මේ සිදුවීම දකින විට මට මගෙ අම්ම කිව්ව අපේ පවුලට අදාළ සිදුවීමක් මතක් උනා.
මගේ අයියා පවුලේ වැඩිමලා විදියට ඉපදුනේ.ඒ 1979 අවුරුද්දේ.ඒ කාලේ මහවැලි ව්යාපාර පටන් අරගෙන ගම්බ්ම් අලුතින් පටන් ගත්ත කාලේ.
සහනාධාර වැඩ දෙනවා මිනිසුන්ට පාං පිටි තමයි බොහෝ විට ලැබෙන්නේ.
අම්ම අයියා ලැබිලා ඉන්න නිසා කිරි දෙන්න ඕන.ඉතින් අප්පච්චි අපේ ගෙදර ඉඳලා හැතැක්ම එකහාමාරක් දෙකක් එහා තියෙන හංදියෙන් හාල් ටිකක් ණයට ඉල්ලගෙන එනවා කරුවල වැටීගෙන එන හැංදෑවේ.
මාස් කන්නට වැහි පුරලා අනෝරා වැස්ස වැටෙනවා.අප්පච්චි රොටියක් කාලා අම්මට සැර කරනවා බත් කටක් කන්න පොඩි එකාට කිරි දෙන්න ඕන නිසා.
ඒත් එදා ණයට හාල් ටික අරන් එන විට අප්පච්චි වැස්සට අහු වෙනවා.හාල් තෙමුනාම උයන්න අමාරු බව දන්න අප්පච්චි,පරණ වෙච්ච කමිසයයි සරමයි දෙකම ගලවලා හාල් උරය ඔතාගෙන පපුවට තද කරගෙන යට ඇඳුම පිටින් දුවගෙන ගෙදර එනවා.
දැන් අහයි හාල් තෙමෙන්නේ කොහොමද ෂොපින් බෑග් එකේ කියලා.නැහැ අද වගේ ඒ කාලේ ෂොපින් බෑග් නැහැ.සිමෙන්ති කොලවගේ ඒවගෙන් හදපු බෑග් වතුරට තෙමෙනවා.
තමුන්ගේ ලැජ්ජාව,බැරිකම් ඒ සියල්ල දරු සෙනහස ලඟ වචන විතරයි දෙමව්පියන්ට.
උපුටා ගැනීම: Nanda Thero