දිනක් ගොවියෙක් සිය ධාන්‍ය ගබඩාව තුල වැඩ කරමින් සිටියා.
පැය කිහිපයකට පසුව වේලාව බැලීමට කුඩා සාක්කු ඔර්ලෝසුව සෙවීමේදී එය තම සාක්කුවේ නොමැති බව ඔහුට තේරුම්ගියා.
ඇත්තෙන්ම එය සාමාන්‍ය ඔර්ලෝසුවක් වුවත් ඔහුගේ බිරිදගෙන් ලැබුනු උපන්දින තෑග්ගක්.
ඒ නිසා මෙය ඔහුට වටිනා දෙයක් උනා.
ධාන්‍ය ගබඩාවේ විසුරවා තිබූ ධාන්‍ය අතරද,ගෝනි අතරද ඔහු ඔර්ලෝසුව සෙව්වා.
වරක් දෙවරක් නොව කිහිපවරක් කලබලකාරී මනසින් යුතුව ධාන්‍ය ගබඩාව පුරා සෑම තැනක්ම නිරීක්ෂණය කලත් ඔහුට එය සොයාගත හැකි උනේ නෑ.
ශෝකයෙන් ගබඩාවෙන් එළියට ආ ඔහු සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසක් දුටුවා.
ළමුන් දකිත්ම ඔහුගේ මනසට කදිම අදහසක් පහල උනා.
ළමුන් වෙත ගිය ඔහු තමාගේ සාක්කු ඔර්ලෝසුව ධාන්‍ය ගබඩාව තුල නැති වූ බවත්, එය සොයාදෙන කෙනෙකුට ත්‍යාගයක් ලබාදෙන බවත් ප්‍රකාශ කලා.
ත්‍යාගය පිලිබඳව කනවැටෙත්ම උද්දාමයට පත්වූ ළමයි එක පයින්ම එය සෙවීමට කැමැත්ත පලකලා.
පැයක පමණ කාලයක් ඔවුන් ධාන්‍ය ගබඩාව පීරා බැලුවත්,
සෑම අස්සක් මුල්ලකටම රින්ගා බැලුවත් ඔවුන්ට ද එය සොයාගත හැකි උනේ නෑ.
ළමුන් පිටවී ගියා.
ගොවියා ද සිය බලාපොරොත්තු අතහැර පිටත් වී යෑමට සුදානම් වත්ම එක ළමයෙක් ඔහු වෙත පැමින අවසාන වශයෙන් එක අවස්තාවක් තමාට ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.
ඔහුට එක අවස්තාවක් ලබාදීමෙන් තමාට කිසිවක් අහිමි නොවන බව සිතූ ගොවියා ඊට කැමැත්ත පලකලා.
කුඩා ළමයා තනිවම ධාන්‍ය ගබඩාව තුලට ඇතුල් උනා.
ඒ වගේම සුලු වේලාවකට පසුව ඔහු ගොවියාගේ සාක්කු ඔර්ලෝසුව රැගෙන ගබඩාවෙන් එලියට ආවා.
එය දුටු ගොවියා ඉතාමත් සතුටට පත්ව මෙසේ විමසුවා.
“ඔබ කොහොමද ඒක කලේ,
අනිත් සියලුම දෙනා අසාර්තක උවත් ඉතාමත් සුලු වේලාවකින් ඔබ එය කලා”
කුඩා ළමයා ශාන්තව මෙසේ පිලිතුරු දුන්නා.
“ඇත්තෙන්ම මම කිසිවක් කලේ නෑ,
ගබඩාව ඇතුලට ගොස් මැදින් වාඩිවී හොදින් ඇහුම්කන් දීගෙන සිටියා.
එවිට නිහඩබව අතරින් ඔර්ලෝසු තත්පර කටුවේ ටික් ටික් නාදය ඉතා සියුම්ව මට ඇසුනා.
ඒ ඔස්සේ ගිය මට ඔර්ලෝසුව සොයාගත හැකි උනා”
…………………………………………………………….
මනස සාමකාමී වූ විට,එමෙන්ම චංචල වටපිටාවෙන් බැහැර වූ විට වඩා හොදින් වැඩකටයුතු කෙරෙහි අපිට අවධානය යොමුකල හැකියි.
සෑම විටම ඔබේ මනසටත් මෙවැනි මිනිත්තු කිහිපයක් ලබාදිය හැකිනම් අපි ගන්නා තීන්දු සහ තීරණ වඩා නිවැරදි වීමේ සම්භාවිතාවයක් පවතිනවා.
එමෙන්ම එය ඔබගේ මානසික සැහැල්ලුව ලබාදීම කෙරෙහිද බලපානවා.
අනවශ්‍ය කේන්තිය,ගැටුම් පාලනය කිරීමටද උදවු වෙනවා.
මොහොතක් සිතන්න.
ඔබට සිතේවි දෛනික වැඩකටයුතු සමග මෙය කල නොහැක්කක් කියා.
එහෙත් අපි දහසක් වැඩකටයුතු වෙනුවෙන් කාලය වෙන්කරනවානම් ඇත්තෙන්ම මේ වෙනුවෙන්ද මිනිත්තු කිහිපයක් වැයකලහැකි නොවේද?
එමෙන්ම ඒ වැය කරන කාලය කා වෙනුවෙන්ද?
තීරණය ඔබට බාරයි.
උපුටා ගැනීම: Sumith Edirisinghe