බිරිඳට සුවච කීකරුව සිටීනම් – අද මට මහන්සි, අද මගේ කොන්ද ටිකක් රිදනව, අද මගේ ඇඟට හරිනෑ වගේ, මට හෙට උදෙන්ම නැගිටින්න තියෙනවා, වගේ ප්රකාශ නිතර ඇසීමට සිදු නොවනු ඇත.
දැන් ඉතින් මේකෙ ඉන්න පුරුෂරත්න ටික ටිපර් වෙලා කොමෙන්ට් දාන්න කලින් පොඩි දෙයක් කියන්නම්, ඔබ විවාහකයෙක් නම් , ඔබ දාන කොමෙන්ටුව ඔබ ගියේ ඔබගේ බිරිඳ කියවීමට ඉඩ තිබේ, බිරිඳ නොදැක්කත් බිරිඳගේ යාලුවෙක් ස්ක්රීන්ෂොට් එකක් ගසා බිරිඳට යැවීමට වුණත් හැකියාවක් ඇත, ඔබ අවිවාහකයෙක් නම් ඔබගේ පෙම්වතිය එම කමෙන්ටුව දැකීමට ඉඩ ඇත, නොදැක්කත් යාළුවෙක් හෝ දැකීමට ඉඩ ඇත, ඔබගේ පෙම්වතිය හෝ එම යාළුවා අනාගතයේ දවසක ඔබගේ බිරිඳ වීමටද ඉඩ ඇත. ඇය ගාව ඔබගේ කොමෙන්ටුවේ ස්ක්රීන්ශොට් එකක් තිබීමට ඉඩ ඇත. කොමෙන්ටු අනතුරුදායකයි ප්රවේශමෙන් පරිහරණය කරන්න. ඔබට සිදුවිය හැකියි හදිසි අනතුරු සඳහා වග නොකියමි.
ඉහත කිව්ව කැටගරි දෙකටම ඔබ අයත් නැත්නම් ඒ කියන්නේ ඔබට කෑල්ලක් නොමැත. එක්කෝ ඔබ පට්ට වාසනාවන්තයි, එහෙම නැත්තං ඔබ පට්ට කැතයි, දෙකෙන් කොයික උනත් ජීවිතය ඔබට මේ ලබා දී ලබා දී ඇති අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගන්න. දෙයියො වුනොත් හැමදාම චාන්ස් දෙන්නේ නෑ බ්රෝ.
උපුටා ගැනීම: Nathanielsz Dunil Roshan