රත්තරං (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හැමදාම කෙල්ලෝ ගැනම කියලා හරියන්නෑ. කෙල්ලෝ වගේම අපිට ආකර්ශනය උන කොල්ලොත් හිටියා. කොල්ලෝ කිව්වට කොල්ලොමත් නෙවෙයි. නෙවෙයිමත් නෙවෙයි. මං දන්නෑ වැඩි විස්තර. මේකයි කතාව.
මී⁣ට අවුරුදු කීපෙකට ඉස්සර සිංහල දෙමළ අළුත් අවුරුද්ද උදා වෙන්න දවසකට කලින්, මම නිවාඩු අරන් ගෙදර එන්න කොටුව ස්ටේෂන් එකට ආවා. උදේ 8.30 ට කොළඹ කොටුව බදුල්ල කෝච්චියට නැංගම නිවාඩු යන්නම ආපු මිනිස්සුන්ගෙන් කෝච්චිය පිරිලා. ගොඩක් ලොකු තදබදයක් නැතත් යම්කිසි මට්ටමකට සෙනඟක් හිටියා. ඇතුලට ගිහින් හිරවෙන්න බැරි නිසා දොරට ඉස්සරහින් තියෙන ටොයිලට් එක ගාව හේත්තුවක් දාගත්තා පාඩුවේ යන්න පුළුවන් නිසා.
එතනම පොඩ්ඩක් එහාට වෙන්න යම්කිසි විපර්යාසයකට ලක් වෙච්ච විදියේ නාඹර තරුණයෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒ දෙන්නත් එක්කම ආපු අවුරුදු 15 ක විතර පෙනුමක් තියෙන ඇට්ටර ගති තියෙන පොඩි කොල්ලෙකුත් ඉන්නවා. මේ තරුණයොන්ගේ අමුතු කතා විලාසයත්, බාහිර පෙනුමත් නිසා තවත් කොල්ලෝ සෙට් එකක් මුන්ගෙන් ආතල් එකක් ගන්න උන් එකක් කියව කියව විහිළු කර කර යනවා. වැඩි හරියක් ඩබල් මීනින්ග් තමයි.
කෝච්චියට නඟින බහින මිනිස්සුන්ටත් මේ සෙට් එකෙන් සෑහෙන්න කරදරයි. ඒත් උන්ට ගාණක්වත් නෑ. මටත් ටික වෙලාවක් උන්ව පේනවා. ඇස් දෙක නිදි කිරා වැටෙනවා. ආය ඇහැරෙද්දී පේනවා. ආය නින්ද යනවා. ඒ අතරේ අරුන් මාරුවෙන් මාරුවට රටේ නැති කුනුහරුප ශෙයාර් කරගන්නවා.
ඔහොම ටික වෙලාවක් යද්දී මේ සෙට් එකේ ඉඳපු එක කොල්ලෙක් දොර ගාව ඉඳන් සෙනඟ පීරගෙන කෝච්චි පෙට්ටිය මැද්දට ගියා. එතන ඉඳන් මූ අර විපර්යාසෙට ලක් උන කොල්ලට ඔළුවෙන් අඬගහනවා, උගෙත් එක්ක යන්න එතනට එන්න කියලා. ඌත් ඔළුවෙන් බෑ කියනවා. අරූ ආයෙත් අඬගහනවා. මූ ඔළුවෙන් බෑ කියනවා. දැන් මේ කොල්ලා ඉන්නේ මට අඩි දෙකක් විතර ඉස්සරහින් මට පිටුපාලා. දෙපාරක් විතර හැරිලා බලනවත් මං දැක්කා. ඌ බැලුවට කෙල්ලෙක් බැළුවා වගේ සර්වාංගෙම පිච්චිලා යන්නෑ. මට උගේ බැල්මට නින්ද යනවා. කෝච්චිය ගැස්සෙන තැනකදී ආය ඇහැරෙනවා.
කොහොම කොහොම හරි කෝච්චිය මැද්දට ගියපු එකා ගේම අතාරින්නෙත් නෑ. අරූව සෙනඟ මැද්දේ හිර කරගන්නමයි ට්රයි එක. අරූත් දොර ළඟ කොමල කර කර ඉන්න මෙච්චර සෙනගක් දාලා යන්න බැරි හින්දද කොහෙද එතෙන්ට යන්නෙම නෑ. කොහොම කොහොම හරි මට අඩි දෙකක් විතර ඉස්සරහින් හිටපු එකා අඩියක් දැන් මගේ පැත්තට තරණය කරලා ඉන්නවා. දැන් පරතරය අඩියයි. අරූ තවමත් දාඩිය පෙරාන මැද්දට වෙලා ඉඳන් මුට අඬගහනවා. මූ ඔළුවෙන් බෑ කියනගමන් ටික ටික මගේ පැත්තට කිට්ටු වෙනවා. කොහොම හරි මට පිටුපාලා ඉඳන් මූ ටිකකින් මගේ ඇගේ ගෑවෙන තරමටම කිට්ටු උනා.
පොදු ප්රවාහන සේවයක ම⁣ට ඕන විදියට යන්න බැරි නිසා ටිකක් වෙලා ඉවසුවා. මූ එන්න එන්නම තද වෙනවා. මගෙත් කන් දෙකත් රත් වෙලා මල පැනගෙන එනවා. මම කටින් මොකුත් නොකියා දඹරගිල්ල කොල්ලගේ පිටට තියලා ඌව ඉස්සරහට තල්ලු කලා. මූ හැරිලා “සොරි’ වගේ එකක් මුමුණලා ඉස්සරහට උනා. තව ටිකකින් කෝච්චිය පැද්දෙන්න ගත්තම මූත් තාලෙට පැද්දෙනවා. කෝච්චිය ඒ තරම් පැද්දෙන්නෑ. ඒ උනාට මූ පැද්දෙනවා. පැද්දී පැද්දී ආයෙත් මට කිට්ටු කරනවා. කිට්ටු කරලා කිට්ටු කරලා ඔන්න ආපහු ගෑවෙනවා. වැඩේ කියන්නේ ගැවුනාට පස්සේ ඌ පැද්දෙන්නෑ. එහෙම්ම ඉන්නවා. මට පැද්දෙන්න කියලද දන්නෑ. පැද්දිල්ල කෙසේ වෙතත් ඒ පාර නම් මාව හොඳටම කුලප්පු උනා.
“මචං පාඩුවේ පලයන්,ඇඟට එන්න එපා” කියලා උගේ උරිස්සට අත තියලා මම තල්ලු කලා. මූ ආයෙත් පිටිපස්ස බලලා “සොරි” කිව්වා. වැඩේ කරන්න ආපු එකා සොරි කියද්දී උන් එක්ක ආපු අර අවුරුදු 15 ක විතර ඇට්ටරයා ඉඳන් “ඇයි එයාගේ එක රත්තරන් ද දන්නෑ නේහ්” කිව්වා. අන්න ඒ වෙලාවෙදී නම් මට දේව වරමින් කාලි අම්මා ආවේස උනා.
“ඇයි උඹට බලන්න ඕනද’ කියලා මං දෙසාබාන්න පටන් ගන්නකොට මට එහා පැත්තෙන් හිටපු කපල් එකේ කොල්ලත් මගේ සහයට එකතු උනා. ඌ යි, මායි එකතු වෙලා අරුන් තුන් දෙනත්, උන්ව වට කරන් කුනුහරුප කිය කිය හිටපු එවු⁣න්ගෙත් රෙදි ටික කෝච්චියේ දෙනෝදාහක් ඉස්සරහා ගලවලා දැම්මා. මල පැන්නම කටින් පිටවෙන්නේ වචනද නැත්තං වෙන මොනවත්ද කියලා දන්නැති මම, මගේ සගයත් එක්ක එකතු වෙලා දෙන්න පටන්ගෙන තත්පර ගානක් යද්දී දහ දොලොස් දෙනෙක් ඉඳපු කොල්ලෝ සෙට් එක කොහේ ගියාද නෑ. මම බැනපුවා අරුන්ටත් වැඩිය වැදුනේ ඒ කොල්ලෝ සෙට් එකට. මුන් තුන් දෙනා දොර ළඟ තනි උනා.
ඇඟට ආපු නැති අනිත් කොල්ලා මං කෑ ගහන කොට “ඇති අයියා ඇති ඇති. ප්ලීස් ප්ලීස් නවත්තන්න” කියලා ගෑණු තාලෙට කිව්වා. “තොටත් එක්ක තමයි කියන්නේ තෝත් පාඩුවේ පල. අපිට නිදහසේ යන්න දීලා” කිව්වම ඌත් කට වහගත්තා. විනාඩි පහලවක් විතර නන්ස්ටොප් බැන්නා.
බැනලා බැනලා පියවි සිහියට ඇවිත් වට පිට බලනකොට තමයි දැක්කේ කෝච්ච්යේ දෙපැත්තේ ඉන්න සෙනඟ ඔක්කොම මගේ දිහා බලාගෙන ඉන්න බව. ඊට පස්සේ කට වහගෙන මාත් ගියා. අරුන් ටික එතනින් එහාට මම බහිනකන් උන් උන් වත් කතා කලේ නෑ. පුදුම නිස්කලංක බවක් දැනුනා.
මිනිස්සුන්ගේ ආශාවන් විවිධාකාර වෙන්න පුළුවන්. ඒක එයාලත් තේරුම් ගන්න ඕන. කෙල්ලෝ සබ්ජෙට් එක තිබ්බට අපි ගාව ඔය වර්ගේ සබ්ජෙට් නෑනේ ගයිස්. අනං මනං වලට එන්න කලින් මගෙන් ඇහුවනම් මං කියනවනේ මම ඔය ජිංගිබිරිස් වලට කැමති නෑ කියලා. එතකොට රන්ඩු වෙන්න ඕනිත් නෑනේ.
ඔක්කොම අස්සේ පොල්ගහවෙලින් බහින්න ආපු අංකල් කෙනෙක් අතේ තිබුන බෑග් එකත් බිමින් තියලා පිටට තට්ටු කරලා “වෙරි ගුඩ් පුතා” කියලා කියපු තාලෙට නම් මටත් හිනා ගියා.
උපුටා ගැනීම:  Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!