මාසික ප්රගති සමාලෝචන රැස්වීම ටිකෙන් ටික දිගුවෙද්දී ශාමනීගේ නොරිස්සුමද ඒ හා වැඩිණි. කරුණු සටහන් කරගන්නට ගෙනා කොළ මිටියද අවසන්වීමට ළගය.
සදුදා දිනයක් බැවින් උදෑසන තුනට අවදිවී පැල්මඩුල්ලේ සිට කොළඹට බසයෙන් පැමිණීම නිසා ඇයට දැඩි තෙහෙට්ටුවක් දැනේ. මෙලෙස නිවසේ සිට පැමිණෙන දිනවල ඇය බැරෑරුම් වගකීම්වලින් හැකි තරම් ඉවත් වී සිටීමට උත්සාහ කරන්නේ දැඩි වෙහෙස හේතුවෙනි. නමුත් අද සභාපතිතුමාගේ ලේකම්වරිය වන සුනාලිගේ දරුවා හදිසියේ අසනීප වී ඇයට යන්නට වීම නිසා උදව්වක් ලෙස වාර්තාව ගැනීමට පැමිණීමට ඇයට සිදුවිය.
දුරකථනයේ රෙකෝඩිංද දමා ඇති නිසා සාකච්ඡා වන සියල්ල ලියාගැනීමට අවශ්ය නැත. නමුත් කාර්යාල ප්රධානින් සියල්ල සහභාගී වන මේ රැස්වීමේ ඇයට නිදිකිරන්නට හෝ කම්මැලි මුහුණක් පෙන්වීමට නොහැකිය.
ඉක්මනින් රැස්වීම අවසන් වූ පසු ඇනෙක්සියට ගොස් හොද තේකක් හදා බී ඇදට වැටීමේ සිහිනය ටිකෙන් ටික ඈත් වන්නට වූයේ අර්බුද සහිත ව්යාපෘති දෙකක කොන්ත්රාත්කරුවන්ද පැමිණ සිටි නිසාවෙනි. විවිධ තාක්ෂණික කරුණු පිළිබදව ඔවුන් වාද කරද්දී ශාමනී යන්තම් කරුණක් දෙකක් සටහන් කරගත්තාය. සවස තුනට ළං වෙද්දී ඇය රැගෙන ආ කොළ මිටියද අවසන් විය.
ඇගේ ප්රධානියා පුහුණුවකට ඕස්ට්රේලියාවට ගිය විට ඇයට තෑග්ගක් ලෙස ගෙනත් දුන් මනහර නෝට් පොතද ඇය රැගෙන ආවේ පෙනුමට මිස කිසිවක් ලියන්නට සිතාගෙන නොවේ. ඉතා වැදගත් යමක් මිස මෙවැනි නොවැදගත් දේ ඒ ලස්සන පොතේ ලිවීමට ඇයට නිකම්වත් නොසිතුණත් දැන් කරන්නට දෙයක් නැති බැවින් ඇය පොතේ මැද පිටුවක් පෙරලා එහි ලිවීමට පටන් ගත්තාය.
ඇබොරිජියානු රූප සහිත විචිත්ර තීරුවකින් පසු පොතේ යට අගලක පමණ හිස් දාරයක් වෙන්වී ඇත.
කොන්ත්රාත්කරුවකු හා කාර්යාලයේ ඉදිකිරීම් කළමනාකරු නව නගරයේ පාලමක් පිළිබදව සාකච්ඡා කරන්නට පටන් ගත් අතර එය පැය භාගයක් දක්වා ඇදිණි. තමන් ඇණවුම් කර ඇති වානේවල තත්වය හොද බව කාර්යාල ප්රධානීන් තර්ක කරන අතර ඒවායේ තත්වය බාල බවත් ඉදිකිරීමේ තත්වයට තමා වග නොකියන බවත් කොන්ත්රාත්කරු පවසයි.
ශාමනී පොතේ පහත තීරුවේ කුඩාවට පාලමක් කුරුටු ගාන්නට ගත්තේ නිදිමත වළකා ගන්නටය . අවසානයේ පාලම කැඩී ඇති බව පෙන්වන ඉරක් ඇය පාලම මැදින් ඇන්දාය. හදිසියේ කොන්ත්රාත්කරුගේ දුරකථනය නාද වූ බැවින් ඔහු දෙවරක් පමණ එය නිශ්ශබ්දකර එය නැවත නාද වන විට සමාව ගෙන එයට කසුකසුවෙන් පිළිතුරු දුන්නේය.
“ජනක, මයි ගෝඩ්, කීයටද?, දැනුත් මේ ඒකයි මම කතා කර කර හිටියේ. කවුද ඉන්ජර්ඩ්? අප්පා, යැව්වද හොස්පිටල්? ආ හරි හරි මම දැන් එනවා, මිනිස්සු ටික කන්ට්රෝල් කරන්න ජනක, මම දැන් පිටත් වෙනවා“
ඔහු පිරිස දෙසට හැරුණේ දුරකථනයද කනේ ගසාගෙනමය.
“පොල්ගහමුල පාලම මැදින් ක්රැක් වෙලා කෑල්ලක් කඩාගෙන වැටිලා පහළ වියර් එක බදින ටීම් එක උඩට. තුන් දෙනෙක් ක්රිටිකල්. මගේ සයිට් මැනේජර් කතා කළේ. මම දැන් යනවා, මම හිතන්නේ ඔබතුමාලට දැන් තේරෙනවා ඇති ඒ ගෙනාපු ස්ටීල් ගැන මම කියපු දේ හරි බව“
ඔහු පිටත් වූ වහාම රැස්වීමද නැවතුණු අතර කාර්යාල ප්රධානීන් පිරිසක්ද ළහි ළහියේ පිටත් වූයේ පාලම නිරීක්ෂණයටය. ඒ අවසරයෙන් ශාමනීද තම කුටියට පැන ගත්තාය.
———————–
එදින රෑ හතේ ප්රවෘත්ති ඇරඹුණේ පොල්ගහමුල පාලමේ ඛේදවාචකය පෙන්වීමෙනි. ඒ හදිස්සියට මිය ගිය කම්කරුවන් දෙදෙනාගේ නිවෙස්වලට ගොස් හඩා වැළපෙන බිරින්දන් හා දරුවන් වීඩියෝ කිරීමටද මාධ්ය ආයතනය කටයුතු කර තිබිණි.
“මේ අර මම කිව්ව පාලම අනේ. පව් නේද ඒ මිනිස්සු ? කන්ට්රැක්ටර් ස්ටීල් හොද නෑ කියලා කිය කිය ඉද්දිමයි කෝල් එක ආවේ.”
ඇය කඩෙන් ගෙනා කොත්තු පාර්සයෙන් බාගයක් කමින් සිටි උදාරට කීවාය.
“පව් නේන්නම්. කොන්ත්රාත්කාරයා ලක්සයක් විතර දීලා ෂේප් වෙයි. පව් පොඩි එවුන් නේද?“
———
ඇය පසුදින නැවත පොත අතට ගත්තේ ලියා ගත් කරුණු පරිගණකයේ ටයිප් කිරීමටය.
දරුවා රෝහල්ගත කළ බැවින් තමන් දින කිහිපයක් වැඩට නොඑන බවත් හැකිනම් වාර්තාව සකසා ප්රධානියාට දෙන ලෙසත් සුනාරි ඇමතුමක් දුන්නේ උදේය. දුරකථනයේ පටිගත කළ රැස්වීමටද සවන් දෙමින් ශාමනි යතුරු ලියනය කළ අතර ඇයට තමන් ඇදි කුරුමිටි පාලම පෙනුනේ අවසානයටය.
ඇය එක්වරම පුදුම වූයේ තමන් ඇද ඇති පාලමේ මැද ඇති කොටස දැකීමෙනි. එය පළුදු වී ඇත්තේ ප්රවෘත්තියේ පෙන්වූ ආකාරයටමය. “මාර වැඩක් තමයි”. ඇය සිතාගත්තේ ගෙදර ගෙන ගොස් මේ පොත උදාරටත් පෙන්වීමටය.
——
එදින සවස ඇය පොත පෙන්වීමට ගෙන එද්දී උදාරට ඔහුගේ මවගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ සති අන්තයට යෙදෙන පේරු දානය ගැන කතා කිරීමටය. අම්මාගේත් පුතාගේත් කතාව මදක් ඇදෙන බව දන්නා ශාමනී පොත මේසය මත තබා පසු දිනට ඉවීමට දේ ලෑස්ති කිරීමට කුස්සියට ගියාය. ඇය නැවත එන විට කතාව අවසන් වී ඔහු පොත අතේ තබාගෙන සිටියේය.
“ඉස්සො කිලෝ එකකුයි තව පොඩි පොඩි ජාති ටිකකුයි අපි එද්දි පුලුවන් නම් ගේන්න කිව්වා. එළවළු පළතුරු එහෙන් ගන්න පුලුවන්නේ.“
“මේ බලන්නකො සුදූ මම ඔයාට අර කියපු චිත්රෙ.“ ශාමනී පොත පෙරළා පෙන්වූවාය.
“අප්පා., ඒ විදිහටමනේද කැඩිලා තිබුණේ. මාරයි.” උදාර කීවේ නළල රැළි කරගෙන රූපය දෙස බැලීමෙන් අනතුරුවය. “මේ මම බඩු ලිස්ට් එක ලිව්වේ ඔය පොතේ කොළේක. ඒක කඩලා දෙන්න.“
ශාමනී ලියා ඇති කොළය සොයා උදාර ඊළග දිනයේ අදින කමිසයේ සාක්කුවට දැමුවාය.
———————————————————————–
දොරට ගසන හඩ ඇසුණේ ඔවුන් නිදා සිටියදීය.
“කවුද අනේ මේ මහ රෑ?”
එවිටම උදාරගේ දුරකථනයද නාද වූ අතර තිරයේ “චූටි මාමා” ලෙස දිස්විය.
“අනේ පුතා මම දොරකඩ ඉන්නේ”
උදාර වහා නැගිට සරම අදිමින්ම ගොස් දොර ඇරියේය.
හලාවත සේවය කරන උදාරගේ චූටි මාමා යම් කාර්යයකට කොළඹට පැමිණියහොත් ඔවුන් බලා යන්නට ඒම අමතක නොකරයි.
“අනේ පුතාලාට නිදාගන්නත් නැති වුණා නේද?“
මූණ කට සෝදා හවුස් කෝටය දමා හිසද කලබලයෙන් පීරාගත් ශාමනී සාලයට එබුණේ එවිටය. ඔවුන් විවාහ වූද සිටිම ඇයද උදාරගේ චූටි මාමාට ඉතා ප්රිය කරයි.
“යාලුවෙක් වාහනයක් ගේන්න හම්බන්තොට යනවා, මටත් කතා කළා තනියට. මමත් මොකද නැගලා ආවා. “
“මාමා රෑට කාලද? ඉක්මනට මොනව හරි හදන්නද?“
“එපා දුව අපි රෑ කාලා පිටත් වුණේ. දැන් යනවා පාන්දර වෙද්දි එහෙට යන්න ඕන. මම ඉස්සෝ වගයක් ගෙනාවා සුද්ද කරගෙනම, එහෙනම් ෆ්රිජ් එකේ දාගන්න“
තවත් මද වේලාවක් ඔවුන හා කතා කරමින් සිටි චූටි මාමා පිටව ගියේ තේ කෝප්පයක රස බැලීමෙන්ද අනතුරුවය. ඔහු ගිය පසු ගෙන ආ පාර්සලය ලිහා බැලූ ශාමනිට නිතැතින්ම කෑ ගැසිනි.
“ඇයි ඇයි“
“මේ බලන්නකො අයියා, මාමා ගෙනත් තියන ජාති‘
“ඉස්සොයි කිරි පිටි එකයි තේ කොළයි. ඇයි?”
“ඇයි අහන්නේ මතක නැද්ද ඔයා අර ලිස්ට් එකේ ලියපුවා.”
ශාමනි වහා ගොස් උදාරගේ කමිස සාක්කුවෙන් ලියාගත් බඩු තුණ්ඩුව ඇද බැලුවාය.
“ඉස්සො කිලෝ 1යි කිරි පිටි පැකට් 1 යි තේ කොල 200 යි”
‘මාමා බලා හිටියා වගේනෙ ගෙනත් තියෙන්නේ.”
“මේ කොලේ හරි පුදුමයිනේ අයියා. “
“මොන කොළේද?”
“ඇයි අනේ මේකෙනෙ මම අර කැඩිච්ච පාලම ඇන්දේත්”
“එහෙනම් ඉතිං අපි ආයෙ එකක් කරලා බලමුකො හරියයිද කියලා”
උදාර කොළයේ අගකට වෙන්නට පැහැදිලිව 1,000 ලෙස ලියුවේය.
“බලමුකො හෙට කවුරු හරි දෙරකඩ ඉදීද කියලා දාහකුත් අරන්, දැන් නිදාගමු දොළහමාරයි.”
සිතේ වූ තිගැස්ම නිසා ශාමනීට නින්ද ගියේද නැත. ඇතැම් විට මේ සිදුවීම් අහම්බයක් වන්නට ඇතැයි ඇයට සිතිණි. නමුත් එයට උඩින් සිත තුළ ඇදුණේ ඇලඩින්ගේ පුදුම පහන මෙන් මේ කඩදාසියද තමන්ට සිතූ පැතූ සම්පත් උදාකර දෙන ආකාරයය.
—————————————————
උදාරගේ ඇමතුම ඇසුණේ උදෑසන ඇය නින්දත් නොනින්දත් අතර සිටින විටය.
“මේ බලන්න ශාමි, 1000 ත් හම්බෙලානේ”
“කෝ කෝ”
“මේ “යුවර් ප්රොෆයිල් පික්චර් හෑස් 1000 ලයික්ස්”, හරිනේ ඉතිං ඔයා රුපියල් කියලා දාලා නෑනේ.”
ශාමනිීට සිනහගියේය. උදාරගේ සිනහවට යටින් වූයේ කල්පනාකාරී බැල්මකි.
“ෂහ්, මේක ඇලඩින්ගේ පුදුම පහන වගේනේ. ඉන්නකෝ රුපියල් දාහ කියලම ලියලා බලමු හොදේ?”
උදාර කොළයේ යට තීරුවෙහි රුපියල් 1000 කියා පැහැදිලිව ලීවේය.
කාර්යාලයට ගොස් ලිපි ගොනු අතරේ කාර්යබහුල වූ ශාමනීට අත් බෑගයේ වූ පොත මතක වූයේ වත් නැත.
ඇය හිස එසවූයේ මානව සම්පත් අංශයේ සේවය කරන දමයන්ති පැමිණ කතා කරන හඩිනි.
“අනේ ශාමි, ඔයාව දවසක් දෙක තුනක්ම හම්බ වෙන්න ආවට බැරි උනා. මතකද අපේ පුතාලගේ ස්පෝර්ට්ස් ක්ලබ් එකේ රැෆල් එකෙන් ඔයාත් ටිකට් එකක් ගත්තා. ඔන්න ඔයාට රුපියල් දාහක් තියෙනවා සැනසිලි තෑග්ගක්”
ශාමනී දෙකට නවා තිබූ දාහ අතට ගත්තේ සතුටටත් වඩා විමතියෙනි. කාර්යාල සගයන් ගෙන එන විවිධ ලොතරැයි, ආධාර, දිනුම් ඇදීම්වලට මුදල් දුන්නත් දමයන්ති ළගකදී කිසිවක් ගෙනා බවක්වත් ඇගේ මතකයේ නොතිබිණී. කෙසේ හෝ පොතේ යම් බලයක් ඇති බවක් ඇයට දැන් සිතිණි.
ඇය වහා බෑගය හැර පොත බැලුවාය. එය නිරුපද්රිතව ඇත. ඇය එදා නිවසට යනතුරු සිටියේ නොඉවසිල්ලෙනි. උදාර සමග කතාවී මොකක් හෝ ලොකු දෙයක් ලියා බැලිය යුතුය.
——————————
එදා රුපියල් දාහක් ලැබුණු බව කියූ විට උදාරගේද ඇස්ද කටද ලොකුවට ඇරිණි. ඔහුටද හිතුණේ මෙය පුදුම පොතක් බවය.
“බබා අපි කෝකටත් මුලින් ලක්ෂයක් ලියලා බලමු. හරියයිද කියලා.” උදාර නැවත හොද පැහැදිලි අකුරෙන් පොතේ පහළම කෙළවරක රුපියල් 100,000.00 ලෙස ලියුවේය.
“හරි ගියොත් බලමුකෝ ඉස්සරහට මොකද කරන්නේ කියලා. ඔයා මේක වැඩට ගෙනියන්නත් එපා. අල්මාරියේ තියලා ලොක් කරලා යන්න. මීයෝ එහෙම රිංගන්නේ නෑනෙ ඒකට?”
“නෑ නෑ, ඉන්න මම අර මිනිට් ලියපු පිටු දෙක කඩාගන්නම්. ඒක හෙට ඉවර කරලා දෙන්න ඕන.”
ශාමනී සීරුවෙන් පිටු දෙක කඩාගත්තාය. පොතේ පිටු සීයක් පමණ තිබේ. පරිස්සමට භාවිතා කළොත් තමන්ටත් උදාරටත් ජීවිත කාලයම සැප විදින්නටද ඉදිරි පරම්පරාවට සැප දෙන්නටද මේ පිටු ප්රමාණවත් බව ඇයට සිතේ. නමුත් කලබල නොවී මොළය කල්පනා කර වැඩ කළ යුතුය.
———————————–
වාචාලයකු වූ අරුණ ඇගේ මේසයට ආවේ ඔහුගේ නැගණිය ලියූ ලිපියක හරි වැරදි බලවා ගන්නටය. ශාමනී පැන්සලෙන් එහි වැරදි අකුරු රවුම් කර හරි අකුරු ලියන අතරේවත් ඔහුගේ කටට විවේකයක් තිබුණේ නැත.
සති අන්තයේ අනුරාධපුර ගොස් පැමිණි සුනන්දා ගෙනැවිත් දුන් අමු සියඹලා හා ලුණු කැට ටිකක් දැමූ පීරිසියක් ඇගේ මේසය කොණේ තිබුණු අරුණ දුටුවේ ටික වේලාවකිනි.
“අප්පටසිරි, උඹටත් වැඩේ හරිද?”
“මොන වැඩේද?” හිස ඔසවා බැලූ ශාමනීට අරුණ බලා සිටින දෙයත් ඔහුගේ මුහුණේ වූ සිනාවත් පෙනුණි.
“පිස්සුද බං, සුනන්දා කට්ටියටම ගෙනත් දුන්නා”
“ආ උඹටත් නරක නෑ දැන් ඕවා කන්න හිතන එක. දැන් බැදලත් සෑහෙන කලක් නේ. මොකද කියන්නේ ඕනි නම් අපිටත් උදව්වක් කළෑකි” අරුණගේ වල්කම කටහඩින්ද සිනාවෙන්ද බේරේ.
“අනේ මේ අරුණ, මට මිනිහෙක් ඉන්නවානේ. ඔයා කරදර වෙන්න එපා” ඇය තදින් කීවේ වැඩක් කරගන්නට පැමිණ වත් මුගේ කට වැහී නැති බව සිතමිනි.
“අපෝ හරි හරි උඹේ මහ ලොකු මිනිහා”
ඇය කෝපවූ බව වැටුහුණු නිසාදෝ අරුණ ඉන්පසු නිහඩව සිටියේය. ශාමනී වැඩය ඉවර කර හිස ඔසවන විට ඔහු මොකද්දෝ බලි කුරුට්ටක් අදිමින් සිටින බව දැක්කාය. අරුණ කාර්යාලයේ සිටිනා ඉතා දක්ෂ චිත්ර ශිල්පියෙකි.
“මොනවද අනේ අදින්නේ ඔය මම මීටිං මිනිට් ලියාගත්තු කොළයක්” වහා පැන කොළය ඇදගත් ශාමනී දුටුවේ ඇය අර පොතින් කඩාගෙන ආ කොළයක යට තීරුවේ ඔහු ඉතා කුඩාවට නමුත් පැහැදිලිව උදාරගේ හිස හා උඩුකය ඇද තිබෙන අයුරුය. තමන් කොළය ඇදගත් වේගයට යට තීරුව ඉරී ගොස් තිබේ.
අරුණගේ ලිපිය අවසන් කර දුන් ශාමනී වෙලාව බලා දොළහමාරට ආසන්න බැවින් කෑම පෙට්ටියද රැගෙන උඩ කැන්ටිම දෙසට යන්නට පිටත් උනාය. නැත්නම් සෙවළයකු වන අරුණ තවත් පිටත්ව නොයා තැවරි තැවරී සිටින බව ඇය අත්දැකීමෙන් දනී.
——————————–
ශාමනී නැවත අසුන වෙත ආවේ එක හමාරත් පසුවීය. කෙල්ලන් රැසක් ඒ වෙලාවේ කෑම කන්නට පැමිණ තිබි බැවින් කැන්ටිම එකම සාද කතා ලතාවක් විය. අද කළමනාකරුද නිවාඩු බැවින් කන බොන වෙලාවල් සොයන්නටද කෙනෙක් නැත. ඇය කුටියට පැමිණි වහාම චාර්ජ් වන්නට ගසා තිබූ දුරකථනය ගෙන බැලුවාය. ඇයට අද කෑමට යන්නට පෙර උදාරට කතා කරන්නටද නොහැකි විය. ඔහු අද අලෙවි කටයුතු සදහා කාර්යාලයෙන් පිටතට යන දිනයකි.
ඇය කලබල වූයේ පැමිණ තිබෙන ඇමතුම් රාශිය දැකීමෙනි. උදාරගේ කාර්යාලයේ ස්ථාවර දුරකථනයෙන්ද ඔහුගේ සගයන් වන අමෝද් හා අනූපගේ අංකවලින්ද ඇමතුම් රාශියක් පැමිණ තිබේ. ඇය ගැහෙන අතින් අමෝද්ට නැවත ඇමතුමක් ගත්තාය.
“ශාමිනී, නංගී ඔයා ඔෆිස් එකේද?” අමෝද්ගේ කටහඩ ඉතා වෙනස්ය. කලබලය.
“ඔව් අයියේ, ඇයි කෝ උදාර?”
“නංගි කලබල වෙන්න එපා, පොඩි කරදරයක් උනා අද යන ගමන්. අපේ සුභාෂි එහෙම දැන් ඔයාගේ ඔෆිස් එකට එන ගමන් ඉන්නේ, පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්නකෝ”
“ඇයි ඇයි අයියේ?”
———————————————–
පොල් තෙල් පහන ළග සිටගෙන උදාරගේ දේහය දෙස බලාසිටි ශාමිනීව වත්තම් කරගෙන සිටියේ ලොකු නංගීය.
සිදුවූ දේ කිසිවකුටත් සිතා ගත නොහැකිය. තේ බීමට රිය නැවතූ වේලාවේ උදාර රේල් පාරට නැග ඇත්තේ දුරකථන ඇමතුමක සිටියදීමය. ඔහුට පසුපසින් පැමිණ දුම්රිය පෙනී නැත. දෙපළු වූ කයේ දෙපා එතැන තිබියදී කදේ උඩ කොටස දුම්රියේ ඇමිණී බොහෝ දුර ගොස් ඇති බැවින් ඔහුගේ හිස වටාද බැන්ඩේජ් ඔතා ඇත.
උදාරගේ ශාඛා කළමනාකරු පිටත් වීමට සැරසී ශාමනී වෙතට ආවේ එවිටය. ඔහුගේ අතේ ලියුම් කවරයකි.
“ශාමනී, මේ අපේ වෙල්ෆෙයාර් එකෙන් ෆියුනරල් එකට දෙන සල්ලි. මෙතන ලක්ෂයක් තියෙනවා. අපි උදාරව අමතක කරන්නේ නෑ. අනිත් සියළුම වියදම් අපි පෞද්ගලිකව හොයලා බලනවා. ඔයා කිසිම දේකට හිත කරදර කරගන්න ඕන නෑ. ඉස්සරහටත් ඕනම උදව්වකට අපි ඉන්නවා” ඔහු කියන්නේ බාගෙට හදා ඇති කාමරද ඉටි කොළ වසා ඇති සිවිලිමද දෙස නෙත් හෙළමිනි.
පවිත්රා අභයවර්ධන

උපුටා ගැනීම: පවිත්රා අභයවර්ධන