රසායනික මංගල සේවය…. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔය දෙන්නා හොඳට ගැලපෙනවා…………………… බලන්න දෙන්නම සුදුයි , දෙන්නම ලස්සනයි, ඇයි ඔයා එයාට කැමති නැත්තෙ??????? ඔය ප්රශ්නෙ සමහරවිට ඔයා කාගෙන් හරි අහල ඇති. එහෙමත් නැත්නම් සමහරවිට ගොඩක් අය ඔයාගෙන් අහල ඇති. ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි? සමහර වෙලාවට අපිට ඕනේ වගේ හිතෙන හැම දේම තියන විරුද්ද ලින්ගිකයෙකුට අපේ කිසිම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. අකමැති වෙන්න හේතුවකුත් නෑ. ඒත් කමති හිතෙන්නෙත් නෑ. ඒ ඇයි?

ඒ වගේම තව දෙයක් තියනවා. සමහර වෙලාවට අපි කැමති අයට අපේ යාලුවෝ කැමති නැහැ. ඒ කියන්නේ අපිට ලස්සනට පේන අයව අනික් අයට ලස්සනට පේන්නෙ නැහැ. අනිත් අයට ලස්සනට පේන අයව අපිට ලස්සනට පේන්නෙ නැහැ . මෙහෙම වෙන්නේ ඇයි ?????
අද වෙද්දි ජනමාධ්ය මේකට ගොඩක්ම බලපාලා තියෙනවා.ජනමාධ්ය වලින් අපේ මනසට ඇතුළු කරලා තියනවා මේක තමයි හරිම බර මේක තමයි සම්මත උස ගෑනු ළමයෙක් නම් කොණ්ඩෙ මේ විදිය වෙන්න ඕනේ ඇඳුම මේ විදිහ වෙන්න ඕනේ කියලා. එනිසා අපි උනත් විරුද්ධ ලිංගිකයන් ඉස්සරහදි අපේ රූපය ගැන ගොඩක් හිතනවා. වගේම අපි ජන මාධ්ය වලින් පෙන්නන සම්මත රූපයට සමාන වෙන්න උත්සාහ ගන්නවා. හැබැයි ඇත්තටම ඇත්ත කතාව කිව්වොත් ඔයිට වඩා හුඟක් වෙනස්. විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වෙන්න රූපයෙහි අවශ්යතාවය ගොඩක් අඩුයි.
අපි විරුද්ධ ලිංගිකයෙකු ට ආකර්ෂණය වෙද්දි අපි නොදැනුවත්වම අපේ මනස අනෙකාගේ ජාන, හෝමෝන, ශක්ති ප්රමාණය ,පෞරුෂත්වය ,සංස්කෘතික හා ආගමික පසුබිම වගේ තව ගොඩක් දේවල් ගැන තොරතුරු ලබා ගන්නවා. ඒ හැමදේම අනිච්චානුගව තමා වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි….. ඔයා ඒ පුද්ගලයාගේ ඉදිරියේ ඉද්දි ඔයාගේ නහයෙන් එයගේ ශරීරයෙන් පිට වෙන ස්වභාවික රසායනික සංඥා ලබාගන්නවා. ඒ රසායනික හඳුන්වන්නෙත් ෆෙර්මෝන නමින්. මේ මේකෙ තියන අමුතුම දේ මේකයි…. අපි නොදැනුවත්වම ඉස්සෙල්ලා මම කියපු සුවඳ මත පදනම් වෙලා අනෙකා ගැන තොරතුරු එයා හොඳද නැද්ද කියල තීරණය කරනවා. ඇත්තටම පරිණාමිකව මෙහෙම වෙලා තියෙන්නෙ වඩා නිරෝගී දරුවෙකු ලබා දීම සඳහා හොඳ ප්රතිශක්තීකරණ පද්ධති සතු ජීවීන් පෙළඹවීමටයි.
මෙතැනදී හෝමෝන ලොකුම ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. මෙතනදි හෝමෝන විසින් තමා ඔයාගේ වර්ගය තීරණය කරන්නේ….. ඔයා ගෙන් ශ්රාවය වන හෝර්මෝන වර්ගය අනුව ඔයා එක මිනිස්සු වර්ගයකට අයත් වෙනවා. ඒ ශ්රාවය වන හෝර්මෝන වර්ගය අනුව මිනිස්සු වර්ග කීපයක් ඉන්නවා.
ඩෝපමින් මිනිස්සු
සෙරටොනින් මිනිස්සු
ටෙස්ටෙස්ටෙරෝන් මිනිස්සු
ඊස්ට්රජන් ඔක්සිටොසින් මිනිස්සු
ටෙස්ටෙස්ටෙරෝන් මිනිස්සු හැමවෙලේම analitical එයාලා ආකර්ෂණය වෙන්නේ විරුද්ධ හෝමෝන වර්ගයට. ඒ කියන්නේ ඊස්ට්රජන් ඔක්සිටොසින් වර්ගයට. එයාලගේ පරිකල්පන හැකියාව ගොඩක් වැඩියි. මේ ඊස්ට්රජන් ඔක්සිටෝසින් මිනිස්සු වගේම ටෙස්ටෙස්ටරෝන් මිනිස්සු හරිම ආකර්ෂණීයයි. එහෙත් මිනිස්සු ආකර්ෂණය වෙද්දි ඩොපමින් මනුස්සයෙකුට ආකර්ෂණය වෙන්නේ තවත් ඩෝපමින් කෙනෙක්. සමහර විට ඩොපමින් කෙනෙක් ටෙටොස්ටෙරෝන් හරි ඊස්ට්‍රජන් ඔක්සිටොසින් හරි කෙනෙක් ට ආකර්ශනය වෙන්න පුලුවන්. ඒත් ඊස්ට්රජන් ඔක්සිටොසින් මිනිස්සු සහ ටෙස්ටොස්ටෙරෝන් මිනිස්සු කොච්චර ආකර්ෂණීය වුණත් ඩොපමින් මනුස්සයෙක්ට dopamine මනුස්සයෙක් සහ ඊස්ට්‍රජන් ඔක්සිටොසින් කෙනෙක්ව තෝරගන්න තිබ්බොත් එයා තෝරාගන්නේ ඩොපමින් මනුස්සයා . ඒ කියන්නෙ ඉතින් තමන්ගේ වර්ගයේම මනුස්සයාව.
ඉතින් ඒක නිසා ඔයා ඔයාගේ රූපය ගැන සෘණාත්මකව හිතන එක නවත්තන්න. ඔයා ජනමාධ්යවලින් ඔයාට පෙන්නන super model වගේ වෙන්න ඕනේ නැහැ. ඔයාට ඇත්තටම හරියන කෙනා ආකර්ෂණය වෙන්නේ ඔයාගේ රූපයට නෙවෙයි. ඒ වගේම නවතම අධ්යනයකින් පෙන්වනවා යමෙකුගේ කටහඬ කියන්නේ විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය දී ලොකු කාර්යභාරයක් ඉටු කරන දෙයක් කියලා. ගොඩක් පිරිමි පුද්ගලයන් කැමති කුඩා දේහ ප්රමාණයක් සහිත උච්ච කටහඬක් සතු ගැහැණු පුද්ගලයන්ට කමතියි. ඒ වගේම ගොඩක් ගැහැනු අය කැමති ගැඹුරු කටහඬක් තියෙන විශාල දේහ ප්රමාණයක් සහිත පිරිමි පුද්ගලයන්ට.
ඒ වගේම ඔයාලා දන්නවද ඇයි අපි ගොඩක් වෙලාවට එකම වගේ අයට කැමැති වෙන්නේ කියලා???? කියලා ඇත්තටම කිව්වොත් ආකර්ෂණය කියන දේට අපේ හැඟීම් අත්දැකීම් බලපානවා. සමහරවිට ඔබට පොඩි කාලෙ ඉන්න ඇති තරමක් උස ගුරුවරයෙක් ඔබව හැමවෙලේම යාලුවන්ගෙ අඩත්තේට්ටම් වලින් ආරක්ෂා කරගන්න. නැත්නම් ඔබට කැරලි කොණ්ඩයක් සහිත යාලුවෙක් ඉන්න ඇති හැම වෙලේම ඔබට උදව්වට එන . අන්න ඒ ලක්ෂණ වලට ඔබ කැමැතියි අන්න ඒ හින්දා ඒ ඒ ඔබ කැමති ලක්ෂණ ලක්ෂණවලට අනුව ඔබ ඔබේ සහකාරිය හෝ සහකරුවා තෝරා ගන්නවා. ඒ හින්දා තමයි අපි හැමවෙලේම එකම වගේ අයට කැමැති වෙන්නේ….
මේ හැම දෙයින්ම ගන්න පුළුවන් පණිවිඩය තමයි ආකර්ෂණය කියන එකට රූපය බලපාන්නේ ගොඩක් අඩුවෙන් බව. ජනමාධ්ය වලින් අපිට පෙන්නන සම්මත පාට සම්මත හැඩය සම්මත ක්රියා කලාපය අපට තියෙන්නම ඕනෙ නැහැ. ඔයා ඒ විදිහ නෙවෙයි කියලා ඔයා ඔයාව ඒ විදිහට වෙනස් කරන්න ඕනෙත් නෑ. ඔයා ඔයාගේ ස්වභාවික විදිහටම තමා ගොඩක්ම ලස්සන. ඒ වගේම කවදා හරි ඇත්තටම සහකාරිය හෝ සහකරුවා ඔයා ළඟට එන්නේ ඔයාගේ තියෙන රූපය හින්දා නෙවෙයි……
රන්දිකා සමරකෝන්
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!