අපි දන්නනා සුවඳ විලවුන් කිව්වම නොයෙකුත් ආකාරයේ, විවිධ මාදිලින්ගෙන් යුක්ත ඒවා තියෙනවා. සමහර ඒවා ඉතා මිල අධිකයි. අපි කොයි කවුරුත් කැමතියි හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන සුවඳ විලවුන් එකක් තෝරාගන්න. හැබැයි අපි වෙළඳපලට ගියහම හොඳ බ්‍රෑන්ඩ් වල නමින්ම ව්‍යාජ ඒවත් තියෙනවා. අපි දන්නේ නැහැ අපි මිලදී ගන්නේ සැබෑම සුවඳ විලවුන් එකක් ද ව්‍යාජ එකක් ද කියලා. ඔබ දන්නවාද මේ ආකාරයේ ව්‍යාජ සුවඳ විලවුන් වලින් ඔබේ ශරීර සෞඛ්‍යයටත් හානි කරන්න පුලුවන්. ඉතිං අපි අද ඔයාලට කියන්න යන්නේ කොහොමද මේ ව්‍යාජ සුවඳ විලවුන් එකක් හා සැබෑ සුවඳ විලවුන් එකක් වෙන්කොට හදුනා ගන්නේ කොහොමද කියලා. ඒ සදහා උපක්‍රම 9ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.
01. දවටනය පරීක්ෂා කරන්න

සැබෑ සුවඳ විලවුන් ඝනකම පොලිතීන් ආවරණයකින් රැලි නොමැති වන සේ එහි බහාලුමට තදින් ඇලවී තිබෙන පරිදි ආවරණය කොට තිබේ. ඒ ආකාරයට නිසියාකාර නොවන ලෙස දවටා ඇති පොලිතීන් කවරයෙන් අපිට පුළුවන් ව්‍යාජ සුවඳ විලවුන් වර්ගයක් වෙන්කොට හඳුනා ගන්න.
02. රැළි නොමැති වාටිය

සුවඳ විලවුන් එක දවටා ඇති පොලිතීන් කවරය සැබෑ නිමාවකින් නිමවා නැත්නම් එය ව්‍යාජ සුවඳ විලවුන් එකකි. එනම් පොලිතීන් කවරයේ වාටිය මිලි මීටර් 5කට වඩා වැඩි නම්, එහි කෙළවරවල් එක සමාන නොවේ නම්, වැඩි පුර ගම් ගෑවී ඇත්නම් එය බොහෝ විට ව්‍යාජ විලවුන් එකකි. සැබෑ විලවුන් එකක පොලිතීන් වාටිය රැලි නොමැති වන සේ මනා නිමාවකින් නිමවා ඇත.
03. කඩදාසි බෝර්ඩ් එක

සැබෑ සුවඳ විලවුන් වල බහාලන නිපදවා ඇත්තේ තත්වයෙන් උසස් කඩදාසි බෝර්ඩ් එකකිනි. එයට හේතුව වන්නේ සුවඳ විලවුන් බෝතලය හානි වීමෙන් වළක්වා ගැනීමයි. සැබෑ සුවඳ විලවුන් බාහාලනය ඇතුලත විලවුන් බෝතලය එහා මෙහා නොවී රඳවා තබා ගැනීම සදහා විශේෂ හැඩයකට සකසා ඇත. එසේම මෙම කඩදාසි බෝර්ඩ් එක අළු පැහැති නොවී සුදු පැහැති විය යුතුය.
04. ලේබලය සහ කෙටූ අකුරු

රත්තරන් පැහැති වෘත්තය දෙස බලන්න. සැබෑ සුවඳ විලවුන් එකක සෑමවිටම එහි දකුණු අතට ඇති ඊතළයේ හිස වම් අතට ඇති ඊතළයේ හිසට වඩා අඳුරු පැහැයක් ගන්නවා. එසේම සුවඳ විලවුන් මිලදී ගන්නා විට එහි නිශ්පාදකයාගේ වෙබ් අඩවිය පරීක්ෂා කර බලා එහි දැක්වෙන තොරතුරු හා සුවඳ විලවුන් එකේ සඳහන් තොරතුරු සමාන වේ දැයි සළකාබලන්න. කුඩා හෝ වෙනසක් ඇත්නම් එය ව්‍යාජ නිශ්පාදනයකි.
05. ඩිසයින් එක

සුවඳ විලවුන් වෙළඳසැල්වල රාක්ක දෙස බැලූ විට, ඉහළ මට්ටමේ නිර්මාණකරුවන්ගේ සුවඳ විලවුන් වර්ග කිහිපයකට සමාන සුවඳකින් යුත් සුවඳ විලවුන් වර්ග අපට දකින්න පුළුවන්. මෙම සරල උපක්‍රමය මඟින් හොර නිෂ්පාදකයින්ට ආරක්ෂා වීමට ඉඩ සලසයි. එබැවින් ඔබ සුවඳ විලවුන් මිලදී ගැනීමට පෙර බෝතලය හොඳින් පරීක්ෂා කර බැලීමට අමතක නොකරන්න.
06. සුවඳ විලවුන් වල වර්ණය

ගොඩක් ජනප්‍රිය සුවඳ විලවුන් නිශ්පාදන් වලට සායම් වර්ග භාවිතා කරන්නේ ඉතා අඩුවෙනි. එමනිසා සැබෑ සුවඳ විලවුන් වල වර්ණය බොහෝ දුරට අවපැහැ ස්වභාවයක් ගන්නවා. ගොඩක් රසායනික වර්ණකාරක අඩංගුවීම ව්‍යාජ සුවඳ විලවුන් වල ලක්ෂණයකි.
07. බෝතල් මූඩිය

මෙහිදී මුල් නිර්මාණයම වෙනත් ආකාරයකින් නිර්මාණය කර නොමැතිනම් සුවඳ විලවුන් බෝතලයේ පියන පරිපූර්ණ ලෙස සමමිතික විය යුතුය.
08. සීරියල් නම්බර් එක

- සීරියල් නම්බර් එක බෝතලය පතුලේ සඳහන් කොට තිබිය යුතුය. එය අලවා නොතිබිය යුතුය.
- බෝතලයේ ඇති සීරියල් අංකය බහාලනය පතුලේ ඇති අංකයට සමාන විය යුතුය. එය බහාලනය පතුලේ මුද්‍රණය කළ යුතුය. නැතහොත් තීන්තෙන් මුද්‍රණය කළ යුතුය.
09. බෝතලය

සැබෑ සුවඳ විලවුන් වර්ගයක සුමට හා සිහින් මතුපිටක් සහිත උසස් තත්ත්වයේ බෝතලයක් ඇත. ව්‍යාජ සුවඳ විලවුන් බෝතලයක් ටිකක් රළු ගතියක් ගන්නවා.
උපුටා ගැනීම: Ceylon journal