රටින් රට – පිස්සු නායකයෙක් සිටි දක්ෂ ජාතියක් – ජර්මනිය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජර්මනිය වැනි රටක් ගැන මොනවා ලියන්නද ? කොහෙන් පටන් ගන්නේද? ලියා කියා ඉවර කරන්නට හැකි වේද? මේ එකකටවත් උත්තර මට නම් නැත. මක්නිසාදයත්, එය එතරම්ම විචිත්ර වේ. සාමාන්ය යයි පෙනෙන එකම එක පින්තුරයක් මගින් එහි වර්තමාන තත්වය ගැන අවබෝධයක් ලැබේ. එය නම්, බයිසිකලයකින් පාසැල් යන වසර පහක පමණ කුඩා දරුවෙක් සිටින පින්තුරයයි. එය ජනාකීර්ණ කොලෝන් නගරයයි.
ඔහුට පාර හරහා යන්නට කොළ පැහැ සඥාව වැටී තිබුනද, ඔහු වාහන එන්නේද යයි පරීක්ෂාවෙන් බලයි. එමෙන්ම ආරක්ෂිත හිස් වැසුම පළඳා ඇත. අන් වාහන වල අවධානය සඳහා විදුළි බල්බ දල්වා තිබේ. පොත් මිටිය පිටේ එල්ලා ගෙන යයි. තවත් සොයා බැලුවහොත් මේ දරුවාගේ දෙමාපියන්ට වාහනයක් නැත යයි ඔබ සිතන්නේද ? කිසිසේත් නැත. ඔවුන් ධනවතුන් වෙති. එහෙත් දරුවා සමාජය ගැන දැන ගත යුතුය.
සමාජ යාන්ත්රණය කෙසේ ක්රියාත්මක වන්නේද යන්න අවබෝධ කර ගැනීමෙන් ඔහු දිනෙක සාර්ථක පුරවැසියෙක් වනු ඇත.
දැන් අපි මොහොතකට ලංකාවේ වාහනයක් ඇති කෙනෙක්ගේ දරුවෙක් ගැන සිතා බලමු. ඒ වාහනය සුව පහසු මෝටර් රථයක්, කබල් මෝටර් රථයක්, මෝටර් බයිසිකලයක් හෝ හුදෙක් පදින බයිසිකලයක් වීම අදාළම නැත. බොහෝ විට දකින්නට ඇත්තේ එකම දෙය වේ. දෙමාපියන් විසින් ඒ වාහනයකින් බොහෝ විට දරුවාව පාසැලට ගෙනත් බැස්සීම සිරිත වේ. නූතන යුගයේ ලංකාවේ බොහෝ දෙමාපියන් හොඳ රියැදුරන් වෙති. හොඳ සූප වේදීන් වෙති. නමුත් හොඳ දෙමාපියන් නොවෙති.
දෙමාපියන්ගේ කාර්ය භාරය රියදුරු කම, සූප වේදිත්වය නොවේ.
මා අසා ඇති හොඳම දෙමාපියන් යුවලක සිටි හොඳම පියා වූයේ අග්රාමාත්ය ජෝන් කොතලාවල මහතාගේ පියාය. “නයිනගේ සූදුව” යන්නේ ඔහු ගැන කියැවේ. කුඩා ජෝන් කොතලාවල පාසැල් යන සමයේ ඔහු තනියෙන් පාසැල් යා යුතු විය. ඒ අතර කුඩා ජෝන්ට තරවටු කිරීමට පියා විසින් රහසේ ඔහු වෙත මැරයන් එවන ලදී. කුඩා ජෝන් ඔවුන් සමඟ සටන් කර නිවෙස වෙත පැමිණිය යුතු විය.
… “මේක මහ පිස්සු කතාවක්…! යයි කෙනෙක් කියනු ඇත. එහෙත් ප්රතිඵලය කුමක් වුනේද ?
සමාජයේ ඉහළම මට්ටමට යන්නට ඔහුට හැකිවිණි. මේ කතාව ජෝන් කොතලාවල මහතා ගේ ප්රතිපත්ති හෝ වෙනත් දෙ ගැන කීමට ලියු දෙයක් නොවේ.
අද සිටින දෙමාපියන්ට සාපේක්ෂව දශක කීපයකට පෙර සිටියා වැනි දෙමාපියන් අදත් සිටින්නේද ? දැන් අපි ඊළඟ කතාවට යන්න පෙර මේ ආකාරයේ ලිපියක් ලංකාව වෙනුවෙන් ලියනවා නම්, එහි මාතෘකාව කෙසේ වේද ? ඔබ ඊට කුමන නමක් දෙන්නේද ? මට නම් සිතෙන්නේ මෙසේය. “රටින් රට – පිස්සු නායකයන් සිටි පිස්සු ජාතියක් – ශ්රී ලංකාව”, යන්න හොඳ මාතෘකාවක් වනු ඇත. දැන් අප ඉහත චේද වල “පිස්සු ජාතියක්” යන්න නිර්වචනය කළෙමු.
“පිස්සු නායකයෙක්” කල දේවල් මෙතනින් එහාට සාකච්චා කරමු.
ඔවුන්ගේ නිර්මාණ සහ දෙවන මහා ලෝක සංග්රාමයට ඉන් ලැබුණු පිටුවහල අවබෝධ කර ගැනීමේ වටිනාකමක් ඇත. එනම් මුළු ලෝකයටම අභියෝග කරන්නට, කොතරම් නම් කාර්මික ඥාණයක් ජර්මානුන්ට එකළ තිබෙන්නට ඇත්ද යන්න ගැන යම් අදහසක් ගැනීමට එය වටී. එහෙත් ඒ ආකාරයේ නිර්මාණ ඉදි කරවන්නට ඔවුන්ගේ දේශපාලන නායකත්වය ඉතා කාර්යක්ෂමව කේන්ද්රගත වුනේය යන්න මෙහි ඇති වැදගත්ම පණිවිඩය වේ.
අපි මොහොතකට ඒ අමානුෂික නට්සි වාදය අමතක කරමු. ඒ පාලන තන්ත්රයේ අනුදැන්මෙන් කල මේ එක කුඩා ක්ෂේත්රයක කුඩා කොටසක සංකීර්ණතාවය පමණි.
මේ ආකාරයට ජර්මනියේ සියළුම ක්ෂේත්ර එකළ මෙන්ම අදත් “කිසිම ආකාරයේ පැලැස්තර දැමීමකින් තොරව” ක්රියාත්මක වීම සහ ඉන් සාර්ථක ප්රතිඵල ලබා ගැනීම පෙනී යයි. නැතිනම් ලෝකයේ ඉහළම පෙලේ ආර්ථිකයකට ඔවුන්ට හිමිකම් කියන්න වන්නේ නැත. යුද්ධයේ අවසාන කාලයේ, මිත්ර ජාතීන් විසින් බර්ලිනය ඇතුළු අනෙක් නගර වලට බෝම්බ පිට බෝම්බ දමා ඒ ස්ථාන සම්පූර්ණයෙන් වනසා දැමූහ.
උදාහරණයක් සේ බර්ලින් නගරයේ කිසි තැනක යුද්ධයට පෙර නිර්මාණය කල ගොඩනැගිළි නැත.
එහි ඇත්තේ යුද්ධයෙන් පසු තනන ලද ගොඩනැගිළි [Post war constructions] පමණි. නමුත් මේ තරම් දරුණු අලාභ හානි ඇති වී, යුද්ධය පරාජය වී යටත් වීමෙන් පසු ඔවුන් නැත්තටම නැති වී ගියේ නැත. ඔවුන් අළු ගසා ඉදිරියට පැමිණියහ. අද දින ඔවුන් ලොව හතරවන වන විශාලතම ආර්ථිකය දරයි. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ තත්වය සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
එක පින්තුරයක, 1940 දී ජර්මනියේ බ්රවුන්ස්විග් හි “හර්මන් ගෝරිං” ගුවන් පර්යේෂණ ආයතනයේ සුළං උමගක් තුළ මැසර්ස්මිට් බීඑෆ් 109 ප්රහාරක යානයක් ඇත. එය ප්රබල සුළං පහරක් හමුවේ හැසිරෙන ආකාරය පරීක්ෂා කිරීම එහි සිදුවිය. බීඑෆ් 109 ප්රහාරක යානය ජර්මානු ඉංජිනේරු විද්යාවේ ඉතා මාරාන්තික නිර්මාණයක් විය.
ගුවන් යානය පසුබිමේ බිත්තියේ ලියා ඇත්තේ, එකළ නාසි යාන්ත්රණයේ සාමාන්යයෙන් ලියන ලද වහසි බස් විය. එහි ජර්මන් බසින් මෙසේ ලියා ඇත. “Das deutsche Volk wird sich, durch die Eroberung der Luft, seinen ihm gebührenden Platz in der Welt erzwingen.
… “ජර්මානු ජනතාව අහස යටත් කර ගැනීමෙන් ලෝකය තුළ ඔවුන්ගේ සුදුසු ස්ථානය තීරණය කරනු ඇත”…. [මේ පරිවර්තනය හොඳම යයි නොසිතමි.]
ඉහත සුළං ගුහාවේ ඒ වායු ප්රවාහයන් විසිරෙන ආකාරය හෙවත් සුළං බලපෑම් දෘශ්යමාන කිරීම සඳහා වර්ණ දුමාරයක් භාවිතා කරන ලදහ. සම්පූර්ණ ප්රමාණයේ ගුවන් යානයක් භාවිතා නොකර ඒ සඳහා පරිමාණය අඩු කරන ලද යානයක් භාවිතා කලේ නැත්තේ ඇයි යන්න ගැන පැහැදිළි අදහසක් නොලැබේ.
වර්ණ දුමාරයට අමතරව, වාතය සමඟ පාවෙන එල්ලෙන කුඩා නූල් භාවිතා කරන ලද අතර සාමාන්යයෙන් පරීක්ෂණ ගුවන් මොඩලය සවිකර ඇති පදනම ද ස්ප්රින් හෙවත් දුණු මත සවි කර ඇත. එවිට යානය සුළං වලට ඇතිකරන ලද ප්රතිරෝධය එයින්ද මනිනු ලැබීය.
එසේම එහි ජලය පුරවන ලද බට තිබිණ. ඒ ජල බට එක් එක් ස්ථාන වල තබා සුළං නිසා ඒ ජලය තල්ලු වන ආකාරයද පරීක්ෂා කරන ලදී. උමඟෙන් පිටත හා සසඳන විට උමඟ තුළට ගිය නළය කොතැනදැයි සාපේක්ෂ වායු පීඩනය පැවසීමට නළයේ ජලය කොතරම් දුරට ඉහළ ගොස් ඇත්දැයි ඔබට දැක ගත හැකිය.
යුධ ගුවන් යානාවක වේගය බොහෝය. එනම් ඒ යුධ ගුවන් යානාව අහසේ නිසලව තිබේ යයි සැලකුවහොත් එහි වදින වායු පරිමාවේ ප්රවාහය ඉතා විශාලය. එවැනි දැවැන්ත වායු ප්රමාණයක් ගන්නට දැවැන්ත ටර්බයින තිබිය යුතුය. ඒ ටර්බයින කොටස් කීපයක පින්තුරද කිහිපයක් මෙහි ඇත. Kompressor යයි ලියා ඇත්තේ ඒ දැවැන්ත සම්පීඩක කරකවන ලද ගියර් පෙට්ටිය වේ.
එමෙන්ම වායු ගති විද්යාවේ මූලධර්ම සඳහා වූ ගණනයන් කීපයකද පින්තුර මෙහි තිබේ. නූතනයේ සුළං මෝල් නිර්මාණයේදී මේ ආකාරයේ ගණනයන් භාවිතා වේ. පරිඝනක තාක්ෂණය නොමැති ඒ කාලයේ වුවද ජර්මානුන් කල නිර්මාණ පුදුම සහගත වේ.
ගුවන් යානා වලට අවශ්ය එන්ජින් නිෂ්පාදකයෙක් වූයේ ඩේම්ලර් බෙන්ස් සමාගමයි. ඉන් ඩේම්ලර් බෙන්ස් 601 සහ පසුව එන්ජින් 605 නිපදවන ලදී.
වායුගතික, සුපර්සොනික් සහ අධිවේගී උපකරණ ජර්මනියේ එකළ පවා බොහෝ ඉදිරියෙන් තිබිණ. ජර්මනියේ ඒ තාක්ෂණික උපකරණ ඕනෑම රටකට වඩා අභිබවා ගියේය. යුද්ධයෙන් පසුව ජර්මන් විද්යාඥයන් සහ ගගනගාමී ඉංජිනේරුවන් විවිධ රටවලට බලාත්කාරයෙන් හෝ වෙන යම් අයුරකින් එක්සත් රාජධානිය, සෝවියට් රුසියාවට මෙන්ම ඇමරිකාව ගෙන ගියහ.
ජර්මානු පර්යේෂණ ආයතන මගින් කරන ලද පරීක්ෂණ වෙනත් රටවල් වලින් ඉතා තියුණුව විශ්ලේෂණය කළහ. ඇමරිකාවේ සහ සෝවියට් රුසියාවේ රොකට් තාක්ෂණයද දියුණු කිරීමට මේ ජර්මන් ඉංජිනේරුවන් මෙන්ම විද්යාඥයන් බොහෝ සේ උපකාරී වූහ.
දැන් අප මොහොතක් ඒ නට්සි නායකයන් ගැන කිවහොත්, ඔවුන්ගේ බලපෑම අනුව යම් දෛවොපගත හේතුවක් නිසා සාර්ථක සේ දෙවන මහා ලෝක සංග්රාමය දිනුවේ නම් ලෝකය සමහරවිට සම්පූර්ණයෙන් වෙනස් තැනක් වන්නට ඉඩ තිබිණි.
ස්වභාවයෙන්ම ජර්මන් වරු පරිසරය ගැන සුභවාදී පිළිවෙතක් අනුගමනය කරන නිසා ඔවුන් ඒ යුද්ධය දිනුවේ නම්, ලොව මීට වඩා යහපත් තැනක් වන්නට ඉඩ තිබිණි.
ඒ ගැන සාක්ෂි අද දින ජර්මනියෙන් පෙනී යයි. ඒ අඳුරු ජර්මනියේ සවිකර ඇති සූර්ය පැනල සංඛ්යාව අසාමාන්ය ප්රමාණයකි. සුළං මෝල් ප්රමාණයද බොහෝය. කෙමෙන් කෙමෙන් ඔවුන් කාබන් ශුන්ය තත්වයට ලඟා වෙති.
උපුටා ගැනීම:  Lalith Karunaratna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!