හෙලිදරව්ව!!….
දිනුකා දරුවා රැගත් පොලිස් කාන්තාව සමගම
ජීප් රියේ එක පසෙකිනුත් අනිත් පසින්
පිරිමි පුද්ගලයාත් පොලිස් භටයාත් නැග ගත් පසු වාහනය පොලිසිය දෙසට ධාවනයවිය පොලිසිය තිබුනේද
විහාර මායිමේ වගේය. විනාඩි පහෙන්
එතනය. බහින්න දැන්. පොලිස් භටයා
කීපසු දිනුකා පොලිස් කාන්තාව ලගින්ම පොලිසියට ගොඩ වූවාය. සියලු දෙනා
ඉන්ස්පෙක්ටර් වරයා අබිමුවට ගෙන එනලදී. .මොකක්ද මේ පැහැරගැනීමේ
කතාව? ඔහුවිමසා සිටියේය
සර් මම වැලිපැන්න ගමේ කෙනෙක්. මගෙ මහත්තය හමුදාවෙ වැඩ. ගිය මාසේ විසි නමවනිදා උදේ පුරුදු විදිහට දරුවට කිරි දීල වටේට කොට්ටත් තියල හොදට වටපිටත් බලල තමා මම පුරුදු විදියට අතුගාන්න ගියේ.
ඔන්නං පැය භාගයක් යන්න ඇති හිතේ සාංකාවට ආයි මම ගිහින් බලන
කොට දරුව නෑ සර්. අපිඑහේ පොලිසියට ඇන්ට්‍රියක් දැම්මා .බලනවා කීවා. අද කැලනි ආවාම තමා මේ
මනුස්සයා ගාව මේ ලමයව දැකලා මේ
පොලිස් නෝනාට කීවෙ.
ඇයි මේලමයා නිදි මතේම ඉන්නෙ?ඉන්ස්පෙක්ටර් වරයා මවදෙසට හැරී
ප්රශ්නකලේය.
දන්නෙ නෑසර් මමත් දුටු වෙලේ ඉදල දරුව නිදිමයි
ඒයි මොකක්ද ලමයගෙ නම.
අනුර.සර්
කතාකරපං දරුවට
කොපමන කතාකලත් දරුවා නිහඩය.
ඒයි උඹ මොනවද දරුවට පෙව්වෙ
ඇත්ත කියාපං
තෝව ඇහේ ඉදං පට්ට ගහනව ඇත්ත
නොකිව්වොත් හොදේ.
සජන්ට් දල්පතාදු ලෑස්තිකරනව අර
වයර් ටික මූට කරන්ට් වද්දන්න ගෙනියනව අර කාමරේට කෝ ඉක්මනට!!..මූව බාගෙට මරන්න. ඕන . මෙවේලේ අතිශය භීතියට පත් චුදිතයා
ඉන්ස්පෙක්ටර් වරයා ගේ පාමුල වැටිනි.
අනේ බුදුසර් මං කියන්නං ඇත්ත!
මම හිගන රස්සාව කලාට හේවිසි
ගැහිල්ලත් කරනව. ගියමාසෙ මුලවගෙ අපිට වැලිපැන්නෙ පිරිත් ගේක හේවිසි ගහන වැඩක් අහුවුනා. රු. පන්දාහකට. ඉතින් මායි යාලුවයි ඒවැඩේ ඉවරකරල පාන්දර එද්දි මමයාලුවට,
කිවුව උඹ බෙරත් අරන් පලයන් ටීවීල්
එකේ මම හෙමින් එන්නං කියල ඌ
දන්නව මං ගැන. ඌගියාටපස්සෙ මං
ටිකක් පයින් ඉස්සරහටන් ගියා ටිකක්
දුරයද්දි පාලු හරියක මංදැක්ක, පාරට
කිට්ටු ගේක ජනෙල් දොරවල් හායි ගාල ඇරල දාල තියෙනව.
මං කඩුල්ලෙන් පැනල ඒගේ පැත්තට ගියා. පිටිපස්සෙ කවුද අතුගානව ඇහුන.
දිනුකාට ඉකිගැසුනි.
මම ආයි පාරදිහා බැලුවා
කවුරුත් නෑ.
ඉන්පස්සෙ මමහෙමින් ලමයව රෙදිකෑල්ලත් එක්කම උස්සල කරේ
ඇලකරගත්ත. පාරට අඩියට දෙකටගියා එතකොටම මතුගම බස්
එකක් ආව මම නැග්ග. කිසිකෙනෙක්නෑ බස් එකෙත්. ලමය
නැගිට්ටෙ මතුගමදි මම හෝටලේකින්
පිටි පොඩි පැකට් එකක් බෝතලේකට
හදාගෙන සූප්පුවක් දාල ඒකට කංසාපොඩ්ඩකුත්දා ල පෙවුව.
ආ පරයො තෝ දැනුත් මේලමයට ගංජා
පොවලද ඉන්නෙ ලමය නිසොල්මනේම
ඉන්නෙ වේගවත් පාපහරක්මිනිසා මත
පතිත විය. අනේ සර් ගහන්නඑපා.
ගහන්න එපා හිටපිය තෝවමම හම
ගහල ඒකෙන් රබානක් හදන්න!!!
සාජන්ට් මේලමයව අම්මත් එක්කම
ලමා රෝහලට යවන්න මේමිස් අපේ ජිප් එකෙන්මබොරැල්ලෙ නෝනවාට්ටුවට යන්න දරුවට මේ
කාලකන්නිය දිගටම මත හුරු කරල
වගෙ ලබන සතියෙ විතර ඇවිත්මේ
පරික්ශන ය ඉවරකරමු. දරුවව පරිස්සම් කරගන්න. මාසයකට පසුදිනුකා දරුවා අතට ගත්තාය අනේ
මගෙ දරුවා ගෙ හැටි නාවර පෙරා ගෙන වීදිදරුවකුම වූහැටි. අනේ අසරනයා ගෙවූ කරුමයකතරම.
එලියට වීසිටි මහතුන් පුදුමවෙමින් දරුවා දෙස බැලීය යමං නංගියේ මාත් එනවා නෝන වාට්ටුවට. හෙට හරි
ගමට යමු මමයනිං ගමං අර විමලෙ
මුදලාලි ගෙ කඩේ ගාව අලිඩොං රෝලක්ම පත්තු කරනවමයි! මේඅසරන මාවත් සැක කලානෙ!!!!
ඉවරයි…
උපුටා ගැනීම: Pathmasiri Duminduhewa