රෝමියෝ ජුලියට් කතාව දවස් තුනකදි සිද්ධ වී අවසන් වූ ආදර කතාවක් බව දැන සිටියාද (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජුලියට්ගේ තාත්තා ජුලියට්ව බඳින්න කැමැත්තෙන් ඉන්න පැරිස් කියන සිටුවරයාට මුණගස්වන්න උත්සවයක් තියනවා. ඒ උත්සවේට රෝමියෝ එන්නේ එයා කැමති රොසලීන් කියලා කෙල්ලෙක්ව බලන්න. ඒත් ඊට කලින් රෝමියෝ ජුලියට්ව දැකලා එයත් එක්ක ආදරෙන් බැඳෙනවා.
දෙවනි දවසේ ජුලියට්ගේ නර්ස්ගේ උදව් එක්ක මේ දෙන්නා පවුල් වලට හොරෙන් කසාඳ බඳිනවා. නමුත් මේ ගැන ජුලියට්ගේ ඥාති සහෝදරයෙක් වෙන Tybalt දැනගෙන රෝමියෝ එක්ක සටනකට අභියෝග කරත් රෝමියෝ ඒක ප්රතික්ෂේප කලා. ඒත් රෝමියෝගේ යාළුවෙක් වෙන Mercutio මේ අභියෝගය ගැන ඇති වුන තරහා නිසා Tybalt සමඟ කරපු සටනින් මරණයට පත් වෙනවා. මේ හේතුවෙන් රෝමියෝ, ජුලියට්ගේ ඥාති සහෝදරයා වෙන Tybaltව මරලා දානවා. ඒ සිදුවීම නිසා ඔවුන් ජීවත් වන වෙරෝනා පළාතේ කුමාරයා රෝමියෝව වෙරෝනාවෙන් පිටමං කරනවා.
මේ අතරේ තමන්ගේ ඥාති සහෝදරයාගේ මරණයත්, පෙම්වතාගේ පිටමං කිරීමත් ජුලියට්ට ආරංචි වෙනවා. ඔහුව පිටමං කරන්න කලින් එදා රාත්රිය එකට ගත කරන්න නියම කරගත්තත්, ජුලියට්ගේ හා රෝමියෝගේ විවාහය ගැන නොදන්නා ඇයගේ දෙමව්පියන් ඇයගේ සහ පැරිස් සිටුවරයාගේ විවාහය පසුදින සිදු කරන්න තීරණය කරනවා. නමුත් ජුලියට් එයට තදින්ම විරුද්ධ වෙනවා.
පසු දින, ඒ කියන්නේ තුන් වෙනි දවසේ විවාහය නවත්තන්න ඕන නිසා ජුලියට් නින්ද යන බෙහෙතක් බීලා මියගියා වගේ සිටිනවා. මේ රඟපෑම ගැන ආරංචිය අරගෙන පණිවිඩකරුවෙක් රෝමියෝ වෙත ගියත් ඔහුට රෝමියෝව මුණගැහෙන්න වෙන්නේ නෑ. මේ නිසා තමන්ගේ ආදරවන්තිය මියගියා කියලා හිතාගෙන රෝමියෝ වස මිලදීගෙන ජුලියට්ගේ දේහය තියලා තියන සොහොනට එනවා. ජුලියට්ගේ සොහොන්බිමේ ජූලියට්ව බඳින්න කැමැත්තෙන් හිටිය පැරිස් සිටුවරයා ඉන්නවා දකින රෝමියෝ ඔහුව මරා දාලා තමනුත් වස බීලා සියදිවි නසා ගන්නවා.
නින්දෙන් අවදිවෙන ජුලියට් සිදුවෙලා තියන දේ දැනගත්තා පස්සේ සොහොන්බිමෙන් පිටවීම ප්රතික්ෂේප කරලා තමන්ට පිහියෙන් ඇනගෙන සියදිවි නසාගන්නවා.
කතාවේ අන්තිමට කියන විදිහට, තමන්ගේ පුතු වන රෝමියෝගේ පිටමං කිරීම ගැන දැනගත් ඔහුගේ මව එම ශෝකයෙන් මියයනවා.
උපුටා ගැනීම:  ගුප්ත ලෝකය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!