මේ සිද්දිය වෙලා තියෙන්නෙ අපේ එක්කෙනා තුන වසරෙදි ඒ කිව්වෙ ආර්. ප්රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ. දැන් වගේ නෙවෙයිනේ, ලැවරියක්, හැලපයක්, ඉදිආප්ප මුලක් වගේ කෑම එකක් රුපියල් තුනයි වෙන්නේ. හැබැයි ඉතින් රුපියලක් කියන්නෙත් ලොකු ගානක්.
ළමයි ඔක්කොම එකම ඉස්කෝලෙට ගියාම ප්රශ්න නිසාමදෝ එයාලගෙ ගෙදරින් මගේ අයියාවයි (හස්බන්ඩ්) එයාගෙ අයියායි ( හස්බන්ඩ්ගෙ සහෝදරයා) ගිය ඉස්කෝලන් අයින් කරලා වෙන ඉස්කෝලෙට දාලා. යාලුවොත් එච්චර ෆිට් එකක් නෑලු. කලින් වගේ පයින් නෙවේලු ඉස්කෝලෙ යන්නෙත්. බස් එකේ යන්නත් ඕනෙ.
මගෙ අයියට බස් එකේ යන්න රුපියලයි, එන්න රුපියලයි, කෑමට රුපියල් තුනයි, ඔක්කොම රුපියල් පහයි. එයාගෙ අයියට බස් එකේ යන්න එකයි පනහයි, එන්න එකයි පනහයි, කෑමට රුපියල් තුනයි. එයාගෙ වියදම රුපියල් හයයි. ඔක්කොම රුපියල් එකොලහයි.
මේ සියලුම සල්ලි දෙන්නෙ එයාගෙ අයියට. ඒකෙන් බස් එකට සල්ලි දීලා ඉන්ටවල් එකට තමයිලු මගේ අයියට සල්ලි දෙන්නෙ. පොඩි පන්ති කලින් ඇරෙන නිසා අපේ එක්කෙනා කරන්නෙ රුපියලේ කඩචෝරු කකා පයින්ම ගෙදර යන එකලු.
ඔන්න අපේ එක්කෙනා උදේ ඉස්කෝලෙ ඇවිදින කොට පිට්ටනියේ තිබිලා රුපියල් පහක් ඇහිදලා. පූරුවෙ වාසනාව. පොඩිඑකානෙ, සතුට නිම්හිම් නෑ ඉතිං.
කාටද මේක කියන්නෙ?
ලොකු ෆිට් එකක් තියෙන යාලුවෙක්වත් ඉන්න එකක් යැ. අනෙක ඇහින්දා කියලා කිව්වොත් බාගයක් දෙන්නත් වෙනවා.
මොනවා කියන්නත් ඉන්නෙ අයියනෙ. දුවගෙන ගිහින් හොයලා හොයලා කිව්වලු,
“අයියේ මේහ්, මං රුපියල් පහක් ඇහින්දා” කියලා.
ඒක අහලා හීන් හිනාවක් දාලා එයාගෙ අයියා කිව්වලු ” ඕකෙන් කාලා ගෙදර යන්න රුපියලක් තියා ගනිං, උබට තව රුපියලකුත් ඉතුරු වෙනවා කියලා”
ඔයාලටත් ඉන්නවද එහෙම සහෝදරයෙක් හරි සහෝදරියක් හරි?
උපුටා ගැනීම: නිශානි මධුමේලා