මේක උනේ ඒ ලෙවල් කාලේ. ඉස්කෝලේයන කාලේ මම හෙන අහිංසක විනීත දරුවෙක්. ගුරු දෙගුරු රැස්වීමකට අම්මා ආවත් කට කනේ තියාගෙන යන්නේ මගේ හොද අහලා. මගේ කට හොද නෑ කියලා දන්නේ යාලුවෝ විතරයි.හැබැයි ඒ ලෙවල් කරන්ඩ ගියත් හරි කාඩ් කුඩු.
මේ සිද්ධිය වෙද්දි මම ඉස්කෝලේ ශිෂ්ය නායකයෙක්. මගේ ඇග පතේ සයිස් එක නිසාම මාව ඩියුටි දාලා තිබ්බේ ප්රයිමරි සෙක්ශන් එකට. කෑම්ප් එකකට කියලා අපිව එක්කන් ගියා මොරටුව පැත්තේ තිබ්බ සුබෝධි කියලා ට්රේනින් සෙන්ටර් එකකට. ඒක කතෝලික පසුබිමක් එක්ක තිබ්බ ෆාදර්ස්ලා පාලනය කරපු තැනක්.
හැම කාමරේම යන්ඩ එන්ඩ දොරවල් දෙකක් තියනවා. එකක් කොරිඩෝ එකකට ඇරෙනවා. අනික මිදුලකට ඇරෙනවා. හැම කාමරේම තට්ටු ඇදවල් දෙක ගානේ තිබ්බා.එක කාමරේකට හතර දෙනා ගාහේ දාලා, ඇතුලේ ඉන්න එවුන්ගේ නම් දොරේ බෝඩ් එකක ගහලා තිබ්බේ. උඩින්ම නම තියන එකා තමයි “රූම් ඉන් චාර්ජ්”. අපේ කාමරේ මම.
ඔන්න ඉතින් ආපු ගමන් කට්ටියට ඇදුම් මාරු කරලා රෙස්ට් එකක් ගන්න කියලා පොඩි වෙලාවක් දුන්නා. අපිත් කාමරේට ඇවිත් දොර වහ ගත්තා. ටික වෙලාවකින් කවුද දොරට ගහනවා. දොර ඇරලා බැලුවට එකෙක්වත් නෑ. මොකෙක් හරි පරයෙක් දොරට ගහලා දුවනවා.ආයි ටිකකින් ආයිත් දොරට ගහනවා.බැලඋවට කවුරුත් නෑ. ඔය සෙල්ලම ටික වෙලාවක් උනා. මටත් දන් අම්බානෙක මල. මේ පරයා ආයිත් දොරට ගහනවා. මම දොර අරින්නේ නැතුව ඇතුලේ ඉදන් මහ හයියෙන් ජාතිය අමතන්න ගත්තා. ” ටෞකන්ඩ @#$%&*….” කියලා විනාඩි ගානක් දේශනාව පවත්වලා නිහඩ උනා.
දොර එහා පැත්තෙන් බොහොම නිවිච්ච කටහඩක් ඇහුනා.
“පුතා මම ෆාදර් කතා කරන්නේ. මේ දොර අරින්ඩ..”
හුටා.. මහ එකෙන්ම කෙල වෙලා තියෙන්නේ. මෙතන ඉන්න ෆාදර් කෙනෙක් තමයි අන්තිමට දොරට ගහලා තියෙන්නෙ. මොනවා කරන්ඩද, කං පාත් කරගෙන දොර ඇරියා.
“කවුද මේකේ ඉන් චාර්ජ්…?”
“මම ෆාදර්”
“එතකොට කවුද ඇතුලේ ඉදලා බයිබල් පාඨ කිව්වේ “
“මම ෆාදර්”
“ඉන් චාර්ජ් මෙහෙම උනාම කොහොමද අනිත් අයව පාලනය කරන්නේ. ඔයාල ඉස්කෝලේ අනිත් ලමයින්ට ආදර්ශයක් වෙන්නේ කොහොමද මෙහෙම හැසිරිලා…”
ෆාදර් මොහොම කාරුණිකව මගේ රෙදි සේරම ගැලෙව්වා. රෑ කෑමට යන වෙලාව වෙනකොට අපිත් එක්ක ආපු ටීචලටත් වැඩේ ආරංචි වෙලා.
ජානකී ටීච මට කතා කරා. “කොල්ලො මෙහෙ වර ” ඒ ටීච කතා කරන විදිය. “තෝ ඉස්කෝලේ දහයට ගනින්ඩ බෑ වගේ ඉදලා මෙතනටම ආව නේද නා ගන්ඩ..?” කියලා ඇහුවා.
ඔන්න දැං නිදියන වෙලාව. මොන නිදියනවද, අපි කාඩ් ගහනවා. ටික වෙලාවක් යනකොට ජූනියර් බැජ් එකේ එවුනුයි අපේ සමහර එවුනුයි නිදි.අපේ බැජ් එකේ හිටියා හෙන අණ්ඩපාලයෙක් (පස්සේ ඌ හෙඩ් ප්රිෆෙක්ට් උනා). මූ ටූත් පේස්ට් එකක් අරන් නිදාගෙන ඉන්න එවුන්ගේ ගාන්ඩ ලෑස්තිය. මටත් කැසිල්ලනෙ. මම ෆෝන් එකක් අරන් ඌත් එක්ක ගියා ටූත්පේස්ට් මේකප් එක ෆොටෝ ගන්ඩ.
දැන් අරූ ටූත්පේස්ට් ගානවා. මම ෆොටෝ ගන්නවා.හුගක් එවුන් ටූත් පේස්ට් පාර් වදිනකොට නැගිටලා අපේ මව්පියන්ට පිං අනුමෝදන් කරනවා. එකෙක් නිදං හිටියේ උඩ ඇදක. උගේ අතට ටූත් පේස්ට් දැම්මා. පොර ඇහැරුනේ නෑ. තද නින්ද. අපේ එකා දෙවනි පියවර විදියට ඇද උඩට බඩ ගාලා මූනට ටූත් පේස්ට් දැම්මා.මූ නිදි මරගාතේ මූන අත ගෑවා. මුලු මූනෙම ටූත්පේස්ට්.
“අයියෝ දැවිල්ලයි.. දැවිල්ලයි, මගේ ඇස් දනවා, වල් පරයෝ තොපි මොනාද මට කලේ…”
හුටා, මුගේ ඇස් දෙකෙත් ගෑවිලා.. දැන් අරූගේ නිදිමත නෑ..ඇස් ඇර ගන්ඩත් බෑ..උඩ ඇදක ඉන්නේ කියලා මතකත් නෑ බිමට පැනලා තව පොඩ්ඩෙන් එක කෙලියයි. දැන් මොනා කරන්ඩද, වරෙං යන්ඩ හෝදන්ඩ කියලා මම ඌව අල්ලගත්තා බාත් රූම් එකට එක්කන් යන්ඩ.
මොන යැවිලිද, මූට අසූ හාරදහටත් තව පොඩ්ඩක් වැඩිවෙන්ඩ මල පැනල. ” තෝ ප@# එන්ඩ එපා මාව අල්ලන්ඩ” කියලා මාවත් තල්ලු කරා. ඒකට මොකද ඌට යා ගන්ඩ බෑ.ස්පයිඩර් මෑන් වගේ බිත්ති දිගේ යන්ඩ හදනවා. කොහොම හරි අමාරුවෙන් ඌව ශේප් කරගෙන එක්කන් ගිහින් මූන හේදෙව්වා. මූ යනකලුත් මට බයිනවා, මූන හෝදන ගමනුත් මට බයිනවා, හෝදන එක නවත්තලත් බයිනව, ඊට පස්සේ ආයි බැන බැන හෝදනවා, හෝදලා එන ගමනුත් බනිනවා.
කොහොම හරි ඔය ටූත් පේස්ට් මිෂන් එක නිසා එලි වෙනකන් නිදියන්ඩ උනේ නෑ. අන්තිමට මටයි අරූටයි නිදියන්ඩ බයයි රිටන් එක හම්බ වෙයි කියලා. ඉතිං එලි වෙනකල් ඇහැරලා, පහුවදා ලෙක්චර්වලදි නිදා ගත්තා.
අන්තිමට සහතිකේකුත් හම්බ උනා සාර්ථකව කෑම්ප් එක කරා කියලා. ඔන්න ඔහොමයි මිත්රවරුනි අපි කෑම්ප් කරේ..
උපුටා ගැනීම: Tharaka Chathuranga