Exam එකත් ඉවර වෙලා 3 වසරේ කොලු පැටියෙක් යනවා නැන්දලාගේ ගෙදර.නැන්දා කියන්නේ මේ පොඩ්ඩාගේ ගජ මිතුරා ඉතින්. ලූස් නැතිව ඕනෙම දෙයක් කියනවා එයා එක්ක.
නැන්දා : ආ..ළමයෝ..කොහොමද Exam එක? අද මොනාද තිබුනේ?
පොඩ්ඩා : හ්ම්ම්… ලේසි. අද සෞක්ය තිබ්බේ. එත් එකෝම එක ප්රශ්නයක් විතරක් බැරි උනානි.
නැන්දා : ඒ මොකද්ද එහ් ?
පොඩ්ඩා : මීයන්ගෙන් හැදෙන ලෙඩක් ගැන අහල තිබුනා.
නැන්දා : ඉතින් ඒක අමතක උනාද?
පොඩ්ඩා : මන් ඒ වෙලාවේ මතක් කළා..මතක් කළා……මතක් උනේම නෑ..
නැන්දා : ඉතින්?
පොඩ්ඩා : ඒ උනාට මට නිකන් ලාවට වගේ මතක තිබ්බ අගට ” රිය ” වගේ කෑල්ලක් එනෝ වගේ. සෑහෙන වෙලාවක් කල්පනා කළා..මතක් උනේම නෑ.. ඔක්කොටම උත්තර ලියලා මේක විතරක් අහක දාන්නත් බෑ. ඉතින් මං ඕනේ මගුලක් කියල ” හාතාවාරිය ” කියල ලියල ආවා.
පස්සේ විභාගෙත් ලියල ගේට්ටුවෙන් එලියට එද්දී මතක් උනා ” මහාමාරිය ” කියල අනේ…
උපුටා ගැනීම: Udayanganee Madurapperuma