රනහංස (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පන්නිපිටිය හංදියේ මං කොටුවට යන්න එද්දි හවස පහත් පහුවෙලා .
ඒ තරම් වැස්සක්….. විදුලියත් මැරිලා ගිය පරිසරය ගන කලුවරක් ගත්තේ මහ රෑකවගෙයි.
මං කුලියාපිටිය ට යද්දී කීය වෙයිද…
ඒත් ඇයි… පාරේ බස් නැත්තේ….
මට හිතුනා.
ඇයි දන්නැද්ද … අද ස්ට්රයික් එකක්…..
මට මතක් උනා.
මං මොකද කරන්නේ… අතේ තිබ්බේ යංතං බස්ගාස්තු විතරයි. ඇස් වහගෙන හිතුවා… ඇස් නෑරම කුනු වැස්සෙම පාරට අත දැම්මේ නවත්තන එහෙක නගිනවා කියලා හිතලයි.
ඒයි… තමුසේ ඇස් වහගෙන පාරට අත දාගෙන බම්බු ගහනවද….
මං බය උනා. මං උන්නේ අඩ අඩා… එකක් සති තුවනක් තිස්සේ බඩ ගෑව වැඩේ අදත් නොවිසදීම.. අනික බස් නැති පාරේ මං අතරමං වෙලා හිටපු එක.
සුදුපාට ඇලියන් කාර් එකේ කලු පාට වීදුරුව පාත් වෙලා සන්ග්ලාස් වලින් ඔලුව හැඩකරපු කෙසග අහිංසක මූන මට කෑගැහුවා .
අයියේ … අනේ …
මාව කොටුවට දානවද…. මං බස් නැතුව අතරමං වෙලා….
ඉස්සරහ දොර ඇරුනට මට ඕනෙ උනේ වඩා වැදගත් විදිහට පිටිපස්සෙන් නගින්නයි.
ඉක්මනට නගිනවා …. කෙසගයා කෑ ගැහුවා .
කොටුවේ කොහාටද ……
අයියේ මං කුලියාපිටියේ …. අනේ මේහ්…
මොකද මෙහේ කරන්නේ …..
අයියේ මේහ්… මං සංගීත ගුරුවරියක්… මං සින්දුවක් කලා… අපිට කව්ද අයියේ උදව් කරන්නේ … මං ඒක අරං දැං සති තුනක් තිස්සේ රේඩියෝ ටීවී චැනල් වලට දෙන්න යනවා. හැමෝම බාරගත්තා. කව්රුත් බෑ කිව්වේ නෑ… හැබැයි තාම එකකවත් විකාශනය උනේ නෑ…
ඇයි ඒ…
ඇයි ඒ බලන්න තමා අයියේ මං සති තුනක් තිස්සේ බඩ ගාන්නේ… එයාලා සල්ලි ඉල්ලනවද මංදා.. දුප්පත් මං කොහෙන් සල්ලි දෙන්නද …. සිංදුව හදන වැඩේටත් සෑහෙන ගානක් වියදම් වුණා .
ඒක නෙමේ…. අයියා කොහෙද .. අනේ සමාවෙන්න මගෙන් කරදර උනාට…
මං අහපු කියපු මුකුත් නෑහුනා වගේ උන්නු කෙසගයා..
මං රනහංස….
තමුන්ගේ නම…
කියලා ඇහුවේ මහා ලොක්කෙක් වගේ කියලා හිතුනා .
අන්නාපුර්නා…
මොක පූර්නා
අන්නාපුර්නා ….
කෙසගයා සිරියාවන්ත පාට මූනෙන් මං දිහා බලලා මේ ලෝකේ දකින්න පුලුවන් ජරාම කැතම හිනාව හිනාඋනා.
මං බිම බලාගත්තේ ඒ වෙලාවේ මාවත් හෙම්බත් වෙලා උන්නු හින්දයි .
කෝ ගන්නවා බලන්න සින්දුව ….
රනහංස ගේ වචන හැසිරවීම සී අයි ඩී එකෙන් වගේ තියුනු උනා හැම තිස්සෙම .
මං මගේ ජංගම දුරකතනය වාහනේ කැසට් යන්ත්රයට සම්බන්ධ කරලා සින්දුව පනගැන්වුවා.
අපි කුලියාපිටිය ට එද්දි රෑ නමය විතර උනා. ඒ වෙද්දි මමයි අම්මයි විතරයි ඉන්නේ කියන තැන ඉදලා මගේ ජීවිතේ හුගක් දේ රනහංස දැනගෙන උන්නා .
රනහංස කිව්වේ එයා කුලියාපිටිය ටත් එහා යන්න ඕනේ කියලයි . කොහෙද ඉන්නේ මොකද කරන්නේ මේ මුකුත් එයා නොකියා ලස්සනට ලෙස්සලා ගියා කියලා මට රෑ නිදාගන්න ගිය වෙලේ හිතුනා . රනහංස ගේ ජංගම දුරකතන අංකය ගත්තේ තුන් හතර පාරක් ඉල්ලලයි.
පහුවෙනිදා උදේ ඉස්කෝලේ යන්න මං බස් එකට නගිද්දි මගේ කකුල් පන නැතුව ගියා. මාව වෙව්ලන්න පටංගත්තා . දෙයියනේ ඒ වෙනකොටත් බස් එකේ රේඩියෝ වේ මගේ සින්දුවේ බාගයක් විතර ගිහිං ඉවරයි …මට හිතාගන්න බැරි වුනා .ඉස්සෙල්ලම කතා කරලා අම්මා ටයි කිව්වේ .ඊට පස්සේ ඔළුවට ආවෙම රණහංස ගැන .තුන් හතර පාරක්ම කතා කරනකම් රණහංස කතා කළේ නෑ .
ආ…ලෝ….. කියලා රණහංස කිව්වේ නිදිමතින් වගේ..
අයියේ මම අන්න පූර්ණා ..ඊයේ රෑ මාව ගෙනත් දැම්මේ ඔයාට මතකයි නේද …
ඕ…ව්….
අයියේ මගේ සිංදුව දැන් රේඩියෝ එකේ ගියා .
ආ… කියලා විතරක් කියපු රණහංස ෆෝන් එක තිබ්බා .මං උන්නේ සතුටෙන් පිපිරෙන තරම් .ටීචර්ස්ලා ඔක්කොටම කිව්වා. හවස් වෙනකොට මගේ ජංගමයට නිවනක් නැති වුණා .මට විශ්වාස කරන්නත් බැරි වුණා .රූපවාහිනී නාලිකා දෙක තුනකින්ම මට කතා කළා .එයාලත් එක්ක සංගීත වැඩසටහන් දෙක තුනකට මට ආරාධනා කළා .මම අහලවත් නැති ආයතන දෙකකින් කතා කළා තව සින්දු දෙක තුනක් රෙකොර්ඩ් කරන්න .එයාලා සේරම වියදම් දරනවා කිව්වා .මට මේ කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා .සතුට වැඩි කමට කාටද මං මේක කියන්න ඕනේ කියල හිතා ගන්න බැරිඋනා .අම්මත් එක්ක කියලා ඇඬුවා .
රෑ වෙලා රණහංස මට කතා කළා .
දැන් හෙට ද යන්න තියෙන්නෙ රෙකෝඩින් වලට ….
කියලා එයා මගෙන් අහනකොට මට හිතා ගන්න බැරි වුනා .
මං ඔයාට එහෙම දෙයක් කිව්වේ නැහැ නේ …
කියලා කියද්දි රණහංස අර ජරා හිනාවම ආපහු හිනා උනා ..තමුසෙගෙ සිහියත් විකල් වෙලා .ඇයි දවල් මට විස්තර කිව්වේ ..මතක නැද්ද ….
මොනා උනත් මේ වෙලාවෙ උන්නෙ මම ඇත්තටම පිස්සුවෙන්…
අනේ මට අමතක වෙන්න ඇති එහෙනම් … මං කිව්වා.
දැං හෙට යන්න දන්නවද ……
එදා ඉඳලා මගේ සංගීත වැඩකටයුතු හැම එකකටම රනහංස මගේ පස්සෙන් අවිල්ල මට උදව් කලා.
ඒ කෙසඟ කැහැටු කට සැර චරිතය ඇතුළේ මහ අරුම පුදුම මහත්තයෙක් හැංගිලා උන්නා. මං එදා ඒ විදියට නාදුනන වාහනයකට අත දාල නැග්ග එක වැරදියි කියලා රනහන්ස සෑහෙන කාලයක් යනකම් මට බැන්නා .
අයියේ ඔයාලා ඇත්තටම කුලියාපිටියෙ කොහෙද….
ඇයි එන්නද…
මං හිනාඋනා.
එයා නිහඩවම ඉස්සරහ බලං වාහනේ එලෙව්වා. ඒ වගේ දෙබස් එයා මේ විදියට මග ඇරලා දැම්මා .
අවුරුද්දක් වගේ කාලෙකදි චිත්රපටි තුනකට සින්දු කියලා මට හම්බුනා .ටෙලිනාට්ය පහකට විතර සින්දු කිව්වා .මටම හිතාගන්න බැරිවුනා මගේ ගමන ගැන.එහෙම කියලා මම රණහංස ට කිව්වහම එයා කිව්වේ තනි සුදු කොලයක තමයි හොඳ චිත්රයක් අඳින්න පුළුවන් කියලයි.
රණහංස ගේ විවිධ රාජකාරි වැඩ තියෙනවයි කියලා මට වාහන එලවන්න පුරුදු කළෙත් එයාම තමයි .ඊට පස්සේ මම තනියම වාහනයක් අරගෙන කොළඹ යන්න එන්න පුරුදු වුණා .මම ටිකෙන් ටික දියුණු වුණා .ඒ සතුට බෙදාගන්න එදා වගේම අදටත් හිටියේ අම්මයි රණ හංසයි විතරයි . සංගීත වැඩවලට ගොඩක් කාලය වැය වන හින්ද මට ගුරු වෘත්තියෙන් අයින් වෙන්න උනා .
හුඟක් සම්මාන උළෙලවල් වලදී මට හොඳම ගායනයට සම්මාන හම්බුනා .ඡායාරූපයකට එකතු කරගන්න මට රනහංසව පුදුම විදිහට ඕන වුණා .
ඔය මල විකාර මට ඕන නෑ ….කියලා එයා ගිහිල්ලා වාහනයට නැගලා හැම වෙලාවම මග ඇරියා.විදේශීය සංගීත ප්රසංග වලට මට ආරාධනා හම්බුනා .
යනවා යනවා ගිහිල්ලා බලනවා… කියලා රණහංස ඒ වෙලාවට හිනාවුනා .
එදා ප්රසංගය ඉවර වෙලා ආපහු එනකොට මං ඇත්තටම රනහංස ට ආදරෙයි කියනවා කියලා හිතාගත්තේ එදා වාහනයට නගින්න ගත්තා වගේම අකීකරු තීරණයක් ගන්න හිතාගෙනයි.
ගුවන්තොටුපල පරිශ්රයේදී මම එලියට එනකොටම මම දැක්කා රණ හංස හිනාවෙවී බලාගෙන ඉන්නවා. හොඳ අවධානයෙන් බලාගෙන හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මට හිතාගන්න බැරි තරම් වේගෙන් එකපාරටම තුවක්කු දෙකක් ඇදලා අරගෙන රනහන්ස ට යටත් වෙන්න කියලා කෑගැහුවා . තත්පරයෙන් දහයෙන් පංගුව ක වේගයෙන් රණහංස එයාගෙ ශර්ට් එක පිටිපස්සෙන් පිස්තෝලයක් ඇදලා අරගෙන නිලධාරීන් දෙදෙනාට දික් කරනකොට මට ඇස් අදහගන්න බැරි වුණා . නිලධාරීන් දෙන්නට පිටිපස්සෙන් සංචාරකයෝ විදිහට ඇඳගත්ත තුන්දෙනෙකුත් මගීන් විදියට හිටපු තුන්දෙනෙකුත් ඇහි පිල්ලම ක වේගයෙන් තම තමන්ගේ තුවක්කු එළියට අරගෙන පොලිස් නිලධාරීන් දෙන්නාව දණ ගැස්සුවා. මම එක තැන ගල් වෙලා බලාගෙන ඉන්න කොට රනහංසත් එක්ක ඒ හයදෙනා හතර වටේට තුවක්කු දික්කරගෙන ක්රියාදාම චිත්රපටයක වගේ වේගයෙන් ආපු ඩිෆෙන්ඩර් එකක නැගලා යන්න ගියා .
මම එතනම පුටුවක වාඩි වුණා .මට හිතාගන්න බැරිවුනා මොකක්ද උනේ කියලා .දන ගහගෙන හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනා වේගයෙන් තමන්ගෙ වාහන වල ආපහු ගියා . මම ගෙදර ආවේ කුළී රථයකින්… මම උන්නේ තෝන්තුවෙන් වගේ…කටක් කරලා අම්මටවත් මේක කියාගන්න බැරි ගතියක් මට දැනුනා .දිගින් දිගටම දිගටම දිගින් දිගටම රනහංස ගේ දුරකථනය විසන්ධි වෙලා තිබුණා.
එදා රෑ රනහංස මට පණිවිඩයක් එවලා තිබුණා.
ඒ මගේ ඇත්ත ජීවිතය….ඒ ඇත්තට ඔයා බය බව මම දන්නවා… ඔයාගේ අහිංසක කමට ඔන්න මම මාර්ගයක් හදල දුන්නා … ඔයා දැක්ක දේවල් නරක හීනයක් කියලා හිතලා අමතක කරන්න .හෙට ඉඳන් හදලා දීලා තියෙන ලස්සන පාරේ යන්න …..
ඒ.. කියන්නේ…..මගේ සින්දු… චිත්රපටි …. ප්රසංග ……… සම්මාන ……….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!