බොහෝ දියුණු රටවල අධිවේගී මාර්ග වල දැකිය හැකි මෙම කුඩා කොටස හඳුන්වන්නේ Runway Truck Ramp ලෙසයි. මෙම අධිවේග මාර්ග වල අධික වේගයෙන් ගමන් ගන්නා බර වාහන වල තිරිංග බිඳවැටීමකදී එය නවත්වා ගැනීම අපහසු කටයුත්තක් බැවින් මෙවැනි ට්රක් රෑම්ප් එකක් තුළට “අල්ලා” නවත්වාගැනීම සඳහා මේවා ඉදිකොට ඇත.
අධික ඝර්ෂණය ඇතිවීම සඳහා මෙම කොටස නැග්මක් සහිතව කුඩාගල්,වැලි වලින් පුරවා මේ තුළ වාහනය එරී යන සේ සකස් කොට ඇත.ඒ අනුව පැයට කිලෝමීටර් 100 ඉක්මවා යන රථයක් වුවද තත්පර කිහිපයක් තුළ මෙය මතදී නැවතී යයි.
– උපුටාගැනීමකි –
මූලාශ්‍රය: AsHen U DisSanayake