සැබෑ අත්දැකීම් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙය මගේ යෙහෙළියකට වසර ගණනාවකට පෙර සිදුවූ සිදුවූ සැබෑ අත්දැකීමකි.
ඇයට අපි හිමාලි කියමු.විවාහවී ඇය පානදුර ප්රදේශයේ පදිංචිවී සිටියාය.මේ වනවිට ඇය තෙවෙනි දරුවා අපේක්ශාවෙන් අටමස් ගැබිණියකව සිටි අතර.. පලමු දියණිය පාසැල්.ගොස් සිටි අතර සැමියා රැකියාවට ගොස් සිටියේය.නිවසේ විසුවේ.සිව් හැවිරිදි දෙවන පුතු සහ හිමාලිය.මෙදිනත් ඔවුන් මිදුලේ සිටිද්දී අසල්වැසි කාන්තාවක් පැමිණ කතාකරමින් හිද ඇත, චූටිපුතා මේ අතර මිදුලේ තිබූ මඩ පාගාගෙන විත් මිදුලෙන් එහා තිබූ ළිදෙන් සේදිමට යමු යැයි ඇයට ඇවිටිළි කර ඇත්තේ ළිදට යාමටතිබූ ආසාවටය.අසල්වැසි කාන්තාව ආපසු ගියවිට ඇය චූටිපුතු සමග ළිදට ගියාය.පුතු සෝදා පසෙකට කර ඈ අධික රස්නය නිසා ඇග සෝදාගන්නට සිතා දියරෙද්ද හැද ලිදට.බාල්දිය දමන්නට සැදුවා පමණය.
ආවරණ නොකළ ලිං ගැට්ටේ කොටය ලිස්සා ඇය ළිදට වැටුණාය.ඇය දෙවියන් බුදුන් යදිමින් උදව් ඉල්ලා කෑගැසුවාය,හිමාලි පිහිනීමට දන්නා නිසා ළිං පතුලේ පිහිණුවාය.සැනෙකින් උඩ බැලුණු ඇයට නෙත ගැටුණේ.ළිං ගැට්ටේ එබීගෙන අම්මේ,යයි කෑගසන චූටිපුතුය.දෙවියන් යදිමින් ඇය හැකි වෙර යොදා කෑගැසුවේ තව සුළු මොහොතකින් පොඩි එකාවද ලිදට වැටෙනු ඇතැයි බියවීම නිසාය.
එසේ වුවහොත් තමාට පිහිනීමට වන්නේ ඔහුත් වඩාගෙනය. .එය ඉතාම අපහසු වන්නේ,කුසතුලද දරුවෙක් දරාගෙන ඇය මේ මාරයා සමග පොර බැදීම කෙසේ කරන්නද නූපන් දරුවාද ගොඩ සිටින දරුවා වෙනුවෙන් ඇය පටාචාර මෙන් හැඩුවාය.කෑගසා හඩන හඩ ඇසී ඉහත කී අසල්වැසි කාන්තාව දුවගෙනවිත්.ලිං ගැට්ටේ හඩන දරුවා උකුලට ගෙන උදව් ඉල්ලා කෑගසමින් එහෙ මෙහෙ දිව්වාය. . හිමාලි බොරදියේ තාමත් පිහිනමින්. ජීවිතය හා පොරබැදුවාය.
අසල්වැසි මළගෙදරක රැස්ව උන් පිරිසකට අර කාන්තාව උදව් ඉල්ලා කෑගසන.හඩ ඇසී ඔවුන් එතනට දුව ආවේ ගැබිණි මාතාව බේරාගන්නට සිතාය.මැරුනු කෙනාගේ මිනිය පමණක් ඒ නිවස තුල ඉතිරිව තිබෙද්දී රැස්ව උන් පිරිස දිව ආයේලු..හැමෝම යුහුසුලුව කඹ සහ ඉණිමං සොයාවිත් කඹයක ආධාරයෙන් ඉණිමග ළිදට බස්සවා නිරුපද්රිතව හිමාලිව ගොඩට ගත් හ.අනතුරුව.ඇය රෝහලට ගෙන ගියේ,අසල් වැසියන් විසින්මය.ඇයගේ හා කුසතුල උන්,
අටමස් වියැති දරුවා හා ඇගේ සෞඛ්ය තත්වය පරීක්ශා කිරීම සදහාය..අසල් වැසියන් ගේ නාසුරු උත්සාහය හා තමන් අදහන බුදුන්වහන්සේගේත් සියලු දෙවියන්ගේ පිහිටෙනුත් ඇය සහ නූපන් දරුවාගේ ජිවිතය මෙන්ම ගොඩ උන් දරුවාගේ ජීවිතය්ද නිරුපද්රිතව බේරි තිබුණි.කිසිවෙකුට ඇගේහඩ නෑසුණා නම් ජීවිත තුනක ඉරණම ලිං පතුලේ සැගව යනු ඇත.
.
හිමාලි අපූරු කතාවක් පැවසුවේ රෝහලෙන් ගෙදර ආපසුවය. ළිං පතුලේ පිහිනමින් සිටියදී ඇයට මොහොතක නින්දක් ආවාලු. ඇය සිහිනයක් හෝ හැබෑවක් අතර අපූරු සිදුවීමක් දැක ඇත.නිල්පැහැ පිරිසිදු ජලාශයක විවිධ වර්ණ මාළුන් සහ ජලජ ශාඛ අතරින් ඇය කිමිදෙමින් සිටිනු දැක්කාලු.බොහෝවිට.එය මට නම් හැගුණේ මනෝකාය එළියට ගොස් ඇය බේරෙන බව පෙන්නුම් කළා කියාය.නැතහොත් නොපෙනෙන බලවේගයක් විසින් ඇය බේරාගන්නා බවට මොළයට පණිවිඩයක් දුන්නාදැයි නොදනිමි.
කෙසේ හෝ අසල්වැසියන්ට පිංසිදුවෙන්නට ජීවිත තුනක් බේරුණි.නූපන් දරුවාගේ වාසනාවද ජීවත් වෙන උන්ගේ වාසනාවද.නොදනිමි.මේ වනවිට පළමු දියණිය උපාධි ගුරුවරියකි.ළිං ගැට්ටේ සිට කෑගසා මව බේරාගත් දෙවෙනියා පරිගණක නිර්මාණ ශිල්පියෙකි.මවගේ කුසයේ හිද දිවි රැකගත්තී විශ්වවිද්යාල
අධ්යාපනය ලබමින් සිටී.තවත් දෙයකි.ඇය ළිදට පැන්නා යයි ආරංචිවී තරුණී පුවත් පතෙන්ද පැමිණිය මුත් ඇය පිළිතුරු දීමට නොයා ඇත්තේ කතාවට තටු ඇවිත් ඉගිළ ගිය ආරංචියක් බැවිනි.
*අවසානයේ පැවසීමට ඇත්තේ මේ ලොව ජීවත්වීමට වරම් ලබන උන් එළිය.බලනවාමයි.
මටනම් මෙය මතක් වෙද්දී නෙතට කදුලු නැගෙන අතර.නමුත් හිමාලි දිනකීපයකට උඩදී මෙය පැවසුවේ සිනාසෙමින් උවද එදිනද මට හැඩුණි.
උපුටා ගැනීම: Renuka Hemali Samarasekara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!