ඩයනා කුමරියට සිය ජීවිතයේදී ප්‍රථම වරට මේ අපූර්ව මිනිසා හමුවූ අවස්ථාවේදී you? ඔබද මේ ? යනුවෙන් ඔහුගෙන් සුපුරුදු ආදරණීය ස්වරූපයෙන් විමසන ජායාරූපය ගැනෙන්නේ 1987 වසරේ මාර්තු 15 වනදා ලන්ඩන් නුවර සිනමා දර්ශනයක් නැරඹීම සදහා මහා බ්‍රිතාන්‍යය රාජකීය කුමරිය පැමිනි අවස්ථාවක….
මේ එවකට තිස් දෙහැවිරිදි වියෙහි පසුවූ ලොවක් හාස්‍යයෙහි ගිල්වූ අන් කිසිවෙකුත් නෙමෙයි ඔබ දන්නා මිස්ටර් බීන් නමින් අන්වර්ථ ගැන්වූ රොවන් ඇට්කින්සන් නම් වූ අසහාය නලුවා…😊
ඔක්ස්වර්ඩ් ක්වින්ස් විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිලිබද විශේෂ උපාධියක් හිමි රොවන් ඇට්කින්සන් හාස්‍ය උත්පාදන රංගන කලාවට පැමිනෙන්නේ අහඹුවක් ලෙස කිව්වොත් මම හරි..ඒ ඔහුගේ විශ්වවිද්‍යාලය සිසු සමයේ එනම් 1979 වසරේ තමයි පලමු හාස්‍ය ජනක ජවනිකාවකට ඔහු රංගනයෙන් දායක වෙන්නේ…
පසුකාලීනව තමන්ට හමුවූ ආදරණීයම රාජතාන්ත්‍රිකයා නම් ඩයනා කුමරිය බවට ඔහු පවසා තිබුනා .
ඔබ 1994 වසරේ රංගනය කැවූ mister bean return එපිසොයිඩයේ තුන් වන කොටස වන meeting royalty ජවනිකාව නරඹා ඉල ඇට ඇදගත් බීන් රසිකයෙකු නම් දෙවන එලිසෙබෙත් රැජින බැහැදැකීමට පෙර මිස්ටර් බීන් කෙතරම් අලකලංචිවලට මේ අපූර්ව රංගන ශිල්පියා ලක්වනවාදැයි ඔබේ මතකයේ ඇති… අවසානයේ දහසය වරක් මහ රැජිනට අත දීමට පුහුණු වන ඔහු රැජින තමන් වෙතට පැමිණි මොහොතේ ගෞරව ආදරය පෙන්වීමට වේගයෙන් හිස නැමීම නිසා රැජිනගේ පපුවේ හිස වැදීමෙන් රැජින ඇද වැටීමත් සමග පලා යන එපිසොයිඩය ලොව පුරා සුවහසක් ප්‍රේක්ෂකයන් සිනහවේ ගිල්වූ රූප පෙලහරක්…
හැබැයි මේ චායාරූපයේ අපට දැකබලා ගන්න පුලුවන් වෙන්නේ බොහොම තැන්පත් ආදරණීය පෙනුමක් තිබෙන අපූරු තරුණයෙක්…
ඩයනා කුමරිය you ? නමින් සිනහ සලමින් ඔහු අමතන විට න් ප්‍රතිචාරය දැක්වූවේ කුමරියගේ මල් කලඹ ඇයට පෙන්වා…
“ඔබ ඒ තරම් හැඩයි” කියමින්…
ජායාරූපය ගෙන තිබුනේ ජෝර්ජ් මාටින් නැමැති රාජකීය පවුලේ ජායාරූප ශිල්පියා විසින්…
සටහන චරිත් ජනප්‍රිය පරණවිතාන