රැවුල බෑමේ මහා ඛේදවාචකය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” කියන්නකො, මොකද්ද ඔයාට තියෙන ප්රශ්නෙ කියලා . කියන්නෙ නැතුව මං දන්නවද?”
මා ඒ ටික ශාරන්යා ඉදිරිපිට කියා දැමුවේ අන්තිම ඉවසීමෙනි.
ඈ මුකුත් නොකියා දෙවුර ගස්සා ඉවත බලා ගත්තාය. ඒකත් පුදුමාකාර ගැස්සිල්ලකි. නමුත් මට ඒ ගැස්සිලි රැවිලි අමුතු දේවල් නොවේ. ශාරන්යා ගෙ මේ සියලු ඉරියව් විශ්වවිද්යාල කාලයේ පටන්ම මා විසින් ඉවසූ සැටි පුදුමාකාර ය. මා අවසන් වසරෙ සිටියදී ඈ දෙවන වසරේය. ඇගේ ආදරය පතාගෙන පස්සෙන් ගිය මුල් දවස් වල මෙවැනි ප්රතිචාර හොද හැටි ලැබුණු ආකාරය මා හට හදිසියේම මතක් විය. ඒ දවස් වල නම් පුරුෂ මාන්ය බල්ලට යවා හෝ කාරිය කර ගැනීමේ අවශ්යතාව නිසා ඇගේ ලොකු කම් කෙසේ හෝ ඉවසා සිටියද දැන් නම් මා හට එසේ කල නොහැකි විය.
මීට සුලු මොහොතකට පෙර නීත්යානුකූල ලියවිල්ලකින් ඈ මගේ බිරිඳ විය. දැන් මා පෙර සිටි විශ්වවිද්යාල කොල්ලා නොවේ. දැන් මා අවුරුදු තිහකට ආසන්න වූ රැකියාවක් කරන වගකීමක් සහිත විවාහක පුරුෂයෙකි. ඒ නිසා ප්රශ්න තවදුරටත් ප්රශ්න කර ගත යුතු නැත.
” අද අපේ එන්ගේජ්මන්ට් එකනෙ. හොදට හිනාවෙලා ඉන්නකො. දැන් අවුරුදු හතරක් තිස්සෙ මේකටනෙ බලාගෙන හිටියෙ.”
ඇගේ නිහඩතාව දරාගත නොහැකි වූ තැන මම තවදුරටත් කතා කලෙමි.
” අනේ මේ , ඔයා කට වහගෙන ඉන්න. තව කියවන්නත් එනවා.”
ඇය තමාට ආවේණික වූ උද්දච්ච හඩින් පැවසුවාය.
මම හෙමිහිට වටපිට බැලුවෙමි. සියලු දෙනාම බර කතා වලය. නමුත් කාගේ කාගෙත් ඇස් යොමු වී ඇත්තේ අප දෙදෙනා ටය. සැබවින්ම එය පුදුමයක් නොවේ. මෙය විවාහා ගිවිස ගැනීමේ උත්සවයකි. විවාහා ගිවිස ගත් නව යුවළ නම් අප දෙදෙනාය. ඒ නිසා අද දින සැවොම බලන්නෙ අප දෙසය.
” මේ , හැමෝම මේ වෙලාවේ ඉන්නෙ අපි දිහා බලාගෙන. මූඩ් ගහලා ඉන්නවා දැක්කොත් මොනවා හිතයිද? අම්මලට එහෙම වෙනසක් දැනිලා ඇහුවොත් මං මොකද කියන්නෙ. ඒ නිසා ඔහොම හැසිරෙන්න එපා.”
නමුත් ඈ මගේ වචන සියල්ල බල්ලට දැම්මාය. පැමිණ සිටින නෑදෑ හිතමිත්රාදීන් සියලුදෙනා කතා කරන විට ඈ සියල්ලන් දෙස බලා සුහද ව කතා කරයි. මිතුරියන් සමග මහා හඩින් සිනාසෙයි. නමුත් මා කිසිවක් පැවසූ විට එවැනි සුහදශීලි ප්රතිචාරයක් නොදක්වයි. මට මේ කිසිවක් තේරුම් ගත නොහැක. කොහොමටත් අපේ තාත්තා පවසන පරිදි ගෑනුන්ගේ හැසිරීම් උභතෝකෝටික ය. විවාහ වූ දිනයේදී ම මා හට එය තේරුම් යමින් පවතියි.
” මොකෝ ලොක්කයියෙ ප්රශ්නෙ ? ඇයි අක්කා අව්ලෙන් ඉන්නෙ?”
සියලු වැඩ මධ්යයෙ වූවද චූටි මල්ලි සියල්ල නිරීක්ෂණය කර ඇති බව මා හට පැහැදිලි විය. සිනහාවෙමින් පැමින කරට අතක් දැමුවද ඔහු මේ ටික මගෙන් ඇසුවේ සිරාවටම ය.
” තේරෙන්නේ නෑ බං. මූණත්තහඩුව එල්ලන් ඉන්නවා කියන්නෙත් නෑ.”
මා පත්ව ඇති අසරණ භාවය මම ඔහුට පැහැදිලි කලෙමි.
” ඔයාගේ ප්රශ්නයක් ද දන්නෙ නෑ.”
චූටි මල්ලි එකවර පැවසූ දෙයින් මා තවත් අන්දමන්ද විය.
ශාරන්යා අසල සිටියදි මෙය කතා කිරීම අසීරු බැවින් මං වහා චූටි මල්ලිව කොනකට ඇදගෙන ගියෙමි.
” මට කියපන් එන්ගේජ්මන්ට් එකේ කොහේහරි අව්ලක් වෙනවද කියලා , මට පේන්නෙ නැති?”
මම ඔහුගෙන් ඇසුවෙමි.
” නෑනෙ, ඔක්කොම වැඩ හරියට උනානේ.”
” එහෙනම් ඇයි බං අරයා අරෙහෙම ඉන්නෙ?”
“මං දන්නෙ කොහොමද ? ශුවර් එකටම ඔයාගෙ මොකක් හරි තමයි.”
මම කෝපයෙන් ඔහු දෙස බැලුවෙමි.
” නෑ මං කිව්වෙ ලොකු අයියාට විතරනෙ එයා එහෙම කරන්නෙ. දැන් අපෙ අම්මා එක්කත් හොදට කතා කරානෙ. ඒකයි.”
මගේ කෝපය එලියට පනින්න පෙර ඔහු එතනින් ලිස්සා ගියේය.
මා නැවතත් ශාරන්යා දෙසට ඇවිදන් ආවේ කිසිවක් තේරුම් ගත නොහැකිවය. මා සිටියේ සිතින් හෙම්බත් වෙලාය. නමුත් ප්රශ්නයක් ඇත්නම් කෙසේ හෝ ඒ පිලිබද කතා කර විසදා ගත යුතුය.
” එන්ගේජ්මන්ට් එකේ වැඩ ටික ඔක්කොම හොදට උනා නේද? ඔයාට ඕන උන විදිහටම?”
මම කතාවට මුල පිරුවෙමි.
” හ්ම්ම්”
ඇය ඕනෑවට එපාවට මෙන් පිලිතුරු දුන්නාය.
” ඔයාට සාරියක් ඇන්දාම ඇත්තටම ලස්සනයි .”
” එහෙමද?”
එවිට ලැබුනු ප්රතිචාරය නම් නුරුස්නා සුලුය. ගහගන්න එනවා වැනිය.
” මේ අර ඉස්සෙල්ලා කතා කරලා ගියේ ඔයාගෙ ලොකු අම්මගෙ පුතෙක්ද ?”
” මොකටද අහන්නෙ?”
කිසිම දහං ගැටේකින් වැඩක් නැත. ඈ හැසිරෙන්නෙ කැත්ත ට පොල්ල වගේය.
කාලය ගෙවී ගොස් උත්සව කටයුතු ද නිමා විය. නෑදෑ හිතමිත්ර සියලු දෙනා පිටව ගොස් අපේ දෙදෙනාගේ පවුල් වල අය පමණක් ඉතිරි විය. ශාරන්යා ටිශූ කඩදාසියකින් මුහුණ පිසිමින් පිටත ට ඇවිදන් ගියාය. මම ද ජංගම දුරකථනයෙ කෙටි පණිවිඩ පිරික්සමින් ඈ පසුපස ගියෙමි.
” ඇයි ශාරන්යා ඔහොම ඉන්නෙ ? ප්රශ්නයක් තියනවා නම් කියන්න. ඔහොම මූණ එල්ලන් ඉන්න එකට මං කැමති නෑ.”
මම පෙර මෙන් මෘදු නොවී පැවසුවෙමි.
ශාරන්යා මා දෙස බැලුවාය.
” කියන්න?”
මගේ ඉවසීම අඩියට බහිමින් තිබුනි.
” ඇයි මාධව ඔයා රැවුල කැපුවෙ ?”
“මොකක්?”
අනපේක්ෂිත ප්රශ්න කිරිම හමුවෙ මා උඩ ගොස් බිම වැටුනි.
“ඇයි රැවුල කැපුවෙ?”
නැවතත් ඈ ප්රශ්නය මා වෙත යොමු කලාය.
” ඉතින්, අද එන්ගේජ්මන්ට් එක නිසානෙ. පිලිවෙලකට ඉන්න එපැයි.”
අනපේක්ෂිත සිදුවීම මධ්යයේ මම නිකට අත ගාමින් පැවසුවෙමි .
” අයියෝ.”
ඇය එසේ පවසා ඉවත බලා ගත්තේය.
” ඇයි? ශේව් කරලා තියන විදිහ අව්ල් ද?”
මම කුතුහලයෙන් ඇසුවෙමි.
” ඇයි ෆුල් ශේව් කරෙ? ඔයා කැම්පස් යන කාලේ ඔහොම කරේ නෑනෙ”
ඇගේ විපරීත වදන් හමුවේ මා තව තවත් අන්දමන්ද විය.
” ඇත්තටම මං ඒ දවස් වලත් ඔයාට කැමති උනේ රැවුල තියන නිසා. බලන්නකො ඔයා අපේ හොදම දවසෙ කරගෙන තියෙන දේ.”
ඇය මැසිවිලි නැගුවාය.
මා හට සියල්ල හරිහැටි පැහැදිලි වෙමින් තිබුනි. සියල්ල ට හේතුව නම් මා සම්පූර්ණයෙන්ම රැවුල බා තිබීමය.
මා වාවාගත නොහැකි සිනාවෙන් ඉවත බලා ගත්තෙමි. ගැහැනුන් නම් පුදුමාකාරය . ඔවුන් සතුටු වන්නෙ හිතා ගන්නත් බැරි දේවල් වලින් ය. බිරිඳ සතුටු කල යුතු හරිම විදිහ නොදැන සිටීම බලවත් වැරැද්දකි. එසේ වුවහොත් රැවිලි ගෙරවිලි වලට මුහුණ දීමට සිදු වනු නොඅනුමානය .
” ගෑනුන්ව සතුටු කරන්න කොච්චර දේවල් කරත් මදි පුතේ. එක පොඩි වැරැද්දක් උනොත් අර කරපුවා ඔක්කොම වතුරෙ.”
මට නැවතත් තාත්තා ගෑනුන් ගැන පැවසූ දෙයක් මතක් විය.
උපුටා ගැනීම: Kaveesha Munasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!