දුහුල් මලක් චිත්රපටයේ ගීතයක් වන මෙම ගීතය අජන්තා රණසිංහයන්ගේ පද රචනයකි.
ගායනය සිංහල ගිතයේ සප්ත ස්වරය වූ නන්දා මාලනිය විසිනි.
ඔබ මෙම ගීතය ආසා ඇති බව නොරහසකි.
මෙම ගීතයත් මා කලින් විචාර ඉදිරිපත් කර ගීත මෙන් කාලෝචිත මාතෘකාවකි ..
“රන් කෙන්දෙන් බැද
අතැගිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැද
සිතුම් වසඟ කළ ආදරයයි”
මෙම ගීතයට අනූව මෙම කාන්තාව විවාහකයි.රන් කෙන්දෙන් බැඳ අතැගිලි එක්වී අවසන් වුවත්
අසම්මතයේ බැදුනු පෙමක මෙම කාන්තාව පැටලි අවසන්ය .එම අසම්මත පෙම තුල ඇය
ආදරය බොහෙසේ විඳිනු ඇත.
රන් කෙන්දක බැඳ තබාගත් ආදරයට වඩා ඇය අසම්මතයේ කරන ප්රේමයට ඇලුම් කරන තැනත්තියකි. නමුත් සැමියා කෙරෙහි ඇයට දුකක් මෙන්ම ලෙන්ගතුකමක්ද ඇත
“කිරිලිය සේ පියාසලාලා
අත්තටු රිදුනා පමණයි
දෑල විදාහල දෑත මගේ
නුඹටත් ඔහුටත් උරුමයි”
ඇයගේ සැමියා මැයව බොහෝ සේ විශ්වාස කරන අතර නිදහස මැය මනාව බුක්ති විදින කාන්තාවකි .
නමුත් මෙම කාර්යබහුල සැමියා මැය වෙනුවෙන් වෙලාවක් මෙන්ම ආදරයෙන් ආදරය දීමට ප්රේමයෙන් පොහොසත් නොවීය.
“කිරිලිය සේ පියාසලාලා
අත්තටු රිදුනා පමණයි”
ජීවිතයේ කාන්සිය දැනුනු මැයට නිදහසට වඩා අවශ්ය වූයේ ආදරයයි..
මැය සැමියාට රහසින් වෙනත් පිරිමියෙකු සමග දැනටමත් ආදරය බෙදාගන්නා අතර
එය රාගයට සිමා නොවු ආදරය පිරුණු කතාවෘතයකි.එම නිසාම
මැය ආදරය මෙන්ම ජීවිතය තුල දැනටමත් අතරමං වී ඇති බව මැයටම පසක් වි හමාරය.
සැමියා සහා ආදරවන්තයා යන දෙදෙනාට උරුමකම් කියන්නට මැය මැලිකමක් නොදක්වන අතර
නමුත් එයම රිඳීමක් බව ඇයටම දැනී අවසන්ය
මිනිස් සිත හරිම ප්රභල දෙයක් වුනත් අපට තවමත් ප්රේමය තේරුම් ගන්නට මෙන්ම
ප්රේමය කුමක්ද යන්න හරි හැටි වටහා ගැනීමට නොහැකි වී ඇත.
“හිරු සදු එකවර දෙපස නැගේ
කලුවර ඇයි විජිතයම මගේ”
ඉහත හිරු සහ සඳු ලෙස උපමා කර ඇත්තේ සැමියා සහ පෙම්වතාවය බව මාගේ එක් අදහසකි.
ඇයට උවමනා කර තිබූ ආදරය ලබා දෙන පෙම්වතා ඇයගේ ජීවිතයට අවැසිය
තමාව හුදකලා කරද තම සැමියා දමා යන්නටත් මැයට හිත නොදෙයි .
ඇයට හිරු සහ සඳු ලෙස ඔවුන් දෙදෙනාව වෙන් කල හැක
අවරින් වරින් වර හිරු සහා සඳ දිලෙන බව දැනුනත්
ඇය එක් අයෙකු තොරගත් පසු ඇයට තවත් අයෙකු මග හැරෙනු ඇත.
“කණාටු සුළගේ දුහුල් මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ”
ඇය සම්මතයට පෙම් කරන්නද ඇය අසම්මතයට පෙම් කරන්නද
එයම ඇයටම පිලිතුරක් නොමැති පැනයක් විය
සැමියා සමග ඉදිරි ජීවිත ගමන පිය මනින්නද නැතිනම් පෙම්වතා හට ඇයගේ අනාගතය බාර කරන්නද
ඇය සිටින්නේ ඇය කරනදේ කුමක්ද යන්නවත් නොදන්න තැනකය.එයම ඇයට මහත් පීඩනයකි.
“ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ..
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ”
අවසානෙය් ඇය එම තීරනය කාලයට බාරදීමට තිරනය කලද
මා පෙම්වතාගෙන් පිටව යන්නද නැතිනම් සැමියාගෙන් පිටව යන්නද සිතුනද
හෙට සිදුවන දෙය කුමක් වුනත් ඇය එය භාරගන්න බවට ඇය විසින් ඇයටම පාපෝච්චාරණය කලේය.
ආදරය ඇයව වැරදි කාරියක් කලා කියා මා සිතන්නේ නැත.ජීවිත් වීමට ආදරය නැමති ඔසුව ඇය ලබා ගත්තා පමනයි.
නැතිනම් මේ ලොව අකාලයේ මියදෙන තවත් එක් කාන්තවකගෙ නමක් දිනයක මහ පොලවට එකතු වනු ඇත
මා අසම්මත කියන වචනය ඉදිරිපත් කරාට ප්රේමයට අසම්මතයක් කියා වචනයක් නැත
එය මිනිසුන් විසින් සදාගත් ඵලක් නැති අකුරු කිහිපයකි.
මා මෙම ගීතයේ ප්රියතම තැන මෙතනය
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ.
මෙම ගීතයේ අජන්තා රණසිංහයන් මෙම කතිකාවතට අවසානයක් දුන්නේ නැත
එවැනි කතාවක අවසාන පිලිතුර කුමක්ද යන වග කීවේ නැත. ප්රශ්නාර්තයක් පමනක් ඉතුරු කොට
ගීතය අවසන් කලේ ඇත්තටම එවැනිවු ප්රශ්නයකට මුහුණ දුන් අයෙකුගේ තීරණය
කෙනෙකුගෙන් කෙනක්ට වෙනස් වන නිසාවෙනි.එමෙන්ම මෙවැනි සිදුවීමක වරද කාගේද කොතනද යන්න
ප්රේමය තුල පිලිතුරක් නොමැති පැනයකි
ඔහුගේ මෙම ගීත රචනයේ මා දුටු ලස්සනම තැන එයයි
උපුටා ගැනීම: Romesh A Silva