පුතාගේ ලයිටරේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගිය සති අන්තයේ යහලුවකුගේ පනස් වෙනි උපන් දින පාටියට මම ගිය වෙලා වේ වූ සිද්දියක් නිසා තවත් කතාවක් මතක් විය.
එම උපන් දින සාදය අවන්හලක ලෑස්ති කර තිබුනු නිසා, අපට සීමාවක් නැතිව මත්පැන් ගැනීමට කටයුතු පිලියෙල කර තිබුනත්, සියලු දෙනා මහත්වරුන් සේ සීමාවක් සහිතව පානය කොට, ඉන් පසුව ලෑස්ති කර තිබූ විශාල මේස පේලියේ වාඩි වූයේ රෑ කෑමටයි. දිගට හරහට එවූ ඉස්සො, පොකිරිස්සො, කකුලුවෝ, ලෑම්බ්, පෝක්, බීෆ් ආදියෙන් බඩ පුරවා ගත් පසු, අපි නැවත ඇවිද ඇවිද කතා කරන්නට පටන් ගත්තේ උත්තල වී තිබූ බඩවල් අවතල කිරීම කෙසේ වෙතත, යථා තත්වයට ගෙන ඒමටයි.
ඔය අතර තුරේ, බර්ත් ඩේ කේක් එක කපන්නට පනස් හැවිරිදි බර්ත් ඩේ බෝයි ලෑස්ති වී ඇති බව මාස්ටර් ඔෆ් සෙරමනි පැවසූ පසු ඔහුගේ බිරිඳත් තරුණ පුතාත්, ලමයින් සහ ගැහැණු අය ඉදිරියෙනුත්, මිටි අය ඔවුන් පසු පසිනුත් මා වැනි උස අය ඊටත් පිටි පසිනුත් හිටගත් පසු, බර්ත්ඩේ බෝයි වටපිට බලමින්
‘ලයිටර් එකක් කා ලඟද තියෙන්නේ’
කියා ඇසූ පමනින්,
ඔහුගේ පුතා සාක්කුවට අත දමා ලයිටරයක් ගෙන
‘ආ මෙන්න’
කියා දුන් විට, බර්ත්ඩේ බෝයි අමුතු අන්දමට බලා සිනා සී ඉටිපන්දම් දල්වන විට මට හිනාව නවත්වා ගන්නට නොහැකි විය.
මා වටා උන් අය
‘මොකෝ හිනා වෙන්නේ’
කියා ඇසූ විට
‘පස්සෙ කියන්නම්’
කිව්වේ බර්ත්ඩේ බෝයිට ‘හැපි බර්ත්ඩේ ටූ යූ’ කියන්නට තිබුනු නිසයි.
කේක් කපා අපට පිලි ගන්වා කන විටත් මගෙන්
‘ඇයි හිනා වුනේ’
යන ප්රශ්නය නොනවත්වාම අසන්නට විය.
මම අවුරුදු දහ හත දහ අට කාලයේ මගේ හොඳම යහලුවෙකුගේ තාත්තාගෙ පනස්වෙනි උපන්දින සාදයට ගිය වෙලාවේ, එදත් ඔය විදියටම යාලුවාගේ තාත්තා, ඉටිපන්දම් පත්තු කරන්නට ගොසින්
‘කෝ මේව පත්තු කරන්න ගින්දර? කාගෙ ලඟවත් ගිනි පෙට්ටියක් තියෙනව ද?’
කියා ඇසු විට මගේ යාලුවා කලිසමේ සාක්කුවට අත දමා
තාත්තාට ලයිටරය දුන් විට, මද පමනට සලු වී තිබුනු තාත්තා ඔහු දෙස බලා
‘යකෝ උඹ සිගරට් බොනව නේ. නැත්නම් කොහොමද ලයිටරයක් උඹේ සාක්කුවේ තියෙන්නේ’
කියා අර සියලුම අමුත්තන් මැද යාලුවගෙ කනින් ඇල්ලූ විට යාලුවා
‘පිස්සුද තාත්තේ? මම මේ ගුනේ අංකල්ගෙන් ඉල්ල ගත්තේ ඉටිපන්දම් පත්තු කරන්න’
විහිලු කාරයෙකු වූ ගුනේ අංකල්, මේ අවස්තාව වෙන විට තවත් විහිලුවට බර මූඩ් එකේ සිට,
‘පුතා, මේ ඔයාලගෙ ප්රශ්නවලට මාව ගාව ගන්න එපා’
කීමෙන් තාත්තාට තවත් තරහ ගොස්,
‘උඹ සිගරට් බොනව මදිවට මාව මෝඩය කරන්නත් හැදුව ද?’
කියමින් කෑ ගසන්නට පටන් ගත් නිසා පාටියේ සුනේ සුන් වෙන තත්වයට පත් වී, මගේ යාලුවට මල පැන
‘බම්බුව, මම හොඳක් කරන්න ගිහිල්ලා තාත්තාගෙන් බැනුම් අහන්න වුනේ. ඕන දෙයක් කර ගන්න මම යනව යන්න’
කියලා යන්න හදන කොට, ගුනේ මාමාත් ඌව නවත්තගෙන
‘පුතා, මම ලයිටර් එක උඹට දුන්නට පස්සේ මම තමයි තාත්තට අයිඩියා එක දුන්නෙ උඹව බයිට් එකට ගන්න. කොහොමද තාත්තගෙ ඇක්ටිං පාර’
කියලා බක බක ගගා හිනාවෙන්න පටන් ගත්තට පස්සෙ තමයි, පාටිය ආපහු යථා තත්වයට ඇවිල්ලා කේක් එක කපන්න ගත්තේ.
මමත් දැනගෙන හිටිය නම් මගේ යාලුවගේ පුතාගෙ සාක්කුවේ ලයිටර් එකක් තිබුනා කියලා, මගේ යාලුවටත් ඒ අයිඩියා එක දෙන්න තිබුනා. සැහ්! අපරදේ හොඳ අවස්ථාවක් මිස් වුනේ. ඒත් බර්ත්ඩේ බෝයි අමුතු විදියට හිනා වුනේ පුතා සිගරට් බොනවද කොහේ ද කියල එයාටත් හිතිලා වෙන්නැති.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!