රස්තියාදුවේ යන්න එපා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇත්තටම රාජකාරී අවශ්යතාවයක් නැතිනම් කරුණාකරලා ගෙදරට වෙලා ඉන්න. ඔෆිස් අයි.ඩී. පෙන්නලා රස්තියාදුවේ යන එකෙන් ඔයාටවත් රටටවත් යහපතක් වෙන්නේ නැහැ.
එක දිගට සති කීපයක් ගෙදරට වෙලා ඉන්න එක එපා වෙන වැඩක් තමයි. මුලු දවසම ගෑණිගේ/මිනිහගේ මූණ දිහා බලන් ඉන්න එක වෙලාවකට මළ පනින වැඩක් තමයි. සමහර විට ගෑණි ඔයාව වැඩකාර කමට ගන්නවත් ඇති. ඒත් පොල් ටිකක් ගාලා දෙන එක, බත කූරු ගාන එක, ගේදොර වත්ත පිටිය ටිකක් අතුපතු ගාන එක පිරිමිකමට ලැජ්ජාවක් කියලා ඔයාට හිතෙනවා ඇති. ඒත් එහෙමයි කියලා වැඩට යන විදිහට බොරුවට රස්තියාදුවේ යන්න එපා.
එහෙම වුණොත් වෙන්නේ ආණ්ඩුව මේ ලොක් ඩවුන් එක තවත් සති කිහිපයකට දික් කරන එක.
මාසේ අන්තිමට පඩියක් කියලා දෙයක් හම්බ වෙන අයට ඒක ප්රශ්නයක් නැති වෙන්න පුලුවන්. ඒත් අමතක කරන්න එපා, එදා වේල හොයා ගෙන ජීවත් වෙන තව ලක්ෂ ගාණක් මිනිස්සු ලංකාවේ ඉන්නවා. ත්රීවීල් සහ බස් එළවන අය, හෝටල්වල වේටර්ලා, ලොතරැයි විකුණන අය, බාර් එක ගාව කඩල විකුණන මිනිස්සු, සපත්තු මහන අය වගේම තවත් ඒ වගේ එදිනෙදා එළියට ගිහින් වේල සරි කරගන්න අයට කීයක් හරි හොයාගන්න පුලුවන් මේ ලොක් ඩවුන් එක අයින් කරලා රට ඇරියොත් විතරයි. ඒ අයටත් ළමයි ඉන්නවා. රට මේ විදිහට වහළා තිබ්බොත් ඒ මිනිස්සුන්ට කන්න නැතිව බඩගින්නේ තමා මැරෙන්න වෙන්නේ.
අඩු ආදායම් ලබන අයට ආණ්ඩුවෙන් දෙන්නේ මාසෙටම රුපියල් 5000 යි. මේ වෙලාවේ ආණ්ඩුවෙන් ඊට වඩා වැඩි ගාණක් බලාපොරොත්තු වෙන්නත් බැහැනේ. ඒ ගානෙන් ළමයි දෙන්නෙකුයි අම්මයි තාත්තයි ඉන්න පවුලකට කොච්චර කල් ජීවත් වෙන්න පුලුවන්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
ඒ නිසා රාජකාරී අවශ්යතාවයක් නැතිනම් බොරුවට ඔෆිස් අයි.ඩී. එල්ල ගෙන සවාරි යන්න එපා. ටික දවසක් ඉවසගෙන ඉන්න. මේ කරදරය ඉවර වුණාම කැමැති තැනක කැමැති විදිහකට යන්න… 🙏🙏🙏

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!