මේ දවස් වල අතෝරක් නැතිව කියවෙන්නේ සහන මලු ගැන ..ඒ නිසාම මටත් මේ සහන මල්ල ගැන ලියන්න සිත් වුනා .
ඒ දවස් වල අපේ නිවසට මසකට හමාරකට වතාවක් ආව මොකුත් රැකියාවක් කරගන්න බැරි විදිහෙ අවුරුදු 40 ක විතර පුද්ගලයෙක් …….ගමනින්ම පෙනුනා පාදයේ ආබාධයක් ඇති බව ….මුල් දවස් වල ඔය මොනව හරි ටිකක් සහ සල්ලි ටිකකුත් දීල පිටත් කලා ..
අවට ගෙවල් කිහිපයකට ගිහින් යමක් සරිකර ගෙන ඔහු ගියා ….පුතාගේ අසනීප නිසා අපට නිවස වසා කාලයක් මහරගම පදිංචි වී සිටීමට සිදුවුනා… ඒ අතරතුරේ ඔහු නිවසට පැමිණ ගිය බව ඔහුගේ වචනයෙන් ම හෙලි වුනා ..
පුතුගේ මරනයෙන් පසුව ද කිහිප විටක් ඔහු පැමිණ තිබුනා …ඒ පැමිනීම… දුන් දේ…. පිලිබඳව නිවසට පැමිනි මට බිරිඳ කීවේ හදපිරි සතුටකින්…..
පුතුගේ වියොව ගැන අප සිටියේ මහත් තැවුලකින්……කාර්යාලයට ගිය මට විවිධ පුද්ගලයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමටත් …කරුණු කාරනා කතා කිරීමටත් ඉඩ ලැබෙයි……දියනිය ද උසාවියට යයි… බිරිඳ සහ මාමා නිවසේ ම රැදුනත් මාමා ද සතියකට වතාවක් දෙකක් පැය කිහිපයකට හෝ නිවසින් බැහැර වෙයි….
පෙර සිට නිවසට අවශ්ය දේ මිල දී ගෙන ඒමට සෙනසුරාදා පොලට ගිය බිරිඳ එම චර්යාව ද අතැර දැමුවේ පුතුගේ වියොවින් මසකට පමන පසු වතාවත් දෙකක් යාමෙන් පසුව ය.
“” අද සෙනසුරාදා … පොලට යන්නෙ නැද්ද “
” පොලට ගිහින් අඩාගෙන එන්න බෑ”
“එහෙනම් ලග කඩෙන් ගෙන්න ගම්මු”
යම් අවුලක් ඇති බව වටහාගත් මම මෙයට පිලියමක් පිලිබඳව කල්පනා කරමින් සිටියෙමි …..
පොලට ගිය විට ඈ ද්රව්ය මිල දී ගන්නා විට හිතවත් වෙලදියන් විසින් පුතු ගැන විමසීම ….ඔවුන් ද දුක් වීම …පොලට යාමෙන් වැලකීමට හේතුව ලෙසින් හදුනා ගතිමි ….
පුතු මියගොස් මාස 4 හෝ5 ක් ගියවිට දිනයක රැකියාවට යාමට සූදානම් වන විට ඉහතින් සදහන් කල පුද්ගලයා පැමියේ ය…
විස්තර විමසීමි.අවිවාහක ය.බුත්තල ප්රදේශයේ වී මෝලක සේවය කර ඇත…සේවය අවසන්කර වැවට ගොස් නාගෙන එද්දී දන්නා අයෙකු විසින් පැදවූ ලොරි රතය ඔහුගේ ඇගට කපා ඇත… එයට යට වූ ඔහු බුත්තල රෝහලටත් එතනින් මොනරාගල රෝහලකට ත් අවසානයේ කොලඹ ජාතික රෝහල ත් ගොස් මාස ගනනාවකට පසු සිහිය ලද බව කීය..කකුල කිහිප පලකින් ම බිදී ගිය බව ද කීය.තම වයස් ගත මව සමග වෙසෙන බව ද කීය.
අප සිත්තුල ඇති අසහනයට …ඔහුගේ අසහනයට ත් සහනයක් ලෙසින් …බිරිඳ කැදවා ගෙන නිවස තුලට ගොස්
” මේ මනුස්සයට හැම මාසෙම 8 වෙනිද අපේ ගෙදරට එන්න පුලුවන් ද අහන්න … එහෙම පුලුවන් කිව්වොත් ඔයාට පුලුවන් නේ… බඩු මල්ලක් හදල තියන්න”
“පුලුවන්….. ඔයා අහන්න “
දෙදෙනාම ගොස් ඇසුවෙමු…. ඔහු එකග විය …එදිනට කල හැකි සංග්රයක් කොට පිටත් කර හැරියෙමු..
එයින් පසුව එන 8 වන දාට දින දෙක තුනකට පෙර
” අර මනුස්සය එයි ද දන්නෙ නෑ”
” කෝකටත් කමක් නෑ…. ඔයා තියා ගන්න පුලුවන් ජාතිවලින් බඩු මල්ලක් හදල තියන්න… පිරිමහින ජාතිවලින් ….”
ඇය කඩයට ගොස් බඩු මල්ලක් සැදූ බව එදින සවස මා එන විට කීවාය.එහි අඩංගු දෑ විමසීමි. අඩුවක් නොමැති බව තේරුම් ගියේය …
8 වන දා උදේ ඔහු ඒ දැයි විමසිලිමත් වීමි……පාතරාසය ද ගෙන පමා වන නිසා මම නිවසින් පිටව ගියෙමි. අතර මග දී ඔහු හමුවිය. නිවසට යන බව වටහා ගතිමි .
මේ අයුරින් 13වන වතාවටත් ඇය විසින් මේ බඩු මල්ල සකසා ඔහුට ලබා දී ඇත. මසින් මස එය අලුත් වන අයුරුත් ….කාලයට ඔබින දේ එක් කිරීමත් තුලින් බඩු මල්ලේ නිර්මානාත්මක බව හා ඇගේ සිතිවිලි ප්රකට වෙයි…
මා සිටින දිනයක බඩු මල්ල රැගෙන වාහනයේ ම හන්දියට යාමට කතා කලෙමි ” මහත්තය, මං මේක අරගෙන බැරි මරගාතෙ බිම තිය තිය අරගෙන යන එක තමයි වටින්නෙ….ගමේ අයටත් පෙනෙන්නේ …ඒක තමයි…මට දෙන එකේ පින””ඔහුගේ අව්යාජ පිලිතුර ද මා සිත් ගති.
මාස කිහිපයක් ගතවෙද්දි මාසයේ පලමු වැනිදා සිටම මල්ලට අවශ්ය දේ එක් රැස් කිරීමට උත්සුක වන ඇයගේ ප්රබෝධය මට මහත් සතුටකි.
බිරිඳත්,මමත් ,ඔහුත් අසහන කාරයෝ වෙමු…එම අසහනය දුරු කිරීම සදහා සකස් වන මේ මල්ල….සහන මල්ලක් ලෙසින් හැදින්වීම මනාව ගැලපේ.
උපුටා ගැනීම: සනී මීගස්දෙනිය බණ්ඩාර