විරහවට සම්බන්ධ වුවද විරහවටම මුල් තැන නොදී තවත් මිනිසෙකුගේ ඇසින් ආදරය දකින්නට උත්සාහා ගන්නා මෙන් ඉල්ලා සිටිමි. රසවිඳීමේ සියළු අයිතිය ඇත.
අවුරුදු තුනහාමාරකට වගේ උඩදි වෙන් උන් සම්බන්ධෙකින් පස්සේ හැමදේකින්ම ඈත් උනා. කිසිම කිසිම කෙල්ලෙක් ගැන කිසිම දෙයක් ගැන විශේශ හැඟීමක් තිබුනෙ නැති කාලෙක තමයි මේක උනේ.
එකපාරට හීනයක් වගේ මතු උන එයා නුවර කෙනෙක්. වයස 25යි. (මට 23යි) හැම කෙල්ලෙක් ගැනම වගේ එයා ගැනත් මුලින් නැතත් මට දැනුන ආදරෙත් එක්ක එයා හරිම ලස්සනට මට පෙනුනේ. අහම්බෙන් කතාවට වැටුන වෙලාවෙත් මට වෙනසක් නොදැනුනත් දවස් දෙකක් වගේ යනකොට එයා නැති හැම වෙලාවෙම මට හරිම පාලුවක් දැනෙන්න ගත්තා. එහෙන් මෙහෙන් ඔහොම වෙනකොට මට අර අවුරුදු තුනහාමාරට නොදැනුන හැඟීමක් මෙයා ගැන දැනෙන්න ගත්තා.
“මල්ලි කොල්ලා” එයා මට කිව්වෙ එහෙමයි. දවසක් දෙකක් අක්කෙ කිව්වත් මගේ හිතේ කොහෙන්ද නැතුව එක පාරට ආපු ආදරේ එක්ක මට ඒවා අමතක උනා. හැමදාම කතාව දික් උනා. උදේ ඉඳන් රෑවෙනකන් අඩුවක් නැතුව කතාවට වැටුනා. අවුරුදු ගානක තනිකම අමතක වෙන තරමටම. එයාටත් එයාගෙ වයස අමතක වෙන්නැති කියලා මන් අදටත් හිතනවා.
ඒ ආදරෙත් එක්ක මං අවුරුදු 23ටම නොදැන හිටපු ගොඩක් දේවල් ඉගෙනගන්නවා. සීමා නොකරන නිදහස. දෙන්නට දෙන්නා විවුර්ත වෙන විදිහ. බලෙන් අල්ලන් ආදරේ නොකිරීම වගේ දේවල්. ඔය වගේ දේවල් ඇතුලේ එයා නැතත් මං ආදරේ උපරිම තැනකට ඇවිත් කියලා මට තේරුනේ එයාට මෙහෙන් යන්න උනහම. ඒ ජපානෙට. එයාගෙ ජීවිතේ තිබුනෙ ඒ රටේ. මං පන ඇරගෙන ආදරේ කරත් මේක එයාගෙ ජීවිතේ ලොකු තීරනයක් උනා. එයා ගොඩක් අඬන්න පටන් ගත්තා. හැමදාම වගේ. ඒ මං නිසාද. එයාට මෙහෙන් යන්න බැරි කමද කියන්න මං අදටත් දන්නෑ. එයාට අඬන්න උන හැම වෙලාවෙම එයාගෙ ලඟින් ඉඳන් මට පුලුවන් උපරිම දේ මං කරා. මාස 3ක් වගේ ඇතුලේ මේ දේවල් හරි ඉක්මනට උනා. එයා යන්න කලින් එකම එක පාරක් අපි නුගේගොඩදි මුනගැහුනා (ඒක පස්සේ ලියන්නම්)
ජීවිතේ කවදාවත් දැනුනෙ නැති හරි අමුතු දෙයක් කිව්වොත් වැරදි නෑ. වයස, දුර, ඒ දේවල් කිසිම අදාලත්වයක් නැති දේවල් උනා. කොහොම මොන හිතෙන් ආදරේ කරත් අන්තිමට එයාට යන්නම උනා. පහුගිය අවුරුදු තුනක විතර හැමදේම මාස 3කින් වෙනස් උනා. එයා මට ආදරේ කරත් නොකරත් මගේ ආදරේ වෙනස් විදිහකින් එයාව බලාගත්තා කියලා අදටත් මං හිතනවා. ලස්සන දවස් ටිකක් හරි ඉක්මනට ගෙවුනා. මං කලින් වගේම තනි උනා. එයා නිදහස් උනා.
ඇයත් නොදන්නිය ඇය යන මානය..
උන්හිටි තැන් මතකයේ අඩමානය..
පාර කියන්නේ කෙලෙසද මා හට..
ඇයටද පාරක් ඇති නැති ගානය..
අත්දැකීමකි
උපුටා ගැනීම: Daniel Cruise