රුසියාව යුද්ධ දිනන්නෙ දේශගුණය නිසා කියල ගොඩක් දෙනා කරුණු දක්වන නිසා මම ඒකට වෙනස් කතාවක් එකතු කරන්න හිතුවා.
සාමාන්‍යයෙන් බටහිර ඉතිහාසකාරයො ලිව්ව පොත්වල ඔය දේශගුණය කතාව උලුප්පනව. එහෙම කරන්නෙ රුසියන් සෙබළා එච්චර quality නෑ, දේශගුණය නිසයි දිනන්නෙ කියන බොරුව කියවන්නාගෙ හිතේ පැළ කරන්න.
අපේ රුසියන් ප්‍රේමියොත් ඔය වැල් බයිලා උස්සන් දුවනව. කතාව ඔයිට වෙනස් බව ඒගොල්ලො දන්නෙ නෑ.
මේ අය ඔහොම කිව්වට 1941 දි ජර්මන් හමුදාවෙ හිටපු අය කියන්නෙ වෙනස් දෙයක්. ඒ අයට ලේසියෙන්ම කියන්න තිබ්බා “අපි තමයි හොඳටම කළේ. ඒත් සීතල නිසා අපිට කෙළවුණා. නැත්නම් අපි දිනනවා” කියල. එයාලා එහෙම කිව්වෙ නෑ.
ජර්මන් හමුදා නායකයෝ සිය පරාජය පිළිබඳ හේතු දක්වද්දී, සාමාන්‍යයෙන් කාලගුණය ආදී කරුණුවලට වඩා, සෝවියට් හමුදාවල ප්‍රතිරෝධය සහ සෝවියට් හමුදා ශක්තිය අවතක්සේරු කිරීම ප්රමුඛ ලෙස දක්වනවා. ඒ කාලෙ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් හැල්ඩර් කියනව සෝවියට් හමුදා මෙච්චර ඉන්නව කියල දැනන් උන්නෙ නෑ කියල. තමුන්ට යුද්ධෙට කලින් ලැබිච්ච තොරතුරු සේරම වැරදියි කියල. ඒ වගේම ජර්මන් සිව් වන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ගුන්තර් බ්ලුමන්ට්රිට් කියනව “පළමුවන සටන්වලදී පවා, රුසියානු සෙබළාගේ හැසිරීම, පරාජය හමුවේ පෝලන්ත හෝ බටහිර මිත්‍ර රටවල හමුදා සෙබළුන්ගේ හැසිරීමට සපුරා වෙනස් විය. සම්පූර්ණයෙන්ම වටලන ලද විටදී ද රුසියානුවෝ තමන් හුන් තැන රකිමින් අවසානය තෙක් සටන් කළෝ ය” කියල. මේ සටන්කාමීත්වය තමයි ලොකුම බාධකය වුණේ කියල.
යුද්ධ කරපු ජර්මන් සෙන්පතියො එහෙම කියද්දි ඕගොල්ලො මේ දේශගුණය ගැන කියෝනව. ඒකයි ඔය දේශගුණ බයිලා දකිද්දි මට හිනා යන්නෙ.
ආපහු දෙවන ලෝක යුද්ධය ගැන කියවන්න. ඕගොල්ලො කියෝලා තියෙන්නෙ බටහිර රටවල ඉතිහාසකාරයො ලිව්ව වැල් බයිලා විතරයි. ඒකයි සීන් එක.
ජර්මන්කාරයො ඇයි සීතලට අහුවුණේ? සරලයි. උන් හිතුවා දෙසැම්බර් වෙද්දි මොස්කව් අල්ලන්න පුළුවන් කියල. තමුන්ට ලැබිච්ච බුද්ධි තොරතුරු අනුව ඒක කළ හැකි බව ඔවුන් දැනන් උන්නා. එහෙම නැතුව ජර්මන්කාරයො සීතල ගැන නොදැන හිටියා නෙවේ. නැපෝලියන්ට වෙච්ච දේ නොදැන හිටියා නෙවේ.
උන්ට දෙසැම්බර් වෙද්දි මොස්කව් අල්ලන්න බැරුව ගියේ හිට්ලර්ගෙම ගොන්කම්, සෝවියට් හමුදාව හිතුවට වඩා විශාල වීම සහ සෝවියට් සටන්කාමීත්වය නිසා. ව්යස්මා පොකට්ටුවේ සටන, ම(ද්)ජායික් ආරක්ෂක වළල්ලේ සටන් ඒවට උදාහරණ.
ජූලි – අගෝස්තු මාසවල ස්මොලෙන්ස්ක් සටනින් පස්සෙ දිගටම මොස්කව් යන්නෙ නැතුව වෙන වෙන එව්වා කර කර හිටිය එකෙන් සීත කාලෙට කලින් මොස්කව් යන්න තිබ්බ අවස්ථාව මග ඇරුණා. ආයෙ මොස්කව් වෙත ප්‍රහාරය පටන් ගත්තෙ සැප්තැම්බර් 30. සති හයක පොඩි විවේකයක් ලැබිලත් මොස්කව් පෙරමුණ ශක්තිමත් කරන්න සෝවියට්වරු ප්‍රමාණවත් වැඩක් කරල තිබ්බෙ නෑ. ඔක්තෝබර් මුලදි ෂූකොෆ් මෙහෙම කියනව. “බටහිර දෙසට ආරක්ෂක පෙරමුණක් නොමැති තරම් ය. එහි වන හිඩැස වසා දැමීමට අප සතුව කිසිදු සේනාංකයක් නොමැත. මොස්කව් වෙත වන මාර්ගය සම්පූර්ණයෙන් විවෘත ය.”
ඒ වෙලාවෙ එහෙන් මෙහෙන් ඇහිඳන් ආපු සෝවියට් සෙබළු තමයි මොස්කව් ගමන ප්‍රමාද කරමින් ම(ද්)ජායික් ආරක්ෂක වළල්ල හදලා ඒකෙ සටන් කරේ. ඔන්න ඕකයි කතන්දරේ.
නැපෝලියන්ගෙ යුද්ධෙදිත් එහෙමයි. නැපෝලියන් සීතල ගැන දැනන් උන්නා. නමුත් නැපෝලියන් හිතුවෙ ඊට කලින් රුසියන්කාරයො යටත් වෙයි කියල. රුසියන්කාරයො යටත් වුණේ නෑ. නැපෝලියන් මොස්කව් ආවා. රුසියන්කාරයො මොස්කව් නගරෙට ගිනි තිබ්බා.
“මුන් මහ පුදුම යක්කු. තමුන්ගෙම නගරෙට ගිනි තියාගන්නව” වගේ දෙයක් නැපෝලියන් කියල තියෙනව. ඒ තමයි රුසියන්කාරයාගෙ හැටි. යුරෝපීයයා ෆුල් හොල්මන් වෙනව රුස්සගෙ ඔය වගේ වැඩ දැක්කම.
කරකියාගන්න දෙයක් නැතුව නැපෝලියන් ආපහු හැරුණා. ඒත් එතකොට සීත කාලෙ ළං වෙලා. රුසියන්කාරයො මගින් මගට නැපෝලියන්ගෙ හමුදාවට ගරිල්ලා ක්‍රමයට පහර දුන්නා. සාමාන්‍ය ගොවියො සංවිධානය වෙලා පහර දුන්නා. නැපෝලියන්ගෙ හමුදා මාර කට්ටක් කමින් පසුබැස්සෙ. ඔය කාරණා සේරම එක්ක තමයි සීත කාලෙ එද්දි උන් රුසියාවෙ කොටු වුණේ.
* මේ චිත්රයෙ තියෙන්නෙ නැපෝලියන්ගෙ ආක්‍රමණය වෙලාවෙ මොස්කව් ගින්න වික්තර් මසුරොව්ස්කි ඇඳපු විදිය.
උපුටා ගැනීම: Chamara Sumanapala